ජර්මානු කවියෙකු වූ හෝල්ඩර්ලීන්ගේ කවි අදහසකින් අපගේ විවාද-සංග්‍රාම භූමිය ආරම්භ කරමු. ඔහු මෙසේ පවසයි. ‘අන්තරාය සැඟවී ඇති තැන, ගැලවීමේ බලය ද වර්ධනය වෙයි’. සමකාලීන දේශපාලන දෘෂ්ටිවාදයන්ගේ මුඛ්‍ය ලක්ෂණයක් වන්නේ, ඒවායේ ආකෘතිය විසින් ‘සමාජ-ප්‍රතිවිරෝධයන්’ ප්‍රති පක්ෂයන් – Binary logics – බවට පත් කිරීමයි. එවිට, මේ ලෝකයේ පවතින සෑම අසාධාරණත්වයක් ම තවත් එවැනිම එකකින් වෙනස් මිස ඒවා අතර පසමිතුරුභාවයක් නැත.

    ‘ධනවාදය’ ගෝලීයකරණය වීම නම් සන්දර්භය නිසා ඒ තුල නව-පසමිතුරුභාවයන් උත්පාද වී ඇති අතර ඒවාට ප්‍රතිචාර ලෙස අප මීට කලින් නොදත් ආත්මීයත්වයන් ද බිහි වී ඇත. මුඛ්‍ය වශයෙන් සලකා බැලූ විට සමාජ ප්‍රතිවිරෝධයන් දෙකක් දක්නට ලැබේ. එනම්, අප සහ අපගේ දේශපාලන සතුරන් අතර ප්‍රතිරෝධය සහ ‘මහජනයා’ යැයි සංකල්පගත කෙරෙන ප්‍රතිවිරෝධය යි. ස්වභාවයෙන්, මෙම ප්‍රතිවිරෝධතාවයන් දෙක අතර වෙනසක් ඇත. මේ වෙනස වටහා ගැනීමට යාමේ දී ‘ජනතාව’ යනුවෙන් සංකල්පගත වනුයේ කුමක් ද යන්න සහ ‘සතුරා’ යනුවෙන් සංකල්පගත වනුයේ කුමක් ද යන්න විදාරණය කළ යුතු ය.

    ගෝලීයකරණය තුළ වැඩකරන පන්තිය සකස් වී ඇත්තේ කෙසේ ද? පවතින කොරෝනා තත්වය තුළ වැඩකරන ජනතාව වගුගත කිරීම පහසු ය. එක කට්ටියක් අධිකතර වෙහෙසට පත් වන තුරු වැඩ කරයි. සෞඛ්‍ය සේවකයන්, හමුදාව, පොලීසිය මේ ගණයට වැටෙති. නූතන ගෝලීය ධනවාදය විසින් හමුදාව සමාජ සේවා සැපයීමේ විධිමත් ම ආයතනය බවට පරිවර්තනය කොට ඇත. කිසිදු වෘත්තීය ඉල්ලීමක් නොකර තම සමාජ සේවාව ඔවුහු ඉටු කරති. අනිත් අයට සිදුවී ඇත්තේ, බලහත්කාරයෙන් හෝ ස්වෙච්චාවෙන් ගෙදරට වී සිටීමට ය.

    ගෝලීය නිෂ්පාදන රාමුව විසින් ලෝක ශ්‍රම විභජනය නවමු ආකාරයකට සකස් කර ඇත. යුරෝපයෙන්, ඇමෙරිකාවෙන් සහ ධනවාදයේ සංවර්ධිත ප්‍රදේශවලින් කර්මාන්තශාලා චීනය, තායිවානය,  බංගලිදේශය, වියට්නාමය වැනි කලාපවලට විස්ථාපනය වී ඇත. නමුත් මූලික ව්‍යුහය වෙනස් වී නැත. Apple දුරකථනය නිර්මාණය කරන්නේ සහ වටිනාකම් එකතු කරන්නේ කැලිෆෝනියාවේ දී වුවත් එය නිෂ්පාදනය කරන්නේ චීනයේ ය. ඉහත හේතුව නිසා ශ්‍රමිකයන් වර්ග දෙකක් බිහි වී ඇත.

