by Professor W. D. Lakshman – A Leftist Postmodern Economist – Contra Sumanasiri-
නවලිබරල්වාදී ගෝලීයකරණය වත්මන් ලාංකේය රෙජීමයේ ප‍්‍රධානතම සංවර්ධන උපායමාර්ගය වන බවට සාධක රෙජීම නායකයන්ගේ ප‍්‍රකාශ තුළින් මොනවට හෙළිදරව් වේ. ආයෝජනය පිළිබඳ සාකච්ඡුාවන්හිදී, දේශීය ප‍්‍රාග්ධන සම්පාදනයට වඩා දැඩි ලෙස විදේශීය පෞද්ගලික ප‍්‍රාග්ධන සම්පාදනය අවධාරණය කෙරේ. ශ‍්‍රී ලංකා නිෂ්පාදිතයන් සඳහා විදේශීය වෙළෙඳපොළ විවෘත කර ගැනීම, ශ‍්‍රී ලංකාව තුළ ආයෝජනයට පෞද්ගලික විදේශීය ආයෝජන දිරි ගැන්වීම ආදී වශයෙන් නවලිබරල්වාදී ගෝලීයකරණය ගැන වත්මන් රෙජීමය දක්වනුයේ දැඩි විශ්වාසයක් හා ඉහළ බලාපොරොත්තු ය. මේ බව ඉස්මතුව පෙනී යන අවස්ථා ආණ්ඩුවේ ප‍්‍රකාශන, වෙසෙසින්ම ගරු අගමැතිතුමන්ගේ විශේෂ පාර්ලිමේන්තු ප‍්‍රකාශන, එසේම ජනමාධ්‍ය සාකච්ඡුා හා වාදවිවාදවලදී ආණ්ඩුවේ නියෝජිතයන් දක්වන අදහස් ආදිය තුළ කොතෙකුත් කියවා අසා දැක ගත හැකිය.
නවලිබරල් වාදී ක‍්‍රමය යටතේ ලෝක තලයෙහි කේන්ද්‍රීය රාජ්‍ය සම්බන්ධයෙන් පවා, අභ්‍යන්තර ප‍්‍රාග්ධන සමුච්චයේ ක‍්‍රමික පහළ යාමක් ඇති බව විචාරකයන්ගේ අදහසයි. [Structural law of capitalism] මේ වනාහී අදාළ රටවල අභ්‍යන්තර නිෂ්පාදන සාධක වෙළෙඳ පොළේ වෙනස් වීම් ද, අන්තර්-රාජ්‍ය (transnational) හෙවත් බහුජාතික සමාගම්වල බලපෑමේ ප‍්‍රසාරණය ද වැනි නවලිබරල් වාදය හා සමගාමීව පැන නැගුණු හේතු කාරණා නිසා ජනනය වූ සිද්ධිදාමයකි. නවලිබරල්වාදය යටතේ මේ රටවල ඉහළ සමාජ පන්ති හා දේශීය ආර්ථිකය අතර වෙන් වීමක් සිදුව ඇත.[ Refer- Nick Beams ] තමන්ට ඉහළ ආදායම් ලැබිය හැකි නම් ඒ සඳහා කළ යුතු ආයෝජන දේශීය ව කරනවා ද, විදේශීය ප‍්‍රාග්ධන වෙළෙඳ පොළවල කරනවා ද යන්න ගැන ධනහිමි පන්ති විශේෂයක් දක්වන්නේ නැත. මොවුන්ගේ අරමුණ ස්වකීය ආදායම් ඉහළ නංවා ගැනීම විනා, සිය රට අභ්‍යන්තරයේ නිෂ්පාදනය වර්ධනය කරලීම හෝ සමාජීය ප‍්‍රගතිය හෝ නොවේ.
