නිළධාරිවාදය ගැන ප්‍රකාශන විස්සක්
සභාපති මාඕ සේතුං
1970 පෙබරවාරි
-
ඉහළම මට්ටම්වලදී පවතින්නේ ඉතාමත් ම අඩු දැනුමකි; ඔවුහු ජනතාවගේ මතයන් තේරුම් ගන්නට අපොහොසත් වෙති; ඔවුහු විමර්ශනය කිරීම සහ අධ්‍යනය කිරීම නොකරති; ඔවුහු විශේෂිත ප‍්‍රතිපත්ති ග‍්‍රහණය කර නොගනිති; ඔවුහු දේශපාලනික සහ මතවාදී වැඩ නොහසුරුවති; ඔවුහු යථාර්ථයෙන්, ජනතාවගෙන්, පක්ෂයේ නායකත්වයෙන් වියෝ වී සිටිති; ඔවුහු හැම විටම නියෝග නිකුත් කරති, එසේම නියෝග සාමාන්‍යයෙන් වැරදි ඒවා වෙති, ඔවුහු ඇත්තෙන්ම රට සහ ජනතාව නොමග යවති; අඩුම තරමින් ඔවුහු අඛණ්ඩව පක්ෂයේ මාර්ගය සහ ප‍්‍රතිපත්ති වලට අනුගතවීම අවහිර කරති; ඔවුන්ට ජනතාව මුණ ගැසෙන්නට නොහැකි වෙති.
-
ඔවුහු මාන්නක්කාර, තෘප්තිමත් අය වෙති, ඔවුහු අරමුණක් නැතිව දේශපාලනය ගැන සාකච්ඡා කරති. ඔවුහු ඔවුන්ගේ වැඩ ග‍්‍රහණය කර නොගනිති, ඔවුහු මනෝමූලික පුද්ගලයින් වන අතර තනි පැත්තක් සහිත අය වෙති; ඔවුහු නොසැලකිලිමත් අය වෙති; ඔවුහු ජනතාවට සවන් නොදෙති; ඔවුහු ගැටුම්කාරී සහ අත්තනෝමතික අය වෙති; ඔවුහු නියෝගවලට බල කරති; ඔවුහු යථාර්ථය ගැන සැලකිල්ලක් නොදක්වති; ඔවුහු අන්ධ පාලනයක් ගෙන යති. මෙය අධිකාරිවාදී නිළධාරිවාදයයි.
-
ඔවුහු උදෑසන සිට සන්ධ්‍යාව දක්වාම අතිශයින් කාර්යබහුල වෙති, ඔවුහු මුළු අවුරුද්ද පුරාම වෙහෙසෙති; ඔවුහු මිනිස්සු පරික්ෂාවට ලක් නොකරන අතර දේවල් විමර්ශනය නොකරති; ඔවුහු ප‍්‍රතිපත්ති අධ්‍යයනය නොකරති; ඔවුහු මහජනතාව මත රඳා නොපවතී; ඔවුහු සිය ප‍්‍රකාශ සූදානම් නොකරති; ඔවුහු සිය වැඩ සැලසුම් නොකරති. මෙය මොළයක් නැති, නොමග ගිය නිළධාරිවාදයයි. අනෙක් වචන වලින් කියතොත් චර්යානුගතවාදයයි.
-
ඔවුන්ගේ නිළධාරිවාදී ආකල්පය අධික වෙති; ඔවුන් සතුව කිසිදු ඉලක්කයක් නොමැත; ඔවුහු ආත්මාර්ථකාමී වෙති; ඔවුහු මාවත එළි කර ගැනීමට සිය ගහණයට තඩිබායි; මිනිස්සු ඔවුන් දෙස බලන්නටවත් බිය වේ; ඔවුහු වරින් වර මිනිසුන්ට සෑම වර්ගයකම අපවාද එල්ල කරති; ඔවුන්ගේ වැඩ ශෛලිය සැර පරුෂ වේ; ඔවුහු ජනතාවට සමාන ලෙස නොසලකති. මෙය අධිපතිවාදී නිළධාරිවාදයයි.
-
ඔවුහු උඩඟු වෙති; ඔවුහු කිසිවක් අසන්නට ලජ්ජා වෙති; ඔවුහු වැඩිකොට කියන අතර බොරු තෙපලයි; ඔවුහු අතිශයින් වැරදි සහගතය; ඔවුහු මිනිසුන්ට වැරදි ආරෝපණය කරති; ඔවුහු ගෞරවය තමන්ට ලබා ගනිති; ඔවුහු මධ්‍යම රජය දැඩි ලෙස රවටති; ඔවුහු ඔවුන්ට වඩා ඉහළින් සිටින්නන් මුළා කරන අතර තමන්ට වඩා පහළින් සිටින්නන් මෝඩයින් බවට පත් කරති; ඔවුහු වැරදි සඟවන අතර වැරදිවලට බාහිර ඔපයක් ලබාදෙයි. මෙය වංක නිළධාරිවාදයයි.
