චිත්‍රපට විචාරය සහ චිත්‍රපට රසවින්දනය අතර පැහැදිලි බෙදුම් කඩනයක් ඇත. සිනමාව යන වචනයෙන් අදහස් වන්නේ, චිත්‍රපටයෙන් සමාජයට බලපෑමක් සිදු වනු ඇත නිගමනය යි. එවිට, සිනමා විචාරය යනු සිනමා කෘතියක් තුළ නැති දෙයක් ගැන කතා කිරීමයි. නැතහොත් කෘතිය ඉක්මවා යන යථාර්ථයක් ගැන අදහස් පළ කිරීමයි. නැතහොත් සිනමාව තුළින් අලුත් ලෝකයක්, යුතෝපියාවක් නිර්මාණය කිරීමට යත්න දැරීමයි. නමුත් චිත්‍රපට රසවින්දනය ස්ත්‍රී භාවිතාවකි. එමගින්, ඉටු කරන්නේ සිනමාකරුවා තම කතාව කියන්නට උත්සාහ කරන ආකෘතීන් ගැන සාකච්ඡා කිරීමයි.

            ‘ ලිංග-භේදය’ ස්වාභාවික  නිර්මාණයක් නොව එය ආශාවේ නිර්මිතයකි. එය හට ගන්නේ, ඊඩිපස් ආශාවේ විපාකයක් ලෙසිනි. කුමක් ද ඊඩිපස් ආශාව?

              ඊඩිපස් ආශාව යනු, වයස 4-5 කාලයේ කුඩා දරුවෙකුගේ සිත තුළ පහළ වන දෙමාපියන් පිළිබඳ ලිංගික ආශාවකි. කුඩා දරුවෙකු නිසා (ශරීරය කුඩා නිසා)  මේ ආශාව මර්දනය කිරීමට ඔහුට සිදු වෙයි. මේ ස්ථානයේ දී අපට අප විසින්ම දෙන පණිවුඩය මෙසේය. “හික්ම වෙන්න! ජීවත්වෙන්න රටාවක් හදා ගන්න! සමාජයේ ජීවත් වෙන්න ඉගෙන ගන්න!” මෙලෙස සිතීම ඊඩිපස් චින්තනය යි.  මෙලෙස නොසිතීම ප්‍රති-ඊඩිපස් නොව ඊඩිපස් වීමට ඇති විකල්පයකි.

                 ‘ජුවාන් ඩේවිඩ් නාසියෝ’ නම් මනෝවිශ්ලේෂකයා ඊඩිපස් ආශාව නිදර්ශනය කිරීමට උදාහරණයක් අපට සපයයි. 

               “ඔහුගේ නම මාටින්, වයස 5ක් විතර ඇති. තරමක් ඔහු චපලයි. ඔහුගේ මව තරුණ සුන්දර යුවතියක්. ඇය මට තම පුතා මාටින් ගැන කදිම සිදුවීමක් කිව්වා. ‘බොහොම ලිහිල් ඇඳුමක් ඇඳගෙන මම මුහුණේ රූපලාවන්‍ය කටයුත්තක් කරමිනුයි හිටියේ. නාන කාමරයේ දොර අඩවල් කරලා විතරයි තිබුණේ. එක සැරේටම මට කෑ ගැහුනා. බළල් අඩි තියමින් මාටින් නාන කාමරයට ඇතුල් වෙලා මගේ තට්ටම හයියෙන් හපා කෑවා. තමන් කරපු දේ ගැන ඊළඟට ඔහු හිටියේ කනස්සල්ලෙන් නෙවි වීරයෙක් වගේ’. බලන්න, මාටින්ගේ පරිකල්පනය. ඔහු නාන කාමරයට ඇතුල් වෙලා මවගේ තට්ටම මත තබපු ‘හැපුම් ලකුණ’. ඒ තමයි ඊඩිපස්”. 

              අපි දැන් ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගොලු හදවත’ චිත්‍රපටයේ එක්තරා ජවනිකාවක් වෙතට ප්‍රවේශ වෙමු. චිත්‍රපටයේ මුල් කොටස තුළ රසිකයා නොදත් තේමාවට බලපාන ප්‍රධාන සංඝටකයක් හෙළි කරයි. එය මෙසේ ය.

     ගුරුවරයා – සුගත් කියනව ද   රුබයියාට් කාව්‍යයෙන් කවියක්.

         සුගත් –  අහෝ සොඳුරිය! මේ වියරු අවුල් ජාලය

                  රහස් ගිවිසුමක් ඔබටත් මටත් එක් විය හැකි

                  ඉන්පසු හදවතේ නීතියට එය බිඳ දමා රිස්සට

                   නව මුහුණුවරකින් නොහැකි ද අපට ළං වන්නට.

        

 වසන්තය සෙව්වන්දි සමඟින්ම මියෙන්නේය. / යොවුන් වියේ පොත මොහොතකට පෙරළේ ද

අහෝ අතු අතර ගී ගැයූ, කුරුල්ලන් කෝ කොහිද ?

