ශිෂ්ටත්වයේ සිහිනය...|Wednesday, July 26, 2017
You are here: Home » Hot » නිදහස් දේශපාලනයේ අවසානය

නිදහස් දේශපාලනයේ අවසානය 

sex-

 

කෙතරම් සංකීර්ණ සහ අවුල්සහගත වුවත් දෘෂ්‍යමාණය තුළ පෙනෙන්නට ඇත්තේ ප‍්‍රධාන චින්තන ධාරා දෙකකි.

(A) ලිබරල් සහ සියල්ල ඉවසා වදාරණ බහුසංස්කෘතිකවාදය – අනන්‍යතා දේශපාලනය
(B) ව්‍යාජ වේෂයෙන් රැුඩිකල් බස් දොඩවන මූලධර්මවාදීන් – ඉහත A කාණ්ඩයට ප‍්‍රතික‍්‍රියා දක්වන්නන්.
Iron Felix
ඉහත කාණ්ඩ දෙකම උත්සහ කරන්නේ පුද්ගලයන්ගේ අවිඥාණික ආශාවන් ‘විනෝදය’ සංවිධානය කිරීම සදහා පෙළ ගැස්සවීමටයි. ඉහත A කණ්ඩායමට ගුටිකෑමට අවශ්‍ය වන්නේ B කට්ටිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැති බව පෙන්වීමටය.
බොහෝ දෙනෙක් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ යන වදන කී ගමන් බියෙන් තැති ගනියි. නිදහසින් පසු සියලු පාලකයන් මිනීමරනු ලැබුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුකීම සදහා බව සියල්ලන්ට අමතක වී ඇත. එබැවින් ‘හිංසනය’ යොදාගෙන ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ අතීතයේ දී ආරක්ෂා කළේ, අද දවසේ ‘හිංසනය’ එපා කියන උදවියම බව පෙන්වා දීමට දේශපාලන වේදිකාවේ කිසිවකු නැත.
පසුගිය කාලයේ පක්ෂ දේශපාලනයෙන් (සංවිධිත සහ සාමූහික දේශපාලනයෙන්) නිදහස් දේශපාලනයට අවතීර්ණ වී, සංවිධිත සහ සාමූහික දේශපාලන වැඩ දිගට හරහට හාස්‍යයට ලක් කළේ කවුද ? 
නියම සංග‍්‍රාම භූමිය යළි සකස් වීමට නම් මූලධර්මවාදීන්ට සහ වාමාංශිකයන්ට නියම වීථි සටන්කරුවන් අවශ්‍යය. 80 දශකය යනු එවැනි අරගල ආරම්භ වූ දශකයයි. දයා පතිරණ ජාතිවාදීන්ට අතින් පයින් පහරදුන් අතර ජාතිවාදීන් විසින් ඔහුව මරා දමන ලදී. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී ඇති තතු යටතේ තවදුරටත් ජනාධිපති වටේ ආර්ථිකය කැරකැවෙන්නේ නැත. 
වාමාංශිකයන්ට “පාර්ලිමේන්තු අඩවිය” 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා නැති වන විට වීථිය සහ අරගලය හැර අන්කිසිවක් ඔවුන්ට උරුම නැත. එතෙක් මුහුණු පොත්වල නිවටයන්ට එකගව ජයඝෝෂා නගමු.

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...