මට හමුවූ ශ්‍රී ලාංකික වෘත්තිකයන් (උගතුන් ) තුල තිබෙන අතිශයින්ම කුහක සහ ඊර්ෂ්‍යා  ගති  මාගේ අවධානයට ලක්වී තිබේ. අපේ උගතුන් කුහක සහ ඊර්ෂ්‍යා සහිත  කුඩුකේඩු මනසකින් ක්‍රියා කරන්නේ මන්ද ? මම එය අධ්‍යනය කරමි. පහත දැක්වෙන්නේ එක් උදාහරණයකි. 
මෑතකදී  ගංජා භාවිතය සහ සෞඛ්‍ය පිලිබඳව මනෝ වෛද්‍ය ආචාර්‍ය මන්ඩේ  ඉග්වේ (නයිජීරියාව) , විශේෂඥ මනෝ වෛද්‍ය උපාලි පීරිස්    සහ මා විසින්  පත්‍රිකාවක් ලියුවෙමි. අප විසින් තවමත් දියුණු කිරීමට උත්සහ කරන මෙම පත්‍රිකාව සඳහා විවිධ රටවල මානසික සෞඛ්‍ය පිලිබඳ උගතුන් දක්වන ලද ප්‍රතිචාර මෙසේය​.  
 1) මනෝ වෛද්‍ය ගෞරව් මේතා ( ඉන්දියාවේ ; එංගලන්තයේ සහ කැනඩාවේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට අත්දැකීම් ඇත්තෙකි. – ප්‍රතිචාර ධනාත්මකය​. ධෛර්‍ය්‍ය වඩන ප්‍රතිචාර දැක්වීය )
2) මනෝ වෛද්‍ය ක්‍රිෂ්ණා බාලචන්ද්‍ර ( ශ්‍රී ලංකාවේ ඉපදුනේය​. නමුත් වයස නවය වන විට දෙමාපියන් සමග කැනඩාවට සංක්‍රමණය විය. ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිලිබඳ සහාය මාහාචාර්‍යවරයෙකි. ඇමරිකාවේ සහ කැනඩාවේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට ඇත​. – ප්‍රතිචාර ධනාත්මකය. විවේචන constructive හෙවත් අර්ථකාරීය) 
3) මනෝ  වෛද්‍ය ස්ටීවන් යුසුෆියන් ( ස්පාඤ්ඤයේ සහ උතුරු ඇමරිකාවේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට තිබේ. – ප්‍රතිචාර ධනාත්මකය​. විවේචන අර්ථකාරීය)
4) මනෝ වෛද්‍ය මේරි සීමන් – ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය මහාචාර්‍යවරියකි. බ්‍රිතාන්‍යයේ සහ උතුරු ඇමරිකාවේ මනෝ වෛද්‍යවරියක ලෙස සේවය කොට ඇත​. ප්‍රතිචාර ධෛර්‍ය්‍ය වඩවයි) 
5) මනෝ වෛද්‍ය මයිකල් රීවා – (ඉතාලි ජාතික මනෝ වෛද්‍යවරයෙකි . ප්‍රතිචාර ප්‍රතිචාර ධනාත්මකය. අනුබල සහිතය )
6) මනෝ වෛද්‍ය ඔලෙග් -(රුසියාවේ මනෝ වෛද්‍යවරයෙකි. රුසියාවේ / යූක්‍රයීනයේ මෙන්ම පෝලන්තයේ සේවය කොට ඇත​. ප්‍රතිචාර උනුසුම්ය​. පත්‍රිකාවේ අඩුපාඩු ධනාත්මකව පෙන්වා දෙයි)
මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය – (ශ්‍රී ලංකාවේ මනෝ වෛද්‍යවරයෙකි. ප්‍රතිචාර විශ්ලේෂණය කරන විට එහි ඉරිසියාව මෙන්ම අනාරක්‍ෂිත හැඟීම් (insecurity feelings ) දක්නට තිබේ.  කන්ස්ට්‍රක්ටිව් හෙවත් අර්ථකාරී විවේචනයක් දක්නට නැත​)
