……………රජයේ රෝහල් වල වෛද්‍යවරුන් රෝගීන්ට සළකන අකාරය ගැන අප මදක් කල්පනා කර බලමු. ඔවුන් රෝගීන්ව සළකන්නේ තමන් විසින් ගත කරන යහපත් ජීවිතය විනාශ කරන්නට පැමිණි කරදකාරයන් පිරිසක් ලෙසයි. ඒ අනුව රෝගීන් හෝ ඔවුන් ගේ ඥාතීන් යනු මේ දැනඋගත්,බුද්ධිමත්,වැදගත් වෛද්‍යවරුන් ඉදිරියේ අදබාල මෝඩයන් පිරිසකි.මේ නිසා හද්දා පිටිසර කහටගස්දිගිලියේ සෝමාවතී ගේ සහ සිරිපාල ගේ දියණිය දකුණු කොළඹ කලුබෝවිල ශික්ෂණ රෝහලට වෛද්‍යවරියක් ලෙස සේවයට පැමිණි පසු එහි පැමිණෙන රෝගියෙකු ගෙන් මෙහෙම අහනව. “ඔයා දන්නවද කෝලිකුට්ටු කියලා කෙසෙල් ජාතියක් තියෙනව. අන්න ඒවා හොදයි ඔයාගේ අමාරුවට පුලුවන් නම් ගෙනත් කන්න”.එම වෛද්‍යවරියගේ චින්තනයට අනුව මේ වගේ ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ යන එන මං නැති අන්ත දුප්පත් අසරණ මිනිස්සු විතරයි. ඒ නිසා ජීවිත කාලයම තමන් අන්ත දුක් විදලා වෛද්‍යවරියක් වෙන්නට ගත කරපු කාලය පුරා ඇයට තියෙන සමාජ වෛරය නැතනිම් එරියස් එක පිරිමසා ගන්නට ඇයට මේ වගේ රෝගීන්ට පාට් දාන්න වෙනව.මේ වෛද්‍යවරියම රෑට නවලෝක රෝහලේ අමතර වැටුපකට සේවයට ගිය විට එහි සිටින මිනිසුන් ගෙන් මේ වගේ කතා අහන්න යන්නෑ. මොකද එයාට පුර්ව නිගමනයක් තියෙනව ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ අවැදගත්, නූගත්, මෝඩ, දුප්පත් මිනිසුන් බව. ඇය දන්න සමාජ ඥාණය අනුව ආණ්ඩුවේ රෝහලකට එන පුද්ගලයන් කියන්නේ වෛද්‍යවරුන් ගෙන් ප්‍රශ්ණ අහන්නට සුදුසු නැති කිසිම දෙයක් ගැන දන්නැති පිරිසක්. ඒ නිසා රෝගීයෙකු තම මූලික අයිතාවාසිකමක් වන රෝග විනිශ්චය ගැන ප්‍රශ්නයක් ඇහුවහම ඇයට තරහ යනව.එවිට ඇය මෙහෙම උත්තර දෙනව. ඔයාගේ ලෙඩේ තවම හොද නෑ. තව ප්‍රතිකාර කරන්න තියෙනව. ඒ නිසා අර රතුපාට පෙත්ත දිගටම බොන්න. තැඹිලිපාට පැනියෙන් තේ හැදි දෙකක් බොන්න. තව පරීක්ෂණ ගොඩක් තියෙනව. ඔයාගේ කටින් කැමරාවක් දාලා පරීක්ෂණයක් කරන්න තියෙනව. ඔයාගේ දකුණු කකුලෙන් පපුවට වයර් එකක් යවලා පරීක්ෂා කරන්න තියෙනව.ඔවුන් කිසි විටෙක මේ වගේ රෝහල් වල ඉන්න රෝගීන්ට වෛද්‍ය විද්‍යාත්මක භාෂාවකින් කතා කරන්නෑ. ඔවුන්ට අනුව වෛද්‍ය විද්‍යාවේ පාරිභාෂික වචන සහ ඖෂධ වල නම් දන්නේ ඔවුන් පමණයි. රෝගීන් ඒවා දැන ගත යුතු නැහැ.දුප්පත් මිනිස්සු කන බත් පතේ ඉදන් පරිභෝජනය කරන සෑම භාණ්ඩයකින්ම අය කරන අසාධාරණ බදු මුදලින් විශ්ව විද්‍යාලයට තේරිලා ඇවිත් ආණ්ඩුවේ මහපොල ආධාර මුදලින් යන්තම් එදා වේල පිරිමසා ගත්ත ගොබ්බයන් වෛද්‍යවරුන් වුනාට පස්සේ මුදල් දෙනවා නම් ඕනෑම දෙයක් කරන තත්ත්වයට පත්වෙනව. සුදු කබාය ඇදගෙන හිප්‍රොක්‍රටීස් දිවුරුම දීලා තමන් සම්බන්ධ වන්නේ මිනිසුන් ගේ ජීවිතය සහ මරණය හා සම්බන්ධ වූ ගෞරවණීය වෘත්තියකට කියන එක මේ අයට අමතක වෙනව. මේ අය හිතන්නේ තමන්ට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් වුනේ පෙර ආත්මයේ පිං කරපු නිසා කියලයි. භෞතික විද්‍යාව මුල ඉදන් අගට ඉගෙන ගත්තත් මේ අය චින්තනමය වශයෙන් ඉන්නේ ග්‍රෝත්‍රික මානසිකත්වයක. විශේෂයෙන් මනෝ විශ්ලේෂණය වගේ විෂයක් ගැන ලංකාවේ වෛද්‍යවරුන්ට තියෙන්නේ මොන්ටෙසෝරි දැනුමක්. (ස්ටැන්ලිලා ගේ ලෝකය – ත්‍රිමාණ වෙබ් අඩවිය )