 කොහි ඉගිලී ගියේ ද කවුද දන්නේ ඉතින්. ”

         ඉහත කාව්‍යය ගැන ගුරුවරයා සුගත්ගෙන් අහන්නේ ඇයි? චිත්‍රපටයේ එම කොටසේ දී දම්මිට සුගත් ගැන අදහසක් ජනිත වන කාලය යි. ඔහු ඉහත පදයම ගායනා කළේ ඇයි?  එය පසු කලෙක ඔහුගේම දෛවය බවට පත් විය. කවිය අපට කීවේ දම්මිගේ අවිඥාණය ද? ස්ත්‍රීයට උපදින්නට හිතෙන්නේ ඉහත කවි වැල නිසා ය. ඇය මෙසේ කියයි.

          “ඒ රසවත්කම මැද තමයි ඔයා මගේ හිතට ඇතුළු වුණේ. ඔයා ගැන සිතීමෙන් සතුටක් විතරක් නෙවි බරකුත් හිතට දැනුනා”.

               ‘දමයන්ති’ කැටපත ඉදිරියේ ඉණට අත තබාගෙන සිරුරේ රුව හැරී බලයි. ඇය සෙමින් තම සිරුර ස්පර්ශ කරයි.

           “නමුත් ඔයා දකින තුරු මම තරුණියක් ද දැරියක් ද කියලා හැඟීමක් තිබුණේ නැහැ. වැඩුණු තරුණියකගේ ශරීරයේ එතෙක් ජීවත් වූයේ ළමයෙක්”.

             ශරීරයක් ඇතුළත සිටින ‘ළමයෙකු’ පසුව ස්ත්‍රීයක් කරවන්නේ භාෂාව මත ආවේශ වූ ආශාවයි. ආදරයෙන් මිස වෙනත් සාධකයක් නිසා ළමයෙකු ස්ත්‍රියක් නොවේ.

                 නියුරෝසිකයෙකු හෝ හිස්ටරිකයෙකු බිහි කරන්නේ විපරිත පුරුෂයකු විසිනි. ඊඩිපස් සංකීර්ණයේ දී ස්ත්‍රී දරුවා වසඟ වන්නේ පියාට ය. විට්ගන්ස්ටයින්ට අනුව ෆ්‍රොයිඩ් පැරණි මිථ්‍යාවකට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් එකතු කරන්නේ නැත. ඒ වෙනුවට, ඔහු අලුත් මිථ්‍යාවක් නිෂ්පාදනය කළේය. මනෝවිශ්ලේෂණයේ විශ්ලේෂණ අර්ථය දාර්ශනිකයන් අවබෝධ නොකර ගන්නේ තම අහම (ego) නිසා ය. ‘හිස්ටීරියාව’ යනු, වැඩිහිටි මනසක් තුළ කුඩා දරුවෙකුගේ නොදරු ලිංගික ආශාවක් හට ගැනීමයි. මෙවැනි හිස්ටෙරික ආත්මයක් බාහිරට ප්‍රක්ෂේපණය වන්නේ, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දෙසට නොව බලවන්තයෙකු හෝ දුර්වල මිනිසෙකු දෙසට ය. ඒ අනුව, හිස්ටෙරිකයෙකු තම සහකරුවාව වටහා ගන්නේ, ස්ත්‍රියකු හෝ පුරුෂයෙකු ලෙස නොව බලවන්තයෙකු ලෙස හෝ දුර්වලයකු ලෙස ය. ඒ නිසා, හිස්ටෙරික ජීවිතය බල ක්‍රීඩා ක්ෂේත්‍රයකි. පියා කෙරෙහි එල්ල වන ඊඩිපස් ෆැන්ටසිය අතිශය ආවේගකර වූ විට එවැනි පිරිමි ළමයෙක් වැඩිහිටි වූ පසු පුරුෂ හිස්ටරිකයෙක් බවට පත් වෙයි. ඒ අනුව, ප්‍රති-ඊඩිපස් යනු අධිකතර ලෙස පියාට අනුරාගික වූ අයෙකි. 

             පහත වීඩියෝව හරහා මා සාකච්ඡා කරන්නේ, සිනමාව රස විඳින ආකාරය යි. එය නැරඹීමට ඔබටත් ආරාධනා! විචාරයෙන් ආත්මීයත්වයට ඇති ගමන් පථය ගැන වැටහීමක් ඉන් ඔබට ඇති වනු ඇත.

  – දීප්ති කුමාර ගුණරත්න- 

 

[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[==========

 නිවැරදි ප්‍රශ්නය ඇසීමට, අධ්‍යයනය කරන අප සමඟ එකතු වෙන්න.

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. “හිස්ටීරියාව” පොත ගන්න පුලුවන් කොහෙන්ද, E-Book එකක් උනත් කමක් නැහැ

  2. X කණ්ඩායමේ පොත් ගන්න ස්ථානයක් තියනවද..? නිශ්චිත ලිපිනයක් වගේ දෙයක්..

Comments are closed.