-
ඔවුහු දේශපාලනය වටහා නොගනිති; ඔවුහු ඔවුන්ගේ වැඩ නොකරති; ඔවුහු දේවල් අනෙක් අය වෙත පටවති; ඔවුහු සිය වගකීම්වලට මුහුණ නොදෙති; ඔවුහු කේවල් කරති; ඔවුහු දේවල් ඉවතට අදිති; ඔවුහු අසංවේදී වෙති; ඔවුහු සිය පරික්ෂාකාරී බව අහිමි කර ගනිති. මෙය වගකීම් විරහිත නිළධාරිවාදයයි.
-
ඔවුහු දේවල් නොතකා හරිති; ඔවුහු ඔවුන්ට හැකි පරිදි යැපෙන්නන් වෙති; ඔවුහු ජනතාව සමග කිසිවක් නොකරති; ඔවුහු හැමවිටම වැරදි සිදු කරති; ඔවුහු තමන්ට වඩා ඉහළින් සිටින්නන්ට ගරු බුහුමන් දක්වන අතර තමන්ට වඩා පහළින් සිටින්නන් නොතකා හරිති; ඔවුහු සෑම ගරු බුහුමනක් ගැනම සැලකිලිමත් වෙති; ඔවුහු පැති අටකින් යුක්ත වන අතර රෝද මෙන් ලිස්සා යති; මෙය නිළධාරීන් ලෙස වැඩ කරන සහ අමු අමුවේ ජීවත් වෙන අයගේ නිළධාරිවාදයයි.
-
ඔවුහු දේශපාලනය ගැන මුළුමනින්ම ඉගෙන නොගනිති; ඔවුහු සිය වැඩ වලදී දියුණුවක් නොකරති; ඔවුහු කථා කරන ආකාරය නීරස වෙති; ඔවුහු සතුව සිය නායකත්වය තුළ කිසිදු දිශානතියක් නැත; ඔවුහු වැටුප් ලබන අතර සිය කාර්යාලවල කටයුතු නොතකා හරිති; ඔවුහු දේවල් ප‍්‍රයෝජනවත් දෑ ලෙස වෙස් ගන්වයි. කම්මැලියෝ ඤඋදා: ඉඩම් හිමියන්% කිසිවක් ආරම්භ නොකරති, නමුත් ප‍්‍රධාන වශයෙන්ම සිය අලසකම මතම රැඳී සිටිති; වෙහෙස මහන්සි වී වැඩ කරන අය ගුණවත් ලෙස සලකන අතර නිළධාරීන් ලෙස පෙනී නොසිටින අය කෙරෙහි අඩුවෙන් සැලකිල්ලක් දක්වති. මෙය කෛරාටික, අදක්ෂ නිළධාරිවාදයයි.
-
ඔවුහු මෝඩයෝ වෙති; ඔවුහු ව්‍යාකූල වෙති; ඔවුන්ට තමන්ගේ වැඩ ගැන හැඟීමක් නැත; ඔවුහු වැදගැම්මකට නැති කාමුක අය වෙති; ඔවුහු අවසානයේදී දින ගණනක දේවල් ගොඩ ගසා ගනිති; ඔවුහු හැම විටකම අකාර්යක්ෂම වේ, ඔවුහු අස්ථායී වන අතර ඔවුහු මෝඩයින් වෙති. මෙය අමනෝඥ, නිෂ්ඵල නිළධාරිවාදයයි.
-
ඔවුන්ට අනෙක් අයට ලේඛණ කියවන්නට අවශ්‍ය වෙති; අනෙක් අය කියවන විට ඔවුන්ට නින්ද යති; ඔවුහු දේවල් දෙස බැලීමෙන් තොරව විවේචනය කරති; ඔවුහු වැරදි විවේචනය කරන අතර මිනිසුන්ට බැන වදිති; ඔවුන්ට වැරදි සමග කිරීමට කිසිවක් නැත; ඔවුහු දේවල් සාකච්ඡා නොකරති; ඔවුහු දේවල් පසෙකට කොට නොතකා හරිති; ඔවුහු තමන්ට වඩා ඉහළින් සිටින මිනිසුන්ට එහෙයි කියන පුද්ගලයින් වෙති; ඔවුහු ඔවුන්ට වඩා පහළ අය අවබෝධ කොට නොගෙන සිටියද අවබෝධ කොට ගත් බවට බොරුවට අඟවති; ඔවුහු ඉඟි වලින් අදහස් පවසති; ඔවුහු ඔවුන් හා සම තත්ත්වයේ සිටින්නන් සමග අසම්මුතිය වගා කර ගනිති. මෙය උදාසීන නිළධාරිවාදයයි.