1. තමා විසින් තමාව ම රැකියාගත කරගත් සහ තමා විසින් තමාව ම සූරා කන ශ්‍රමිකයන්. මොවුන් සිටින්නේ සංවර්ධිත බටහිර රටවල ය.[auto-exploiting laborer in his or her own enterprise…Even class struggle has transformed into an inner struggle against oneself. Individuals has become the achievement – subjects ; they do not believe they are subjugated ‘subjects’ but rather ‘projects’. Always refashioning and reinventing ourselves.]

 

           2. භාණ්ඩ එකලස් කරන කම්හල්වල කම්කරුවන්. මොවුන්ගේ ජීවිත ඒකාකාරී වන අතර ඔවුන් ක්‍රමය තුළ පරාරෝපිත ය. සූරා කෑමේ ව්‍යුහය මෙහි දී බාහිර බලයකි.

 

            සූරාකෑමේ ව්‍යුහයන් සතු සංවිධිත නිලබල තන්ත්‍රයක් ඉහත පන්තීන් දෙකට අමතරව ඇත. මෙය ජාතික ආර්ථිකයෙන් එපිට බල රටා මඟින් මෙහෙයවෙන මැද පන්තිය යි. මේ අයව මෙහෙයවන්නේ, ජාතික රාජ්‍යයේ දේශපාලකයන් නොවේ. ඔවුන්ව ව්‍යුහාත්මක අවිඥාණක ක්‍රියාවලියකින් මෙහෙය වන්නේ, ඩිජිටල් සේවා සපයන සමාජ ජාලා වෙබ් අඩවි හිමිකරුවන්ය. පවතින අසීමාන්තික ආර්ථික අසමානතාවය මැද ප්‍රබල සූරාකන්නන් බවට පත්වී ඇත්තේ, මෙම ඩිජිටල් කම්කරුවන්ය. (ඔවුන් තමන් සකර්බර්ග්ගේ ඩිජිටල් කම්කරුවන් බව නොදනිති) අපට ‘පසමිතුරුභාවයන්’ කෙනෙකු තුළ පවතින ආත්මීය අභ්‍යන්තර අරගලයන්ට ඌනනය කළ නොහැකි ය.

            බොහෝවිට, ඩිජිටල් මැද පාන්තික කම්කරුවන් තමන් කරන වැඩය සහ තමන් අතර යම් පරතරයක් තබා ගනිති. එසේ නොකර ඔවුන්ට තම විෂාදයෙන් ගැලවීමට නොහැකි ය. මේ ඩිජිටල් කම්කරුවන්ගේ දවසේ පණිවුඩය වන්නේ, ‘අදත් මොකක් හරි කරන්න. හෙට ඔබ සාර්ථක වේවි!’ යන සුපිරි-අහමේ පණිවිඩය යි. සමාජ තට්ටුවේ පහළම කොටස උපයන ‘විදේශ ආදායම්’ මෙම ඩිජිටල් කම්කරුවන් ඉතා වේගයෙන් ගෙවල්, ණය, මෝටර් රථ හරහා ක්ෂය කරති. මෙහි උපරි-ව්‍යුහයමය විගඩම වන්නේ, මේ අයම සමාජ විමුක්තියේ ප්‍රකාශයන් ලෙසටත් පෙනී සිටීමට උත්සාහ කිරීමයි. යුරෝපයේ සිංහල කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කන පුබුදු ජයගොඩව ලංකාවේ දී පෙනී යන්නේ, වාමාංශික විමුක්තිදායකයෙකු ලෙස ය. මේ තමයි ගෝලීයකරණයේ නූතන සරදම.

        දැන් අපට අජිත් ධර්මකීර්ති විසින් අපගෙන් අසන අඩක් පිසින ලද ගැටලුව ඉදිරිපත් කළ හැකිය.

    “දීප්ති තමන්ට වඩා කෙනෙකු පක්ෂයේ ඉහළට ගියහොත් ඔවුන්ව ඉවත් කරන බව” 

