මේ දවස් වල අපට එරෙහිව චෝදනා කරන අය නගන පුධාන චෝදනාවක් වන්නේ අප පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග පෙද්ගලික වෛරයකින් පසුවනවාද යන්නයි. අපට ඇත්තටම ඇත්තේ දේශපාලන විවෙිචනයක් බව දේශපාලනය ගැන සවිඥාණික අය දන්නා බව අපට විශ්වාසය. අප විසින් නොව වෙනත් පිරිසක් විසින් කළ විවෙිචනයක් අප පහතින් පල කරන්නේ අපගේ දේශපාලන විවෙිචනය එමගින් වඩාත් තහවුරු වන බැවිනි. ඇතැම් තක්කඩි මැට්ටන් තැන් තැන් වල කියමින් යන්නේ දීප්තිට බදියු තේරෙනවාද යන පුශ්ණයයි. මේ රටට වැඩිම දාර්ශණිකයන් පිරිසක් හදුන්වා දුන්නේ දීප්ති බව මේ තක්කඩීන් රැල නොදන්නවා නෙවේ. අනික් අතට දැන් හතර අතට දේශණා කරන බොහෝ තක්කඩියන් දීප්තිගෙන් ඉගෙන ගන්නට පැමිණි බයියන්ය. කොළඹට පැමිණ දීප්තිගෙන්ම දේශපාලන උගෙන දැන් ඔහුටම කෝචොක් දාන මේ තක්කඩින් වාමාංශිකයන් යැයි සිතා උන්ගේ පස්ස ලොවන්නට යන පුබුදු ජයගොඩ ඊට වඩා අඩු තක්කඩියෙක් වන්නට විදිහක් නැත.
වාමාංශිකයන් ලෙස මඩගා නොගෙන මහත්වරැන් වන්නට අවශ්‍ය වන්නේ මේ ආකාරයේ තක්කඩියන්ට පමණි. මේ බොහෝ තක්ඩි මැට්ටන්ට තවමත් අපගේ පැරණි දේශපාලන මතවාදයන්ගෙන් එළියට එන්නට හැකියාවක් ලැබී නැත. ඒ නිසා උත්සහා කරන්නේ මොනවා හෝ යමක් කර තමන් පොරවල් බව පෙන්වන්නටය. මේ කිසිම තක්කඩියෙකුට පවතින ධනවාදී සමාජ ක්මරයට එරෙහිව අරගල කරන්නට අවහ්‍ය නැත. ඔවුනට අවශ්‍යව ඇත්තේ දාර්ශණික පොරවල් වන්නටය. මේ භීතිකාවෙන් පෙළෙන පෙරටුගාමී සාමාජවාදී පක්ෂය ලංකාවේ ඉන්න ඔක්කොම උන් තමන්ගේ ගොඩට දාගන්නට කැමතිය. ඒ අනුව කේමදාස මාස්ටර්,කපුගේ, පියසීලී අවසාන ලෙස ගම්ලත් තමන්ගේ පක්ෂ සාමාජිකයන් යැයි රටට ඒත්තු ගන්වන්නට උත්සහා කරයි. අපට නම් ඒ ගැන පුදුමයක් නැත්තේ මේ අය කොහොමත් ළදරු බාලක්දෂයන් බව අප දන්නා නිසාය. මාක්ස්වාදයට කෝචොක් දමන වාමාශික ව්‍යාපරයන් සිය පුද්ගලික අවශ්‍යතාවයන් මත පාවා දෙන තක්කඩීන් සමග තවදුරටත් සංවාසයේ යෙදෙමින් පුබුදු ජයගොඩ සහ කුමාර් මහත්තයා පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ දේශපාලන භාවිතාවය.පෙරටුගාමී යන නම රුසියාවේ පාරක වැටී තිබී අහුලා ගත් ආකාරයෙන් දැන් හැසිරෙන මේ අයට දේශපාලන සහතික ලබා දෙන්නේ තක්කඩින් හා විපරිතයන්ය. පුබුදුට බදියු ගැන කතා කරන්නට සහ දීප්ති බදියු ගැන දන්නවාද යැයි අහන්නට සිදු වන්නේ අන් යමක් නිසා නොව මේ බොහෝ අයට තවමත් හීනෙන් දීප්තිව පෙනී බියවී ඇහැරෙන නිසාය.