ලොව දියුණු ධනේශ්වර රටවල සිට බැහැරට ඇදී යන ප‍්‍රාග්ධනයෙන් / මුල්‍ය ප‍්‍රවාහයන්ගෙන් සෑහෙන විශාල කොටසක් ආකර්ශනය කරගන්නා දියුණු වෙමින් පවත්නා රටවල් පෙළක් ඇත. ආසියාව තුළ චීනය, ඉන්දියාව, වියට්නාමය, මියන්මාරය වැනි, මේ අතින් නිතර කතාබහට ලක්වන රටවල් ඇතත්, ශ‍්‍රී ලංකාවට පසුගිය වසර හතළිහ තුළම විදේශීය ප‍්‍රාග්ධනය ආකර්ශනය කරගන්නා ප‍්‍රමුඛ පෙළේ රටක තත්ත්වයට පත් වීමට හැකි වී නැත. ශ‍්‍රී ලංකාවේ වර්තමාන රෙජීමය ද ලංකාවට පැමිණීමට සූදානම්ව හෝ පොරොන්දු වී හෝ සිටින විදේශීය ආයෝජන ගැන අතිමහත් ප‍්‍රචාරයක් දුන්න ද පෙනෙන්නට ඇති බිම් සත්‍යය නම් එවැනි විශාල විදේශීය පෞද්ගලික ආයෝජන ප‍්‍රවාහයක ආරම්භයක් වත් තවමත් දක්නට නොතිබීමයි. ඒ වෙනුවට ලාංකේය මූල්‍ය වත්කම්වල ආයෝජනය කොට තිබුණු විශාල විදේශීය ප‍්‍රාග්ධන ප‍්‍රමාණයක් පසුගිය වසර තුළ රට හැර ගිය බව නම් සිදුව තිබේ.
දේශීය ආර්ථිකයේ ප‍්‍රගතියට කැප නොවී, තම දේපොළ /වත්කම් විදේශගතව පවත්වා ගනිමින් ස්වකීය පෞද්ගලික ආදායම් ඉහළ නංවා ගැනීමේ ම දැඩි චේතනාවෙන් ක‍්‍රියා කළ / කරන ඉහළ පාන්තික ධනහිමියන් ගැන ලාංකේය ආර්ථික හා සමාජීය සාකච්ඡා වලදී අපට නිතර අසන්නට ලැබී ඇත. නවලිබරල්වාදයේ අර්බුදය යන කෘතිය තුළ එහි කර්තෘන් වන ජෙරාඞ් ඩුමෙනිල් හා ඩොමිනික් ලෙවි තමන් ගේ සුපරීක්ෂාකාරී පර්යේෂණ ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵල පදනම් කොට ඉදිරිපත් කරන පහත දැක්වෙන තර්කය මෙහි කෙරෙන සාකච්ඡාවට අදාළය: “ජාතික ආර්ථිකයන්ගේ ප‍්‍රගතිය හා ඉදිරි ගමන සඳහා ඒවායේ ඉහළ සමාජ පන්ති තුළ ජාතිකවාදය හෝ ජාතිමාමකත්වය හෝ තිබීම තීරණාත්මක සාධකයක් වේ”. [postmodern Nationalism] මා මෙහි මෙම ලේඛකයන් දෙදෙනා උපුටා දක්වන්නේ ඔවුන් එකහෙලා නවලිබරල්වාදයේ අර්බුදය ගැන ලියා ඇති නිසාය. ජාතිකවාදය හා සංවර්ධනය අතර සම්බන්ධය පිළිබඳ අදහස නම් සංවර්ධන සාහිත්‍යය තරම් ම පැරණි ය.[Economic theories of racism] ජාතික සංවර්ධනය සඳහා ජාතික ධනේශ්වර පන්තියක අවශ්‍යතාව ධනේශ්වර මෙන්ම සමාජවාදී දෘෂ්ටිකෝණයන්ගෙන් ද පුළුල් ලෙස සාකච්ඡා කෙරී ඇති මාතෘකාවෙකි. [ state capitalism] ධනහිමියනට ස්වකීය ධන සම්පත් වර්ධනය කර ගැනීම සඳහා එක්කෝ ලාභ ලැබීමට කාලයක් බලා සිටිය යුතු නිෂ්පාදන ව්‍යාපෘතිවල ආයෝජනය කළ හැකිය. එය දුුෂ්කර හා අවදානම් සහිත, එසේම දිගු කල් බලා සිටිය යුතු ක‍්‍රියාදාමයෙකි. එසේ නැතහොත්, අවදානම් සහිත වූවත්, ඉතාම ඉහළ කෙටි කාලීන ලාභ ලබා ගත හැකි වන පරිදි මූල්‍ය වෙළෙඳපොළ තුළ ආයෝජනය කළ හැකිය. පොළී ප‍්‍රමාණවල