2020.04.20 ස්කයිප් සාකච්ඡාව

පාඩමේ අරමුණ: ශ්‍රී ලංකාවේ ජනශ්‍රැති  දේශපාලනයට ඓතිහාසික  න්‍යායායක් ගොඩ නැඟීම.

A.ලංකාවේ වාමාංශික දෘෂ්ටිවාදයන් යටපත් කරගෙන ජාතිවාදයේ නැගී සිටීම සම්බන්ධයෙන් ලාංකීය සමාජයේ ‘ජනශ්‍රැතික දේශපාලනය’ පිළිබදව අවබෝධයක් ලබා ගැනීමට ඉතාමත් වැදගත් චින්තකයා වන්නේ අන්තෝනියෝ ග්‍රාම්ස්චිය. අන්තෝනියෝ ග්‍රාම්ස්චි සම්බන්ධයෙන් ලංකාවේ මුල්වරට 80 දශකයේදී ලේඛන ගත කරනු ලැබූවේ ආචාර්ය නිව්ටන් ගුණසිංහය. නමුත් ඔහු ග්‍රාම්ස්චිගේ හෙජමොනිය සංකල්පය තම ලේඛන තුළට ඇතුළත් කර ගත්තේ නැත. 1990 වසරේදී දීප්ති වෙත ග්‍රාම්ස්චිගේ Prison Notes  ග්‍රන්ථය සහ අල්තූසර්ගේ ග්‍රන්ථය ලැබුණු පසුව දීප්ති විසින් ‘හෙජමොනිය’ සංකල්පය සමාජය වෙත ලේඛන ගත කරනු ලැබීය. ග්‍රාම්ස්චි ලංකාවේ දේශපාලන කථිකාවට හදුන්වා දෙනු ලැබුවද, ඔහුගේ දේශපාලන න්‍යායන් ලංකාවේ දේශපාලයට අදාළ කර ගත යුතු ආකාරය පිළිබදව මෙතෙක් එම චින්තකයා සම්බන්ධයෙන් උනන්දුවූ කිසිවෙකු ප්‍රයත්නයක් දරා නොමැත. ග්‍රාම්ස්චි විසින් ඉතාලියේදී තම න්‍යායන් වර්ධනය කිරීම සිදු කළේ ඇයි හෝ ඔහු ඉතාලියේදී සිදු කළ දේ පිළිබද කිසිවෙකු උනන්දුවක් ද නොදක්වයි.  

  1. ග්‍රාම්ස්චි ඉතාලියේ දේශපාලනය කරද්දි ඇති වුණු ගැටළුව වන්නේ “සමාජවාදය” පරාජය වී, ඉතාලියේ සහ ජර්මනියේදී “ජාතිවාදය” ආකෘතියක් වශයෙන් එම රටවල්වල දේශපාලනයට පැමිණියේ කෙසේද යන ප්‍රොබ්ලමැතිකය යි. එකල 1923 දී ලෙනින් ඇතුළු 3වන ජාත්‍යන්තරයට මේ සඳහා පිළිතුරක් සොයාගැනීමට අපහසු විය.
  2. පසුව ග්‍රාම්ස්චි විසින් රාජ්‍ය තුළවූ මෙම අර්බුදකාරී තත්වය පිළිබදව තම ඉතාලි කම්කරු පක්ෂයේ සමාජිකයින් දැනුවත් කිරීමට ලේඛන ගත කරන අතර, එය  එතෙක් සමාජය පාලනය කරන ලද ඉතාලි පාලක පංති අතර තිබුණු පංති දෘෂ්ටිවාදය අතර සිදුවුණු ගැටුමක් ( Crisis of Hegemony) ලෙස අර්ථකතනය කරනු ලැබුණි.
  3. ග්‍රාම්ස්චි විසින් හදුනාගන්නා ලද ගැටළුවට හේතුව වන්නේ එතෙක් ඉතාලියේ පාලක පංති වශයෙන් බලය රැදී තිබුණු අධිපතිවාදි පංතියෙන් රාජ්‍ය බලය ගිලිහි යාමයි. එම බලය ගිලිහී යන විට විවිධ පංති සහ නියෝජනයන් රාජ්‍ය පාලනයට සම්බන්ධ වූ අතර, ඔවුන් අතර රාජ්‍ය පවත්වා ගැනීම සම්බන්ධයෙන්  සාමුහිකත්වය වෙනුවට ගැටුම් හට හටගන්නා ලද බවත්, එම නිසාම රාජ්‍ය ධනවාදයේ හැඩයද විවිධ ස්වරූප ගනු ලබන බවත් හදුනා ගන්නා ලදී. ඒ අනුව එම ගැටුම් හේතුවෙන් එම ගැටුම් කළමනාකරණය කළහැකි සෑම දෙනාටම පිළිගත හැකි තනි ආකෘතියක් රාජ්‍ය ව්‍යුහයට අවශ්‍ය වන බවයි. ඒ අනුව රාජ්‍ය ආකෘතිය තුළ ස්වායත්තතාවයකට පත්වන බවත්, ඒ අනුව මෙවැනි අර්බුදයකදී එම රාජය ස්වායත්තතාවය නියෝජනය කරන්නේ ෆැසිස්ට්වාදය හෝ මිලිටරිවාදය වැනි ආකෘති මතුවීම තුළ බවත්ය.  ඒ අනුව මෙම තත්වය විග්‍රහ කරමින් ග්‍රාම්ස්චි උත්සාහ කළේ ඉතාලියේ ෆැසිස්ට්වාදය මතුවීම වැලැක්වීමයි. නමුත් අවසානයේදී ග්‍රාම්ස්චි විසින් සිදු කළ විග්‍රහය පසෙකලා ඔහු දේශපාලනිකව පරාජය වන අතර, ඉතාලියේ රාජ්‍ය ආකෘතිය ෆැසිස්ට්වාදය වෙත යොමුවිණි. පසුකළෙක ඔහුගේ මෙම දේශපාලන න්‍යායගත කිරීම ඇකඩමික් බුද්ධිමතුන් විසින් භාවිතයට ගනු ලැබීය.  ඉතාලියේ ග්‍රාම්ස්චිට සමාන්තරව ජර්මනියේ විසු ‘අගුස් වැල්මියර්’ ද මේ හා සමාන න්‍යායක් තම රාජ්‍ය තුළ ඒ වන විට හට ගනිමින් තිබුණු නාසි වාදය සම්බන්ධයෙන් ගොඩ නගා තිබුණි.