ලුවී අල්තුෂර් නම් දාර්ශණිකයාට තිබූ පුධාන ගැටලුවක් වූයේ තමන් පවතිනවාද නැද්ද යන ගැටලුවයි. ඒ නිසා ඔහු නිතරතම තම මිතුරන් හට දුරකථනයෙන් කතා කොට අසන්නේ ලුවි අල්තුෂර් කියා කෙනෙක් ඉන්නවාද නියායි. මීට සමාන ගැටලුවක් පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ පුබුදු ජයගොඩ කන්ඩායමට හැදී තිබෙනවා. නමුත් ඔවුන් තමන් පවතිනවාද යැයි අසන ප්ශ්ණයට පිළිතුරු ලැබෙන්නේ පිස්සන්, විපරීතයන්,සයිකෝසිකයන් සහ හිස්ටෙරිකයන් ගෙනි.
ආදරය යන කාරණය වැඩකරන පංතියේ ගැටලුවක් නොව බුරුෂුවා පංතියේ ගැටලුවකි. වයස අවුරුදු හතලිහ සීමාවේ පසුවන පුබුදුලාට ආදරය ගැන දේශණ පවත්වන්නට සිදුවන්නේ ඇයි? අවුරුදු විසිදෙකේ විසිදෙකේ කොල්ලන් ගම්පහ මල්වත්තේ,වික්ටෝරියා පාර්ක් එකේ ලව් කලාට අපට කමක් නැත. නමුත් නිසි වයසට ආදරය ගැන කතා කරන්නට බැරිව මැදිවියේ දී ආදරය ගැන කතා කරන්නට මේ අයට සිදු වීම හාස්‍යජනකය.
පැරණි ජනතා විමුක්ති පෙරමුණ බහුජන සංවිධාන ගොඩ නගන්නට යැයි සිතා හැම එකාම තම මල්ලට දා ගන්නට උත්සහා කලේය. ඒ වගකීම පැවරුනේ විමල් වීරවංශ හටය. ඔහු ඒ කාර්ය හරියටම කල ආකාරය අපි දුටිමු. දැන් පුබුදුලා කරමින් සිටින්නේත් වාමාංශික බහුජන සංවිධාන ගොඩනැගිමය. ඒ නිසා ඕනෑම මළගෙදරක අවමගල්‍ය අධ්‍යක්ෂකවරුන් වන්නට මේ අයට පුලුවන.
පහත ලිපිය කියවා ඔබට කැමති දෙයක් හිතා ගන්න යැයි අපි කියන්නෙමු.
ජනරළ – ගල් කරන අකුරු
ජනරළ පුවත් පත දිගින් දිගටම සිදු කරණ අකුරු හොරකම් කිරීමේ ක්‍රියාවලිය නැවත වතාවක් සිදුකර ඇති අන්දම පසුගිය දිනවල ෆේසබුක් හරහා එහාමෙහා වෙමින් තිබුණි. ඒ මහාචාර්ය සුචරිත ගමිලත් සහෝදරයාගේ මරණය වෙනුවෙන් පළකර තිබූ ශෝක සටහනක් විකෘති කර උපුටා ගත් බවක් සඳහන් නොකර තමන්ගේ වගේ පුවත් පතෙහි සටහන් කිරීමෙනුයි. මේ ශෝක සටහන මුද්‍රණය කර බෙදාහැර තිබුණේ වසර තිහකටත් අධික කාලයක් මහාචාර්යවරයාගේ දුක් දොම්නස් සොයා බලමින් ළඟින්ම හිඳි ශාන්තා පද්මපෙරුම සහෝදරිය හා තවත් හිතවතුන් කිහිප දෙනෙක් වූ විජය නන්දන පෙරේරා, උදේනී ජයවීර හා රනිල් ඇල්විටිගල යන අයවළුන්. ෆේසබුක් මඟින් මේ චෝදනාව එල්ලකර තිබුණේ විජය නන්දන පෙරේරා විසින්.