-
රාජ්‍ය නිළධාරීහු වඩ වඩා වර්ධනය වෙති; දේවල් වඩාත් ව්‍යාකූල වෙති; එහි වැඩ ඇති ප‍්‍රමාණයට වඩා මිනිසුන් සිටිති; ඔවුහු රවුමක් වටේ ගමන් කරති; ඔවුහු රණ්ඩු සරුවල් සහ නිකරුණේ කළහ ඇති කර ගනිති; අමතර දේවල් කිරීමට මිනිස්සු අකමැති වෙති; ඔවුහු සිය විශේෂිත රාජකාරී ඉටු නොකරති. මෙය රාජ්‍ය නිළධාරීන්ගේ නිළධාරිවාදයයි.
-
ලේඛණ අති විශාල වෙති; එහි රතු පටියක්ද ඇත; උපදෙස් අධික ලෙස ඉහළ යයි; එහි නොකියවන ලද වාර්තා විශාල ගණනක් වන අතර ඒවා විවේචනයට භාජනය වී නොමැත; වගු සහ කාර්ය සටහන් බොහෝ ගණනක් අඳිනු ලැබුවද ඒවා භාවිතා නොකරති; රැස්වීම් පැවැත්වීම නිමක් නොවන අතර කිසිවක් සම්මත වන්නේ නැත; එහි යාබද සමිති ගණනාවක් වන අතර කිසිවක් ඉගෙන නොගනිති; මෙය රතු පටියේ සහ ආකෘතිවාදයේ නිළධාරිවාදයයි.
-
ඔවුහු විනෝදය අපේක්ෂා කරන අතර දුෂ්කරතාවයන්ට බිය වෙති; ඔවුහු පිටුපසින් ඞීල් දැමීම සිදු කරති; එක් පුද්ගලයෙකු නිළධාරියෙකු වූ විට ඔහුගේ සමස්ත පවුලම ප‍්‍රතිලාභ ලබති; එක් පුද්ගලයෙකු නිර්වාණයට පැමිණි කළ ඔහුගේ සමීපතයින් සියල්ලෝම දෙව්ලොවට නැග ගනිති; එහි පාර්ශවයන් පවතින අතර ඒවා විද්‍යාමාන වෙති. . . මෙය අසාමාන්‍ය නිළධාරිවාදයයි.
-
ඉහළ පෙලේ නිළධාරියෙකු පැමිණෙන විට, සිය මනෝභාවයන් වඩා අයහපත් වෙති; ඔහුට වඩ වඩාත් ඉහළට නගින්නට උපකාර කරන්නැයි ඔහු ඉල්ලා සිටී; ඔහුගේ නිවස සහ ගෘහභාණ්ඩ වඩ වඩාත් සුඛෝපභෝගී වෙයි; වඩ වඩාත් දක්ෂ ලෙස ඔහු දේවල් ලබා ගනිති. ඉහළ ස්ථරය විශාල පංගුවක් බෙදා ගන්නා විට පහළ ස්ථරය අධික මිළක් ගෙවයි; එහි පමණ ඉක්මවා පරිභෝජනය සහ නාස්තිය ඇත; ඉහළ සහ පහළත් වම සහ දකුණත් ඔවුන්ගේ දෑත් ඉහළට ඔසවති. මෙය නිළධාරීන් අහසේ තැබීමේ නිළධාරිවාදයයි.
-
ඔවුහු ගර්වයෙන් පිරුණු අය වෙති; ඔවුහු පොදු කාරණා වලදී පවා පෞද්කලික දෑ සපුරා ගනිති; එහි අයථාපරිහරණය සහ අනුමාන කල්පනාව වෙති; ඔවුහු වැඩියෙන් කා දමන විට ඔවුන්ට වැඩියෙන් අවශ්‍ය කරති; ඔවුහු කිසිවිටෙක ආපසු හැරී බැලීමක් හෝ යටත්වීමක් සිදු නොකරති. මෙය ගර්වයෙන් පිරුණු නිළධාරිවාදයයි.
-
ඔවුහු බලය සහ මුදල් පිණිස ඔවුනොවුන් සමග ගැටුම් ඇති කර ගනිති; ඔවුහු පක්ෂය වෙත සිය දෑත් යොමු කරති; ඔවුන්ට කීර්තිය සහ සෞභාග්‍යය අවශ්‍ය කරති; ඔවුන්ට තනතුරක් අවශ්‍ය වන අතර එය නොලැබුණිනම් අසතුටින්පසු වෙති; තරබාරු වීම හෝ කෙසඟ වීම ඔවුහු තෝරා ගනිති; ඔවුහු වැටුප් ගැන අධික සැලකිල්ලක් දක්වති; ඔවුහු සුවපහසු බව සිය සහෝදරවරුන් වෙත පැමිණෙන විට සුවපහසු ලෙස සිටියද පොදු ජනතාව ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වති. මෙය මුදල් සහ බලය වෙනුවෙන් සටන් කරන නිළධාරිවාදයයි.