4.ග්‍රාස්ම්ස්චි විසින් රාජ්‍ය ආර්ථිකය වටහා ගන්නට නිවාස ඒකකය පාවිච්චිකරන ලද අතර,පසු කලෙක ග්‍රාම්ස්චිගේ ගැටළුව ප්‍රංශ ජාතික න්‍යාචාර්යවරයෙකු වූ ‘නිකොලාස් පුලන්ට්සාස්’ විසින් ආර්ථිකය වටහා ගන්නට රාජ්‍ය සංකල්පය භාවිතා කරන ලදී. ඒ අනුව ග්‍රාම්ස්චිගේ මතු කළ ගැටළුව රාජ්‍ය යේ උපරිව්‍යුහය නියෝජනය කරන්නක් ලෙස ඛණ්ඩනය විය. (මේ කාරණා ටික මට පැහැදිලිතාවය මදි. ඒ නිසා අසම්පූර්නයි)

5.ඉහත ග්‍රාම්ස්චි විසින් හදුන්වා දුන් න්‍යාය ලංකාවේ දේශපාලනයේ තිබෙන ජනශ්‍රැති දේශපාලන අධ්‍යනය සඳහා අදාල කරගත හොත් එය මෙසේය.

6.1948 නිදහසට පෙර සහ නිදහසින් පසුව ලංකාවේ දේශපාලනයේ නියලෙනු ලබන්නේ ඒ වන විට සමාජය තුළ අධිපත්‍ය දරනු ලැබු පංතිය විසිනි. එනම් යටත්විජිත පාලක පංතිය හා සමීප සේවා සපයන්නන්, රේන්ද හිමිකරුවන්, වෙළද පංතිය, පතල් හිමිකරුවන්, උඩරට රදල පංතියට අයත් පවුල් සහ ලේක්හවුස් වැනි මාධ්‍ය ආයතන හිමි පංතිය ය. ඒ වන විට රට තුළ යම් යම් කර්මාන්ත තිබුණු අතර, නිෂ්පාදනීය ආර්ථිකයක් තිබුණි. රටේ ප්‍රධාන පාලන බලය හුවමාරු වූයේ ඉහත පවුල් අතර පමණි. එස්. ඩබ්. ආර්. ඩී.බණ්ඩාරනායකගෙන් පසුව පාලන බලය වෙනත් අයෙකුට ලබා නොදී එම අධිපති පාලක පංතිය නියෝජනය කරන සිරිමාවෝ බණ්ඩාරනායකව පත් කර එම අධිපති පාලන ව්‍යුහය යාවත්කාලීන කරන ලදී. (එහිදි ඇගේ ඇකඩමික් බුද්ධිමත් භාවය පිළිබදව හෝ විමසීම කලේ නැත).

7.1977 න් පසුව ලාංකීය දේශපාලය තුළ මෙම තත්ත්වය වෙනස් වීමකට භාජනය වේ. ඒ සඳහා විවෘත ආර්ථිකයට අමතරව, උතුරේ සිවිල් යුද්ධය , 1982 වැඩ වර්ජනය, 1988-89 දකුණේ සිවිල් කැරැල්ල ආදි හේතුත්, රටේ එතෙක් දේශපාලයට ඓන්ද්‍රීය ක්‍රියාකාරීත්වයක සිටි මධ්‍යම පාංතික ප්‍රඡාවගේ රැකියා අහිමිවීම, ඔවුන්ගේ කුටුම්භ ආර්ථිකය කඩා වැටීම, සහ ඔවුන් මැදපෙරදිග රැකියා අවස්ථා සොයා යාම වැනි කරුණු හේතු විණි. ඒ අනුව ආර්ථිකය විවෘත වූ නිසාම නිෂ්පාදන ආර්ථිකයෙන් සේවා ආර්ථිකයට මාරුවීම  ආදී ප්‍රධාන කරුණු හේතුවෙන් ආර්ථිකය වෙනස්වීම හේතුවෙන් රටේ පාලක පංතියද වෙනස් වන අතර, එතෙක් සමාජයේ අධිපති සමාජ පංතිය තම සමාජ පංති වෙනස් වීමේදී  තම පංති ගති ලක්ෂණත් ඉවත් කර දැමීමක් සිදුවිණි.

