ශිෂ්ටත්වයේ සිහිනය...|Tuesday, September 26, 2017
You are here: Home » News » මේ ගම මැදින් ගලනා ගඟ මනහරය

මේ ගම මැදින් ගලනා ගඟ මනහරය 

12743774_1027466830645437_8317669336595246015_n

 

මේ ගම මැදින් ගලනා ගඟ මනහරය

ඉවසීම ආගමක් තරම් අදහන, දේශපාලනය තිත්ත කසායක් ලෙස සලකන, දෘශ්යමානය යථාර්ථය සමඟ තුල්ය කරන, සමාජයක ‘රාවය’ පුවත්පතේ හිටපු කතුවරයා වන වික්ටර් අයිවන් මහතාට රෝහණ විජේවීර ගැන පහත ආකාරයේ අදහස් මතුවීම අහම්බයක් නොවේ .විජේවීරවාදය’ ගැන අයිවනියානු න්යායික අදහස් පහත ආකාරයට සාරාංශගත කළ හැකිය.
 මිනිසුන් අතර ලොකු භීතියක් ඇති කර ඒ ඇති වන්නට යන ව්යසනයෙන් මිනිසුන් ගලවා ගැනීමේ හැකියාව තමන්ට ඇති බව පෙන්නුම් කිරීම නායකයකුට අනුගාමිකයන් දිනාගැනීම සඳහා යොදාගත හැකි පහසු මාර්ගයක් ලෙස සැලකිය හැකියග මාගේ ගැටවර කාලයේ දී මම ද විජේවීරගේ දේශපාලන අනුගාමිකයෙක් වීමිග 70ට පෙර ඔහු අප වැනි අයට භීතිකා දෙකක් මවා පෑවේය. එකක් ඇමෙරිකන් භීතිකාවය. අනෙක ඉන්දියානු භීතිකාවය. මේ රටවල් දෙකම ඔහු චිත්රවත් කළේ ලංකාව ග්රහණය කර ගැනීමට දත් විලිස්සාගෙන සිටින බිහිසුණු රකුසන් දෙදෙනකු ලෙසය. 70ට පෙර ඔහු මෙම රකුසන් දෙදෙනා අතරින් ප්රමුඛ රකුසා ලෙස සලකන ලද්දේ ඇමෙරිකාවය. ඔහු දෙවන කැරැල්ලේ දී ප්රමුඛයා ලෙස ගත්තේ ඉන්දියාවය.ඒ කාලයේ අද මෙන් ලොකු විදේශ සංචාරක හෝටල් නොතිබුණේය. බෙන්තොට බීච් හෝටලය ඉදිකෙරෙමින් තිබුණේ ඒ කාලයේය. විජේවීර අපට කීවේ එය සංචාරක හෝටලයක් නොවන බවත් එය ඇමෙරිකන් බලකොටුවක් බවත්ය. ඔහු වැඩිදුරටත් කීවේ සංචාරක හෝටලයකට ඒ සා විශාල ගල් තාප්පයක් අවශ්ය නොවන බවත් එය සංචාරක හෝටලයක් මුවාවෙන් ඉදිකෙරෙමින් තිබෙන ඇමෙරිකන් බලකොටුවක් වන බවත්ය. ඔහු එම හෝටලයට දෙන ලද අර්ථකථනය සේම ඇමෙරිකානු වුවමනාව මත හමුදා ආණ්ඩුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවට ඔහු කරන ලද විවරණය ඔහුගේ අනුගාමිකයන් බවට පත්ව සිටි අප සියලු දෙනා තරයේ විශ්වාස කළා පමණක් නොව ඒ සියලුදෙනා එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ඇති වන්නට යන හමුදා ආණ්ඩුවක් පිළිබඳව ඇති කරගත් බිය මුල් කරගත් සාමූහික උමතුවකින් ක්රියා කරන පිරිසක් බවට ද පත්වූයේ යැයි කිව හැකිය.