අපට හසුවෙන්නේ අප දන්නා දේ පමණි. තවත් කොතෙකුත් බුද්ධිමය දේපල සොරකම් කිරීම් තිබිය හැක. ලියන අකුරු වල හිඟයක් ඇත්නම් අකුරු ගල් කිරීම නවතා පුවත් පත පළ නොකර සිටීම පුවත් පතෙහි දැන් ඉන්න කට්ටියගේ අනාගතයට හොඳ බැව් නම් නොකියාම බැරිය.
මේ කතාව ඊට එහා ගිය කතාවකි.
සදාචාරයක් නැති ඕනෑම කෙනෙකුට තමන්ගේ ගොඩ වැඩිකර ගැනීම පිණිස ජිවත්ව සිටින කෙනෙකුට වඩා මිය ගිය ශ්‍රේෂඨයෙකු ලේසියෙන් තමන් සතුකර ගත හැක. මිය ගිය මහාචාර්ය සුචරිත ගමිලත් සහෝදරයා ගැන මේ කතාව ද එවැන්නක් වේ. පසුගිය සතියේ ජනරළ පුවත්පත මෙන්ම එහි අන්තර්ජාල පිටුව ද මහාචාර්යවරයා වෙනුවෙන් මහා ඉඩක් වෙන් කර තිබුණි. පුවත් පත් විශේෂ අතිරේකයක් පවා පළකර තිබුණි. අන්තර්ජාල අඩවිය “සුචරිත ගම්ලත්ගේ අත්සණ“ යනුවෙන් පිටුවක් ම වෙන් කර තිබුණි. තමන්ගේ වපසරීන් තුළ මහාචාර්ය වරයාව ඇගයීම සඳහා ඕනෑම පුදගලයෙකුට අයිතියක් ඇත. ආණ්ඩුවේ දිනමිණ හා සිළුමිණ පුවත්පත් පවා ඔහුගෙන් සිංහල භාෂාවට වූ සේවය අගයා ලිපි පළ නර තිබුණි.
එහෙත් සුවරිත ගම්ලත් සහෝදරයාගේ කාර්ය භාරය ඇගයීමකට වඩා මොවුන්ගේ ඇඟවුම වන්නේ මහාචාර්ය වරයා ජීවත්ව සිටිය දී ජනරළ පුවත්පත මෙහෙයවන පෙසප කණ්ඩායම හා මහාචාර්ය වරයා එක්ව කටයුතු කළ බවකුයි. එහෙමත් නැතිනම් මහාචාර්යවරයාගේ දේශපාලන භාවිතාව පෙසප දේශපාලන භාවිතාව සමපාත වන බවකුයි. මේ දෙබිඩි භාවය ලෙසින් අප මතු කරන්නේ මොවුන් හා මහාචාර්යවරයා අතර අතීත කතාව අපට අමතක කළ නොහැක්කක් බැවිණි.
2003 ඔක්තෝම්බර් මස කොළඹදී පැවැත්වූ සිංහල දෙමළ කළා උළෙලේ සිංහල පාර්ශවය වෙනුවෙන් වූ ප්‍රධානම භූමිකාව වූයේ මහාචාර්ය ගම්ලතුන්ය. එවකට ජනරළ දේශපාලන ලියන්නෝ සමූහය “ඉරිදා ලංකා“ හි කටයුතු කළ අතර පෙසප එවකට සිටියේ ජාතිවාදය කරටියටම නග්ගවාගෙන ජවිපෙ සමඟය. “ඉරිදා ලංකා“ එකල්හි මහාචාර්ය ගම්ලත් සහෝදරයාව පතුරු ගැසුවේ ජාති ද්‍රෝහියෙකු ලෙසිනි. කොටි ත්‍රස්තවාදියෙකු ලෙසිනි. බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිට රට දෙකඩ කොට විනාශ කරන්නෙක් ලෙසිනි. සිංහල දෙමළ කළා උළෙලම එදා ඔවුන් ට කොටි සංවිධානයේ වැඩකි. එදා දේශද්‍රෝහි වූ මහාචාර්යවරයාව මිය ගිය පසු පසසන, අතිරේක නිකුත් කරන අද ජනරළෙහි සිටින එදා කතු මඬුල්ලටම සදාචාරයක් නොමැති බව පවසන්නේ එබැවිනි.