ඉහත දක්වා ඇත්තේ එක් උදාහරණයක් පමණි. මෙවන් උදාහරණ සිය ගනනක් මට දිය හැකිය​. එම නිසා මා මේ දෙය පවසන්නේ එක් සිද්ධියක් පාදක කරගෙන බව නොසිතන්න​. එසේම මෙහිදී මම මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය නරක කුහක පුද්ගලයෙකු ලෙස ලේබල් කරනවා කියා නොසිතන්න​. ඔහු තුල අනන්තවත් යහ ගුණ තිබිය හැක​. ඔහුගේ ප්‍රතිචාරය බොහෝ ලාංකික උගතුන් දක්වන ප්‍රතිචාර වලට සමානය​. එය නිසගයෙන්ම තමා තුලින් එලියට එන්නකි. 
ශ්‍රී ලාංකික වෘත්තිකයා නොහොත් උගතා කුහක කුඩුකේඩු මිනිසෙකු වූයේ මන්ද ? මා සිතන ආකාරයට හේතු කීපයකි.
1) දිවයිනකට කොටු වීම නිසා මතුවන දිවයින් මානසිකත්වය 
2) තමන් පිලිබඳ අනාරක්‍ෂිත හැඟීම් (insecurity feelings ) 
3) වෙනත් රටවල සමාජ සමග මුසු නොවීම ( විභාග සඳහා පිටරට යාම මේ යටතේ ගැනෙන්නේ නැත​) 
4) සම්පත් හිඟ සමාජයක ජීවත් වීම නිසා අනෙකා නිරන්තරයෙන් සතුරෙකු ලෙස දැකීම 
5) හීනමානය නිසා අන්‍යන් ගේ දක්‍ෂතා නාස්තික මනසකින් බැලීම 
6) අපගේ ආත්මාර්ථකාමී අධ්‍යාපන ක්‍රමයේ වරද 
7) ලෝකයට විවෘත නොවීම නිසා ඇති ලිං මැඞි මානසිකත්වය​. විදේශිකයන්ට බිය වීම (Xenophobia) 
8) දැණුම ගවේශනය නොකිරීම පීපී මානසිකත්වය​. දැණුම අප්ඩේට් හෙවත් යාවත්කාල නොකිරීම  
9) විවිධ අත්දැකීම් ඇති වෘත්තිකයන් සමග අධ්‍යාපනික අදහස් හුවමාරු නොකර ගැනීම සහ ඒ සඳහා දක්වන බිය​
10) තමාගේ විශය හැරුණු කොට වෙනත් විශයන් පිලිබඳ අවබෝධයක් නොවීම 
11) තමන් ගේ අනාරක්‍ෂිත බව නිසා බෝඩ් සර්ටිෆිකේෂන් වැනි මාෆියා පන්නයේ මිණුම් දඞු අත තබාගෙන සිටිනවා මිස දැණුම සඳහා විවෘත නොවීම 
12) ජාතිවාදී වර්ගවාදී තම පාසල , තම විශ්ව විද්‍යාල ප්‍රධාන කොට පටු ගෝත්‍රික ආකල්ප වලින්  ලෝකය දෙස බැලීම. විවෘත මනසක් නොතිබීම 
දීප්ති කුමාර ගුණරත්න පවසන පරිදි ශ්‍රී ලංකාවේ බොහෝ උගතුන් තුල සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව වැනි විශයන් පිලිබඳ ගැඹුරු දැනීමක් නැත​. එහෙත් නොදියුණු සමාජය විසින් ඔවුන්ව ඉන්ටර්ලෙක්චුවල්ස් හෙවත් ධීමතුන් ලෙස සලකති. එහෙත් මේ ඊනියා ධීමතුන් සතුව ඇත්තේ ඉතා නොගැඹුරු දැණමකි. මෙම දැණුම වෙනත් ප්‍රගතිශ්‍රීලී සමාජ වල මෙන් අභියෝගයට ලක් නොවන නිසා ඔවුන් සුරක්‍ෂිතය​. එහෙත් මෙකී වෘත්තිකයන් උගතුන් ලෙස සැලකිය හැකිද යන්න දීප්ති කුමාර ගුණරත්න තව දුරටත් ප්‍රශ්න කරයි. 
( මෙම ලිපිය මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා විවේචනය කරන ලිපියක් නොවන බව සලකන්න)
වෛද්‍ය රුවන් එම් ජයතුංග 
 For Example…….

