සාමාන්‍ය මිනිසුන්ගේ භාෂාව සහ දේශපාලන ව්‍යාපාරවල භාෂාව අතර පුළුල්ම ‘පරතරය’ විද්‍යාමාන වන සමාජයක අපි ජීවත් වන්නෙමු. මින් ගම්‍ය වන එක තලයක් වන්නේ, අප ජීවත් වන සමාජය පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී එකක් වීමයි. ඉන් අදහස් වන්නේ, අපව සැබැවින්ම පාලනය වන්නේ වෙළෙඳපොළ තර්කනය මගින් යන්නයි. වෙළඳපොළ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ, ඉල්ලුම සහ සැපයුම අනුව ය. ඒවා චක්‍රාකාර ය. මෙය අදහස් තලයට ද අදාළය. අදහස් වලට නෛසර්ගික වටිනාකම් නැති අතර ඒවා කිරා මැන බැලෙන්නේ, වෙළෙඳපොළ යථාර්තය තුළදී ය. අදහසක් හොඳ හෝ ප්‍රයෝජනවත් යන අදහස බැඳී ඇත්තේ වෙළදපොළ ඉල්ලුම අනුවය. නූතන ධනවාදය මිනිසුන් පාලනය නොකරන අතර ධනවාදී ආර්ථිකය පාලනය කරන්නේ මිනිස් ශරීරය යි. ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය ගැන කුතුහලයක් නැති මිනිසුන් කොලෙස්ටරෝල් පාලනය ගැන උත්සුක වෙයි. තමන් ජීවත් වන පළාත් පාලන ආයතනයේ ආදායම්, වියදම් ගිණුමට වඩා මිනිස්සු ‘ව්‍යායාම- උද්‍යාන’ ගැන උනන්දු වෙති. අදහස් පාලනය කිරීමට වඩා ශරීරය පාලනය කිරීම පහසුය.

          අනෙක් පැත්තෙන් වැඩ කරන පන්තිය නැතහොත් පරණ අර්ථයෙන් කම්කරු පන්තිය මේ වන විට, සහමුලින්ම ජාතිවාදය පැත්තට ඇදී ගොස් ඇත.  කාන්දමකට ඉඳිකටු ඇදී යන පරිදි ඊනියා ප්‍රගතිශීලී ව්‍යාපාර සියල්ලම පාහේ ජාතිවාදීය. ඔවුන්ගේ ගැටලුව වන්නේ, අනෙකා ඔහුගේ/ ඇයගේ විනෝදයට සම්බන්ධ වන ආකාරය යි. උදාහරණයක් ලෙස, සුමිත් චාමින්ද වැන්නෙකු X කණ්ඩායමට තමන්ගේ ඇති අතීත සම්බන්ධය මැකීම ‘අර්ථයට’ වඩා සම්බන්ධ වන්නේ, ‘විනෝදයටයි’. ඔවුන්ගේ ‘නම’ –Name– මා ලියුවහොත් ඉන් ඔවුන් ලබන විනෝදයෙන් මා විනාශ වීමට හැකිය. නැතහොත් ඔවුන් (x) මට වඩා ජනප්‍රිය වී මා වියැකී යනු ඇත. මෙම තත්ත්වය  අනෛතිහාසික වන අතර ඉතිහාසවේදයකි. එනම්, වර්තමානයට අතීතය සම්බන්ධ නැති අතර ‘සකස් කළ වර්තමානය’ සදාතනිකය. මේ සියලු සංඝටක අයිති වන්නේ, වාම දේශපාලනයට නොව වර්ගවාදයටයි. ඒවා අමතන්නේ, බුද්ධියට නොව දේශපාලන ෆැන්ටසිවලටයි.

             2005 වර්ෂයේ සිට අද දක්වා පැවති දේශපාලනය කෙටියෙන් සාරාංශගත කළහොත්, 2005 වර්ෂය යනු , සිංහල ජාතිවාදයේ සුරතාන්ත මොහොතයි. ‘ජනතා විමුක්ති පෙරමුණ’ වැඩියෙන්ම රහසිගතව දෙමළ විරෝධය ඇවිස්සුවේ මෙම ඡන්දයේදී ය. කවදා හෝ දවසක LTTE-ය පරාජය කළ දිනක එහි ධජය ඔසවන්නේ, තමන් මිස මහින්ද රාජපක්ෂ නොවන බවට ඕනෑ තරම් ජනතා විමුක්ති පෙරමුණ එකල වහසි බස් දෙඩෙව්වේය. මෙම දෙඩවීම නිසා මධ්‍යම පන්තියේ විශ්වාන්තරවාදී කොටස සහ වැඩ කරන පන්තිය ලංකාවේ වමට තීරණාත්මක ලෙස අහිමි විය. මෙය හරියට, ප්‍රංශ සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීත්වය නිසා ප්‍රංශ වැඩකරන පන්තිය ‘මාරි ලපේන්ගේ’ ජාතිවාදයට එකතු වූවා වැනිය. ඒ නිසා, අද ප්‍රංශ සමාජවාදීන් සමඟ සිටින්නේ විගාමිකයින් සහ ඉහළ මැද පන්තිය පමණි. අද ලංකාවේ රාජපක්ෂවාදයට එරෙහි වී සිටින්නේ, රට තුළ විගාමිකයන් වූ සුළු ජාතිකයන් පමණි. මෙය, අප සිතනවාට වඩා ව්‍යූහාත්මක ගැටලුවකි.