89 දෙවන කැරැල්ලේ දී මා ඔහුගේ දේශපාලන අනුගාමිකයකු නොවීම නිසා ඔහු විසින් කරමින් තිබුණු බිහිසුණු අත්හදා බැලීම පිටස්තර විචාරකයකු ලෙස බලා සිටීමේ හැකියාව මට ලැබුණි. ඔහු සිය දෙවනි කැරැල්ල කරළියට ගත්තේ ඉන්දියානු ආක්රමණයට එරෙහිව පීතෘ භූමියේ නිදහස වෙනුවෙන් කරන දේශපේ්රමී යුද්ධයක් යන තේමාව යටතේයග.ඒ කාලයේ ඉන්දියානු භාණ්ඩ විකිණීම සහ මිල දී ගැනීම පවා මරණ දඬුවම ලැබිය යුතු වරදක් බව ප්රකාශ කර තිබුණි.
- රාවයල 2016-02-28

වික්ටර් අයිවන් විසින් සමාජ යථාර්ථය අභිරහස්කරණය කිරීම ගැන තම අනෙකාට චෝදනා කරයිග ඔහුගේ අනෙකාිවිජේවීරය’ග යථාර්ථය ඝණීභූත වූල එක තැන පල් වන ප්රපංචයක් නොව එය චල්යකාරීයග අයිවන්ට විජේවීර ගැන ඇති චෝදනාව වන්නේ තමාව නින්දෙන් ඇහැරවීමයග එසේ ඇහැරවීම නිසා දරුණු අලකලංචි විශාල සංඛ්යාවක් සිදු වූ බව පිළිගත හැකියග 71 අපේ්රල් පරම්පරාව යනු මෙම අලකලංචිය ගැන කතා කරනිසාධාරණ සමාජයකිග’ියමක්’ එයටම [a=a] අනන්ය වීම රූපිකය වික්ටර් අයිවන් = වික්ටර් අයිවන්. නමුත් අප යථාර්ථය වටහා ගැනීමට දයලෙක්තික සිතීම පාවිච්චි කරන්නේ නම් වික්ටර් අයිවන් විසින් ලියා ඇත්තේ විජේවීර මුණගැසුණු නිසා සිදු වූ නිශේධනයක් පමණිග මෙහි ධනාත්මක පැත්ත කුමක්ද? ගාල්ලේ ගමක උපත ලැබූ නිහඬ ගැමියෙක් අද වන විට රටම දන්නා ලියන-කියන-හිතන නාගරිකයෙක් වී ඇතග ඊට අමතරව ඔහු ඔහුගේ ජීවිතයේ ආරම්භයේ වෙලී සිටි දරිද්රතාවයෙන් මුක්ත වී ලිබරල්-ප්රජාතන්ත්රවාදී මැද පාන්තිකයකු වී ඇත. දැන් ඔහු ජීවත් වීමට සුදුසු මාසික වේතනයක් ලබන මැද පාන්තිකයෙකිග කීර්තිධර ලේඛකයෙකි. මේ සියල්ල සිදු වූයේ ද රෝහණ විජේවීර නිසායග 71 ගොළු පරම්පරාව කටහැකර මුඛරි පරම්පරාවක් වූයේ රෝහණ විජේවීර නිසාය. ඒ ගැන උයන්ගොඩ බුද්ධිමතා පවා නිහඬය. මේ අය දැන් ගත කරන සුවපහසු ජීවිතය තුළ සිටම අවලෝකනය කළ යුත්තේ ඒ ඌන සංවර්ධිත මිනිසා නිසා අපට ගිය කලක්ගගග යන්නය. තමාව අනෙකාගේ ගොදුරක් ලෙස දැකීම ලිබරල් ධනවාදයේ ප්රකට ලක්ෂණයකි, උමතුවකි.
අපි දැන් වඩාත් දේශපාලනික අංශය කරා යොමු වෙමු. රෝහණ විජේවීර යනු ලංකා ඉතිහාසයේ මිනිසුන්ව උමතුව කරා දක්කා බලයට පත් වීමට උත්සාහ කළ බලලෝභී දේශපාලකයෙක් ද? මෙම ප්රශ්නයට නිවැරැදි පිළිතුරක් දීමට අද දක්වා ජනතා විමුක්ති පෙරමුණ අසමත්ය. සාමූහික වාම දේශපාලනයක් වෙනුවෙන් එම චරිතයට හිමි තැන අප ලබා දිය යුතුයග ඒ සඳහා අවශ්ය ආරම්භක ප්රවේශයක් සලකුණු කිරීමට අප දැන් උත්සාහ කරමු. ලංකාවේ බොහෝ ලිබරල් සිතන්නන්ට ජාතිවාදයල ස්ටැලින්වාදයල සමාජවාදය එකට පැටලීම අහම්බයක් නොවේ. මේ තුනම ඔවුන්ට අනුව ඒකාධිපතිවාදයන්ය [totalitarianism] සමස්තවාදයන්ය.