හෝ විනිමය අනුපාතිකවල වෙනස් වීම් පදනම් කොට කෙරෙන සමපේක්ෂණය හරහා ලාභ ලබා ගත හැකිය. එමගින් ධනකුවේරයන් බවට පත් වූවෝ විදේශිකයන් අතර මෙන්ම ලාංකිකයන් අතර ද වෙති. ගෝලීයකරණයට ප‍්‍රමුඛතාව දෙන හා නම්‍ය විදේශීය විනිමය ක‍්‍රමයක් පවත්වා ගෙන යන නවලිබරල් ක‍්‍රමයක් යටතේ මුළු ගෝලීය මුදල් වෙළෙඳ පොළ ම ලංකාවේ ධනහිමියනටත් විවෘතය. ගෝලීයකරණය හා මූල්‍යකරණය [globalization and financialisation- Lenin]) සිදු වෙමින් පවත්නා, එසේම ප‍්‍රාග්ධන ගිණුමේ විදේශීය ගනුදෙනු නිර්බාධී කරන ලද, නවලිබරල්වාදී ක‍්‍රමයක් යටතේ, ධනහිමි ඉහළ පන්තිවලට රටේ නිෂ්පාදන කටයුතු තුළ කල් ගන්නා ඍජු ආයෝජනයනට නොගොස්, විශාල වශයෙන් මුදල් ඉපැයිය හැකි ක‍්‍රම හා විධි තිබේ. ජාතික ආර්ථිකයක ප‍්‍රගතිය සඳහා ඉහළ සමාජ පන්තිවල ජාතිකවාදයේ අවශ්‍යතාව ගැන ඉහත ලේඛකයන් දෙදෙනා කථා කර ඇත්තේ එබැවිනි.
එහෙත් සාර්ථක ජාතික සංවර්ධනය සඳහා මීට තවත් කරුණක් එකතු වීම අවශ්‍යය. එනම් දේශීය කාර්මික හා සේවා ව්‍යාපෘතිවල කෙරෙන ඍජු ආයෝජන වඩා ලාභදායක කිරීම සඳහා රාජ්‍ය මැදිහත් වීම්වල අවශ්‍යතාව ය. වෙළෙඳපොළ ගනුදෙනු ජාතික අරමුණු වෙනුවෙන් මෙහෙයවන, විදේශීය වෙළෙඳාම හා ප‍්‍රාග්ධන සංචලන මත පරිස්සම් සහගතව සීමා පනවන, එසේම මුල්‍ය නොවන අංශයන්ට සේවා සැපයෙන පරිදි බැංකු ඇතුළු මූල්‍ය අංශය සුදුසු පරිදි රෙගුලාසිගත කරන රාජ්‍ය මැදිහත් වීමක් මෙහිලා අවශ්‍යය.[ Contra Aruni Shapiro – Sinhala Ayn Rand ] නිෂ්පාදනයේ ප්‍රෝත්සාහ ව්‍යුහයන් වෙනස් කරවන ඉහත කී ක‍්‍රියාමාර්ග අනුගමනය කරන්නාවූ ද, එසේම දේශීය හා විදේශීය පෞද්ගලික ප‍්‍රාග්ධනයත්, රාජ්‍ය ප‍්‍රාග්ධනයත් අතර සම්මුතියක් බිහි කර කටයුතු කරන්නාවූ ද සංවර්ධනමය රාජ්‍ය ක‍්‍රමය ගැන සංවර්ධන සාහිත්‍යය කියවා ඇති අය දනිති. දෙවන ලෝක යුද්ධයට පසු සංවර්ධිත තත්ත්වයට පත් වූ සෑම රටකම පාහේ ශීඝ‍්‍ර සංවර්ධනය, ජාතික සංවර්ධනය සඳහා වෙළෙඳපොළ මෙහෙයවීමට ඉදිරිපත් වූ සංවර්ධනමය රාජ්‍ය ක‍්‍රමය හරහා සිදු වූ ආකාරය ප‍්‍රත්‍යක්ෂ මූලක ඓතිහාසික විග‍්‍රහයන් හරහා පෙන්වා දෙන පර්යේෂණ ග‍්‍රන්ථ හා ලිපි ලේඛන වත්මන් සංවර්ධන සාහිත්‍යය තුළ බහුල ව ඇත. පසු ගිය වසරෙහි රෙජීම වෙනස සිදු වන්නට පෙර පැවැති ආණ්ඩු කාලයෙහි මෙවැනි සංවර්ධනමය රාජ්‍ය ක‍්‍රමයක යම්යම් අංගෝපාංග අංකුර මට්ටමෙන් පැවැතිණි. 2015 රෙජීම පෙරැුළියෙන් පසු නවලිබරල්වාදී ගෝලීයකරණයට ලබා දෙමින් තිබෙන තල්ලූව යටතේ ඒ වන විට හෙමින් හා ක‍්‍රමයෙන් ගොඩ නැගෙමින් තිබුණු සංවර්ධනමය රාජ්‍ය අංකුර වියැළී යාමක් දක්නට ඇත.