             2004 වර්ෂයේ අපගේ දේශපාලන සංවිධානයේ සෙනසුරාදා පෙරවරුවේ පවත්වන ලද අධ්‍යයන පංතිවල ‍ප්‍රධාන දයලෙක්තික ප්‍රතිරෝධය වූයේ, අර්නෙස්ටෝ ලැක්ලෝගේ දේශපාලන න්‍යායන් සහ ලැකානියානු න්‍යායන් අනුදත් මාක්ස්වාදී දෘෂ්ටිවාදී විචාරය යන අන්ත දෙකෙන් ව්‍යාපාරයේ ඉදිරි දර්ශනය සකස් කරගන්නේ කෙසේ ද යන ගැටලුවයි. මෙම දෙබෙදුම අතරින් අප කළ යුත්තේ, යම් සංස්ලේෂණයක් ද (නරක දේ හලා හොඳ දෙය ගැනීම) විශ්ලේෂණයක් ද යන්න පවා නායකත්වයට පැවැතියේ විරුද්ධාභාසයකි. තතු මෙසේ පැවතෙද්දී, බණ්ඩාර නම් සාමාජිකයා කොළඹ ස්ත්‍රීන්ගේ ශරීරයෙන් ලද හැකි විනෝදය ගම්බද ස්ත්‍රී ශරීරයෙන් ලබන විනෝදයට වඩා වැඩිය යන සමපේක්ෂණයට පැමිණ (පුරුෂවාදී භාෂාවෙන් මෙය කියන්නේ, ගමේ බඩුවලට වඩා නගරයේ බඩු පිරිමින්ට වැඩියෙන් ආතල් දෙනු ඇත යන සටන් පාඨයයි.  මෙම ප්‍රවාදය වැඩියෙන්ම විශ්වාස කරන්නේ, විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවල පිරිමි ගුරුවරු විසිනි. මෙම තත්ත්වය න්‍යායක් ලෙස ලියනගේ අමරකීර්ති ‘අටවක පුත්තු’ නවකතාව තුළ ලියා ඇත. ධම්ම දිසානායක ද මෙම අදහස ක්‍රියාව තුළ තහවුරු කරන්නෙකි.) හුදෙකලා කැරැල්ලක් වෙනුවට සාමූහික කැරැල්ලක් නිර්මාණය කළේය. ඔහු හඳපානේ කෙල්ල සමඟ පැන යන්නේ නැතිව ඒ සඳහා පෙරහැරක් සංවිධානය කළේය. සංවිධානයේ නායකත්වය හිට්ලර්ට සමපාත කරන ලද අතර අපගේ ව්‍යාපාරය නාසි පක්ෂයට තුල්‍ය කළේය. වම්මුන් යන මෝඩයන් මොහුගේ උගුලට අසුවිය. 

          මේ අවි අස්සේ, අපගේ සූත්තර පුංචා වූ සුමිත් චාමින්ද අමුතුම නාමකරණයක්-naming– සමාජයට හඳුන්වා දුන්නේය. ශබ්ද පටයකින් පවා අප මීට පෙර හෙළි කළ පරිදි චමින්ද ඉහත කිසිවෙකු විශ්වාස නොකළ අතර ( ඉඳහිට පිටවල් බදාගෙන ඡායාරූප ගන්නා මුත්) ඔහු තනියම ගේමක් ගසන්නට ගත්තේය. සංවිධානය තුළ කළල මට්ටමින් සාකච්ඡා කළ පශ්චාත් මාක්ස්වාදය කොටසේ අයිතිකාරයා වෙමින්, එහි මූලික කතිකාවේ අයිතිකරුවා බවට ඔහු පත්විය. එනම්, සුභ-යස නාට්‍යයේ වාමාංශික පිටපතයි. ඉන්පසු, කිසිදු ඓතිහාසික පර්යාවලෝකනයකින් තොරව, විවිධ නාටක ජවනිකා බිහි කළ අතර ඔහුට අවසානයේ මෝඩ පහේ නාගරික ඊනියා ස්ත්‍රියක් හමුවිය.

