හිතවත් දීප්ති,
මේ දිනවල වැඩ ටිකක් වැඩි නිසා විවේකිව ලියන්නට හිතාගෙන හිටියත් හෙට තියන දේශනයේ දැන්වීම 3මාන එකේ දැක්කහම ඉක්මනින් මේ කෙටි සටහන එවෙන්න ඕනේ කියල හිතුවා.
මම දීප්තිගේ 3 මාන අඩවියේ ඇති දේශණ ඔක්කම වගේ අහල තියනවා කියල මම හිතනවා. ඒවායින් මට පුද්ගලිකව හොඳම දේශණ මාලාව වන්නේ විකොස සාමාජිකයන් දෙදෙනෙකු කරන ලද කතාවකට පිළිතුරු දෙන්න ඔබ කරනලද දේශනය (මතක හැටියට මෙය කොටස් 4කින් ත්රිමාන අඩවියේ තිබුණා ) කියලයි මම හිතන්නේ.
මේකට ප්රධාන හේතුව මම හිතන්නේ මේ දේශණ මාලාව ඉතා හොදින් පිළිවෙලකට ඉදිරිපත් කරලා තිබුණු නිසා. (well – structured and organised without too many deviations). ඒ අතර මෙම දේශණ වලදී ඔබ අලුතින් මාතෘකාවකට යන්නට පෙර මෙතෙක් කතාකළ දේ සම්පිණ්ඩනය කිරීමකුත් කරලා තිබුණා මතකයි.
නමුත් ඔබගේ අනිත් දේශනවල ටිකක් කලබල කාරී ගතියක් තියනවා. මේ නිසා ඔබගේ දේශනවල පලදායිතාව සහ කාවදින ගතිය (impact) අඩුවෙනවා කිලය මට හිතෙනවා.
උදාහරණයක් හැටියට ඔබගේ ලගදීම කරපු ලින්ච් දේශනය ගත්තොත්:
ඔබ පටන්ගන්නේ “මේ වෙලාවේ ලංකාවේ යථාර්තයට අභියෝග කරන ප්රවර්ග 2යි ඉන්නේ, Pervert සහ Hysteric…”
ඊටපස්සේ දීප්ති කියනවා
“Pervert කියන්නේ මෙන්න මේවගේ දෙයක් ….”
ඒවුනාට එක ඉවරකරන්නේ : “….හිස්ටරික් කියන්නේ ඔන්න ඕකට.” කියල
ඊළඟට දීප්ති හිස්ටරික් එකේ definition එක ඉදිරිපත් කරනවා.
ඊටපස්සේ දීප්ති අයෙත් පටන් ගන්නවා “ඊළඟට පර්ව්ර්ට් අය, පර්වර්ට් කියන්නේ..” එහෙම කියල ආයෙත් කියනවා “දැන් මේ හිස්ටරික් කියල කිව්වහම ගොඩක් අය හිතනවා…..”
ඉතින් දීප්ති රාජපක්ෂ මහත්තවයි සජීන් වයි දෙන්නම පර්වර්ට්ල විදිහට හදුන්වල දුන්නත් පර්වර්ට් කියන්නේ මොකද්ද කියල කියන්නේ නැහැ.’
මෙතැනදී මේ definitions දෙක වැදගත් වන්නේ මම තේරුම් අරන් තියන හැටියට, මේ දෙකේම Psychological definition එක philosophical definition එක අතර වෙනසක් තියන නිසා. මොකද අපි සාමාන්යයෙන් පර්වර්ට් – Pervert- කියන්නේ විකුර්ති ආශාවන් තියන අයට (pedophiles ලා වගේ) හිස්ටරික් කියන්නේ හැමදේටම ඕනවට වඩා කලබලවෙන කෑ කෝ ගහන අයට. ඉතින් මේ අතර වෙනස පැහැදිලි කිරීම ඉතාම වැදගත් කියලයි මම හිතන්නේ.
අනික් අතට අපේ කට්ටිය 365 දවසෙම බණ අහන උදවියනේ. ඒ නිසා මුල, මැද, අග පිළිවෙලට යන දේශණ තමයි කනට හුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබගේ දේශණ ටිකක් සැලසුම් සහගතව කලොත් හොදයි කියන එක තමයි මගේ අදහස.