අජිත්ට කට වැරදීමක් සිදුවී ඇත. ඉහත සූත්‍රය පෙරටුගාමීන්ට, ජවිපෙට සහ බහුතර වාම සංවිධාන වලට කදිමට ගැළපෙයි. අනුන් ගැන අර්ථකථන දෙන, තමන් ගැන තමන්ට අර්ථකථනයක් නැති මිනිසුන්ට ලංකාවේ දී කියන්නේ වම්මු කියා ය. මේ වම්මුන්ගෙන් බහුතරයට ඇත්තේ, හිසක් නැති කඳක් ය. ඔව්හු උද්ඝෝෂණවාදීන් ය. හිතනවා යන ක්‍රියාව ඔවුන් දන්නේවත් නැත. අපගේ ව්‍යාපාරය මෙම උද්ඝෝෂණවාදී වමෙන් සහමුලින්ම කැඩී වෙන් වී ඇත. අපගේ ප්‍රායෝගික වැඩසටහන දෝලනය වන්නේ, යම්කිසි න්‍යායික ඉදිරි දර්ශනයක් සහිතව ය. මේ අර්ථයෙන් ගත් විට, මගේ බුද්ධිමය සන්දර්භය ඉක්මවා ගිය කිසියම් හෝ සගයෙක් ඉන්නවා නම් ඒ කෙනා නම් කරන්න!

            අපගේ ගැටලුව ඉදිරියට ඇදගෙන යාම සඳහා උදව් කරන යම්කිසි ප්‍රමිතිගත උදාහරණයක්  දැන් අපි සලකා බලමු. 2012 වර්ෂයට පසුව කුමක් වූවා දැයි නොදන්නා මගේ ශිෂ්‍යයෙක්ගේ නම ‘සමන් පුෂ්පකුමාර ය’. ඔහු මට හමු වූයේ, 1999 වසරේ දී පමණ ය. එකල, ඔහු ජාතික හෙළ උරුමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. 2004 වර්ෂයේ අග දක්වා ඔහු ශිෂ්‍යයෙක් ලෙස අඛණ්ඩව මගෙන් උගත්තේ ය. 2004 වර්ෂයේ අපගේ සංවිධානයේ අතාර්කික ඛණ්ඩනයට පසුව මගේ ‘යථාර්ථය’ පිළිබඳ සංකල්පගත කිරීම තියුණු ඛණ්ඩනයකට ලක් විය. 95-2004 යුගයේ දී ‘යථාර්ථය’ මා විභාග කරන ලද්දේ, වාස්තවික සංකල්පයක් හැටියට ය. එයින්  කියවෙන්නේ, මනුෂ්‍යයාට සහ මනුෂ්‍ය විඥාණයට ස්වාධීන වන්නා වූ ද, පූර්වක වන්නා වූ ද ‘දෙය’ යථාර්ථය යනුයෙනි. 2004 සිදුවීමත්, ඊට පෙර රොහාන් පෙරේරා පිළිබඳව මා විසින් කරන ලද විශ්ලේෂණයන් ද නිසා ‘යථාර්ථය’ පිළිබඳ වාස්තවික අදහස පාරභෞතික ක්ෂේත්‍රයකට අයිති බව වැටහිණි. ඩෙරීඩාගේ භාෂාවෙන් කිවහොත්, ‘වාස්තවික යථාර්ථය’ යනු, විද්‍යාමානයන්ගේ ක්ෂේත්‍රයට – metaphysics of precence-අයිති දෙයකි. මනෝවිශ්ලේෂණ භාෂාවෙන් කිවහොත්, ‘ඉතිහාසය’ නම් මහ අනෙකා නොපවතින තැන ‘හිතන්නට’ මිනිසාට නිදහස ලැබී ඇත.

            2004-2007 යුගය තුළ සංවිධානය තුළ ‘යථාර්ථය’ වටහා ගැනීමට අලුත් ඥාණ-විභාගයක් නිපදවිය යුතු බව මගේ වැටහීම විය. එහිදී, සංවිධානය තුළ පණ්ඩිතයෙකු විසින් ආයුධවලින් කරන විවේචනයට වැඩි බරක් දී තිබුණි. එය කුමාර්ගෙන් හැලෙන පිරිසට ද ආශ්වාදයක් විය. ගැටලුව සන්නද්ධ මාර්ගය නොවන බව වටහා ගත් මම තදින්ම මගේ ස්ථාවරයේ රැඳී සිටියෙමි. සංවිධානයේ මගේ ගොඩට ගත හැකි වූයේ, දෙදෙනෙක් පමණි. එක් අයෙකු වූයේ, සමන් පුෂ්පකුමාර ය. අනෙකා, වෛද්‍ය රුවන් කුමාර ය.