                2005 වර්ෂයට පසු , අන්ත ජාතිවාදයට ගමන් කළ ජනතා විමුක්ති පෙරමුණ (ජාතිවාදය උපයෝගිතා න්‍යායක් කළ කුමාර් ගුණරත්නම් ද ඇතුලත්) තුළින් ඛණ්ඩනය වූ කොටස චාමින්දගේ පශ්චාත් මාක්ස්වාදී බොරු කකුල් න්‍යායට වශි විය. හරිනම්, පුබුදු ජයගොඩ කළ යුතුව තිබුණේ, පක්ෂයෙන් ඉංග්‍රීසි භාෂාව දන්නා සහෝදරයෙක් සමඟ ලැක්ලෝ සහ මුෆ්ගේ ප්‍රධාන කෘති දෙක හෝ කියවීම මිස බොරු කකුල් කාරයකුගේ තුවාල පටිවලින් තමන්ගේ ඇඟ වෙලා ගැනීම නොවේ. අපගේ සංවිධානයේ අධ්‍යාපන ව්‍යුහය තුළ පැවැති විරුද්ධාභාසයෙන් එක කොටසක් ලංකාවේ සමාජ අර්බුදය විසඳන එක් ව්‍යාජ උත්තරයක් බවට පසුව පත්විය. 

           2004 වර්ෂයට පසුව, අධිරාජ්‍යවාදය නූතන ආකාරයකින් සංකල්පගත කර ගැනීමට නොහැකි සන්දර්භය තුළ බිහි වූ අන්තර්ජාල මෘදුකාංගයක් වූ ‘මුහුණු පොත’ නිසා තත්ත්වය තවත් සංකීර්ණ විය. චාමින්දගේ බොරු කකුල් ලැක්ලාව්වාදයට අමතරව, අධික අනන්‍යතා අර්බුදවලින් පෙළෙන සහ මානසික නුහුගුණකාරයන් රංචුවක් විසින් තම තමන්ට රිසි සේ, අපගේ සංවිධානය කළල මට්ටමින් පෝෂණය කළ න්‍යායික අදහස් ජෝක් කරන්නට පටන් ගත්තේය. දන්නෙ නැති තාලයට තමන්ටමත් කෙළවාගෙන මෙම තත්ත්වය පසුගිය කාලයේ පෝෂණය කරන ලද්දේ, හිත හොඳ කල්‍යා පෙරේරා සහ හැමදාම බඩින් ඉන්නා ආදරණීය රංජීජීජීත් මහතාය. (මෙය අපහාසයක් නොව, ඔහුගේ බිරිඳ ඔහුට ආමන්ත්‍රණය කරන ආදරණීය නමයි.)

            දැන් අපි ලැක්ලාව්වාදයේ ප්‍රොබ්ලමැතිකය හඳුනා ගනිමු. එනම්, නිශ්චිත දේශපාලන ගැටලුවකට නිශ්චිත උත්තරයක් නොමැතිව, උත්තර සමූහයක් ඉදිරිපත් කිරීම නිසා හට ගන්නා ව්‍යාකූලත්වයට යම් දේශපාලන සන්දර්භයක් ලකුණු කරන්නේ කෙසේද? අපි සරලව, මෙසේ පටන් ගනිමු. පළමුවෙන්, අපි ගැටලුව කුමක්දැයි වටහා ගමු.

