80 දශකය අගසිට කුළුගන්වා ජවලනය කරන ලද සිංහල ජාතිවාදය ජනතා විමුක්ති පෙරමුණ විසින් 2005 මැතිවරණයේදී රාජපක්ෂවාදයක් දක්වා තල්ලු කර නිෂ්ටාවට පත් කළේ ය. 2018 ඊනියා පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය  ජවිපෙ විසින් රාජ්‍ය මතවාදය බවට පත්කළ සිංහල ජාතිවාදයේ මහජන ප්‍රකාශනය මිස ජනතා පරමාධිපත්‍ය නොවේ.  මිනී මරන්නට ඡන්දය දෙන මිනිසුන්ගේ භාව ප්‍රකාශනයන් රාජ්‍ය පාලනය සමග පටලවා ගත යුතු නැත. දේශපාලන විද්‍යාව ගැන දන්නා ඕනෑම ශිෂ්‍යාවක් දන්නා පරිදි ජාතිවාදය යනු ධනවාදයට එන ආධ්‍යාත්මික විකල්පයයි. ජාතිවාදය නම් ගින්දර සමඟ 80 දශකයේ සිට සෙල්ලම් කළ ජවිපෙ සහ කුමාර් මහත්තයා තවමත් සිටින්නේ කසාය බොන ලද ගොළුවන් සේය. මේ සිංහල ජාතිවාදීන් තවමත් ඔහුන් හඳුන්වන්නේ ඡන්ද දායකයන් ලෙසිනි.

          මෙම තත්වයට මුහුණ දීමට රනිල් වික්‍රමසිංහ අමැතිවරයා තෝරාගෙන සිටින්නේ අහංකාර මෝඩ මිනිසුන් කිහිපදෙනෙකි. අනෙක මෙම මිනිසුන්ට අනින්නට අං නොමැත. පසුගිය ඡන්දයේදී අකිල විරාජ්ගේ ඥාතියෙකු වන දිලිත් ජයවීර සමඟ කළ ප්‍රචාරක සෙල්ලම දැන් ලෙල්ලමක් වී ඇත. මේ වන විට සියළුම මාධ්‍ය ජාතිවාදය තම දෘෂ්ටිවාදය ලෙස පිළිගෙන ඇත. රාජපක්ෂ සහ ඔහුගේ ගෝලයන් දැන් ප්‍රකාශ කරන්නේ තව මාස 18 කින් තම ප්‍රතිවාදින්ගේ ඉරණම තීන්දු කරන බවයි. තත්වය මෙසේ තිබියදී “ ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වන ජාතික ලේකම් කාර්යාලය” (NSMR) විසින් මාධ්‍ය පිළිබඳ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මාධ්‍ය නියාමනය ගැන එඩිතර වැඩසටහනක් ආණ්ඩුවට අවශ්‍යය. දිලිත් ජයවීර අගමැතිතුමාට වයින් වීදුරු පිළිගැන්වුවාට ඔහුගේ ජාතිකවාදී- ව්‍යාපාර ආශාව තුනී වන්නේ නැත. ජාතිවාදයට එරෙහිව බුද්ධිය මිස වෙනත් විකල්පයක් නැත.

 

 

ඔබේ අදහස කියන්න...