මීට සති දෙකකට පෙර අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වර්තමාන කැඳවුම්කරු වන මහීල් බණ්ඩාර සිසුවා විසින් ”ස්වාධීන වෙමි ; තවදුරටත් මා අතකොලුවක් නොවෙමි” යනුවෙන් ෆෙස්බුක් පෝස්ටුවක් පලකර තිබීම අපගේ අවධානයට ලක්වීය. අන්තරේ නොහොත් අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ජවිපෙන් ගිලිහී ඔබ අප බොහෝ දෙනෙක් දන්නා පරිදි අවුරුදු 9 ක් තිස්සේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සතුව ඇත.
දැන් එය වෙනස් වී ඇත.

[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[

දෙවන ලෝක යුද්ධයේදී එංගලන්තය විසින් ආක්‍රමණකාරී ජර්මනියට පහර දිය යුත්තේ කවර අවස්ථාවේද යන්න ගැන විවිධ පුද්ගලයන් විසින් විවිධ මත පළ කළහ.

යුද හමුදව දරන ලද්දේ එක මතයකි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවත් මතයක් දැරීය. ගුවන් හමුදාව වෙනමම මතයක් දැරූ අතර බුද්ධිමතුන්ගේ අදහස ඊට හාත්පසින්ම වෙනස් විය.

ඒ අවස්ථාවේ එංගලන්තයේ අගමැතිවරයා වූයේ වින්සන්ට් චර්චිල්ය. ජර්මනියට පහර දීම පිළිබඳව ඉහත කී සියළු දෙනාගේම මත ලිපි ලේඛන ලෙස චර්චිල් අගමැතිවරයාගේ මේසය මතට පැමිණෙයි.

ඔහු ඒ සියල්ලම කියවා බලා. අධ්‍යනය කොට අනතුරුව ‘හරියටම අසවල් වේලාවේ තමා ජර්මනියට පහර දෙන බවට තමන්ගේම තීරණයක් ගනී.

නායකයා යනු කවුද? නායකයා යනු ‘නිවැරැදි’ තීන්දුව ගන්නා පුද්ගලයා නොවේ. නායකයා යනු ‘වැරැද්ද’ කරන පුද්ගලයාය. අනෙක් සියළු දෙනාම කරන්නේ ‘නිවැරදි’ තීන්දුව වෙනුවෙන් කිසිවක් නොකර සිටීමයි.

සියළු දෙනා මෙසේ කියති: “අපි හරි; අපි හරි”. “තමා නිවැරදි නම් තීන්දුවක් නොගන්නේ ඇයි?” දැයි විමසුවහොත් ඔවුහු මෙසේ කියති. “නෑ, බැරි වෙලාවත් වැරදුණොත් පොඩි අප්සෙට් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාම තීරණය ගන්නකො.”

නායකයා යනු කවුරුන්ද? නායකයා හැදෙන්නේ කොහොමද? නායකයා යනු කිසිවෙකු තීන්දුවක් නොගන්නා මොහොතක තීන්දුවක් ගන්නා තැනැත්තාය. එසේ තීන්දුව ගත් තැනැත්තා නායකයා වෙයි. එය එතරම් ම සරලය.

අපි උදාහරණයක් ගනිමු. එල්.ටී.ටී.ඊ සංවිධානය අවුරුදු ගණනක් යුද්ධ කරමින් සිට එක මොහොතකදී ඔවුන්ට තීරණයක් ගැනීමට සිදුවෙයි. ඒ 2005 දී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් බලයට පත්කරන්නේ කවුරුන්ද යන්නය. ඇත්ත වශයෙන්ම 1994 සහ 1999 ජනාධිපතිවරණයන්හි ප්‍රතිඵලය තීරණය කිරීම කෙරෙහිද එල්.ටී.ටී.ඊ සංවිධානයේ මිනිස් බෝම්බ තීරණාත්මක කාර්යයක් කළ බවත්, එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහිදී කළ හැකිව තිබුණු දේ සීමිත බවත් බොහෝ දෙනාට දැන් අමතක ව ඇත. 1993 මැයි 01 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ප්‍රේමදාස ඝාතනය කිරීමත්, 1994 දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක ඝාතනය කිරීමත් 1994 ඡන්ද ප්‍රතිඵලයට බලපෑ අතර 1999දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඝාතනය කිරීමට තැත් කිරීම මත ඇති වූ මහජන අනුකම්පාව ප්‍රතිඵලයට බලපාන ලද්දේය.

