2020.04.18 ස්කයිප් සාකච්ඡාව

හැඳින්වීම:

පාඩමේ අරමුණ: වාමාංශිකයාට බලය ලබා ගත නොහැක්කේ ඇයි?

ධනවාදය සම්බන්ධයෙන් 1970 දී ගුන්ඩා ෆ්‍රෑන්ක් ගේ සංවාදය පසුකළෙක ලැක්ලව් [Ernesto Laclau] විසින් ලතින් ඇමරිකානු රටවල ධනවාදය තේරුම් ගැනීමට යොදාගන්නා ලදී. ඒ අනුව ඔහු විසින් ධනවාදය සම්බන්ධයෙන් අර්ථකතන දෙකක් ඉදිරිපත්කරනු ලැබුවා.

  1. සමාජයක් හැටියට නිෂ්පාදනය සම්බන්ධයෙන් සම්මුතියක් ඇති වීම අවශ්‍යයි.
  2. එවැනි සමාජයකට තම ශ්‍රමය විකිණීම හැර වෙනත් විකල්පයක් නොමැති බව.

ලංකාව වැනි රටකට මෙවැනි තත්වයක් යටතේ මුහුණ දෙන්නට සිදුවන්නේ කුමනාකාරයේ ගැටළුද? මේ වන විට අප සිටින්නේ ධනවාදයේ පරිධියේ යි. අප වැනි ආර්ථිකයක් සහිත රටවල් මෙම ධනවාදී ක්‍රමය පවත්වා ගෙන යාමට ඇත්තටම අවශ්‍ය නොවන තරමට එය ක්‍රමයට නොවැදගත්. ඇත්ත වශයෙන්ම අප වැනි රටවල් උපයෝගී කරගනු ලබන්නේ ධනවාදී රටවල පාරිභොජන භාණ්ඩ විකුණා ගැනීම මඟින් ධනවාදයට අවශෝෂණය කරගන්නයි. මේ තත්වය හේතුවෙන් ශ්‍රි ලංකාව වැනි රටවල ධනවාදයට විරුද්ධවන්නේ ධනවාදයෙන් හොදින්ම යැපෙන මිනිසුන් ලෙස අපට පෙනෙන්නට තිබෙන තත්වයක්. ඒ නිසාම මෙවැනි සම්බන්ධතා සහිත දේශපාලන ක්ෂේත්‍රයකට ස්වායත්තතාවයක් තිබෙනවා. එම ක්ෂේත්‍රයට ඕන දෙයක් වෙන්න පුළුවන්. නමුත් විධිමත් කේන්ද්‍ර සකස්වී ඇති ඇමරිකාව, චීනය වැනි රටවල දේශපාලන ක්ෂේත්‍රයට එසේ සිදු වන්නේ නැහැ

 මුලික වශයෙන් නිරික්ෂණයක් කළොත් ධනවාදී රටවල බොහෝ විට පාලනය කරන ආණ්ඩුව (Mode of Government) පක්ෂ – විපක්ෂ විදිහට තිබෙන්නෙ. නිෂ්පාදන මාදිලියක් විදිහට ධනවාදය වෙනම යනවා. එහි පැවැත්ම ස්වායත්තයි. අපේ වගේ රටවල එහෙම නැහැ. නිෂ්පාදනය සඳහා සමාජීය එකඟතාවයක් නැහැ. ඒ නිසා එවැනි තත්වයක් හැදෙන්නේ නැහැ. ඒ නිසා එවැනි තත්වයක් අප වැනි රටවලින් බිහිවන්නේ නැහැ. ඒ නිසා ධනවාදී ක්‍රමය කියන එක මිනිස්සු වටහා ගන්නේ කොහොමද කියන එක ගැන ලංකාවේ මිනිස්සුන්ට ගැටළුවක්ව පවතිනවා.

මේ තත්ත්වය තේරුම් ගන්න අප වැනි රටවල සංකල්ප රාමු 02ක් තිබෙනවා.

පවතින ධනවාදය සමඟ පුද්ගලයාගේ තිබෙන ඓන්ද්‍රීය සම්බන්ධය කුමක්ද කියන එක ගැටළුවක් වෙලා තිබෙනවා. ලංකාවේ ධනවාදය (capitalism) කියන වචනය අදාළ කරගනිමින්  සාකච්ඡා වෙන්නෙම නැති තරම්. පාවිච්චි කළත් එය සිදු වන්නේ මෙහි පවතින මූලධර්ම පිළිබඳව තේරුම් ගෙන නොවෙයි.