හැඟවුම්කාරක පද්ධතියක් ලෙස ජන සමාජය විග්රහ කරන විට එයට වාස්තවික නිශ්ඨාවක් නැතග මේ හේතුව නිසා අවසාන විග්රහයක දී ඕනෑම රැඩිකල් විමුක්ති දේශපාලනයකට [මාක්ස්වාදයත් ඇතුළත්ව] ඇත්තේ ආත්මමූලික අඩංගුවකි. සමාජයට තමාවම අර්ථකථනය කර ගැනීමේ වාස්තවික මානයක් නැති අතරි ‘සමාජය’ යනු වාස්තවිකත්වයේ සීමාවයි. දේශපාලනයේ නියම ගතිකය යනු පසමිතුරුභාවයයි. ඒ තුළ දී අවසාන නිමේෂය යනු සතුරා-මිතුරා පිළිබඳ භේදය මිස සම්භාෂකයකු නොවේ. අර්නෙස්ටෝ ලැක්ලෝි‘සමාජය යන්න වාස්තවික දැනුමක් ලෙස නොපවතී’’ යනුවෙන් ප්රවාදයක් ගොඩනගන්නේ මේ නිසායග ඔහුට අනුව ජන සමාජය යන්නට දිය හැකි අවසාන නිර්වචනය හිස් බවයි. දේශපාලන බලවේග මේ හිස් බව පිරවීම සඳහා පසමිතුරු භාවිතාවක් අනුගමනය කරයිග සමාජයේ මධ්යය [කේන්ද්රය] හිස් බව මුලින්ම ප්රකාශ කළේ කාල් මාක්ස්ය. මේ හිස් බව ආකෘතියකිග [Form] මේ ආකෘතියට ඔහු කීවේ පන්ති අරගලය කියාය. කිසිවකුට පන්ති අරගලයේ අපක්ෂපාතී කාටත් පොදු පැත්තක් නියෝජනය කළ නොහැකිය. පන්ති අරගලයේ ප්රතිඵලයක් ලෙස අප සියලු දෙනාට ඇත්තේ ද්විතීයික අනන්යතාය. නමුත් ලිබරල්වාදය සිතන්නේ සියලූදෙනාට පොදු වූ අවකාශයක් නිර්මාණය කළ හැකි බවයි.
ඉහත පසුබිම නිසා ඕනෑම ව්යාපාරයක නිර්මාතෘවරයා සහ එය ආකෘතිගත කළ තැනැත්තා අතර දයලෙක්තික ආතතියක් ඇත. ලෙනින් යනු මාක්ස්ගේ න්යාය භාවිතාවක් බවට පත් කළ තැනැත්තා පමණක් නොවේ. ඊට අමතරව ඔහු මාක්ස්ව දේශපාලන පක්ෂය නම් ආකෘතිය බවට පරිවර්තනය කර ඉතිහාසයට මැදිහත් විය හැකි ආයුධයක් බවට පත් කළේය. මේ ආකාරයටම ෆ්රොයිඩ්ගේ න්යාය ලැකාන් විසින් ව්යුහමය ආකෘතියක් බවට පත් කළේය. එසේ නම් අප මෙතැන දීිආකෘතිය’ කියා කියන්නේ කුමකටද? වික්ටර් අයිවන්ට මහින්ද රාජපක්ෂ සහ විජේවීර හෝ ප්රභාකරන් අතර වෙනස මැකී යන්නේ මෙම ආකෘතිය ගැන වූ අනවබෝධය නිසාය.
වික්ටර් අයිවන්ට පෙර මෙම වරද කළ අය මේ ලෝකයේ බොහෝ ජීවත් විය. උදාහරණයක් ලෙස හැනා අරෙන්ඩ් සඳහන් කළ හැකිය. ඇය දාර්ශනික ස්ත්රියක් ලෙස ස්ටැලින්වාදය සහ නාසිවාදය දෘෂ්ටිමය ආකාරයකට තුල්ය කිරීමට උත්සාහ කරයි. වික්ටර් අයිවන් විසින් අධිරාජ්යවාදය අරබයා රැගෙන එන විජේවීර තිසීසය විමල් වීරවංශගේ මතිභ්රමවාදය සමඟ තුල්ය කරයි .