[dropcap color=”red”]ප[/dropcap]සුගිය වසරක පමණ කාලයක සිට ‘Sunday Times’  පුවත්පතේ දේශපාලන තීරු ලිපි රචකයා දැඩි අසහනයකින් පෙළෙයි. ඔහුට අනුව යථාර්ථයට කුමන හෝ ඛේතයක්(code) තිබිය යුතුය. ගිය වසරේ මැද දී ඔහු සිතුවේ ලංකාවේ ආණ්ඩුව එක්සත් ජනපදය විසින් පාලනය කරනු ඇති කියාය. (ඊට කලින් වසරේ ඔහු සිතුවේ එය එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) මගින් සිදුවනු ඇත කියාය.) ඊට පසුව ඔහු සිතුවේ ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩල රැස්වීම නොපැවැත්වෙනු ඇති කියාය. නමුත් අවසානයේ එයට සහභාගී වීමට එංගලන්තය තීන්දු කරනු ලැබීය.

බොහෝ දෙනා මෙතෙක් කලක් සිතුවේ ‘යථාර්ථයට’ පිටු පසින් සිට එය පාලනය කරන කෙනෙකු ඇත කියාය. එය පැරණි යුගයේ දෙවියන් මගින් ඉටු විය. පසුව ඊට රජතුමා ආදේශ විය. ඊටත් පසුව එම තැන ගත්තේ පාර්ලිමේන්තුව සහ අධිකරණයයි. නමුත් දැන් අපට පෙනෙන විදිහට ‘යථාර්ථයට’ පාලනය වන නීතියක් නැත. ඇත්ත වශයෙන්ම එවැනි නීතියක් කිසිදා ඉතිහාසයේ තිබුනේද නැත. සිදු වූයේ එවැන්නක් ඇත කියා සියළුදෙනා වැඩකළ නිසා එවැන්නක් තහවුරු වීමයි. දැන් ලෝක දේශපාලනයට අදාලවද මේ තත්ත්වය ආදේශ කළ හැක. මේ වන විට පවතින්නේ සීතල යුද්ධයෙන් පසු අවධියකි. මෙම යුගය තුළ ඉතාම ප්‍රබල කිසිම රටක් නැත.

‘Sunday Times’  තීරු ලිපි රචකයාට ඊ නිවිස් සදරුවන් මෙන් මේ ආණ්ඩුවේ විනාශය අතලග යැයි ලිවිය නොහැක. ඒ සදහා ඔහුට යුක්ති සහගත පදනමක් අවශ්‍යය. ඔහු දිගටම ලියන්නේ මේ ලෝකයේ එවැන්නක් ඇත කියා අනුමාන කිරීමෙන්ය. සදරුවන් හිටපු ජේ.වී.පී ක්‍රියාධරයෙකි.  ඔහුගේ භාවිතාවට අනුව කොටි ආවා යැයි දහවතාවක් කී විට එම බොරුව යම් දිනක ඇත්ත වීමට යම් ඉඩක් ඇත. ඔහුද ඇතුළුව ලාංකිකයන් අතිබහුතරයක් දෙනා සිතුවේ ‘යුද්ධය’  අවසාන කළ පසු ලංකාව සියළු කිදහසින් පිරි පාරාදීසයක් වනු ඇත කියාය. දේශපානය යනු පරිපාලනය නොවේ. සංවර්ධනය යනු සුන්දරත්වයද නොවේ.

සිංහල සහ දෙමල පසමිතුරුභාවය යනු හලාල් ප්‍රශ්ණය වැනි කෘත්‍රිම ගැටළුවක් නොවේ. අද ලංකාවේ හැම ගැටළුවක්ම නිර්මාණය වන්නේ පංතිය සාපේක්ෂව නොව දෙමලාට සාපේක්ෂවය. ලංකාවේ ජීවත් වන මුස්ලිමානුවා අරගලකරුවෙක් හෝ ක්‍රම විරෝධියෙක් නොවේ. ඔහු මේ ක්‍රමය තුල වඩාත්ම කාර්යක්ෂම නරුමයාය. දෙමලා එසේ නොවේ. ඔහු අරගලකරුවෙකි. මුස්ලිමානුවාට දෙන බොහත දෙමලාට දිය නොහැක.දෙමලාට දුන් සන්නද්ධ පිළිතුර මුස්ලිමානුවාට දී වැඩක් නැත. ලංකාවේ අද පවතින දේශපාලන යථාර්ථයට අනුව ආණ්ඩුව ඡන්දයකින් පසු බෑග්එක අරගෙන ගෙදර යන්නේ නැත. බොහෝ දෙනෙකුට තම අත්බෑගය රැගෙන ගෙදරයාමට නොහැකි තරම් දේවල් වැරදී ඇත. මෙය දේශපාලනයට පමණක් නොව නිළධාරීන්ටද අදාලය. එපමණක් නොව මෙම තත්ත්වය සමහර ව්‍යාපාරිකයන්ටද අදාලය. මේ ආණ්ඩුව නැති දිනෙක ඔවුන්ටත් ගෙදර යා නොහැක.