මේ අනුව මෙම තත්වය තේරුම් ගැනීමට සන්නිවේදන මූළධර්ම ඇසුරින් විග්‍රහයකට  පැමිණියොත් එය මෙසේයි.  

පණිවිඩයක තිබෙන මුලිකාංග ලෙස,

  1. යවන්නා    [sender]                     2. පණිවිඩය                          3. ලබන්නා  [Receiver]    ලෙස අපට හදුනාගන්නට හැකිය. මේක ඒක රේඛීය  (one way) එක පැත්තකට ගමන් කරන්නක් ලෙස අපට හදුනාගන්නට හැකියි. උදාහරණයක් විදිහට පැරණි ගුවන් විදුලි සංස්ථා කියාකාරීත්වයේදී ගුවන් විදුලි නිවේදකයා පණිවිඩයක් නිකුත් කරනවා. ඒක තරංග හරහා ලංකාවේ කුමන ස්ථානයක හෝ අයෙකු ලබන්නා බවට පත්වෙනවා. ඔහුට ගුවන්විදුලි නිවේදකයා නිකුත් කරන ලද පණිවිඩය සදහා තමන්ගේ අදහස කියන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

නමුත් පසුකළෙක විල්බට් ශ්‍රාම් විසින් සන්නිවේදනයේ අකෘතිය තුළට ‘ප්‍රතිපෝෂණය’ කියන සංකල්පය ක්‍රියාත්මක වන බව හදුන්වා දෙනවා. ඒ අනුව ඉහත අප සාකච්ඡා කරන ලද ‘පැරණි සන්නිවේදන ආකෘතිය’ අභ්‍යන්තරයෙන් වෙනස් වෙනවා. ඒක two way නැතිනම් දෙපැත්තටම ගමන් කළ හැකි තත්වයකට පත්ව තිබෙනවා. ඒ අනුව ඒක රේඛිය ඊතලය මේ වන විට ප්‍රතිපෝෂනය හේතුවෙන් යවන්නා සහ ලබන්නා අතර දෙපැත්තට ක්‍රියා කරනවා.  

උදාහරණයක් වශයෙන් පැරණි ගුවන් විදුලි සන්නිවේදන ආකෘතිය කණ පිට හරවමින් ”සිරස” ගුවන් විදුලිය මඟින් ඇති වුයේ මෙම දෙපැත්තට ගමන් කළ හැකි සන්නිවේදන අකෘතිය යි. එහිදී සිරසේ නිවේදකයා විසින් යොමු කරන පණිවිඩය වෙත අසන්නාට මැදිහත්වීමේ අවකාශය සලසා ලබා දෙන ලදී. ඒ අනුව පණිඩය නිකුත් කළ මොහොතේම ලබන්නාගේ ප්‍රතිපෝෂණය නිවේදකයාට ලැබුණු අතර, තව තව අතරමැදියන්ට මෙම පණිවිඩයට මැදිහත්වීමට අවස්ථාව උදාවුණා.

ඒ අනුව අපට පැහැදිලියි ”ජනතා විමුක්ති පෙරමුණ” ඇතුළු පැරණි වම තවමත් තමාගේ සන්නිවේදන ආකෘතිය ලෙස සලකන්නේ පැරණි ගුවන්විදුලියේ one way සන්නිවේදන අකෘතියයි. මේ අය two way සන්නිවේදන අකෘතිය පැමිණ ඇති බවවත් අවබෝධයෙන් කටයුතු කරන්නේ නැහැ. ඒ අයට මේ පණිවිඩය තවත් අයෙක් අහන් ඉදලා ප්‍රතිචාර දක්වන්නෙක් සිටින බවට අවබෝධය නැහැ. ඔවුන් මෙම සන්නිවේදන ආකෘතිය සම්බන්ධයෙන් උනන්දු වීම අවමයි.