ගෝලීයකරණය හා මූල්‍යකරණය යන අංග ලක්ෂණ සහිත නවලිබරල්වාදය රටක් තුළ ගොඩ නංවන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්ති හරහා පාලනය කළ නොහැකි හෝ පාලනය කිරීම අතිශයින් දුෂ්කර මූල්‍ය ව්‍යුහයකි. [ Ranil’s Friends] මෙමගින් දේශීය ෆිස්කල් හා මූල්‍ය ප‍්‍රතිපත්තිවල ඇති ස්ථායීකරණ ශක්තිය දුර්වල කොට එම ප‍්‍රතිපත්ති බොහෝ දුරට අකර්මණ්‍ය කෙරේ. ප‍්‍රාග්ධනය ජාත්‍යන්තර වශයෙන් බාධකවලින් තොරව නිදහසේ සංක‍්‍රාම කිරීමට ඉඩප‍්‍රස්ථා ඇති තරමට සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති දුර්වල වීම නොවැළැක්විය හැකිය. නිර්බාධී වෙළෙඳාමත්, නිර්බාධී ප‍්‍රාග්ධන සංචලනයත් ඇති තැනෙක, පොළී ප‍්‍රමාණ, ණය දීම් ගැනීම් හා විනිමය අනුපාතික පාලනය කොට තබා ගැනීමේ දුෂ්කරතාව වත්මන් ශ‍්‍රී ලංකා රජයේ වසරක් පමණ වන අත්දැකීම් ඇසුරින් ද බලා ගත හැකිය.
ශ‍්‍රී ලංකාවේ නවලිබරල්වාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වූ කාලය පුරාම දක්නට තිබුණු උපනතියක් වූයේ ආනයන ප‍්‍රමාණ හා වටිනාකම් දිගින් දිගටම වේගයෙන් වර්ධනය වීමය. 2015 වසර තුළ මෙම ආනයන වර්ධන උපනතිය වඩාත් තීව‍්‍ර විය. වසර පුරා තෙල් මිල පහළ යාමෙන් තෙල් ආනයන පිරිවැය සියයට 40 කින් පමණ අඩු වුවද, එම වාසිය ද කපා හරිමින් මුළු ආනයන වියදම 2014 මට්ටමේ ම පවතින පරිදි අවශෙෂ ආනයන වඩා වේගයෙන් ප‍්‍රසාරණය විය. කෘෂිකාර්මික මෙන්ම කාර්මික අපනයන ෙක්‍ෂත‍්‍රයන්හි නිෂ්පාදන ප‍්‍රශ්නයන්ට හා අපනයන සඳහා ලැබෙන මිල පිළිබඳ ප‍්‍රශ්නයන්ට සතුටුදායක විසඳුම් නොවූයෙන් අපනයන ආදායම් පහළ වැටුණි. වෙළෙඳ ශෙෂයට අමතර ගෙවුම් ශෙෂයේ අවශෙෂ අංශයන්හි කාර්ය සාධනයෙහි විශේෂ වැඩි දියුණුවක් නොවූයෙන් සමස්ත ගෙවුම් ශෙෂයේ හිඟ තත්ත්වයක් 2015 තුළ වර්ධනය වී ඇත. මේ අතර 2015 ආරම්භයේ සිට රටේ විදේශ විනිමය සංචිත විශාල වශයෙන් පහළ බැස/ බසිමින් ඇත. රුපියල් මාධ්‍යයෙන් ප‍්‍රකාශිත භාණ්ඩාගාර සුරැුකුම් පත්වල ආයෝජිත විදේශීය සම්පත්වල අඩු වීම ගෙවුම් ශේෂ ප‍්‍රශ්නය තවත් උග‍්‍ර කරයි. 2014 දක්වා වසර කිහිපයක් සෑහෙන ස්ථාවරත්වයකින් පවත්වා ගැනුණු රුපියලේ විනිමය අගය 2015 මැද භාගයේ සිට ක‍්‍රමයෙන් පහළ යාමේ උපනතියකට නැවත එළඹ ඇත.
