සමකාලීන වාමාංශිකයාට එකවර අරගල දෙකක් කිරීමට සිදු වී ඇත. 
[1] නිදහස් වෙළඳපොළ නිසා අහෝසි වෙමින් යන සාරධර්ම වලට විකල්පයක් ලෙස ඉදිරිපත් වන ආගමික සහ ජාතික ෆැසිස්ට්වාදය. [ෆැසිස්ට්වාදය පන්ති අරගලය නිසා බිහි වන සංස්කෘතික ප‍්‍රපංචයකි]

[2] මූලධර්මවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය – මෙමගින් අවධාරණය වන්නේ මහජනයාගේ දේශපාලන සංවේදන වලට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ප‍්‍රතිසංස්කරණය කිරිම වඩා වැදගත් බවය – මෙය ප‍්‍රභූ මානසිකත්වයකි .
             තත්කාලීන වාමාංශික අරගලය ඉහත ආකාරයට ව්‍යුහගත වී ඇති සමයක රාත‍්‍රියට නිදා ගැනීමට වෛර කරන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක් මේ දිනවල තැන් තැන් වල නව ප‍්‍රවාදයක් ගොඩනගමින් යයි. ප‍්‍රවාදය ඉතා සංක්ෂිප්තව පහත පරිදි සටහන් කළ හැක.
             “x කණ්ඩායම 90දශකය අගභාගයේදී ලංකාවේ සිංහල මැද-පාන්තික ජනය අතර ජනප‍්‍රිය වූයේ එමගින් ලාංකීය රැුඩිකල් පොන්න පිරිමි මානසිකත්වයක් ජනිත කල නිසාය. මෙම තත්වය ලංකාවේ වාමාංශික අරගලයට කළ හානිය සුළුපටු නැත. එමගින් ලංකාවේ පිරිමින් සතු මනෝභාවයන් අක‍්‍රීය කළේය.”
මෙම ශෛල්‍ය වෛද්‍යවරයා ඉන් නො නැවතී ජැක් ගැසීමට විරුද්ධව x කන්ඩායම අනූව දශකයේදී කල අරගලය ඛණ්ඩනය කරන්නේ පහත
ආකාරයේ අපොස උසස් පෙළ ‘තර්ක ශාස්ත‍්‍ර’ විෂයේ තර්කාභාස පාවිච්චි කිරීමෙනි. [පුද්ගලාලම්බන තර්කාභාෂය]
    බස් වල ජැක් ගැසීම පිළිබද දීප්තිගේ තර්කය අවලංගු වන්නේ පහත ආකාරයේ සංකීර්ණත්වයක් ඉන් ජනනය වන නිසාය.

        [1] ජැක් ගැසිම සරල නැත. එය සංකීර්ණය.
        [2] ඒ සදහා පාර්ශ්ව දෙකක් සහභාගි වෙයි.
        [3] කැමැත්ත/අකමැත්ත මත තත්වය වඩාත් සංකීර්ණ වෙයි.

       ඉහත තර්ක-ක‍්‍රමය අනුව ජැක් ගැසීම පහත ආකාරයේ කුලක 3කට වෙන් කළ හැක.
     [A] ස්ත‍්‍රින් කැමතියි / පිරිමි කැමතියි.
     [B] ස්ත‍්‍රින් කැමතියි / පිරිමි අකමැතියි.
     [C] ස්ත‍්‍රින් කැමතියි , වෙන කෙනෙක් දකිනවාට අකමැතියි. [අනුභූති උත්තර අනෙකාගේ නැරබීම අමතක වී ඇත. ]

lenin_krupskaya_2
         x කන්ඩායම ලංකාවේ දේශපාලනය කරන්නට පෙර පොදු සමාජයේ ජැක් ගැසිමට විරුද්ධ මතය පැවතියේ රහසිගත අකෘතියකින්ය. අපි එය ප‍්‍රසිද්ධියේ සාකච්ඡුා කළෙමු. එමගින් ජැක් ගැසිමට අදාල සමාජ ආධිපත්‍ය වෙනස් විය. එදා දවසේ පිරිමින් ජැක් ගැසූවේ [බහුතරයක්] බලහත්කාරයෙනි. අපි එය වෙනස් කලෙමු. තත්කාලීන ජැක් ගැසීමට ෆැන්ටාස්මැතික රාමුවක් එකතු වී ඇත. එය ප‍්‍රජාතාන්ත‍්‍රීකය. ඉන් අදහස් වන්නේ අප ජැක් ගැසීමට විරුද්ධ වීමට පෙර පැවති යුගයට ආපසු යා යුතුය යන්නද? අපගේ මැදිහත් වීමට පෙර සිංහල පිරිමියා සහ ස්ත‍්‍රිය අතර පැවති මානව සම්බන්ධය වූයේ බලහත්කාරය සහ අත්තනෝමතිකත්වයයි . අප නැවත යා යුතු වන්නේ එම පරිකල්පනාත්මක පැරණි යුගයටද? නැතිනම් තත්කාලීන ස්ත‍්‍රී – පුරුෂ සම්බන්දතාවලට ෆැලික නොවන මැදිහත් වීමකින් ද? මනෝවිශ්ලේෂණය පැත්තෙන් ගත් විටද ස්ත‍්‍රී – පුරුෂ යනු ස්වභාවික වෙනසක් නොවේ. එය පසමිතුරුභාවයකි. ෆැලික විඥ්ණයක් පැවතිය හැක්කේ පුරුෂයෙකුට පමනක් නොවේ, එය ස්ත‍්‍රියටද පැවතිය හැක. අනෙක් පසින් ස්ත‍්‍රී විනෝදය නොහොත් ෆැලික නොවන විනෝදයන් දන්නේ ස්ත‍්‍රීන් පමනක් නොවේ. එය පුරුෂයන්ද දනියි. එබැවින් තත්කාලීන ජැක් ගැසීම ගැන පැරණි x කන්ඩායමේ න්‍යායෙන් මෙසේ කිවිය හැක.  “ජැක් ගසනවිට යම් ශරීරයක් පිරිමිවීම හෝ ස්ත‍්‍රී වීම අතීරණාත්මකය.” සුදු ජාතිකයන් ඒමට ප‍්‍රථම ඉන්දියාව යනු අත්තනෝමතික රාජ්‍යයක් සේම , x කන්ඩායමට ප‍්‍රථම සිංහල ස්ත‍්‍රී පුරුෂ සම්බන්ධය අත්තනෝමතිකය.

ඔබේ අදහස කියන්න...