            වාස්තවිකත්වය මත පරායත්ත යථාර්ථවාදය අතහැර රැඩිකල් නව වාස්තවික අදහසක් නිෂ්පාදනය කළ යුතු බව මම ඔවුන් දෙදෙනාට යෝජනා කරන ලදී.[New Ontology] මෙය යථාර්ථය පිළිබඳ ආත්මීය ප්‍රවේශය යි. ඉන් අදහස් වන්නේ, යථාර්ථය මනුෂ්‍ය ආත්මය නිර්මාණය කරන, ඉන් ස්වාධීනව සාරාත්මක අර්ථයක් නොලබන දෙයක් බවයි. මම ජිජැක්ගේ ‘Parallax’ පොත සහ හේගල්ගේ ‘ආත්ම මූලිකත්වයේ ගමන් පථය’ යන කෘති දෙක රුවන්ට සහ සමන්ට කියවන්නට දුන්නේමි. ‘කොජින් කර්තානි’ නම් ජපන් මාක්ස්වාදියා සමන්ට මුණ ගැසෙන්නේ, මෙතැනදී ය. වැඩේ සාර්ථක වූ අතර අප තිදෙනා ‘විනෝදය’ නමින් පොතක් ද ලිව්වෝය. 2010 වර්ෂයේ හේගල්ගේ සම්මන්ත්‍රණ යනු, මෙම කියවීමේ ව්‍යාපෘතියේ අග්‍ර ඵලය යි. මේ කාලය වන විට, සංවිධානයේ සිටි පණ්ඩිතයා වඩා බලවත් වූ අතර සංවිධානය තුළ ප්‍රකට කේලම්කාරයන් දෙදෙනකු (ඔවුන් ජවිපෙන් අප වෙතට ආ අයයි) වූ ‘නිමල් කමල්’ සහ මට ලේ පනින්නට ගසනවා කිවූ චණ්ඩියෙකු වූ ‘තිලක් කෝදාගොඩ’ විසින් සමන් සහ මා අතර භේදයක් නිර්මාණය කළේය. ඔහුව මගේ පැත්තට දිනා ගැනීමට මා කිසිදු උපක්‍රමයක් පාවිච්චි නොකළේ දැනුවත්ව ය. මට අවශ්‍ය වූයේ, ඔහුව න්‍යායිකව පරීක්ෂා කිරීමට මිස මගේ ගොඩට දමා ගැනීමට නොවේ. නමුත් 2012 වන විට, සිය ආචාර්ය උපාධියේ වැඩ කටයුතු කරද්දීත් අප අතර සබඳතාවය තිබිණි. පසුව මට විවිධ බාහිර චරිතවලින් ආරංචි වූයේ, ඔහුගේ ගම සඳලංකාව බවයි. මම ඔහු අමතක කළෙමි.

        සාමාන්‍යයෙන්, බුද්ධිමය වශයෙන් මා අසළ ගැවසෙන කෙනෙකු මගෙන් න්‍යායික හෝ වෙනත් පුද්ගලික කරුණක් නිසා ඉවත් වූ වහාම ‘එවැන්නන්ට’ අධික ප්‍රචාරණයක් ලබා දීමට සූදානම් තක්කඩි කිහිපදෙනෙකු කොළඹ ජීවත් වෙති. මා හිතුවේ, මේ පජාලයන්ට අසුවන සරමතික මනසක් සමන්ට නැහැ කියා ය. මහා අනෙකා/ පරමාදර්ශ නැති බව පෙන්වමින්, පසුගිය දින දෙකක දී සමන් ඔහු විසින්ම කලින් තක්කඩි ලෙස පැවසූ අයට සුදු හුණු ගාන්නට පටන් ගත්තේය.

        දැන්, මේ අපගේ වාරය යි. රීටා ට සහ දරුවන්ට දැඩි අවමානයක් කරමින් සුමනසිරි කළ සදාචාර විරෝධී ක්‍රියාවන් රස කර කර අපට කියා දුන්නේ ද මේ සමන්ම ය. අද, මේ සුමනසිරි සමඟ එකට නිදා ගන්නට සමන්ට ලැජ්ජාවක් නැත. අපගේ සංවිධානය තම හුදු පුද්ගලික අභිලාෂ නිසා විනාශ කරන්නට සුමිත් චාමින්ද ගත් උත්සාහයන් 2004 ට පසුව සමන් දැඩි ලෙස පිළිකෙව් කළේය. කොටින්ම දැන්,සමන් පුෂ්පකුමාර තමන් Split Subject එකක් බව පාසල් පොතක් සේ පැහැදිලිව ප්‍රකාශ කර ඇත.