වත්මන් ශ‍්‍රී ලංකා රජය මුහුණ දී ඇති සාර්ව ආර්ථික ගැටලූ අතර, දෙබිඩි ප‍්‍රශ්නයක් ලෙස විනිමය අර්බුදය හා එකිනෙක බැඳී පවතින අනෙක් ප‍්‍රශ්නය වනුයේ රාජ්‍ය අයවැය අර්බුදයයි. සමස්ත අයවැයේ අතිරික්තයන් කෙසේ වෙතත්, යටත් පිරිසෙයින්, ජංගම ගිණුමේ හෝ අයභාර ගිණුමේ පමණක් වත් අතිරික්තයක් පැවැති මුදල් වර්ෂ නිදහසින් පසු ශ‍්‍රී ලංකා ෆිස්කල් ඉතිසාසයෙන් සොයා ගත හැක්කේ ඉතාම කලාතුරකිනි. හිඟ අයවැය පැවැත්වීමේ පුරුද්ද වඩාත් දැඩි ලෙස මුල් බැස ගත්තේ නවලිබරල් ප‍්‍රතිපත්ති පිළිගත් ක‍්‍රමය බවට පත් වීමෙන් පසුවය. වඩා මෑත වසරවල හිඟ අයවැය ක‍්‍රමය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගනිමින්, සමස්ත හිඟය සියයට 5-8 අතර පිහිටි යම් මැජික් ප‍්‍රතිශතයක පවත්වා ගැනීම නිවැරදි අයවැය ප‍්‍රතිපත්තියෙකැයි යන අදහස මුල්බැස ගෙන ඇති බවක් පෙනෙන්නට තිෙබි. ඒ කෙසේ හෝ වේවා, තව දුරටත් කපා දැමිය හැකි නාස්තිකාර හා අනවශ්‍ය වියදම් ඇතත්, නවලිබරල් ප‍්‍රතිපත්ති යටතේ ලංකාවේ හිඟ අයවැය ප‍්‍රශ්නය මූලික වශයෙන් රාජ්‍ය බදු ආදායම් පිළිබඳ ප‍්‍රශ්නයක් සේ හඳුන්වා ලීම නිවැරදි සේ පෙනේ. දේශපාලනික වශයෙන් කපා හැරීමට පුළුවන් බොහෝ වියදම් වර්ග මේ වන විටත් කපා දමා හෝ අවම කර හෝ ඇති නිසාය. නවලිබරල් ප‍්‍රතිපත්ති අනුගමනයට ලංකාණ්ඩු යොමු වූ කාලයේ පටන්, රාජ්‍ය (බදු) ආදායම් දිගින් දිගටම පහළ බසිමින් පැවැත ඇත. මෙම කාලයට පෙර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 25 අවට ප‍්‍රමාණයක බදු ආදායම් එකතු කර ගත් ලංකාණ්ඩුව අද එකතු කර ගන්නේ සියයට 10 ක් පමණ වන ප‍්‍රතිශතයෙකි.
