ලංකාවේ මෙතෙක් වාමාංශික පක්ෂවලට සාමාජිකත්වය ලබා ගැනීමට පැමිණෙන මිනිස්සුන්ව කාණ්ඩගත කිරීමට විධිමත් ක්‍රමයක් තිබුණේ නැත. ඒ සදහා මෙතෙක් ආදේශ වූයේ නායකයන් යැයි කියා ගන්නා පුද්ගලයන් ගෙදරින්, පවුලෙන් රැගෙන ආ අගතීන්ය. මෙමගින් අප එම කටයුත්ත සදහා විධිමත් ක්‍රමවේදයක් යෝජනා කරන්නෙමු. මෙය ඇසීමෙන් පසු කරුණාකර ලැජ්ජා නොවන්න !

 

අපි ‘ජිජැක් සමග ධනවාදය’ ගැන කළ අධ්‍යනය මේ වන විට තීරණාත්මක අඩවියකට පැමිණ තිබෙනවා. ඒ, සීතල යුද්ධයට පසු ධනවාදයට එරෙහිව වාමාංශය මිනිසුන් සංවිධානය කළ යුත්තේ කෙසේ ද යන ගැටලුව. (මෙය පුද්ගලයා/සමාජය යන බෙදුම්කඩනයේ දෘෂ්ටිවාදය බිඳවැටීම ලෙස හඳුන්වන්නත් පුළුවන්.)

 

1935 සිට 1989 දක්වා ශ්‍රී ලංකාවේත් ලෝක මට්ටමේත් වාමාංශික පක්ෂවල ‘‘සංවිධාන ආකෘතිය’’ ගොඩනැගුණේ සීතල යුද සන්දර්භය තුළ. 90 දශකය කියන්නේ මේ යුගයේ අවසානය සටහන් කරපු කඩොලාන යුගයක්. සීතල යුද්ධයේ අවසානයත් සමග විප්ලවය පිළිබඳ අදහසත් අවසාන වුණා. ඉන් පසු ප්‍රායෝගික දේශපාලනය 19 වන සියවසේ අග අපිට හමු වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාදිලිය වෙත යළි ගමන් කළා. නමුත් එම මොඩලයේ අසාර්ථකත්වය සමග අපිට මිනිසුන් පාලනය කිරීමේ ආකෘති ඉතිරි වුණේ දෙකක් පමණයි. එකක් පරිභෝජන නූතනත්වය. අනෙක දේශප්‍රේමය සමග මුසු වූ ජාතිවාදය.

බහුජන දේශපාලනයට අද තිබෙන්නේ මේ විසඳුම් දෙක පමණයි.

මෙතෙක් සමාජයට සාරධර්ම සහ හරපද්ධතිය යෝජනා කළ මහාචාර්යවරු, වෛද්‍යවරු, නීතිඥයො, කවියො, කලාකරුවො, මාධ්‍යවේදියො අද වන විට වෙළෙඳපොළ ආර්ථිකය හරහා වැටුප් ශ්‍රමිකයො බවට පත්වෙමින් සිටිනවා. මේ තත්ත්වය එක් අතකට 19 වන සියවස අගදි අපිට සම්මුඛ වුණ සමාජ සබඳතා ක්ෂේත්‍රය ම යි. එනම් ලෙනින්ට සම්මුඛ වූ සමාජ යථාර්ථය ම යි. ඒ නිසා අද අපිට හොඳටම වැටහෙනවා විසිවන සියවසේ දේශපාලන මොඩල විසිඑක්වන සියවසේ ගැටලුවලට ඇප්ලයි කරන්න බැරි බව.

1.  අද දවසේ දේශපාලන පක්ෂයකට මනුස්සයෙක් බැඳෙන්නෙ කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව. ඒ කියන්නෙ කිසිම තේරුමක් රහිතව. මේ තත්ත්වය රැඩිකල් ඓතිහාසික ඛණ්ඩනයක්. විමුක්තිය පිළිබඳ පැරණි වාමාංශික උත්තරය අවසන් වෙලා. රෝග ලක්ෂණය අර්ථකතනය කර ගැනීමට පක්ෂය විශ්ලේෂකයකු ලෙස සලකා එනවාට වඩා පක්ෂය ‘‘පක්ෂ සාමාජිකයා/හෝ සාමාජිකාව’’ විසින් තමන්ගේ සින්තෝමය ලෙස බාර ගන්නවා. ඒ කියන්නේ පක්ෂ සාමාජිකයාට පක්ෂය කියන්නෙ අවිඥානිකව වේදනාවෙන් සතුටු වෙන මධ්‍යස්ථානයක්. (මෙය විද්‍යාව වෙනුවට අවිද්‍යාව කියල හඳුන්වන්නත් පුළුවන්.) වාමාංශික පක්ෂයක් සහ එහි සාමාජික සාමාජිකාවන් අතර පවතින නව සමාජ සම්බන්ධය ගැන එබට දිය හැකි රැඩිකල් නිර්වචනය කුමක්ද?

2. ස්ටාලින් සහ ලෙනින්ට්‍රොට්ස්කි යුගලය  (මෙය ග්‍රස්ථික නියුරෝසික මානසික ව්‍යුහය විදියට හඳුන්වන්නත් පුළුවන්.) අතර වෙනස පක්ෂ සංවිධානයේ න්‍යෂ්ටිය ලෙස ගත් විට ඔබගේ විග්‍රහය පුළුල් කරන්නේ කෙසේද?