              93 වර්ෂයේ සිට ‘ජනතා විමුක්ති පෙරමුණ’ නැවත සංවිධානය වීම ඇරඹි යුගයේ සිට ඔවුන් උත්සාහ කරන ලද්දේ, තහවුරු වූ නිදහස් වෙළඳ ආර්ථිකයක ජීවත් වන ජනයාට යම් විකල්ප කතන්දරයක් ඉදිරිපත් කිරීමට යි. එය කළ යුතුව තිබුණේ, සාම්ප්‍රදායික විපක්ෂ දේශපාලනයට පිටත අවකාශයක සිටයි. ඔවුන් ඒ සඳහා තෝරාගත් නැංගුරම් ලක්ෂය වූයේ, ද්‍රවිඩ බෙදුම්වාදයයි. එනම්, බෙදුම්වාදයට එරෙහි සිංහල ජාතික අභිලාෂය යි. බාහිරින් කුමන දේ කීවත් සංවිධානයේ අභ්‍යන්තරයේ පැවති දේශපාලන  සංවාදය වූයේ, බෙදුම්වාදයට එරෙහි අරගලය යි. ඇත්තටම, ඔවුන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් උද්ඝෝෂණ ආකෘති හරහා කරන ලද්දේ,මෙම අරගලය යි. 2005 වර්ෂයේදී, ‘මහින්ද රාජපක්ෂ’ නම් අන්තර්ගතය හිස්වී ආකෘතිය පමණක් ඉතිරි වීමට නියමිත ‘හැඟවුම්කාරකය’ (හැඟවුම්කාරකය යනු, සංඥාව (sign) නොවේ. ජවිපෙට මෙම සියුම් වෙනස කියවීමට නොහැකි විය. මිනිසාගේ සිහිකටයුතු ලෝකයට සංඥාව සම්බන්ධ වුවත් මිනිස් අවිඥානය ක්‍රියාත්මක වන්නේ, හැඟවුම්කාරකයේ තර්කය මතය.) ජනතා විමුක්ති පෙරමුණ සිය කැමැත්තෙන් තෝරා ගත් අතර (මෙය LTTE-ය උපායමාර්ගික සැලසුමක් තුළ කියවීය. ඔවුන්ටත් සංඥාව සහ හැඟවුම්කාරකය අතර වෙනස කියවීමට නොහැකි විය. ආත්මීය විනෝදය සංවිධානය කරන්නේ, සංඥාව නොව හැඟවුම්කාරකය යි.) එමඟින්, ඇති වීමට නියමිත අනාගත දයලෙක්තික ආචරණ ගැන සොයා බැලීමක් කළේ නැත. දේශපාලනයේදී, දයලෙක්තික සංකල්පය මඟහැරිය හැකි දෙයක් නොවේ. LTTE-යේ නැග්මට සිංහල ජාතිවාදය හේතුපාදක වූ අතර එහි විනාශයද රැගෙන ආවේ සිංහල ජාතිවාදය යි. LTTE-ය තක්සේරු නොකරන ලද්දේ, මෙහි දෙවන අදියරයි. දයලෙක්තික තර්කයේදී පළමු පියවරේදී, සාධනීය සංඝටක දෙවන අදියරේදී, නිශේධනාත්මක වෙයි. ඒ අනුව, දයලෙක්තිකය චින්තනයෙන් චලනය සලකුණු කරන නමුත් දෙවන අදියරේ දී චින්තනයට ගත නොහැකි ශේෂයක්-Real or jouissance– අපගෙන් ගිලිහෙයි. එනම්, අඩුවෙයි (subtraction). දයලෙක්තික ක්‍රමය යනු, සමතික්‍රමණයක් නොව, ‘දෙයක්’ අපගෙන් නොදැනුවත්ව ඉවත් කරන්නකි. LTTE-ය තම සංවිධානය සිංහලයාට එරෙහිව ගොඩනගන විට, එහිදී ඔවුන් ‘දෙමළ-අප’ නිපදවන අතර එහි අතුරු ඵලයක් ලෙස ‘සිංහල- ඔවුන්වද’-sinhala enjoyment- නිර්මාණය කරයි. Mao වැනි මාක්ස්වාදී චින්තකයෙකු LTTE-යට සිටියේ නම්, (දයලෙක්තිකය මැනවින් ප්‍රගුණ කළ) අවසන් සටනට පෙර ඔහු විසින් ‘සිංහල-ඔවුන්ගේ’ නායකයන් විනාශ කිරීමට උපදෙස් දෙනු ඇත. නිශ්චිත මොහොතේ දී, තම වර්ධනයට උපකාර කළ චීන ජාතිකවාදය යම් මොහොතකට පසු මාඕ විනාශ කළේ ඒ නිසා ය.

           දැන් අපි අපේ ගැටලුව සංවිධානය කරමු.

‘‘ඇයි ‘ජනතා විමුක්ති පෙරමුණ’ වසර 12ක් පමණ සංවිධානය කළ සිංහල ජාතිකවාදයේ ධජය ඔවුන්ට නොලැබී මහින්ද රාජපක්ෂ අතට ගියේ?’’