-
බහුවිධ නායකත්වයකට සංහිඳියාවෙන් සමගි විය නොහැකිය; ඔවුහු එකිනෙකා විවිධ දිශාවන්වලට ගමන් කරති, ඔවුන්ගේ වැඩ අවුල් සහගත තත්ත්වයේ පවතියි; ඔවුහු එකිනෙකා වෙත අනෙක් අය රැස්කරවා ගැනීමට වෙර දරති; ඉහළ මුදුන පහළ මට්ටම කෙරෙන් වියෝ වී ඇති අතර කිසිදු මධ්‍යගත වීමක් නොමැත, එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්ද නොමැත. මෙය භේදකාරී නිළධාරිවාදයයි.
-
එහි කිසිදු සංවිධානයක් නැත; ඔවුහු පෞද්ගලික මිතුරන්ට සේවය කරති; ඔවුහු කට්ටිවාදී වේති; ඔවුහු රදළ සම්බන්ධතාවයන් පවත්වාගෙන යති; ඔවුහු සිය පෞද්ගලික අභිලාශයන් ට ආධාර කර ගැනීම සඳහා කල්ලි සාදති; ඔවුහු එකිනෙකා ආරක්ෂා කරති, තනි අයෙකු ඕනෑම දෙයක් වෙනුවෙන් නැගී සිටිති; මේ නොවැදගත් නිළධාරීහු ජනතාවට හානි සිදු කරති. මෙය නිකායවාදී නිළධාරිවාදයයි.
-
ඔවුන්ගේ විප්ලවවාදී කැමැත්ත දුර්වල වෙති; ඔවුන්ගේ දේශපාලනය පිරිහෙන අතර එහි චරිත ස්වභාවය වෙනස් වෙති; ඔවුහු තමන් ඉහළම සුදුසුකම් ලද පු්ගලයින් ලෙස හැසිරෙති; ඔවුහු නිළධාරීන්ව අහසේ තබති; ඔවුහු සිය මනස සහ දෑත් පුරුදු පුහුණු නොකරති. ඔවුහු සෑම දිනකම සිය පංගුව කා දමති; ඔවුහු ලෙහෙසියෙන්ම අමාරු වැඩ අත් හරිති; ඔවුහු තමන් අසනීප නොවන විටත් වෛද්‍යවරයෙකුට කථා කරති; ඔවුහු විනෝදාස්වාදය පිණිස කඳුවලට සහ මුහුදු වෙරළට යති; ඔවුහු දේවල් සිදු කරන්නේ මතු පිටින් පමණකි; ඔවුහු සිය තනි පුද්ගල අවශ්‍යතා කෙරෙහි සැලකිල්ලක් දක්වති, එසේ වුවද ඔවුහු ජාතික අව්‍යතාවයන් මොනවාද යන්න ගැන තැකීමක් නොකරති. මෙය ගුණයෙන් වැහැරෙන නිළධාරිවාදයයි.
-
ඔවුහු වැරදි සහගත ප‍්‍රවණතාවයන් වලට සහ ආත්මීය ප‍්‍රතික‍්‍රියාවන්ට උල්පන්දම් දෙති; ඔවුහු වැරදි මිනිසුන්ගේ වැරදි දුටු විට නිහඬව සිටිමින් වැරදි තත්ත්වයන්ට ඉඩ හරියි; ඔවුහු නීතිය උල්ලංඝණය කිරීමෙහි සහ සාහසික දෑ කිරීමෙහි නිරත වෙති; ඔවුහු අනුමාන කල්පනාවන්හි නිරත වෙති; ඔවුහු පක්ෂයට සහ රාජ්‍යයට තර්ජනයකි; ඔවුහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝණය කරති; ඔවුහු සටන් කිරීම සහ පළිගැනීම සිදු කරති, ඔවුහු නීති රීති උල්ලංඝණය කරති; ඔවුහු නරක ආරක්ෂා කරති; ඔවුහු අප සහ සතුරා අතර වෙනසක් ඇති නොකරති. මෙය වැරදි සහගත ප‍්‍රවණතාවයේ සහ ප‍්‍රතික‍්‍රියාවේ නිළධාරිවාදයයි.
පරිවර්තනය – ශ්‍රී කාන්ත
විප්ලවවාදී පක්ෂය පිළිබඳ දේශනය- 2014
Deepthi kumara Gunarathne
Part 01
Part 2