              සමන් පුෂ්පකුමාරගේ ‘ග්‍රාම්ස්චි’ පිළිබඳ zoom සාකච්ඡාව අසා සිටින විට, අහම්බෙන් මට යමක් නිරීක්ෂණය විය. ඒ, ඔහු භාෂාව පාවිච්චි කරන ආකාරය යි. ඔහුගේ භාෂාව අයත් වන්නේ, ප්‍රපංචවේදයට යි.[phenomenologyPhenomenology is the study of structures of consciousness as experienced from the first-person point of view. ] ප්‍රපංචවේදය යනු, බාහිර විෂය ලෝකය මනුෂ්‍ය විඥාණය මත විද්‍යාමාන වීම ක්‍රමවත්ව හැදෑරීමයි.

            අපගේ සංවිධානයේ ඥාණ-විභාගය අයත් වන්නේ, ව්‍යුහවාදයට යි. [ structuralism is a general theory of culture and methodology that implies that elements of human culture must be understood by way of their relationship to a broader system.] එහිදී සලකා බලන්නේ, විද්‍යාවේ කාර්යය විය යුතු වන්නේ දෘශ්‍යමානයට පදනම් වන ව්‍යුහය හඳුනා ගැනීමයි. මෙහි අර්ථය වන්නේ, මිනිස් ක්‍රියාකාරකම්වලට නෛසර්ග අර්ථ නැති බවත්, ඒවායේ අර්ථය තීරණය වන්නේ පවතින සමාජය මගින් බවත් වටහා ගැනීමයි. මට අවශ්‍ය වන්නේ, සංවිධානයේ කාඩර්වරුන්ට සමන්ගේ භාෂාව ව්‍යුහවාදයට පූර්වගාමී බව පෙන්වා දීම පමණි.

            අපගේ ව්‍යාපාරයේ සමාජ-න්‍යාය වහරණ ඕනෑම පුද්ගලයෙකු ව්‍යුහවාදියෙකු විය යුතුය. සරලව කිවහොත්, අපගේ පදනම් විද්‍යාව සෝෂියර්ගේ සාධාරණ වාග් විද්‍යාවයි. ඊට අනුව භාෂාව යනු, ආකෘතියක් මිස සාරාර්ථ නිපදවන ගැබක් නොවේ. භාෂාව යනු, වෙනස්කම් හෝ සන්දර්භයන්ගේ එකතුවකි. සමන්ගේ භාෂාව මීට පරස්පරව පාරභෞතික භාෂාවන් නිපදවයි. උදාහරණයක් ලෙස, ඔහු චාමින්ද සේම ග්‍රාම්ස්චිව සංඥාවක් – sign- ලෙස මිස හැඟවුම්කාරකයක් ලෙස නොගනියි. මේ නිසා, ග්‍රාම්ස්චි කතිකාවේ කේන්ද්‍රය, උත්තරීතර හැඟවුම්කාරකය ලෙස යළි ග්‍රාම්ස්චිවම  අභිෂේක කරයි. එනම්, ග්‍රාම්ස්චිව වාගීශ්වරවාදියෙකු – Phallocentric – කිරීමයි.

            සාධාරණ වාග් විද්‍යාවේ මූලික තැනුම් ඒකක පහත දැක්වේ.

  1. පරතරය සහ ප්‍රමාදය.

  2. සංඥාව සහ සන්දර්භය.

  3.  ශබ්ද ප්‍රතිරූපය.

  4.  පිය සලකුණ.

 

           

                සෝෂියර්ගේ සාධාරණ වාග් විද්‍යාවේ භෞතික ගුණය වන්නේ, එමගින් විග්‍රහ වන්නේ නිර්-භාෂාවක් වීමයි. නිර්-භාෂාව යනු, ජාතික සාරයන්, සම්භවයන් අත්හිට වූ වාග් විද්‍යාවකි. මේ නිසා, ‘සාධාරණ වාග් විද්‍යාව’ අන් සෑම විද්‍යාවකටම සීමාව නිර්ණය කරයි. අපි සාධාරණ වාග් විද්‍යාව මාක්ස්වාදයට අදාළ කර එය ව්‍යුහවාදී මාක්ස්වාදයක් කරමු.

fightdo not fuck.. දීප්ති යටින් ඉරි ගහන්නෙ අතාර්කිකව Prof X.