මොණර නැටුම නටන පුහු පොරවල්


ධර්මසිරි බණ්ඩාරනායක කියලා තියෙනවා අපි යාපනය පුස්තකාලයෙ පොත් අනූදාහක් පිච්චුව ම්ලෙච්ඡ ජාතියක් කියලා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ධර්මසිරි බණ්ඩාරනායක මේ ම්ලෙච්ඡ ජාතියට චිත්‍රපටි හදන්නෙ මොකට ද කියලා. ඔහු හරි ඔහු වෙනුවෙන් කතා කරන අයකු හරි කියන්න බැරි නැහැ චිත්‍රපටි හදන්නෙ ම්ලෙච්ඡ ජාතිය ශීලාචාර කරන්න කියලා. හංසවිල වගේ චිත්‍රපටිවලින් නම් එහෙම එකක් පේන්නෙ නැහැ. ස්වර්ණා මල්ලවාරච්චිට හරි වෙනත් කලාකරුවකුට හරි පෙනූණ ද දන්නෙ නැහැ.

ධර්මසිරි බණ්ඩාරනායක වෙනත් ජාතියකට එහෙම චිත්‍රපටි හදල තියෙනවා ද? සිංහල හැරෙන්න වෙනත් භාෂාවකින් චිත්‍රපටි හදල තියෙනවාද කියලා දන්නෙත් නැහැ. ධර්මසිරි බණ්ඩාරනායකට කලාකරුවකු හැටියට ප්‍රසිද්ධියක් ලැබිල තියෙන්නෙ සිංහල චිත්‍රපටි  සිංහල නාට්‍ය හදපු නිසා කියලයි මා හිතන්නෙ.

ම්ලෙච්ඡ කියන්නෙ කැලේ ජීවත්වන වගේ තේරුමකින්. එහෙත් ම්ලෙච්ඡ කියන වචනය ධර්මසිරි බණ්ඩාරනායක යොදන්නෙ වෙනත් අර්ථයකින්. යාපනය පුස්තකාලය පිච්චුවෙ කවුද කියන එක මා අහන්න යන්නෙ නැහැ. ධර්මසිරිට අවශ්‍ය වන්නෙ තමන්ගෙ පුහු කම වහ ගන්න වුණත් මෙවැනි ප්‍රකාශවලින් කෙරෙන්නෙ ඔහුගෙ පුහු පොරත්වය මැනවින් විදහා දැක්වීම පමණයි. පිල් විදහා නටන මොණරුන් ගැන අප දැනගත්තට මොණරුන් දන්නෙ නැහැ. සෙබඩන් දන්නවද දන්නෙ නැහැ.

කාලෙකට ඉස්සර නන්දා මාලිනී මේ සිංහල අපගෙ රටයි යන ගීතය ගැයීම නැවැත්තුව. ඒ අර සුචරිත ගම්ලත් කියන අයගෙ කතාවක් අහල කියලා කියනවා. වෙන්නත් ඇති. ගම්ලත්ට බැරි වුණා මිය යන තෙක් ම මාක්ස්වාදයෙ දරිද්‍රතාවයට පිළිතුරක් ලියන්න. නුවර අජිත්ගෙන් අහන්න. අද පුහු පොරවල් වෙන්න හදන අය ගම්ලත්ට වඩා වැඩ කාරයො. ඔවුන් කියනවා ඒ පොත්වල පරස්පර තියෙනවා කියලා. ඔවුන්ට ඒ පොත් තේරිලා එපැයි පරස්පර හොයා ගන්න.

අමරදේව කතෝලික රටක් වූ පිලිපීනයෙන් මැග්සේසේ ත්‍යාගය දිනාගත්ත දවස්වල ප්‍රසිද්ධියෙ ඇහුව මහසඟගණ මොකද කෙළේ කියලා. මට ඒ වෙලාවෙ ඔහුට දුරකතනයෙන් කතා කරන්න සිද්ධ වුණා. වැඩේ තියෙන්නෙ සිංහල මිනිස්සු, සිංහල බෞද්ධයො විශේෂයෙන් ම මේ කලාකාරයන්ගෙ කෘති ප්‍රිය කිරීම. සිංහල මිනිසුන් ම්ලේච්ඡයන් නම් කොහොමට හැසිරෙන්න ඕන ද? මුස්ලිම් කලාකාරයො විද්වතුන් මුස්ලිමුන්ට විරුද්ධව ලියපු කියපු අවස්ථාවල මුස්ලිමුන් මුස්ලිම් රාජ්‍ය වැඩ කෙළේ කොහොම ද? අප ෆැට්වා නිකුත් නොකරනවා විතරක් නොවෙයි  මේ කලාකරුවන්ට ජීවත් ව ඉන්න විට රාජ්‍ය සම්මානත් මිය ගියා ම රාජ්‍ය ගෞරවත් හම්බ වෙනවා. සිංහලයන් ම්ලේච්ඡ වුණත් මුස්ලිමුන් මෙන් හැසිරෙන්නෙ නැති එක මේ පුහු පොරවල්වල වාසනාවක්.