අර්න්ස්ට් නෝල්ට්’ නම් ජර්මානු දාර්ශනිකයා සහ ඉතිහාසවේදියා 60 දශකය තුළ ඉහත ගැටුම සාපේක්ෂකරණය තුළ වටහා ගැනීමට උත්සාහ කළේය. ඔහුට අනුව නාසිවාදය යනු කොමියුනිස්ට්වාදයට එරෙහි ප්රතික්රියාවක් පමණි. මේ අදහසට අනුව නාසිවාදීන් මනුෂ්ය වර්ගයාට එරෙහිව කළ අපරාධ යනු සෝවියට් කොමියුනිස්ට්වාදයේම අනුකරණය-[උදා- රහස් පොලීසිල ,සමූල ඝාතන, ව්යාජ නඩු විභාග, සාමූහික ඝාතන මූලස්ථාන වධකාගාර ,අවුට්ස්විට්ස් වෙනුවට ගුලාග්] අප කතා කිරීමට යන්නේ ඉහත ආකෘතිය  ගැනද? වික්ටර් අයිවන් වැන්නකු ඉතා පහසුවෙන් [මෙය සමකාලීන ලිබරල්වාදියාගේ ආත්මීය ස්ථාවරයයි] නාසිවාදය සහ සෝවියට් කොමියුනිස්ට්වාදය එක ගොඩකට දමා විග්රහ කරනු ඇත. ඔහු හෝ හැනා අරෙන්ඩ් වැන්නකුට අනුව මේ දෙකටම පොදු ආකෘතියක් ඇත. එකම වෙනස වන්නේ අනුභූතික තලයක දී එක පිරිසක් පන්ති සතුරකු යෝජනා කරන විට අනෙක් අය යෝජනා කරන්නේ යුදෙව්වන් හෝ දෙමළාය. ලිබරල්වාදියකු සමහර විට සදාචාරාත්මක වශයෙන් ස්ටැලින්වාදයට වඩා වැඩියෙන් නාසිවාදය බිහිසුණු යැයි කියනු ඇත. එසේ නම් විමුක්තිය පැත්තෙන් ගත් කල නාසිවාදය ව්යාජයක් ලෙසත්ල කොමියුනිස්ට්වාදය අව්යාජයක් ලෙසත් පෙන්වන්නේ කෙසේද?
අපි දැන් අර්නස්ට් නෝල්ට්ගේ ප්රවාදය ගැඹුරින් සලකා බලමුග ඔහුට අනුව නාසිවාදය යනු කොමියුනිස්ට් යක්ෂයාට දක්වන ලද ප්රතිචාරයකිග නමුත් මෙහි දී විස්ථාපනයක් සිදු වෙයිග කොමියුනිස්ට්වාදීන් පන්ති අරගලය ලෙස සලකනිදේශපාලන අරගලය’ නාසිවාදීන් විසින් ආර්යයන් සහ යුදෙව්වන් අතර යුද්ධයක් දක්වා විකෘති කරනු ලබයි.
මෙම විකෘතිය සරල නැත. එමඟින් මුළු මහත් දේශපාලන අරගලයේම වර්ණය වෙනස් වෙයි. නාසිවාදය විසින් පන්ති අරගලය වර්ගවාදී අරගලයක් දක්වා පසුබස්වයි. එමඟින් එය එහි සැබෑ ස්වරූපය මකා දමයි. ඒ අනුව අප ඉතා හොඳින් හඳුනාගත යුත්තේ කොමියුනිස්ට්වාදයේ සිට නාසිවාදය දක්වා අප පරිණාමය වන විට වෙනස් වනිආකෘතියයි. මෙම ආකෘතිමය වෙනස මඟින් තමයි වර්ගවාදයේ දෘෂ්ටිවාදි අභිරහස්කරණය සිදු වෙන්නෙ. එමඟින් ‘දේශපාලන අරගලය වාර්ගික ගැටුමක්’ දක්වා සොභාවිකකරණය කරවයි . ධනේශ්වර සමාජ ක්රමයේ පවතින පන්ති පසමිතුරුභාවයන් බාහිර වාර්ගික සතුරකුගේ කුමන්ත්රණකාරී හැසිරීමක ප්රතිඵලයක් ලෙසින් අර්ථකථනය කරයි. ඒ අනුව සමාජයේ සුසංවාදය බිඳ දමන්නේ බාහිර වාර්ගික සතුරායගිආකෘතිය’ ගැන අප සිතිය යුත්තේ දයලෙක්තිකවයග මෙහි දී ආකෘතිය යන්න අපක්ෂපාතී නිෂ්ක්රීය එකක් නොවේ. එය තීරණය වන්නේ එය පුරවා දමන සුවිශේෂ අන්තර්ගතයන්ගෙනිග ලිබරල්වාදය උත්සාහ කරන්නේ මෙම පන්ති අරගල ආකෘතිය නිෂ්ක්රීයල අපක්ෂපාතී එකක් කරන්නටය . සියලූ දෙනාට තමන්ට හිමි කතාව සමාජය නම් වේදිකාව මතට නැගී කියන්නට ඉඩ දීම ලිබරල් ෆැන්ටසියයි.