                සාධාරණ වාග් විද්‍යාවට අනුව භාෂාවේ තර්කනය එයට හිමි වන්නේ, නිර්-භාෂාවේ තර්කනයෙනි. උදාහරණයක් ලෙස, ග්‍රාම්ස්චි මිය ගිය ලේඛකයෙකු නැතහොත් නැවත නො පැමිණෙන්නෙකු නිසා ග්‍රාම්ස්චිගේ ලිවීම කතිකාවක් වෙයි. ඒ අනුව, ග්‍රාම්ස්චි කතිකාවේ පරතර, ප්‍රමාද හරහා අර්ථ සම්පාදනය කරන්නේ, ඔහු නොව අප ය. දැන් අපට ග්‍රාම්ස්චි නොකී දේවල් කී දේ හැටියටත්, කී දේවල් නොකී දේ හැටියටත් අර්ථ ලෙස නිපදවීමට හැකිය. මන්ද, කතිකාවේ කේන්ද්‍රය සතු චලනයට අවසාන තිරිංග යොදන්නෙකු නැති නිසා ය. ඒ නිසා, සමන් පුෂ්පකුමාර ග්‍රාම්ස්චි ගැන පළකරන ලද අදහස් අයිති වන්නේ, ප්‍රපංචවේදයට යි. එනම්, ග්‍රාම්ස්චිගේ අදහස්වල පාරදෘශ්‍යභාවය දන්නා වාගීශ්වරයා ඔහු ලෙසිනි. ව්‍යුහවාදය නොදන්නා කෙනෙකුට ‘ව්‍යුහවාදී මාක්ස්වාදියෙකු’ විය නොහැකි අතර එවැන්නෙකු යළි යළිත් පුනරුච්ඡාරණය කරන්නේ ප්‍රපංච විද්‍යාත්මක මාක්ස්වාදයකි. එනම්, මානසික/ ඉන්ද්‍රිය අත්දැකීම මත ක්‍රියා කරන ඥාණ-විභාගයක් මාක්ස්වාදය කියවීමට අදාළ කර ගැනීමයි. මේ හේතුව නිසා, සමන් කතා කරන මාක්ස්වාදය නිව්ටන් ගුණසිංහගේ මාක්ස්වාදයටත් පූර්වගාමී ය.

            අපගේ ව්‍යුහවාදී ඥාණ-විභාගයට අනුව අත්දැකීම ව්‍යුහගත කරන්නේ, භාෂාවයි. මේ සන්දර්භය තුළ මාක්ස්වාදය අපට කොටස් දෙකකට බෙදිය හැකිය. එනම්,

(1) සාරාත්මක මාක්ස්වාදය 

(2) සාධාරණ මාක්ස්වාදය. අර්නෙස්ටෝ ලැක්ලෝගේ පශ්චාත්-මාක්ස්වාදය යනු, මෙම සාධාරණ මාක්ස්වාදය යි. ග්‍රාම්ස්චි කියවන්නෙකු මාක්ස්ගේ අඩුවක් සපුරා ගැනීමට ග්‍රාම්ස්චි කියවයි. එවැනි කියවීමක් ගමන් කරන්නේ, මාක්ස් වෙතට නොව කියවන්නාගේ වාග්කෝෂය දෙසට ය. එවැන්නෙකු මාක්ස්වාදය ගැන වඩ වඩා වාගීශ්වර සහ ශබ්ද කේන්ද්‍රීය වනවා මිස මාක්ස්වාදය සකස් කරන නිර්-භාෂාව (පන්ති අරගලය, නිශේධනය, ප්‍රාග්ධනය- චාමින්දගේ සෑම ලේඛනයක් ම යෝජනා කරන්නේ, ධනාත්මක අනන්‍යතාවයකි. නමුත් මාක්ස්වාදය යෝජනා කරන්නේ, නිශේධනයන් ය. චාමින්ද ‘ග්‍රාම්ස්චි’ හරහා ස්වකීය අනන්‍යතාවය තහවුරු කර ගන්නවා මිස වෙනත් සමාජ සම්ප්‍රදානයක් කරන්නේ නැත.) පිළිබඳ ව්‍යාකරණය ඉගෙන ගත්තේ නැත. ග්‍රාම්ස්චි හරහා මාක්ස්වාදය කියවීම යනු, සම්ප්‍රදායික මාක්ස්වාදයේ සාරයන් ගවේෂණය කර ඒවා විසංයෝජනය කිරීමයි. ‘චතුරිකා සිරිසේනව’ සමන් සාරයක් හෝ අප්පිරියාවක් ලෙස ගන්නේ නම් ඔහු අයිති වන්නේ, පැරණි මාක්ස්වාදී ගුරුකුලයට ය. එනම්, දේශපාලනය සදාචාරකරණය කිරීමයි. මාක්ස්වාදයෙන් පන්තිමය, ලෛංගික, වාර්ගික වශයෙන් ඇති සාරයන් විසංයෝජනය කිරීම පහසු නැත. තමන්ගේ සැලසුම් විනාශ කරන සතුරෙකු අනුමාන කිරීම ම වර්ගිකත්වයේ සංකේතයකි. චාමින්ද මගේ නම ඔහුගේ කතිකාවෙන් සදහටම ඉවත් කිරීම යනු, වාර්ගික දේශපාලනයක් මිස බුද්ධිමය දේශපාලනයක් නොවේ. ග්‍රාම්ස්චි සපුරා විරුද්ධ වූයේ, මේ වාර්ගික දේශපාලනයට යි.

