[dropcap color=”green”]ද[/dropcap]ශක හතක් පමණ ජීවත් වෙමින් අරගලය අත් නොහැර තවම සටන් කරන බාහු සහෝදරයා ගැන යමක් ලිවිය යුතුය. ඔහු ගැන විවේචනය කරන බොහෝ දෙනා ගාමිණී ෆොන්සේකා වැනිය. ගාමිණී යනු තමන්ට රගපෑමට ලැබෙන තිර කතා වල තම විරුද්ධවාදියා ගේ ඉරණම ස්වකැමැත්ත මත වෙනස් කළ පුද්ගලයෙකි. උදාහරණයක් වශයෙන් ‘වැලිකතර’ චිත්‍රපටියේ මුල් තිරනාටකයට අනුව ගෝරිං ගේ චරිතය වෙඩි කා මැරී වැටෙන්නේ ප්‍රතිවීරයෙකු ලෙසය. නමුත් ගාමිණී විසින් තිර නාටකය තමන්ට අවශ්‍ය අයුරින් වෙනස් කරනු ලැබූ පසු ගෝරිං මිය යන්නේ ගාමිණිගේ කකුල් ඉදිරිපිට බිම දගලා වැද නමස්කාර කිරීමෙනි.

පසුගිය දශක දෙකක පමණ කාලයක සිට බාහු ගැන ලියන හොර තක්කඩියන් ද අයිති වන්නේ ගාමිණි ගේ කුලකයටය. ඔවුන් තම රචනා මගින් බාහුව එක්කෝ විකටයෙකු කරවයි. නැතහොත් අසරණයෙකු කරවයි. ධනේෂ්වර ක්‍රමය ගෝලීයව විහිදෙන යුගයක,එම යුගයට වෙනත් විකල්ප නැතැයි සිතන මිනිසුන් සිටින යුගයක, බාහු නොව තමන්නට සිදුවී ඇත්තේ කුමක් ද කියා ‘ලියන’ අය කෙතරම් විරලද?  අනුන්ගේ අසරණකම් ලියන මහණුන් බවට පත්වී ඇති තමන්ට කුටුම්භය තුළ හිමි වී ඇති ඉරණම අන්ත අසරණභාවය හැර වෙන කුමක්ද? තම තමන් ගේ ගෙවල් වල තල දර්පන නැති නිසා තමන් ගේ තක්කඩි මුහුණ නොදකින නරුමයන් ගාමිණි මෙන් ප්‍රබන්ධයන් තුළ වීරයන් වීමට දතකට මදියි.

බාහුගේ දෝෂය කුමක් ද? ප්‍රභාකරන්ට සහ විජේවීරට තිබූ දෝෂය ඔහුටත් ආවේණිකය. යමෙකුට තම අරමුණ කරා ලගා වීමට අවශ්‍ය නම් ඒ සදහා යථාර්ථය විසින් ඉල්ලා සිටින කෘෘරත්වය සමග අප සමපාත විය යුතුය. යථාර්ථය ගූ බාල්දියක් ඉල්ලා සිටින තැනක අප පිරිත් පැන් ඉස වැඩක් නැත. බාහු වාමාංශික වීරයෙකි. ඔහු සතුරාට ගූ ගහන්නේ නැත. සටන ඉදිරියට ගෙන යාමට ගියැප් මෙන් ‘ගූ බාල්දි’  ගණන් ගසා, අසරණයන් කියන තක්කඩියන්ට කණ්නාඩි සැපයිය යුතුය.

 

ඔබේ අදහස කියන්න...