ලාංකික වම ප්‍රචණ්ඩ අමානුෂික බව වෙත පහසුවෙන් ඇදී යන අතර එම ප්‍රචණ්ඩ බව හරහා සමාජයට දිනා දුන් දෙයක්ද නැත. සංකේතිය කිසිවක් ඔවුන්ට සමාජයට ශේෂ කල නොහැකි විය. විශේෂයෙන් විජේවීර විසින් පටන් ගත තරුණ නිර්ධන පන්ති බල මුළු ගැන්වීම අවසන් වුයේ වර්ගවාදයකිනි. අනන්‍යතා දේශපාලනයකිනි… රැඩිකල් බව නිස්සාර ජාතිවාදයක් බවට පත්කිරිමෙනි….විජේවීර ගේ අවතාරය විජේවිරටත් හොරෙන් (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මෙන්) නැවත සැරිසැරීමට පටන් ගෙන ඇත. වධකාගාර හරහා නැවතත් ඉතිහාසය පුනර්වාචි වීම ආරම්භ වී ඇත. තවත් එවන් වමක් ඇතිකිරීම වෙනුවෙන් අපගේ අදහස් සෘජුව හෝ වක්‍රව සේවය කරන්නේ නම් එවිට එම අදහස් දැක්වීම පවා පලක් නොවේ. එවිට කලයුතු වඩාත් රැඩිකල් දෙය වන්නේ නිශ්ශබ්ද වීමයි!
අවසන් වශයෙන් කිව යුත්තේ මේ මොහොතේ ‘කළ යුත්තේ කුමක්ද’ යන ප්‍රශ්නයට කිසිවකුට පිළිතුරු නැති බවයි.
‘බොහෝ දුර ඇවිද ගොස් ඔබ නැවතුන විට නැවතත් ඔබ ආරම්භ කළ තැනටම පැමිණ ඇත්නම්…’
(මහත්මා ගාන්ධි)
……………………………………………………………………………………………
සම්පුර්ණ ඇත්තකි. ඉතාම කණගාටුදායක ලෙස. චන්දන සිරිමල්වත්තට එය බුකියේදී හෙලා දැමීමට අපහසු වීම කණගාටුවට කාරණයකි.
Comments are closed.