අරගලයේ යෙදෙන උද්ඝෝෂකයන් ගේ දෘෂ්ටිවාදය වටහා ගැනීම අපහසු නැත. උත්සහ කල යුත්තේ බලය ජනතාවට යන දෘෂ්ටිවාදය වටහා ගැනීමටයි. ඒ සදහා මිචෙල් ෆූකෝගේ දර්ශනය වැදගත් වේ.
ෆූකෝගේ බලය පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරන්නේ ප්‍රංශ විප්ලවය කේන්ද්‍ර කරගනිමිනි. ප්‍රංශ විප්ලවය 1789 දී සිදු වීමට පෙර බලය පැවතියේ එක් අයෙකු ලගය. ඒ රජු (King) ලගය. ඒ නිසා මිනිසාගේ ජීවිතය මර්දනය කරන මර්දකයා බාහිර සාධකයක් වූ අතර රජුට ඕනෑම අයෙකුගේ ජීවිතය සදහා මැදිහත් වීමට හැකි විය. රජු පමණක් නිදහස් විය. අනෙක් සියල්ලන් යටත් වැසියන් ය. සියලු යටත්වැසියන් මෙන්ම භූමිය ද රජුට අයත් විය. ජීවත් විය යුත්තේ කෙසේ ද, ජීවත් විය යුත්තේ කවුද ආදී සියල්ල තීරණය කල තීර්කයා වූවේ ද රජු ය. නීති පැනවීම මෙන්ම නීති ක්‍රියාත්මක කිරීම ද රජුගේ කාර්‍යයක් විය. රජුව පත්කලේ දෙවියන් වහන්සේ විය. මේ නිසා රජුට එරෙහි වීම දෙවියන්ට එරෙහි වීමක් ලෙස සලකන්නට වූ අතර යටත් වැසියන්ට කල හැකි වූ එකම දෙය වූවේ දෙවියන්ට යාඥා කිරීම පමණි. රජුගේ බලයට යටත් වැසියන් යටත් වූවේ බලහත්කාරය මගිනි. එනම් දඩුවම් හා තර්ජනය හරහා වේ.
රජු පාලන කටයුතු සදහා ප්‍රාදේශීය පාලකයන් පත්කල ද ඔවුන් ද රජුගේ පාලනයට යටත් විය. බල පිරමීඩයේ රජු ඉහල ස්ථානය ක සිටි අතර යටත් වැසියන් සිටින්නේ පිරමීඩයේ පහල ස්ථරයේ වේ. මෙහිදී බලය ඉහළ සිට පහළට ඒමක් සිදු විය. එම බලය සියල්ලන් පිළිගත යුතුය. ඒ සදහා රජු බලකිරීම (Force) බාවිතා කරන ලදී.
1789 දී විප්ලවයේ දී සිදු වූවේ රජු අල්ලා ගෙලටීනය මගින් හිස ගසා දැමීමයි. එහි ප්‍රතිඵලය වූවේ රජු සිටි ස්ථානය හිස් තැනක් (void) බවට පත් වීමයි. බලය රජුගෙන් ජනතාවට හුවමාරු විය. මෙම ආකෘතියක වෙනස නිසා මෙතෙක් බලය ව්‍යවහාර කිරීම රජු සිදු කල ආකාරයට වඩා වෙනස් ස්වරූපයකින් සිදු කරන්නට විය. රජු නියෝජනය කල ස්ථානය රජුගේ ඝාතනයෙන් පසුව හිස් වීම නිසා එම ස්ථානය සදහා යම් යම් ආදේශයන් ආදේශ කිරීමට මිනිසන්ට නිදහස (freedom) හිමි විය. එබැවින් ජනතාව එම හිස්තැන සඳහා තමා වෙනුවෙන් පාලකයන් පත් කිරීමට මැතිවරණ හරහා සිදු කරන ලදී. මෙය ෆූකෝට අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භය විය. බලය රජුගෙන් ජනතාවට ලැබුණු අතර එම බලය ක්‍රියාවට නැංවීම ජනතාව විසින් වේ. බලය ඇත්තේ ජනතාව අතය. බලයේ නව ව්‍යුහය (Structure) තුළ දී සිදු වන්නේ බලය පහළින් ඉහළට ගමන් කිරීමකි. මිනිසා තමන් විසින් පත්කර ගන්නා පාලකයාට තමන් යටත් වන්නේ බලකිරීම හරහා නොව සිය සිය කැමැත්තෙන් ය.