මේ අනුව අපගේ දේශපාලන පණිවිඩය ලබන්නෙකු වෙත යොමු කිරීමේදී අප වටහා ගත යුතු වැදගත් දේ තමයි මෙම මාධ්‍යවල තක්ෂණික ගුණාංග අපගේ දේශපාලන පණිවිඩය ගෙනයාමේදී විශාල විපර්යාසයකට භාජනය කරන බව. එම සන්නිවේදන ව්‍යුහය පිළිබදව අප නැවත සිතිය යුතුයි. මේ වන විට අපගේ දේශපාලන පණිවිඩය ව්‍යුහාත්මක විපර්යාසයකට ලක්වෙලා තිබෙන්නේ. කෙනෙක් පැක්ට්‍රිකල්ද, නැද්ද කියන එක මූලික වෙන්නෙ මාධ්‍ය සාක්ෂරතාවයන්. මිනිසුන්ට පණිවිඩය සොයා යාමේදී එම සාක්ෂරතාවය බල පාලා තිබෙනවා. උදාහරණයක් වශයෙන් ‘බර්නි සැන්ඩර්සන්’ වැනි අයෙකුට පාවිච්චි කර බැලුවොත් මෙය හොදටම තේරුම් ගන්න පුළුවන්.

 

තවත් උදාහරණයක් වශයෙන් ග්‍රාම්ස්චි විසින් න්‍යායයගත කළ අධිකාරීත්වයෙන් තොර හෙජමොනිය (Human without Hegemony) යන කාරණයට ලබා දෙන උදාහරණයය තුළින් මෙම තත්වය පැහැදිලි කළ හැකියි. උතුරු ඉතාලිය යනු පොහොසතුන් සිටින ප්‍රදේශයක්. දකුණු ඉතාලියේ ඊට සාපේක්ෂව පොහොසත් බවින් අඩුයි. එක් මොහොතක දකුණු ඉතාලියේ හමුදා නිලධාරියෙක් උතුරු ඉතාලියේ අරගල කරුවෙකු අත්අඩංගුවට යන විට ඔහු ඉතාම හොදින් හැද පැලදගෙන සිටින අයුරු දකින හමුදා සෙබලා ඔහු කම්කරුවෙකු බව පිළිගන්නෙ නැහැ. මොකද දකුණු ඉතාලියේ කම්කරුවා ඊට සාපේෂව ඉතාම පිළිවෙලට ඇදුම් අදින්නේ නැති නිසා. ඒ නිසා ඔහු අත් අඩංගුවට ගන්න පුද්ගලයාව කම්කරු මහත්මයෙකු ලෙස හදුන්වනවා. එම සෙබලාට උතුරු ඉතාලියේ කම්කරුවාගේ ජීවන විලාශය පිළිබදව අඩු දැනුමක් ලැබී තිබෙනවා. අවබෝධය අවම වී තිබෙනවා.

ඒ අනුව අප ලංකාවේදී අපගේ දේශපාලන පණිවිඩය ගෙනයාමේදී ”ජනශ්‍රැතිය” හැදෑරීම වැදගත් වී තිබෙනවා. උදාහරණයක් වශයෙන් අප තේරුම් ගත යුතුයි රවී කරුණානායක මැද කොළඹ මුඩුක්කු ආශ්‍රිත වතු ජනයා අමතා ඔවුන්ගෙන් ඡන්ද පදනම සකස් කර ගන්නා ආකාරය කෙසේද යන්න. ඩලස්, විමල්, ගාලුපුතා අදි අය දේශපාලනය කරත්දි ඔවුන්ගේ Subject එක පක්ෂ සංවිධාන කටයුතු වල කටයුතු මෙහෙය වත්දි ජනශ්‍රැතියක් විදිහට වැඩ කරන ආකාරය පිලිබදව. මෙහි හොද හෝ නරක පැත්තක් නොව වාමාංශිකයාට තම පණිවිඩය ගෙන යාමට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තේරුම් අරන් තිබීමේ වැදගත් කම තමයි මෙහිදී මතු කිරීමට උත්සාහ කරන්නේ. මහින්ද රාජපක්ෂ සහ දෙරණ ඔවුන්ගේ කටයුතු වලදී හොදටම පාවිච්චි කරන දේ ඉදිරියේ වාමාංශිකයා පරාද වන්නේ කෙසේද කියා වටහා ගැනීමත් වැදගත්. මේකෙදි තවත් වටහා ගත යුත්තේ මොවුන් කටයුතු කරන ජනශ්‍රැතිය තුළ ඇත්තේ ඔවුන්ගේ රෝගලක්ෂණයක් ද? නැතිනම් ව්‍යුහාත්මකව එය එසේමද? යන කාරණයත් වැදගත්. අවසාන වශයෙන් මෙහි පෙනෙන්නේ අන්තර්ගතයට වඩා දේශපාලනයේදී අකෘතිය සහ අවිඥානික ආශාව වැදගත් කාර්යයක් ඉටු කරන බවයි. 

Deepthi

 

 

 

 

 

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here