මේ තත්ත්වය නවලිබරල්වාදය යටින් දිවෙන යම්යම් අදහස් බදුකරණ ප‍්‍රතිපත්ති හැඩ ගැස්වීමට බලපෑමේ ප‍්‍රතිඵලයෙකැයි හැෙඟ්. මා මෙම දේශනය කෙළවර කරමින් තර්ක කරන පරිදි නවලිබරල්වාදයේ මුඛ්‍ය පරමාර්ථයක් වනුයේ ඉහළ ආදායම් පන්තිවල ආදායම් තවතවත් ඉහළ නැංවීමය. මෙම අදහස එළිපිට ප‍්‍රකාශ නොකොට ගොඩ නංවා ඇති ව්‍යාජ තර්කය නම්, ආර්ථිකයේ වර්ධනයට අවශ්‍ය ආයෝජනය ධනහිම් පන්ති ලවා කරවීම සඳහාත්, ඉහළ ආදායම් ලාභී ඉහළ කළමනාකාර පන්තිවල වැඩ කිරීමේ උනන්දුව ඉහළින් පවත්වා ගැනීම සඳහාත් මෙකී පන්ති මත හැකිතාක් දුරට අඩු බදුබර පැටවිය යුතුය යන්නය. එවැනි සාධාරණීකරණයක් යටතේ ආණ්ඩුවක බදු ආදායම් අඩු වීමකට වඩා වෙනස් ප‍්‍රතිඵලයක් අපේක්ෂා කළ නොහැකිය.
නවලිබරල්වාදය පිළිබඳව ලෝකය පුරා ක‍්‍රමයෙන් වර්ධනය වී පැතිර ඇති අදහසක්, සිතා බැලීම සඳහා ඔබ වෙත ඉදිරිපත් කොට, මා මෙම දේශනය කෙළවර කිරීම මැනවැයි සිතමි. ලෝකයේ නවලිබරල්වාදී ප‍්‍රතිපත්ති අනුගමනය කැරුණු හැම රටකම ආදායම් ව්‍යාප්ති රටා එකී ප‍්‍රතිපත්ති යටතේ වඩ වඩා අසමාන බවට පත්ව ඇත. මේ උපනතිය ගැන සංඛ්‍යාන දත්ත සහිතව පුළුල් ලෙස සංකල්පීකරණය කර ඇත්තේ සංවර්ධිත ලෝකයේ රටවල් සම්බන්ධයෙනි. නිදසුන් ලෙස, අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම ආදායම් ලබන සියයට 1 ක ජනයා රටේ මුළු ආදායමින් සියයට 25 ක් තරම් ඉහළ ආදායම් පංගුවක් භුක්ති විඳිති. නවලිබරල්වාදය ක‍්‍රියාත්මක වී ඇත්තේ ඉහළම ආදායම් තල අතරේ ජාතික ආදායම සංකේන්ද්‍රණය කරවන ක‍්‍රමයක් හැටියට ය. මේ අනුව උපනති හතරක් ක‍්‍රියාත්මක වී ඇත:
- සාමාන්‍ය මට්ටමේ වැටුප් ලබන්නන්ට මුළු ආදායමෙන් ලැබෙන ප‍්‍රතිශතය අඩු වීම.
- ව්‍යාපාර ඉතුරුම් ලෙස රඳවා ගන්නා ලාභ ප‍්‍රතිශතය අඩු වීම.
- ඉහළ වැටුප් තලවලට හිමි වන ආදායම් ප‍්‍රතිශතය වැඩි වීම.
- ව්‍යාපාරික ලාභවලින් ලාභාංශ ලෙස බෙදෙන ප‍්‍රතිශතය ඉහළ යාම.
නවලිබරල් ප‍්‍රතිපත්ති අනුගමනය කෙරුණු කාලයෙහි ශ‍්‍රී ලංකා ආදායම් ව්‍යාප්ති රටා හැඩ ගැසුණු ආකාරය ගැන විස්තරසහිත සංඛ්‍යා ලේඛන නැතත් ආදායම් ව්‍යාප්තිය ඉහළ විෂමතා පෙන්නුම් කෙරෙන පරිදි වෙනස් වූ බව සමාජ ආර්ථික සමීක්ෂණ පැවැත්වුණු වර්ෂ සඳහා ලබා ගත හැකි සංඛ්‍යා දත්ත මගින් පෙන්නුම් කෙරේ.