මෙහිදී අවධාරණය කළ යුතු තවත් කරුණක් වේ. එනම් ප්‍රංශ විප්ලවයට ප්‍රථමව පාලනය පැමිණියේ බාහිරිනි. එනම් රජු විසින් පාලනය ක්‍රියාත්මක කල බැවින් යටත් වැසියා ඊට අවනතව කටයුතු කරන ලදී . මර්ධනය කරන ලද සමාජයක් නිසා ආශාව (Desire) පැවතුනි. නමුත් රජුගේ හිස ගසා දැමීමෙන් සිදු වූවේ පාලනය හෝ තහනම තවදුරටත් ‘සත්” [real]ලෙස නියෝජනය කරන්නෙකු නොමැත. එබැවින් ආශාව මිය ගිය යුගයක් නිර්මාණය විය. ආශාව එන්නේ තහනම හරහා වන බැවින් සහ තහනම ගෙන එන ඒජන්තයෙකු නොමැති නිසා ආශාව නිර්මාණය කරගන්න වෙන්නේ බාහිර පාලකයෙකු හෝ තහනම ගෙන එන්නෙකු ෆැන්ටසිගත කිරීමෙනි. එනම් බාහිර සතුරෙකු තමා විසින්ම නිර්මාණය කරලීමෙනි. ධනවාදය වඩ වඩාත් ප්‍රසාරණය වන්නට ලක්වූ කල සිදු වූ වේ ඉහත අදහස තවුරු වීමයි.
එනම් මුල්කාලීන ධනවායේ දී අධිනිශ්චය වූවේ ශ්‍රමය වේ. මේ නිසා සූරා කෑම සිදු වූවේ ශ්‍රමය හරහා ය. සූරා කෑම සිදු කරන ධනපතියෙක් සිටි අතර ඔහුට විරුද්ධව සංවිධානය වීමට කම්කරුවන් කටයුතු කිරීම සිදු විය. නමුත් නූතන ධනවාදය යනු තව දුරටත් ශ්‍රමය පදනම් කරගෙන ක්‍රියාත්මක වන ධනවායේ පැරණි ස්වරූපය නොව මිනිසාගේ විනෝදය මත පදනම් ව ක්‍රියකරන්නකි. එනම් ශ්‍රමයෙන් මුදල් නිර්මාණය කිරීම වෙනස් විය, මුදල් වලින් මුදල් මැවීම දක්වා. එහෙයින් ශ්‍රම සබඳතා වෙනුවට බල සබඳතා නිර්මාණය විය. එබැවින් තව දුරටත් බාහිර සූරා කන්නෙකු නොමැති අතර පුද්ගලයාගේ ජීවිතයට බාහිර බාධාවකින් තොර යුගයක් උදා විය. මේ නිසා ආශාව (මෙම ආශාව යන්න මනෝවිශ්ලේෂනයේ එන ආශාව සමහ පටලවා නොගත යුතුය. ෆූකෝ මනෝ විශ්ලේෂණයේ එන අවිඥානය සිය දර්ශනය සදහා යොදා නොගත් බැවින් ආශාව ඔහුට අනුව සවිඥානික ආශාව වේ) නිර්මාණය කර ගැනීමට බාධාව බාහිරින් නිර්මාණය කර ගැනීමට මිනිසාට සිදු වේ. එහිදී බල සබඳතා හරහා එම බාධාව නිර්මාණය කර ගැනීමට යොමු විය.
Czar Family