               ඉහත ගැටලුවට සමාජ විද්‍යාත්මක පිළිතුරක් නොමැත. එපමණක් නොව,ට්‍රොට්ස්කිවාදී අර්ථයෙන්,වාස්තවික පිළිතුරක්ද සෑහෙන්නේ නැත. ජනතාවට හෝ මිනිස්සුන්ට නම් (Naming) තැබීමට හෝ ඔවුන්ට ඇමතීමට ඕනෑම කෙනෙක් සුදුසු නැත. සාමාන්‍ය ජන විඥානයට අනුව, මිනිසා කැමති ඔවුන්ට කරුණාවෙන් අමතන අයටයි. සාම්ප්‍රදායික ඇමතීමක් (භික්ෂුවක්, නායකයෙක්, ගුරුවරයෙක්, පොලිස්කාරයෙක්) නිසා මිනිසෙකු හැරී බලන බව සත්‍යය. උදාහරණයක් ලෙස, ටිල්වින් සිල්වා කියන දෙයකට හැරී බලන මිනිස්සු ලංකාවේ ඕනෑ තරම් සිටිති. ඉන් අදහස් වන්නේ, දෘෂ්ටිවාදයන්ගේ ඇමතීමට (උදා:-බෙදුම්වාදය) මිනිසුන් හැරී බලන බව සැබෑය. දෘෂ්ටිවාදයට එතනින් එහාට දෙයක් කළ නොහැකිය. මන්ද, මිනිසාෙග් සැබෑ ආත්මයන් පිහිටන්නේ, මෙම ඇමතුම අසමත් වීමට පසුව නිසාය.[after this call] කෙටියෙන් කිවහොත්, දෘෂ්ටිවාදී ඇමතුම අවසන් වූවාට පසුව තමයි මනෝවිශ්ලේෂණ නියෝගය ක්‍රියාත්මක වෙන්නේ. චාමින්ද ලියන්නේ, පශ්චාත්-මාක්ස්වාදය බව සැබෑ මුත් ඔහු යටත් වන්නේ, නාගරික කාමුක ස්ත්‍රී ශරීරයටයි. ඔහුව ආසනයෙන් නැගිටුවා රූකඩයක් මෙන් ඇවිද්ද විය හැක්කේ, අදහස් වලට නොව විනෝදයෙන් ගිනි ගන්නා , රහස්‍ය , කොළඹ යයි ඔහු සිතා සිටින ස්ත්‍රී ශරීරයටයි. දෘශ්‍යමානයට අනුව, ජනතාව කැමති වන්නේ තමන්ගේ අභිලාෂ සම්පූර්ණ කරන නායකයන්ට ය. නමුත් සැබැවින්ම ඔවුන් ආශා කරන්නේ, තම අභිලාෂ විනාශ කර දමන්නන්ටය. මන්ද, ඔවුන් දෘෂ්ටිවාදී ආත්මයන්-ideological subjects- සහිත මිනිසුන් වීම නිසාය. 

                සුමිත් චාමින්දගේ පශ්චාත්-මාක්ස්වාදය ජනප්‍රිය මාධ්‍යවල නැගලා යන්නේ, ඔහුගේ අදහස් නිසා නොව ඔහුගේ යටින් ඇති වලත්තකමට මිනිසුන් ආශා කරන නිසා ය. දීප්ති වැනි පුද්ගලයෙකු මෙම වලත්ත වැඩ වලට විරුද්ධ නිසා (චාමින්ද ඔහුගේ සතුරෙකු යැයි මිනිස්සු අනුමාන කරන නිසාත්) බහුතර ජනයා මතුපිටින් ඔහුට විරුද්ධ ය. ජනතාව ඉල්ලන්නේ, රහසින් තමන්ගේ වලත්තකම ආරක්ෂා කරන නායකයන්ය. මන්දයත්, දෘෂ්ටිවාදය (බෙදුම්වාදය පවා) අවසන් වශයෙන් පොරොන්දු වන්නේ, අර්ථයක් හෝ දේශපාලනයක් නොව අශ්ලීල වලත්තකමක් නිසා ය. යුද්ධ කරන්නට ගිය අය ඊට සම්බන්ධ නැති ඉසිප්‍රියා දූෂණය කරන්නේ ඒ නිසා ය. එබැවින්, අප බැලිය යුත්තේ චාමින්දගේ ලිපි සහ ඔහු අසළ අසිහියෙන් හිස්ටෙරිකව නර්තනයේ යෙදෙන නාගරික කල්පිත ස්ත්‍රීය අතර ඇති අසම්පාතය යි.[Parallax Gap] එය ඔහුගේ ආත්මීය පිහිටුමයි.[Subjectivity] විසංයෝජනය කළ යුත්තේ, පශ්චාත් මාක්ස්වාදය හෝ නාගරික ස්ත්‍රිය නොව මෙම කල්පිත ආත්මයයි.

 එසේ නම්, ලැක්ලාව්වාදය විඥානවාදයෙන් ඉවත් වන්නේ කෙසේද?

Party Team

 

 

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here