2012 සඳහා කරන ලද ආදායම් වියදම් සමීක්ෂණයට අනුව ආදායම් ව්‍යාප්ති විෂමතාවේ තරම පෙන්නුම් කිරීම සඳහා යොදා ගන්නා ගිණි සංකේන්ද්‍රණ සංගුණකය 0.54 ක් විය. මෙය වඩා ඉහළ අගයක් ගැනීම යනු ආදායම් ව්‍යාප්තිය වඩා විෂම වීමකි. 1977 ට පෙර එවැනි සමීක්ෂණයක් සිදුකැරුණු සමීපතම වසර 1973 විය. එම වසර සඳහා ගිණි සංකේන්ද්‍රණ සංගුණකය 0.35 විය. 2012 හි රටේ අඩුම ආදායම් ලැබූ 20% සතු වූ සමස්ත ආදායම් ප‍්‍රතිශතය 2.5% වූ අතර, ධනවත්ම 20% අතෙහි මුළු ආදායමින් 57.4% සංකේන්ද්‍ර‍්‍රණය වී තිබිණි. ධනවත්ම 10% ට හිමිවූ ආදායම් ප‍්‍රතිශතය 31.8% ක් විය. යාන්තමින් දිවි ගැට ගසා ගැනීමට සෑහෙන ඉතා කුඩා ආදායම් ප‍්‍රමාණයක් දරිද්‍රතා මට්ටම සේ ගෙන, ඒ අනුව යමින් රටේ දරිද්‍රතාව ඉතා පහළ මට්ටමකට අඩු වී ඇතැයි උදම් ඇනීමට සමහර දේශපාලකයනට පුළුවන් විය හැකිය. එහෙත් වාමාංශික හෝ යටත් පිරිසෙයින් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දර්ශනයක් ඇති දේශපාලකයනට නම් ඉහත කී විධියේ අතිශයින් විෂම ආදායම් ව්‍යාප්ති රටාවක් පවතිමින් එවැනි දරිද්‍රතා මට්ටම් පහළ යාමක් ගැන සතුටු විය නොහැකිය. අනුක‍්‍රම බදුක‍්‍රම හා මැනවින් ඉලක්ක කළ පිහිටාධාර භාවිත කරමින් ද, වෙළෙඳපොළ සිග්නලයන් කෙරෙහි බුද්ධිමත් බලපෑම් කිරීම මගින් නිෂ්පාදන රටා හැඩ ගස්වමින් ද, සාධාරණ මෙන්ම ප‍්‍රගතිශීලී, එනම් වර්ධනය වන, ආර්ථිකයක් ගොඩ නගා ගැනීමේ කර්තව්‍යය අප ඉදිරියේ ඇත. එය වත්මන්හි “පහළ මධ්‍යම” ආදායම් රටක් ලෙස හැඳින්වෙන ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇතැයි සැලකෙන මැදි ආදායම් පාශයෙන් මිදී ඉහළ ආදායම් රටක් බවට පත් වීම සඳහා ද අවශ්‍ය කාරණයෙකි. ඒ සඳහා ශක්තිමත් ලෙස පදනම් දමා ගැනීමට නම් ලෝක තලයෙහි ම අර්බුදයට යමින් තිබෙන නවලිබරල් රාමුවෙන් ඉවතට ගමන් කිරීම අවශ්‍ය ය යන්න මා මෙම පිලිප් ගුණවර්ධන අනුස්මරණ දේශනයෙන් දෙන පණිවුඩයයි.
නව ලිබරල් වාදයෙන් ඉවතට පැන රාජ්‍ය ධනවාදයට යාම තේරුමක් නැති දෙයකි. නව ලිබරල් වාදයේ අතිශයින් ධනවත් අයගේ බදු වැඩි කර රජයේ හා ජනතාවගේ සහභාගිත්වයෙන් ඇති ව්‍යවසායකයන් පිහිටුවීම නිවැරදි මග යයි සිතමි.
Comments are closed.