අපි දැන් ප්රජාතන්ත්රවාදය පිළිබඳ කතිකාව කුමක්ද යන්නට නිර්වචනයක් දෙමු. එහි දී සිදු වන්නේ දේශපාලන සතුරාව සම්භාෂණීය විරුද්ධ මත දරන්නකු බවට පත් කිරීමයි. එහි දී කොන්දේසි විරහිත පසමිතුරුභාවය අපි පරිවර්තනය කරනව උන්නතිකාමී කතික තරගයකට. මෙම අදහසට අනුව අප සමඟ බලය’ වෙනුවෙන් සටන් කරන්නේ කථිකයෙකි. අප උත්සාහ කරන්නේ බලයේ නියම ස්ථානය වූිහිස්තැන’ පිරවීමටය. ඒ සඳහා ඇත්තේ තරගයක් මිස අරගලයක් නොවේ. මෙම තරගයේ දිශානතිය අප සියලු දෙනාට අඥය වෙයි. එම තරගය එබැවින් ආපතිකය.
අප නැවතත් අපගේ මූලික ගැටලුවට ප්රවේශ වන්නේ නම් විජේවීර සම්භාව්ය මාක්ස්වාදය විකෘති කරමින් සිංහල ගැමියාව කීද්දීමට උත්සාහ කරන ලද්දේ අධිරාජ්යවාදයට එරෙහිවය. අධිරාජ්යවාදය යනු පන්ති අදහසක් මිස වාර්ගික හෝ ලුබ්ධිමය අදහසක් නොවේ. නමුත් 1990ට පසු ජවිපෙ නායකත්වයට පත් වූ ටිල්වින් සිල්වා ඇතුළු නව නායකත්වය උත්සාහ කරන ලද්දේ පන්ති අරගලය වාර්ගික අරගලයක් බවට පත් කර පන්ති සතුරා යන්නට දෙමළාව ආදේශ කිරීමටය. මෙය විජේවීරගේ ආකෘතියෙන් පැහැදිලිව වෙන් වී යාමකි. කුමාර් ගුණරත්නම් තවමත් ඉන්නේ ද මෙම මතවාදයේය. නවීකාරයෙන් භූගෝලයට අදාළ තේමා වන අක්ෂයල සාණුවල භූමියලශුන්යය යන මේ නූතන වචන කොපමණ යොදා ගත්තත් ඔවුන් ද ඉන්නේ පන්ති අරගලය අභිරහස්කරණය කරන දෘෂ්ටිවාදයක් තුළය.
මෙතෙක් කල් විජේවීරවාදය සහ ටිල්වින්වාදය [කුමාර්වාදය] වෙන් කරන රේඛාවක් ඇදීමට කිසිවකුට නොහැකි විය. කොමියුනිස්ට්වාදයෙන් පරල වී රට පුරා දුවමින් සිටින අයට ද මේ ගැන කිසිදු වැටහීමක් තිබුණේ නැත. දැන් ඒ සඳහා න්යායක් ගොඩනගා ඇත. කරුණාකර එයට හිමි ගරුත්වය ලබා දෙන්න. අවසන් වශයෙන් කිව හැක්කේ වික්ටර් අයිවන් විජේවීර කියා උමතු වී ඇත්තේ ටිල්වින්ගේ ජවිපෙටය. සීනි වෙළෙන්දාගේ ගැටලුවට පසුව පිළිතුරු දෙන්නෙමු. ඉන්දියාවට හෝ ඇමෙරිකාවට හෝ චීනයට එරෙහි දේශපේ්රමය සහ දෙමළාටල මුසල්මානුවාටල බර්ගර්වරයාටල වතු දෙමළාට එරෙහි දේශපේ්රමය යනු එකක් නොව දෙකකි. ජවිපෙ හිටපු අධ්යාපන ලේකම්වරයා දකුණේ ගම්බිම් පීරන්නේ නැතිව අන්තර්ජාලයට ප්රවිශ්ට වී හදාරන්නේ නම් එය ඔහුටත් රටටත් වැඩදායකය.
පසු සටහන -ිමේ ගම මැදින් ගලනා ගඟ’ යන්නෙහි ගඟ යනු විජේවීරය.

දීප්ති කුමාර ගුණරත්න

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...