“වෘත්තීය නියාමනය ” කියන්නේ බොහොම සීරියස් වැඩක්. “වෘත්තිකයන්” [Professionals] කියලා කියන්න පුළුවන් වෙන්නේ යම් නිශ්චිත නියාමන ආයතනයකින් නියාමනය වන සේවා සපයන්නන් පිරිසකට විතරයි. වෘත්තීය ඉංජිනේරුවන්, ගණකාධිකාරී වරුන් උදාහරණ. ලංකාවේ ඉන්නේ “දොස්තරලා” මිසක “වෛද්‍ය වෘත්තිකයන්” පිරිසක් නොවෙයි. යම් වෘත්තියක නියාමනය සම්බන්ධයෙන් ප්‍රධාන ආයතන දෙකක් තිබෙනවා එකක් වෘත්තීය ලියාපදිංචිය සිදු කරන කවුන්සිලය. දේශීයව හෝ විදේශීයව නිශ්චිත සුදුසුකම් සපුරන පුද්ගලයන් ලියාපදිංචිය සහ සුදුසුකම් නොසපුරනවා නම් ලියාපදිංචිය අවලංගු කිරීම කවුන්සිලයක මුලික කාර්යභාරය. එයින් එහා දේට යොමු වීම ලෝකයේ නිවැරදි සම්මතයට පටහැනියි. ඉංජිනේරුවන් මේ කවුන්සිලය පාර්ලිමේන්තුව හරහා මේ ලඟකදී පිහිටුවා ගත්තා. ඒක එම වෘත්තිකයන් ලද විශාල ජයග්‍රහණයක්. ලංකාවේ දොස්තරවරු ලියාපදිංචි කරන්න SLMC කියලා එකක් තියෙනවා.
අනෙක් වැදගත් ආයතනය තමයි පාර්ලිමේන්තු පනතක් හරහා වෘත්තීය සහ වෘත්තීය අධ්‍යාපන නියාමන බලතල සහිතව ගොඩනැගෙන වෘත්තීය නියාමන ආයතනය. මේක ඉතා ප්‍රබල ආයතනයක්. වෘත්තිකයෙක් විදියට වැඩ කරන්න පුළුවන් වෙන Chartered Engineer වගේ ආරක්ෂා කළ වෘත්තික හැඳින්වීමක් [protected word ] ලැබෙන්නේ මේ ආයතනයෙන්. ඉන්ජිනේරුවන්ටනම් ලංකාවේ ප්‍රබලව ක්‍රියාත්මක වන IESL ආයතනය තමයි මේ වෘත්තීය නියාමනය සිදු කරන්නේ. Engineering Board කියලත් සමහර රටවල මේ ආයතනය හඳුන්වනවා. ලංකාවේ දොස්තරලව නියාමනය කරන්න මෙහෙම ආයතනයක් නෑ. ඒ ආයතනයේ ව්‍යුහය නැති SLMC එක මගින් වෛද්‍ය වෘත්තීය නියාමනය හෝ වෛද්‍ය අධ්‍යාපන නියාමයන් සිදු කිරීම කළ නොහැක්කක්.
උදාහරණයකට ඔස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියානු වෛද්‍ය ලියාපදිංචි ආයතනයේ , එහෙමත් නැත්නම් Medical Council එකේ සම්මත බලතල මොනවාද, Medical Board, එහෙමත් නැත්නම් වෘත්තීය නියාමන ආයතනයේ බලතල මොනවාද කියන එක මෙතැන පැහැදිලිව තියෙනවා.
MBA ලින්ක් එක මෙන්න.
http://www.medicalboard.gov.au/About.aspx
සයිටම් එකේ ප්‍රමිතිය ගැන පොළොවේ හැපෙන දොස්තරලම මිසක දේශපාලකයෝ නොවෙයි මූලික වරද කරලා තියෙන්නේ. ප්‍රමිති නියාමනය සඳහා තමන්ගේ වෘත්තියට අදාළ නියාමන ආයතනය පිහිටුවා ගන්න එක ඒ වෘත්තිකයන්ගේ වගකීම. ඒ වගකීම මෙතෙක් කලක් යනතුරු ඒ අය ඉටු කරලා නැහැ.
