Aha X Black Tiger

 

අපි ඇත්තටම ලංකාවෙ හතර දිග්බාගෙ හිටපු ගම් බයියො. අපි කොළඹට ආවෙ රස්සාවක් කරන්න. එහෙමත් නැත්නම් උසස් අධ්‍යාපනය හදාරන්න. කොළඹට ආපු අපිට අපේ අනන්‍යතාවය පිළිඹඳ ලොකු ගැටලුවක් තිබුණා. ඒ මොකද කොළඹ එකෙක්වත් අපිව ගනන් ගන්නෙ නැහැ.
විශ්ව විද්‍යාල තුළ අධිපති දේශපාලනය මෙහෙයවූයේ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය අංශය විසින්. එත් කොළඹ උන්ට ඒ ගැන වගේ වගක් නැහැ. කොළඹ උන් එහෙම දේශපාලනයක් නැතැයි සිතා තමයි කොහොමත් වැඩ කළේ. මේ හේතුව නිසා අපට වඩා ලොකු අනන්‍යතා අර්බුදයක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍යයන්ට තිබුණා.

Former Black X Tiger
Former Black X Tiger

මෙහෙම ඉන්න කාලෙ තමයි අපිට X කණ්ඩායම කියල සංවිධානයක් ගැන දැනගන්න ලැබුණෙ. අපිට පෙණුනා X කණ්ඩායමේ සාමාජිකයන් යැයි කියාගන්නා පිරිස් වෙත විශ්ව විද්‍යාලය තුළ සහ සිවිල් සමාජයේ ලොකු පිළිගැනීමක් සහ අනන්‍යතාවක් හිමිවෙලා තිබුණ බව. ඒ හේතුව නිසා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට යොමු නොවී අපි සම්බන්ධ වුනේ X කණ්ඩායම සමඟයි.
X කණ්ඩායමට සම්බන්ධ වීමට හිතාගෙන X නිවස වෙත ගිය මට දකින්න ලැබුණෙ හරි පුදුම දේවල්. එල්.බී.එල්. සැටලයිට් කනෙක්ෂන් එකක් සහිත චැනල් 120ක් විතර පෙනෙන අරුම පුදුම ටී.වී එකක් තිබුණා. ෂකීරගෙ සහ ජෙනිෆර් ලොෆිස්ගෙ ලස්සන ෆොටෝ.  FHM සඟරාව. ඩෙරීඩා, ෆුකෝ, ෂෝශියර් වැනි දාර්ශනිකයන්ගෙ අදහස් ගැන සංවාද.
ගමේ බයියෙක් උන මට මේ දේවල් මාර මැජික් එකක් උණා. අපේ ගමේ තියෙන්නෙ, රබර් කදුයි, ඉලුක් කැලෑයි විතරයි. ගමේදි අපි සංස්කෘතිකයි කියල හිතාගෙන හිටියෙ තඩි ගෙවල් හදාගෙන හිටපු මිනිස්සුන්ව. ඒත් ඒ ගෙවල් ලොකු උනාට ඒ මිනිස්සුන්ගෙ පවුල් සම්බන්ධකම් පුන්චිම පුන්චියි. නමුත් X නිවසෙදි මට මිනිස්සු සංස්කෘතික වෙනව කියන්නෙ මොකක්ද කියල දැනගන්න ලැබුණා. අපි විවිධ චින්තකයින් ගැන සාකච්ඡා කළා. සංස්කෘතික විදිහට පාර්ටි දාල වයින් බීවා. පිළිවෙලකට චිත්‍රපටි බැලුවා. බලපු චිත්‍රපටි ගැන සාකච්චා කළා.
බිතෝවන්ගෙ සංගීතය ඇහුවා. මම හරිම ආත්මාර්ථකාමීයි. ඒත් X එකේ තිබුණ පරාර්ථකාමීත්වය නිසා මම සසළ උණා. ඇත්තටම X එක කියන්නෙ අපිව සංස්කෘතික කරල අපට හොද අනන්‍යතාවයක් හදල දීල කොළඹ අයට වඩා අපිව නාගරිකයන් කරපු තැන.

Former Revolutionary and Path breaking Lacanian reader, Now as a Tuition Master Master
Former Revolutionary and Path breaking Lacanian reader, Now as a Tuition Master

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මට හොල්මන් . ඔය අන්තිමට තියෙන ඇඩ් එකේ සම්බන්ධතාවය මොකක්ද

Comments are closed.