පෙසප කණ්ඩායම ජවිපෙන් වෙන්වීමෙන් පසු මහාචාර්ය වරයාව මුණ ගැසීමට ගොස් තිබුණි. අළුත් වාමාංශික දේශපාලන ප්රවනතාවක් නම් මහාචාර්ය වරයාගේ ප්‍රධානම පැනය වන්නේ සුළු ජාතීන්ගේ අයිතිය සම්බන්ධව එම කණ්ඩායමේ මතයයි. ගම්ලත් සහෝදරයා මාක්ස්වාදියෙකු හැටියට ඉතා දැඩිව සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් මියෙන තුරුම පෙනී සිටියේය. දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් සටන් වැදුණි. මෙම පැනයෙදී මෙම කණ්ඩායම තමන්ද ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් පෙනී සිටින බැව් පවසා තිබුණි. අපගේ මතකය නිවරැදි නම් ඉන් පසු මෙම කණ්ඩායම අගය කර මහාචාර්ය වරයා පුවත්පත් සාක්ච්චාවක් පවා ලබා දී තිබුණි. එහෙත් කල් යත්ම මහාචාර්යවරයාට පෙනී ගොස් තිබුණේ මේ කණ්ඩායම පට්ට කෙබරයක් කියා තමන්ව අන්දවා තිබූ බවකි. ස්වයං නිර්ණය අයිතිය නොව අඩුම ගණනේ බලය බෙදීමකට පවා පෙසපෙ එකඟ නොවන බැව් පෙසෙප නායකයින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බැව් ඔහුට ආරංචි වී තිබුණි. පසුව මහාචාර්ය වරයා ඒ බැව් තම හිතවතුන්ට පවසමින් ජාතිවාදි පෙසප වෙත ඉතා දැඩිව දොස් පවරා තිබුණි (දැන් දකින්නටවත් නැති ආරම්භයේ පෙසප වටා සිටි වික්‍රමභාහු සහොදරයා ඇතුළු අනෙකුත වාමාංශික පක්ෂ හා කණ්ඩායම් මොවුන් අන්දවා තිබුණේත් මෙලෙසිනි). මහාචාර්යවරයා දිවි ඇති තෙක්ම සටන් වැදුණු දෙමළ ජාතීය සතු වූ පරම අයිතියක් වූ ස්වයං නිර්ණය අයිතියට එරෙහිව කටයුතු කරන එමෙන්ම මහාචාර්ය වරයාගේ දේශපාලන මතවාදයන් සමඟ කුමන ආකාරයක හෝ පෑහීමක් නැති මේ අවස්ථාවදීන් සිය පුවත්පත වූ ජනරළ හරහා මහාවාර්යවරයාව අවස්ථාවාදීව දේහපාලනිකව ඇගයීම සදාචාරාත්මක වන්නේද?
සැබෑ උවමනාවක් තිබේනම් මහාචාර්ය සුචරිත ගම්ලත් සහෝදරයා වෙත මොවුනට කළ හැකි හොඳම උපහාරය වන්නේ මිය ගිය බවවත් නොදන්නා ලෙසින් නිහඩව සිටීමයි. මිය ගිය ද එය ගම්ලතුන්ගේ ද අමන්දානන්දයට එය හේතු වනු ඇත.