දැනට මෙතනින් නවතින්නම්
ඔබේ 27 වනදා දේශනය සාර්ථක වේවායි සුබ පැතුම් සමගින්
වසන්ත ප්රේමරත්න
හිතවත් දීප්ති,
ලැබුන කෙටි වේලාවකදී මගේ පළමු ලිපියට ටිකක් එකතුකරන්න හිතුන,විශේෂයෙන්ම ඔබ එකට පිළිතුරක් සමග එය Publish කරන්න හිතන නිසා.
ප්ර්වර්ට් සහ හිස්ටරික් යන සංකල්ප දෙක මම දැනට තේරුම් අරගෙන තියන විදිහට අපට වැදගත් වන්නේ එහි දාර්ශනික අර්ථයෙන්. මෙහිදී ඉතා සරලව කිව්ව්වොත් හිස්ටෙරික් -hysteric- කියන්නේ සියලු දේ ප්රශ්න කරන්නා සහ ප්ර්වර්ට්-pervert- කියන්නේ පවතින ක්රමයට වරුද්ධව – Transgression- වැඩකරන්නා.
මේ දෙදෙනා වැදගත්වන්නේ මේ දෙදෙනාම දෘෂ්ටිවාදයකට හසුකරගන්න බැරි නිසා.
මම හිතන්නේ මේක පැහැදිලි කිරීම වැදගත් ලින්ච් ඇතිව හෝ නැතිව.
මම හිතනවා එහෙම මම කියන එක නිවැරදියි කියල?
දෙවනුව මේ ලින්ච් දේශනය අහගෙන ඉන්නකොට මට හිතුනේ දීප්තිට මේ ලංකාවේ පක්ෂයක් හදන එක දුෂ්කර කදුනැගීමක් (uphill struggle) වගේ වෙන එක පුදුමයක් නෙවේ කියල.
මම එහෙම කියන්නේ දීප්ති මුලින්ම කියනකොට ETKA, SAITM ප්රශ්න නෙමෙයි කියල , “අද අමාරුවෙන් ඉගනගෙන ලංකාවේ විශ්වවිද්යාල වලට ගිහින් තමන්ගේ ළමයින් එංගලන්තේ යවන්න තටමන පන්තියකට…” කියල, විශ්වවිද්යාලවල දැනට ඉන්න සහ ඉන් පිටව ඒකී උවමනාව සඳහාම නැහීගෙන මුදල් හොයන දොස්තරලා, විශ්වවිද්යාල ආචාර්යවරු, රජයේ උසස් නිලධාරීන් ඇතුළු 95 %ක් දීප්ති එක්ක වයිර බැඳගන්නවා. ඒ දීප්ති කියන දේ ඇත්ත කියල ඒ අය දන්නා නිසා. ඊළඟට ජාත්යන්තර සබඳතා ගැන දීප්ති කරන [සියයට දෙසීයක් නිවැරදි] analysis එකෙන් තව 90% තරහ වෙනවා. අන්තිමට සජින් විදේශ ඇමති කරන්න ඕනේ කිව්වහම තව ‘වැදගත්’ මහත්තුරු, නෝනලා 99% විතර දීප්තිට ගහන්න බෝතල්,ගල් ගඩොල් හොයනවා.. ඉතින් මම අහන්නේ කොහොමද දීප්ති මෙහෙම කතාකරලා පක්ෂයක් හදන්නේ කියල?
ඉතින් මම හිතන්නේ මුලින්ම දීප්ති කරන්න ඕනේ මූලික සංකල්ප ඉතා සරලව පැහැදිලි කරන එක සහ ඒවා වත්මන් තත්වය දෙශපාලිනකව කියවගන්න ඉවහල් වන්නේ කොහොමද කියන එක පැහැදිලි කරදීම. මේක දීප්ති හොඳට කරනවා [ලින්ච් දේශනයේ] මුල් හරියේදී – සජින්ගේ කතාවෙන් content, form අතර වෙනස ඊළඟට අගමැති කාර්යාල කතාවෙන් Reality සහ Real අතර වෙනස පැහැදිලි කරන එකෙන්.