            සාමාන්‍යයෙන්, ඇකඩමික බුද්ධිමතෙකුව හඳුන්වා දීමේ දී ඔහුගේ ප්‍රවාද වලට අදාළ ඉතිහාසය විධිමත්ව ඉදිරිපත් කිරීම  ඇකඩමික සම්ප්‍රදායකි. නමුත් සමන් පුෂ්පකුමාරව හඳුන්වාදුන් ඉතිහාසය පිළිබඳ අවරසිකයා සහ කොණ්ඩා මෝස්තර ශිල්පියාට අනුව සමන් මහාබුහ්මයාගේ මුඛයෙන් ජාතක වූ ඕපපාතිකයෙකි. අපි මේ කොණ්ඩ තක්කඩියාට කියන්නේ තෝ මේ වේසකමේ යොදවන්නේ දේශපාලන සංවිධානයක පොදු දේපළ සහ පොදු අරමුදල් යන්නය. කොජින් කර්තානි, රොබර්ට් පිපින් ආ තැන සමන්ට කියන්න ලැජ්ජ ද? නැත්තම් මහ අනෙකාගේ බද්ධ දෘෂ්ටියට (Gaze) වහ වැටී එහි ඇති අපරිමිත විනෝදයේ ගිලී ගොස් ද?

                ‘දීප්ති’ නම් නරක මිනිසා පසුපසට ඇද දමා සමන් පුෂ්පකුමාර නම් සද්ගුණවත් උපාසක මහත්තයාව ඉදිරියට ගෙන එන්නේ නම්, සමන් විශ්වවිද්‍යාල ගුරුවරයෙකු වූ ආකාරය ගැන ද අපට කතා කිරීමට සිදු වෙයි. කොණ්ඩයාට බඩ යන්නේ එවිට ය. සමන් පුෂ්පකුමාර හේගල් පිළිබඳ ප්‍රාමාණික ඇකඩමික බුද්ධිමතෙක් ද? අපි ඊළඟට ඒ ගැන සාකච්ඡා කරමු. 

Deepthi.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

අයදුම් කිරීමට මෙතන Click කරන්න

සමබිම පක්ෂය

 

               

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

    • ඔහු ඉන්නෙ අපි සමඟ.නිදහස් චින්තකයන් රටේ ඉන්න ඕනෙ. සමන් වුවත් අපේ නිර්මාණයක්.මහේශ්ව විචාරය වීමක් අවශ්‍ය නැත.

  1. බොහොම වගකීම් සහිත ලිපියක් නේ. //මම ජිජැක්ගේ ‘PARALLAX’ පොත සහ හේගල්ගේ ‘ආත්ම මූලිකත්වයේ ගමන් පථය’ යන කෘති දෙක රුවන්ට සහ සමන්ට කියවන්නට දුන්නේමි// දීප්ති මටත් ඔය PARALLAX පොත කියවන්න කිව්වනේ . එතනින් එහාට මම ජිජැක්ගේ පොත් කීපයක්ම කියෙව්වා.
    ස්තූතියි – අජිත්

  2. //අජිත්ට කට වැරදීමක් සිදුවී ඇත//මම හිතන්නේ මම ලීවේ එහම කට්ටියක් කියනවා හෝ චෝදනාවක් තියනව කියල

Comments are closed.