දොස්තර කෙනෙකුගෙන් අපට වන අසාධාරණයක් පිලිබඳ වුණත් පැමිණිලි කරන්න ලංකාවේ නිවැරදිව පිහිටවූ ආයතනයක් නැහැ. SLMC ඒ වැඩේ කිරීම ආයතනිකව වරදක්. පාඨමාලා නියාමනය, එහෙමත් නැත්නම් Accreditation සම්බන්ධයෙන් වුණත් කතා කරන්න අයිතියක් තියෙන්නේ board එකකට, instititue එකකට මිසක council එකකට නොවෙයි.
වෘත්තීය නියාමන ආයතනයක වගකීමක් තමන්ගේ වෘත්තිකයන්ට වෘත්තීය ආචාරධර්ම උගන්වලා ඒවා ආරක්ෂා කරවීම. එහෙම එකක් නැති වුණාම එන ප්‍රශ්න අතර ආකල්පමය දරිද්‍රතාවයනුත් තියෙන්න පුළුවන්.
ඩොක්ටර්,
බටහිර ඇලොපති ක්‍රමයේදී ඔබ කිසියම් රෝගයක් සදහා රෝහල් ගතඋනොත් හෝ දොස්තර වරයකු ගෙන් බෙහෙත් ගත්තොත් සිදුවෙන්නේ අදාළ රෝගයේ ලක්ෂණ වේගයෙන් යටපත් වන විදියට බෙහෙත් දෙනවා, මේ යටපත් කිරීමේ වේගය අනුව රෝගීන් කියන හොද දොස්තර වරයෙක් කියල, මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ අදාළ රෝග ලක්ෂණ යටපත් වී තිබෙන අතර රෝගය දිගටව වර්දනය වීමයි, එය හරියට ගින්නක් ඇතිබව අනතුරු අගවන සීනුවක් නාදවනවිට අදාළ සිනුව කුමන හෝ කර්මයකට නිවල සහනයෙන් ඉන්නවා වගේ වැඩක්.
මෙහිදී රෝගියා සිතනවා ඔහුගේ රෝගලක්ෂන යටපත් වී අතිනිසා රෝගය සුවවී ඇති බව, නැවත වරක් අදාළ රෝගයට දුන්න බෙහෙත් වලින් ඇතිවන ආබාදයක් ඇතිවෙන කොට ඔහු හිතන්නේ නෑ මේ ඉස්සල්ල බෙගෙතෙ ප්‍රතිවිපාක බව ඔහු හිතනවා මේක අලුත් ලෙඩක් කිසා නැවත ඒ දොස්තරම හමුවෙනවා මේ ක්‍රියාවලිය පහත ආකාරයට රටේ දියුණුව මත වෙනස් වෙනවා.
බරහිර ඇලොපති ක්‍රමය මේ ක්‍රමය හැදිලා තියෙන්නෙම උපරිම මුදල් සුරාගන්න විදියට මම තව උදාහරණයක් දෙන්නම් හිතන්න ඔබට කිසියම් අපහසුවක් නිසා රෝහල් ගතවෙනවා
ඔබ ඕස්ට්‍රේලියාවේ රක්ෂණය ඇති පුද්ගලයෙක් නම් ඔබට එක විදියකට සලකනවා ඔබ ශ්‍රී ලංකාවේ දුප්පතෙක් නම් ඔබට සලකන්නේ වෙන විදියකට, මම වෙනස පෙන්වන්නම් ඔබ ඕස්ට්‍රේලියාවේ නම් ඔබට ඔවුන් බෙහෙත් ලබාදෙනවා ඒවගේම ඔබේ සවුක්ය ඉතා හොදින් විමර්ෂණය කරනවා මෙනිසා ඔබට ලබාදී ඇති බෙහෙත් නිසා ජිවිත අවදානමක් තිබෙනවානම් ඔවුන් වහාම වෙනස් කරනවා, මේ නිසා ඔබ ජීවිතය බෙරෙනවා විතරක් නෙමෙයි අදාළ ඔවුෂද කොම්පැනි වලට විශාල මුදලක් ලැබෙනවා ඔබව ජිවත් කිරීම වෙනුවෙන් හැබැයි ඔබ ලෙඩෙක් ලෙස ජිවිත කාලයටම ජිවත් වෙනවා, දැන් ඔබ ශ්‍රී ලංකාවෙනම් ඔබට ලබාදෙන බෙහෙත් වලින් ඔබ මැරුණත් ඔබට වත්කමක් නෑ මේ පර්යේෂණ කරන්න වැය කරන්න මෙනිසා මැරෙනතුරු ඔබට ලබාදෙන බෙහෙත් වලින් ලැබෙන ලාබය මේ සමාගම් ලබාගන්නවා.
මෙතන ලස්සනම දේ මෙවට සේවය කරන දොස්තර්වරු හිතනවා තමන් රෝගියාට උපරිම සේවය කල බව, තව විදියකින් මේ ක්‍රමය ඇතිවී තියෙන්නේ සමස්තයක් විදියට වැඩකරන දොස්තර වරුන්ටත් නොතේරෙන විදියට එකයි මේකේ තියන වැදගත් කම.
තව සරලව කියනවනම් කෙනෙකුගෙන් ලබාගන්න පුළුවන් උපරිමය ඔවුන් ලබාගනන්ව.