නමුත් ඒ අවස්ථා දෙකටම වඩා බලවත් ලෙස ජනාධිපතිවරණයට බලපෑම් කිරීමේ අවස්ථාව 2005 දී එල්.ටී.ටී.ඊ යට හිමිවිය. මෙහිදී ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත් කිරීමට කටයුතු කරමුද යන විවාදය පැවති අවස්ථාවේ විවිධ පුද්ගලයන් විසින් විවිධ මත පළකරමින් සිටිද්දී ප්‍රභාකරන සහ පොට්ටු අම්මාන්  තීරණය කළේ ප්‍රශ්නය යුද්ධයෙන් විසඳා ගත යුතු බවයි. ඒ සඳහා කළ යුත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන තැනට වැඩ සැලසීම බව ඔවුහු තීරණය කළහ.

ප්‍රතිඵලය එල්.ටී.ටී.ඊ.ය සමූලඝාතනය වීමයි. නායකයා යනු එයයි.

දැන් අප ඒ ගැන කියන්නේ කුමක්ද? අපි මෙසේ කියමු. “වැරැද්දුවනේ මාර වැරැද්දිල්ලක්. වැරදි තීන්දුව නිසා අවුරුදු 30ක් මෙච්චර ශක්තිමත් ව්‍යාපාරයක් හදපු මිනිහ වරද්දලා ව්‍යාපාරය විනාශ වුණා නෙ.”

ඉතිහාසය හැදෙන්නේ එලෙසය. ඉතිහාසය ගොඩනැගෙන්නේ වැරැද්දකිනි.

අපි රුසියාවේ බොල්ෂෙවික් පක්ෂයේ ඉතිහාසය දෙස බලමු. 1917 ඔක්තෝබර් විප්ලවය ලෙනින් විසින් දියත් කිරීමට පෙර සියළුදෙනාම ලෙනින්ට කියන්නේ රුසියාව වැනි නොදියුණු රටක විප්ලවය කිරීමට තත්ත්වය මෝරා නැති බවයි. “මොන පිස්සු වැඩක්ද? කරන්න එපා.” ඔවුහු කීහ.

නමුත් ලෙනින් තීරණය කළේ විප්ලවය කිරීමට සුදුසුම මොහොත උදාවී ඇති බවයි. එවිට ලෙනින්ගේ බිරිඳ කෲප්ස්කායා කීවේ ලෙනින්ට පිස්සු හැදීගෙන එන බැවින් වහාම රෝහලකට ඇතුළු කරන ලෙසයි.

ලෙනින් විසින් විප්ලවය දියත් කළ අතර එය සාර්ථක විය. ඉන් පසු සියළු දෙනාම කීවේ කුමක්ද? ට්‍රොට්ස්කි ඇතුළු සියළු දෙනාම ඉන් පසු ‘අපි එපා කියද්දී ලෙනින් විසින් විප්ලවය දියත් කොට මහා විනාශයක් කළ යැයි කීවෝද? නැත. එවිට සියළු දෙනාම කීවේ තමන්ද දැරුවේ එම මතයම බවයි. “අපිත් කිව්ව ගහන්න කියල” ඔවුහු කීහ.

වැරදුණොත් කරන්නට දෙයක් නැත. වැරදුණ විට සියළු වගකීම නායකයා විසින් භාරගත යුතු වේ. ඒකට කරන්න දෙයක් නැත.

හරි ගියොත්..?

දැන් අපගේ තවත් සතුරන් පිරිසක් විනාශ වන්නට පටන් ගෙන ඇත.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here