බොහෝ දෙනා නොසිතනා දෙයක් මේ ආණ්ඩුව කර ඇත. එය මීට පෙර කිසිදු ආණ්ඩුවක් නොකළ දෙයකි. මේ ආණ්ඩුව ප්‍රථමවතාවට වෘත්තිකයන්ව ‘කුලය’ වැනි සමාජ-ව්‍යුහයක් තුළට රාශීභූත කරමින් සිටිති.  ‘රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට ’  පසුගිය දා ආණ්ඩුව දුන් සහන මල්ල තුළ (එම එකගතාවයට අනුව රජයේ වෛද්‍යවරුන්ට වසරක කාලයක් පුද්ගලික රෝහලක  වැටුප් රහිතව සේවය කර යළි රජයේ සේවයට අනුයුක්ත විය හැක.) ගම්‍ය වන්නේ වෛද්‍යවරුන් කුලයක් (cast) ලෙස තහවුරු වීමයි.

විපක්ෂයේ බොහෝ අය සිතනවාට වඩා වෙනස්ව මර්ධනකාරී දේශපාලනයක් විසින් මිනිසාව යටත් කරනවා පමණක් නොව ඔහුට/ඇයට වේදනාත්මක සතුටක්ද ලබා දෙයි. (විනෝදය)නාසිවාදයට යුරෝපයේ තිබුනේ ආධ්‍යාත්මික හේතු මිස සබුද්ධික හේතු නොවේ. උතුරේ ඡන්දයට අපිත් විරුද්ධ යැයි සෝමවංශ කියන විට එහි ද්ත්ව අර්ථයක් ඇත.

01-ඡන්දයක් නෙවී අවශ්‍ය අලුත් ව්‍යවස්ථාවක්

02-අපි තවම ජාතිවාදියි

මේ දෙවැන්න තුළ ඇත්තේ ආධ්‍යාත්මික හේතූන්ය. ඒවා හේතුව මගින් අපට අවබෝධ කොටගත නොහැක. යම්කිසි රටක් ජාතිවාදී වූ විට ජාතිවාදීහරණය කිරීම ඉතාම දුෂ්කර කටයුත්තකි. ජර්මානු ජාතිවාදය පරාජය කරනු ලැබුවේ රුසියන් කොමියුනිස්ට්වරු සහ ඇමෙරිකන් කොන්සර්වේටිව්වාදීන්ය. ලංකාවේ ජාතිවාදය පරාජය කිරීමට වැඩ වර්ජන මගින් කරන තල්ලුවක් නැත. සිදු විය හැකි එකම දෙය නම් විපක්ෂ ධ්‍රැවීකරණය තුළ ජාතිවාදී ජ.වි.පෙ තමන්ගේ වැඩසටහන එළා ගැනීම පමණි.  ‘සමාජවාදය’  යනු ධනවාදයේ ගෝලීයකරණය තුළ ජාතිවාදයට දෙන තවත් නමක් පමණි.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. නොබැඳි සමුළුවේ සත්කාරක රට සහ එම ව්‍යාපාරයේ සභාපතිත්වයට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය යටතේ ශ‍්‍රී ලංකාව තෝරාගත් අවස්ථාවේ, එම තේරීම අනුමත නොකළ මතයක් එම ව්‍යාපාරය තුළවත්, ලෝකයේ වෙන කිසි තැනකවත් තිබුණේ නැත. එහෙත් පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ලංකාවේ පවත්වන්නට සැලසුම් කෙරෙන මේ මොහොතේ එම තීරණයට එරෙහි විරෝධතා තිබේ. තවත් ඉදිරියට, රට අපහසුතාවට පත්කෙරෙන සහ රටේ නාමයට කැළැල් වන ආකාරයෙන් ජාත්‍යන්තර මාධ්‍ය සහ සිවිල් සමාජ ව්‍යාපාර තුළ මේ විරෝධතාව තීව‍්‍ර වීමට හැම ඉඩක්ම ඇත. ඒ නිසාම, ලංකාව මේ තනතුරට සුදුසු වන්නේ මන්දැ යි සාධාරණ සැකයකින් තොරව ලෝකයාට පෙන්නුම් කිරීමේ වගකීමක් ලංකාවට පැවරෙයි. ඒ සඳහා, දෙවසරක සභාපතිත්වක් දැරීමට තරම් ප‍්‍රජාතන්ත‍්‍රීය වටිනාකම් සහ සාරධර්මවලට අප අනුගත වන බව සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ ජීවසාරය අප සුරකින බවට සපථ කළ යුතුව තිබේ. අසාද් සාලිගේ සිද්ධිය මතුවන්නේ එවැනි පසුබිමක් යටතේ ය.

Comments are closed.