වර්තමාන යහපාලනය යටතේ පවතින ලංකාවේ “ධිවර සංස්ථාව” මේ වනවිට ගිය මස වැටුප පවා ගෙවා නැත.
ගැටලූව වන්නේ ධිවර සංස්ථාවට වැටුප් ගෙවා ගත නොහැකි වුයේ කුමන යහ පාලකයෙක් එම ආයතනය පාලනය කළාදැයි වර්තමාන යහපාලන ආන්ඩුව ප‍්‍රස්න නොකරන නිසාය.
 සාමාන්‍යයෙන් සැලකෙන්නේ , පසුගිය මහින්ද රාජපක්ෂ සමයේදී රජයේ වැඩියෙන්ම දුෂනයට ලක්වු සංස්ථාව ධිවර සංස්ථාව බවයි. මෙම දුෂන වංචා වල අවසාන පලය භුක්ති විදින්න සිදු වුයේ එහි සේවක සේවිකාවන්ටය.

fish
අප ඔවුන්ට යොජනා කරන්නේ ඔවුන් දන්නා තොරතුරු ජනාධිපති කාර්යලයේ සිටින දුෂන වංචා සහමුලින්ම අතුගා දමන “මාස්ටර් කොස්ස” වන ශිරාල් ලක්තිලක මහතාට පැමිණිලි කරන ලෙසයි.
මේ වන විට අප දන්නා පරිදී මෙම ආයතනය පවත්වාගෙන යන්නේ මහා භාන්ඩාගාරයේ අරමුදල් වලිනි.
1815 වෙල්ලස්ස කැරැුල්ල මතවාදිව මෙහෙයවූ කුඩාපොල හාමුදුරුවන් පවා මේ ගැන දැඩි නිහඩතාවයක යෙදෙන්නේ ඇයි?
රනිල් වික‍්‍රමසිංහ මහතා ධිවර සංස්ථාවට සිදුවූ නස්පැත්තිය දන්නේ නැද්ද.
අවුරුදු 6 ක ළමා ස්ත‍්‍රි-දුෂන නඩුවක් ගැන කතා කිරීමට [ගම ගැන නාගරිකයාගේ අශ්ලීල ෆැන්ටසිය – Bora Diya Pokuna] වඩා මෙවැනි ජාතික වැදගත් කමක් ඇති ප‍්‍රස්නයක් ගැන කතා කිරීමට ජනමාධ්‍ය පැකිලෙන්නේ ඇයි ?
ඕනැම කුනුගොඩක් දෙසට CCTV කැමරාව එල්ලකර සිටින E-News සදරුවන්ටත් මෙය මගහැරී ඇත.
 ධිවර සංස්ථාවෙ විශාල සෙවක පිරිසකගේ දරු පවුල් වලට කන්න දෙන්නේ කවුද ?

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.