8.ඉහත 77 න් පසුව සිවිල් යුද්ධය ඇතුළු හේතු ගණනාවක් තුළින් 77 ට පෙර සිටි අධිපතිවාදී පාලන පංතියට තම පංතිය නියෝජනය කරන්නෙකු ශ්‍රී ලංකාවේ දේශපාලනයට රැගෙන ඒමට අවස්ථාව එන තුරු සිටි අතර,  විකල්පයක් ලෙස 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක රාජ්‍ය බලයට ගෙන ඒමත්, එම පාලන බලය තුළ සිටියේ 77 න් පසුව දේශපාලනයට පිවිසි  පංති අතර තුළ තිබුණු අර්බුදකාරී ඝට්ටන හේතුවෙන්  අධිපති නියෝජනයේ වටිනාකම් අහෝසි වී ගියේ ය.

9.94 නියෝජිත අධිපති පාලක පංතියේ ඉවත්වීම සහ 94 නියෝජනය තම පංතිමය සාරය ද ඉවත් කර ගැනීමත් සමඟ මීලඟට රාජ්‍ය බලය ලබා ගන්නා ලද පිරිස වෙතින් ශ්‍රී ලාංකීය රාජ්‍ය ව්‍යුහය වෙනස්වීමකට භාජනය වන ලදී. ඒ අනුව 77 න් පසුව මධ්‍යම පංතිය, සම්ප්‍රදායික වැඩවසම් ප්‍රභූ නියෝජනය, පාදඩ පංතිය, වෙළද පංතිය, කම්කරු පංතිය ආදී නොයෙකුත් සමාජ පංති රාජ්‍ය ව්‍යුහයේ පාලනය තමන් සතු කර ගැනීමට සටන් කරන අතර, ඒ තුළ තම තමන්ගේ පංති නියෝජනය කරනු ලබන දෘෂ්ටිවාදයන් උපයෝගීකර ගන්නා ලදී. මෙම පංති වල තිබෙන ඝට්ඨන හේතුවෙන් රාජ්‍ය පාලනය තුළ සිටින සමාජ පංති තම තමන්ගේ පංතිය නියෝජනය කරන දෘෂ්ටිවාදයන් වෙනුවෙන් පෙනී සිටින අතර, පාලනය තුළ අස්ථාවර භාවයක් ඇති වුණි. එම නිසාම රාජ්‍ය පාලන කටයුතු පංති කිහිපයක අවශ්‍යතා අනුව හසුරවන විට රාජ්‍ය ධනවාදයත් වෙනස්වීමකට භාජනය වූ අතර, මෙම අසමතුළිත භාවය පාලනය කළ හැකි, සැමදෙනා පිනවිය හැකි සමතුලිත නායකයෙකුට රාජ්‍ය පාලනයට දොර විවෘතවිය. ඒ අනුව ලංකාවේ පවතින ධනේෂ්වර ක්‍රමය තුළ නිෂ්පාදන ආර්ථිකයක් නොවන නිසා මිනිස් චින්තනය තුළ පවතින අවිනිශ්චිත තාවය හේතුවෙන් කුමකින් හෝ එතෙර වී රාජ්‍ය පාලන ව්‍යුහයට ඇතුළු වීමට සිංහල ජාතිවාදය මතුවී පැමිණියේ ය.   

  1. ඒ අනුව 1994 අධිපති පාලන පංතිය රාජ්‍ය පාලනය කළේ ඉහළ සිට පහළ දක්වා වූ ධූරාවලියක නම්, 2005න් පසුව රාජ්‍ය පාලනය කරන්නේ පහළ සිට ඉහළට වේ.
  2. ඒ අනුව මෙම තත්වයත් සමඟ මතුවන ගැටළුව වන්නේ මෙම පැරණි පාලක පංතියේ දෘෂ්ටිවාදය අතුරුදහන් වූයේ කෙසේද? නැතිනම් එම දෘෂ්ටිවාදයට මොකද වුණේ යන කාරණය යි.
  3. ශ්‍රී ලංකාවේදි නම් එම තත්වයට සෑම පංතියක්ම සැනසිය හැකි නායකයා ලෙස මහින්ද පත්ව ඇති අතර, රාජ්‍ය ආකෘතිය ලෙස සිංහල ජාතිවාදය බිහිවි ඇත.
  4. ලංකා දේශපාලන තලය තුළ ජාතිවාදය මතු කිරීමට මූලික තැනක් ගනු ලැබුවේ පැරණි වාමාංශික දෘෂ්ටිවාදයන් නියෝජනය කරන ලද පුද්ගලයෝ ය.

Deepthi

 

ඔබේ අදහස කියන්න...