එත් ඊළඟට දෘෂ්ටිවාදය, යථාර්තය නිපදවීමේදී එළියටයන X සාධකය සහ දෘෂ්ටිවාදය අතර සම්බන්දය, ෆැන්ටසිය, ආශාව ආශාවේ සාරය සහ ෆැන්ටසිය අතර සම්බන්දය, gaze කියන සංකල්ප පැහැදිලි කරනකොට දීප්ති ඒ සඳහා අවශ්ය කාලය සහ සරල උදාහරණ නොගැනීම තුල ඒ උත්සාහය ගොඩක් දුරට අසාර්ථක වනවා කියන එක මගේ හැගීමයි.
ලින්ච් ගැන මට දීප්තිගෙන් අහන්න තියෙන්නේ මී වගේ ප්රශ්නයක්: “ලින්ච් එතරම් කෙරුමෙක්ද?” මටනම් හිතෙන්නේ දීප්ති, ජිජැක් වගේ අය සමහර සංකල්ප පැහැදිලි කරන්න උදාහරණවලට ගත්තට ලින්ච් ගේ සිනමාකරණය එතරම්ම වැදගත් කමක් නැහැ කියන එක. මට Blue Velvet ච්ත්රපටිය ගැන මේවගේ කියවීමක් තියෙන්නේ:
ලින්ච් කියන්නේ ඇමෙරිකාවේ තියන ඇති සුන්දර, වැදගත් සමාජයේ සංගත භාවය (පළමු දර්ශනය)බිදින්නේ අදුරු අත්හැර දැමු ගොඩනැගිලි වල ජීවත් වන, විකුර්ති කාම ආශාවන් ඇති, සියලු සමාජ විරෝධී ක්රියාවලට වගකිවයුතු නපුන්සකයින් වගේ කට්ටියක් (බලන්න ෆ්රෑන්ක් ගේ යාළුව බෙන් සහ ඔහුගේ ගෙදර ඉන්න අනෙත් කට්ටිය දිහා) නිසා, යම්දිනක මේ අය විනාශ කරපුවම නැවතත් අර සුන්දර වැදගත් පරිසරය අමෙරෙකනු සමාජයට ලැබෙනවා කියනඑක (නැවතත් පළමු දර්ශනය සහ රොබින් කුරුල්ලා ජෙෆ්රිගේ ගෙදර ජනේලය උඩට පැමිණීම (ඔහුගේ මිතුරිය කලින් විස්තර කරන සිහිනයටම අනුව).
ඉතින් මේක අමෙරෙකානු දෘෂ්ටිවාදයේ බොළඳ ඉදිරිපත්කිරීමක් නෙවෙයිද?
ඩොරතිගේ ආශාව ලින්ච්ගේ sexual fantasy එක වෙන්න බැරිද?
මම හිතන්නේ දීප්ති සහ ජිජැක් න්යායික සංකල්ප පැහැදිලි කරන්නට මේ චිත්රපටි තෝරාගැනීමේදී මේ ච්ත්රපටි වලට නොලැබිය යුතු වැදගත් කමක් ලැබෙනවා කියල. ඒ සමගම සංකල්ප පැහැදිලිකිරීමේ කුඩා කොටසට ප්රමුකත්වයක් දෙන එක තුල චිත්රපටියේ නියම “දෘෂ්ටිවාදී උගුල” මගහැරෙනවා කියල.
එක උදාහරණයක් හැටියට ජිජැක් දෘෂ්ටිවාදය ගැන පැහැදිලි කරන්න නිතර නිතර කියන ජෝන් කාර්පෙන්ටෙර් ගේ They Live (1988)චිත්රපටිය ගමු. මේකෙදි ඇයි ජෝන් නාඩාට [සංකේත ලෝකයට යටින් ඇති ] සැබෑව දැකියහැකි Sun glasses තියන පෙට්ටිය අත්හැරදැමූ ක්රිස්තියානි පල්ලියක් ඇතුලේ තිබිල හම්බවෙන්නේ? මෙතන නෙම්යිද චිත්රපටියේ දෘෂ්ටිවාදය තියෙන්නේ?