මේ කලාකාරයො ඊනියා ජාත්‍යන්තරයක් ගැන කිව්වට ජාත්‍යන්තරයෙ ඔවුන්   හඳුනන්නෙ නැහැ. ඔවුන් ගැන දන්නෙ පිටරටවල ජීවත්වන සිංහල මිනිස්සු. පිටරට සංචාරවල ගිහින් ගී ගයන්නෙ නාට්‍ය පෙන්වන්නෙ සිංහල මිනිසුන්ට. ඔවුන්  ඊනියා දෙමළ ජනවර්ගයක් වෙනුවෙන් කතා කළත් ඔවුන්ගෙ පිටරට හරි මෙරට හරි සන්දර්ශනවලට දෙමළ කතාකරන අය කී දෙනකු එනවා ද?

මෙරට බොහෝ ඊනියා කලාකරුවන් ඊනියා විද්වතුන් තරම් නිහිනයන් පිරිසක් ලෝකයෙ වෙන කොහෙවත් ඉන්නවා ය කියා හිතන්න අමාරුයි. දැන් ටික දෙනෙක් ඉන්නවා තමන් සිංහල බෞද්ධ බව ප්‍රසිද්ධියේ කියන. ඔවුන්ට අපේ ප්‍රණාමය. අර ජාතියට ගරහන අයගෙ මොකක් හරි හීනමානයක් තියෙනවා. මෙරට සමාජයීය විද්‍යාඥයන් යැයි කියන අය තම ක්‍ෂෙත්‍රවල එක සංකල්පයක් ප්‍රවාදයක් ගොඩනගල තියෙනවා ද? කලාවෙ අලුත් රීතියක් ප්‍රමිතියක් හඳුන්නලා දීල තියෙනවා ද?

ඔවුන් මෙරට ප්‍රසිද්ධ වෙන්න හදන්නෙ සිංහල ජාතියට බෞද්ධකමට ගරහලා. ජනමාධ්‍යවල ඉන්න පුස්සොත් ඔවුනට ප්‍රසිද්ධිය ලබා දෙනවා. සමහර සිංහල කලාකරුවන් අතින් සිංහල ජාතිකත්වය ගැන කියන කෘති නිර්මාණය වෙනවා. ඒත් ඔවුන් තමන්ගෙ කෘතියෙන් කියන දේ ප්‍රසිද්ධියෙ කියන්න බයයි. ඒ අර පුහු පොරවල්වලට තියෙන සමාජ ආධිපත්‍යය නිසා. මේ ආධිපත්‍යය ඔවුන්ට ලැබෙන්නෙ බටහිර දැනුම වෙනුවෙන් පෙනී සිටීමෙන්.

බටහිර දැනුමේ ආධිපත්‍යය හැමතැනම. බුද්ධාගම විතරක් නොවෙයි බුදුදහමත් නූතනත්වයට යට කරලා. එහෙත් බටහිර විද්‍යාව කියන්නෙ යම් යම් සීමා තුළ වැඩ කරන වියුක්ත හිතළු ටිකක් පමණයි. බටහිර න්‍යාය (logic) අන්තිම අවුලක්. ඒ න්‍යායෙ අපෝහන (deductions) නැත්නම් නිගමන ලබාගන්න අනුමාන නීති (rules of inference) උද්ගමනයෙන් ලබාගත්ත දේ. උද්ගමනය (induction) කිසිම න්‍යායකට නැහැ. දන්නෙ නැත්නම් උද්ගමනයේ ප්‍රශ්නය (problem of induction) ගැන ඇති ලිපි කියවලා බලන්න. අඩු තරමෙන් හියුම් කියවන්න.

එහෙත් මේ දැනුම මත ඉඳගෙන, එහි පුහු බව නොදැන මෙරට පඬියන් පුහු පොරවල් වෙලා. අප බුදුදහම දන්නෙ නැති එක මේ සේරට ම මුල. එහෙත් ම්ලේච්ඡ සිංහලයන්ගෙ සිංහල බෞද්ධ සංස්කෘතිය නිසා පුහු පොරවල්වලට ෆැට්වා නිකුත් වෙන්නෙ නැහැ. 

 Nalin De Silva

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. “මෙම ලිපිය මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා විවේචනය කරන ලිපියක් නොවන බව සලකන්න”
    මම හිතන්නෙ දොස්තර මහත්තයා හෙගල් ව කියෙව්වෙ නැති බවක් පෙනෙනවා ඔබගේ වරද කාරීත්වයෙන් ඔබට ගැලවිමක් නෑ

  2. “අනෙකුන්ට මගේ ඇති සම්බන්ධය ඉවත් කළ වහාම මම යනු නිකං මිනිසෙකි. ‘මම’ යනු මෙම බාහිර සමාජ සබඳතා ජාලයයි”
    මෙය දිප්ති සහොදෙරයගෙ ලිපියෙන් උපුටා ගන්නා ලදි මෙය දොස්තර මහතාට කදිමට ගැලපෙ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here