තොත්ත බබාලා හැර අනි සියලු දෙනා දන්නා කරුණකින් අපි කතාව පටන් ගමු. ශ්‍රී ලංකා පදනම් ආයතනය යනු අතීතයේ පොදු වැඩ සදහා වෙන්වුණු පොදු අවකාශයකි. මහින්ද රාජපක්ශ ආගමනය සමග එම ආයතනයද පුද්ගලික ප්‍රාග්ධනය රාශීභූත කිරීමට ඉඩ දෙන ස්ථානයක් බවට පරිවර්තනය විය. ඒ අනුව ඔබටත් දැන් දත් ගැලවීමේ සිට මල් ප්‍රදර්ශණ හරහා සිනමා පන්ති දක්වා ව්‍යාපෘති ආයතනයට ඉදිරිපත් කළ හැක. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන මහාචාර්යය රංජිත් බණ්ඩාර මේ වන විට පදනම් ආයතනය විවිධ පෝට්ෆෝලියෝ ආයෝජන සදහා විවෘත කර ඇත. මින් එක ව්‍යපෘතියක් මෙහෙයවන්නේ සුන්දර තරුණයෙක් වන ධනුෂ්ක ගුණතිලක මහතාය. ඔහු වෑයම් කරන්නේ ලංකාවේ සිනමා උදාගම් ඉදිකිරීමටය. දෙවන ව්‍යපෘතිය භාර වී සිටින්නේ ජගුවර මහත්තයාය. ඔහු පාරේ යන මිනිසුන්ව විචාරකයන් බවට බලයෙන් පත් කිරීමට අදාල ව්‍යපෘතිය මෙහෙය වන්නාය.

පසුගිය දිනෙක ලෝක සිනමා උළෙලට සහභාගී වූ කාර්ලෝස් රෙගඩාස් නම් මැක්සිකානු සිනමාකරුවා පදනම් ආයතනයේ ට්‍රිජිටල් සිනමා ට්‍රැකඩෙමිය වෙනුවෙන් පොට්පොලියෝ ආයෝජනයක් කරනු ලැබුවේ ධනුෂ්ක ගුණතිලකය. රෙගෙඩාස්ගෙන් සිනමා ඉගෙන ගන්නට ඉඩ අවකාශය තිබුනේ 180 කටය. නමුත් ඒ සදහා අයදුම්පත් මිලියන දෙකක් ලැබී තිබුණි. මේ නිසා මේ දිනවල ලංකාවේ සිනමා පාසලක් දැමීමට රෙගෛඩාස් කෝට්ටේ ප්‍රදේශය අවටින් නිවසක් සොයයි.

පසුගිය කාලයේ මෙම සිනමා ඇකඩෙමියේ ඉගැන්වූයේ සිනමා ඔස්තාද්ලාය. ඩේවිඩ් ලින්ච්,ඇන්ද්‍රෝ තාර්කොවිස්කි, ක්‍රිස්ටෝපර් කිසලෝව්ස්කි, ක්වින්ටන් ටැරන්ටිනෝ, මිචෙල් ෆුකෝ, ජාක් ඩෙරිඩා, ක්වින්ටස් මියාසු, කරුණාසේන ජයලත්, ජයලත් මනෝරත්න යනු මෙම පාඨමාලාවේ විෂය නිර්දේශයට ඇතුලත් චින්තකයන් කිහිපදෙනෙකි. මේ පාඨමාලාව ගැන අදහස් පළ කළ සිනමා විචාරකයෙකු අපට මෙසේ පැවසුවේය.

යකෝ සිනමාව කියන්නේ යථාර්ථයක් නෙවි ප්‍රබන්ධයක් කියල ඉගෙන ගත්තු එවුන් රෙගෙඩාස් හරහා එක පාරටම යථාර්ථවාදීන් වුනේ කොහොමද? එක්කෝ මුන් ළදරු පාසැල් වලට ගිය පොඩ් ළමයි වෙන්න ඕනේ. නැත්තම් රස්සාවකට ඉල්ලුම කරන කොට අමතර සුදුසුකමක් විදිහට සිනමාව හදාරන එවුන් වෙන්න ඕන. මොනවා කිව්ව  මුන් නම් හද්ද ගොබ්බයෝ රංචුවක්.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. සිනමාව සහ දෘෂ්‍ය කලාවන්ට තිබෙනවා නෙව තාක්ෂණික පැත්තක්. ඒ තාක්ෂණික දේවල් ටික ඉගෙන ගන්න එක වැදගත්. නමුත් කැමොරාවට අල්ලන්නෙ මොකද්ද කියල හිතන්න ඕනි කලාකාරයා නෙව.

    ඔ්‍ය විදියට ඉතිං කලා පාසැල් හැදුවාම කලාව පට්ටම දියුනු තත්වෙකට එනවා නම් අෙප් රටේ සරසවි වලින් වසරකට එළියට බහින දහස් ගනන් කලා උපාධීකාරයන් නිසා ලංකාව කලා කෙතක් වෙලා කලාවේ කප්රුක වගෙ එකක් ලංකාවෙ ඇතිවෙල තියෙන්න එපාය. එහෙම නැැහ නෙව..

    කලාව නෙමෙයි මොන දේ වුනත් උණ තියෙන අයට ලාබෙට කලාව හා සම්බන්ධ තාක්ෂණය ඉගෙනගන්න තියෙන්න ඕනි. කලාව ගැන උනක් තියෙන මිනිස්සු අජ්ජාපන සුදුසුකම් නැතුව වේලෙද්දි කොහේ හරි යන හිපාටුවො පිරිසක් සල්ලි ගොඩාරියක් දීල කලාව සල්ලිවලට හදාරනවා. තව පිරිසක් සලාක ක්‍රෙම්ට තෝරාගන්නා කැම්පස් හරහා ඉගෙනගන්නවා.

    තාක්ෂණය දැනුම තියෙන හැමතැනම කලාව ඇතිවෙන් නැහැ. නමුත් අද දවසේ ඩිජිටල් ප්‍රින්ට ්එකකින් විනාඩියෙන් කරගන්න පුලුවන් වැඩේට දවස් ගානක් ගලක සෙල්ලිපි කොටන එක තේරුමක් නැහැ නෙව.

  2. දැං මේ තුංමානෙට ධනුෂ්කලගෙ චිත්තරපටි ඉස්කෝලෙ ගැන බඩේ අමාරුවක් ඇල්ලුවෙ ඇයි හැබෑටම? දීප්ති අයිය කාලකෙට ඉස්සර ඔය නාට්ටි වගේ කලාවල් කරන්න ගිහිල්ල රෙද්දෙ රෙවිච්ච හින්ද ද?

Comments are closed.