ආන්ඩුව විසින් දුම්වැටි මිල ඉහල දමන රාවය පැමිණීමත් සමගම සියළු වෙලඳසල් තම තමන් සතු දුම්වැටි තොග සඟවමින් දුම්වැටි හිඟයක් ඇති කර ඇත.
ගුණදාස අමරසේකර විසින් ලංකාවේ නිදහසින් පසු වෙලඳාම ආශ්‍රිතව බිහිවුණු නව මධ්‍යම පංතිය හැඳින්වුයේ වසල වෙලඳ කුළය නමිනි.
දැන් පෙට්ටි කඩ හිමියාගේ,සුළු වෙලඳ ව්‍යාපාරිකයාගේ සිට ෆුඩ් සිටි රංජිත් පේජ් දක්වා දක්වා පංති බේදයකින් තොරව සියළු වෙලෙන්ඳන් මෙම වංචනික ක්‍රියාව සිදු කරමින් සිටී.
අද වන විට ලංකාවේ ආන්ඩුව සිගරට් සහ මත්පැන් හරහා විශාල බදු ආදායමක් උපයමින් සිටී.
එක් පසෙකින් දුම් බොන්නන් අධික බදු පීඩනයකට ලක් කරන අතර අනික් පසින් දුම් වැටි මිලදී ගැනීමේ අයිතිවාසිකම වෙලෙන්ඳන්ට උවමනා පරිදි අහිමි කරන්නට සහ සූරා කන්නට ඉඩදී ආන්ඩුව සහ දුම්වැටි නිෂ්පාදන සමාගම් බකං නිලා සිටී.
පංති බේදයකින් තොරව දුම් පානය කරන පාරිභෝගිකයින් මේ මොහොතේ දැඩි සූරා කෑමට ලක්වෙමින් පවති.
අල,ලූණු,පරිප්පු ගණන් යන විට අල ලූණු තොග සඟවන ව්‍යාපාරිකයින්ට රතු එළි දල්වන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ආදී ආයතන මෙවැනි අවස්ථාවක කරන්නේ කුමක්ද?
දුම්වැටි යනු පාරිභෝගික භාණ්ඩයක් නොවේද?
දුම්වැටි මිලදී ගන්නා පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් ගැන මේ ආයතන කියන්නේ කුමක්ද?
දුම්වැටි තොග සඟවන තම දුම්වැටි වෙලඳ නියෝජිතයින් ගැන දුම්වැටි නිෂ්පාදන සමාගම් කියන්නේ කරන්නේ මොකක්ද?