තවදුරටත් ෆැලික හැඟවුම්කාරකය අධිනිශ්චය නොවන යථාර්ථයක් තුළ අවිඥාණික විනෝද වීම (ඒ කියන්නෙ: වත්පිළිවෙත්, දෛනික සිතුම්-පැතුම්, හුරු-පුරුදු වගේ දේවල්) පක්ෂවල ව්‍යවහාරික බුද්ධිය බවට පරිවර්තනය වෙනවා. මෙතනදි අපිට තවදුරටත් පැරණි වාමාංශික ප්‍රවර්ග (උදාහරණ විදියට භ්‍රෂ්ටයා – යමක් අල්ලාගෙන සිට එය අතහරින්නා, අවස්ථාවාදියා විදියට ගන්න පුළුවන්.) සමාජ විග්‍රහය සඳහා අදාළද? නැතහොත් අපි සියලුදෙනා දෘෂ්ටිවාදවල පොලා පැනීම් ලෙස සලකා විචාරය කරනවාද? ෆැලිකත්වය වෙනුවට දැක්ම, කටහඬ වැනි පාර්ශවීය වස්තු වෙත හඹායාමක් තමයි සිදුවන්නේ

3. ස්ත්‍රිය පුරුෂයාගේ රෝග ලක්ෂණයක් යන ෆැලික ප්‍රවාදයෙන් ස්ත්‍රිය යනු පුරුෂයාගේ සද්භාවාත්මක පැවැත්මකි යන ප්‍රවාදයට මාරු වන විට දේශපාලන යුතෝපියා ඇත්තේ සංකේතනයන් පිටත නොව ඒ තුළමය යන කන්සර්වෙටිව් මතය ඛණ්ඩනය කළ හැකිවන්නේ කෙසේද?

උදාහරණ ගන්න Dogville සහ වොන්ට්‍රියර් ගේ චිත්‍රපට

(මෙයට පිළිතුරු සැපයීමේ දී ඔටෝවයින්ගර් ගේ විග්‍රහය අදාළ කරගන්න. ඔහු ස්ත්‍රීවාදයේ සාරය පුරුෂ එකක් එනම්, පුරුෂ ෆැන්ටසියක් බව විදහා දක්වයි. සමකාලීන ධනේශ්වර ස්ත්‍රිය සාරාත්මක නොවන පරාර්ථකත් නොවන ඕපපාතික ස්ත්‍රියකි. ඇගේ සංගතභාවය අර්ථයක් නොව විනෝදයක් පමණි. උදාහරණය (Kill Bill )

4.  දැනුම හෝ අර්ථය විසිඑක්වන සියවසේවාමාංශික වයාපාරය තුළ විචාරය කළ යුත්තේ කෙසේද? විශ්විද්‍යාල කතිකාව යනු කුමක් ද? ස්ත්‍රීන් ධනවාදය තුළට අවතිර්ණ වූ පසු ධනවාදයට ලැබුනු නව විලාසිතාව කුමක්ද?

 

01 වන ප්‍රශ්නයට අදාළ අතිරේක අවධාරණය කිරීම්.

  1. යම් පුද්ගලයෙක් මෙහෙම කියනවා.

මිනිස්සු මේ කාලයේ (විශේෂයෙන් X දේශපාලනයට අදාළව) සංවිධාන ආකෘතියක් තුළට ගාල් වෙන්නෙ සමාජ ප්‍රශ්නවල ආධිපත්‍යයට යටත් වී නොව දැනුමේ ආධිපත්‍යයට යටත් වෙලා කියලා.

ඉහත අදහස – දෘෂ්ටිවාදයට මිනිසුන් යටත් වන්නේ එයට හොඳ ප්‍රබන්ධයක් තිබෙන නිසා නොව එය විනෝදය සහතික කරන විටදීය යන ප්‍රවාදය හරහා ඉහතින් උපුටන ලද ප්‍රකාශය විචාරය කරන්නේ කෙසේ ද?

‘‘දැනුම’’ විසින් සංවිධාන ආකෘතියට අභියෝග කිරීම (උදා:- සුමිත් විසින් X සංවිධානය අභියෝගයට ලක් කිරීම.) සංවිධානයේ ආකෘතිය වෙනස් කිරීමෙන් ජයගත හැකිද?

සමකාලීන සමාජයේ දැනුමට සමාජ සම්බන්ධයක් තිබේද?

දැනුමේ පක්ෂපාතීත්වය සහ පාර්ශ්වීයබව එකවර මනු කිරීම.

විනෝදයට ගැටගැසී නැති අනුවක් තිබේද ?

විශ්ලේෂණ කතිකාව දැනුම (S2) ගැන යෝජනා කරන විචාරය කුමක්ද?

  1. ‘ෆැලික හැඟවුම්කාරකය’ යන්නේ අදහස කුමක්ද?
  2. මිනිසුන්ට දෙවන ලෝකයේ තර්කයක් මේ ලෝකය තුළ ඇත. (උදා:- අපි මේ හැම දෙයක් ම කරන්නෙ දරුවො හින්ද. අපිට ලබන ආත්මයේ දී දෙවියන් පිහිට වේවි.) මෙවැනි අවිඥාණික විශ්වාස සමකාලින ලෝකයේ සංගතභාවයට උදව් වන ආකාරය පැහැදිලි කරන්න.

ඔබේ අදහස කියන්න...