ගැහැණිය යනු පුරුෂයා විසින් තමාව ම නිර්වචනය කර
ගැනීම පිණිස ඇද වැටෙන අගාධයේ සීමාව නිර්ණය කර ගැනීම සඳහා භාවිතා කරන තවත් නමකි (ස්ලාවෝ
ජිජැක්)

වී (ජංගි) වෙනුවට රෝස මල් (lingerie) යනුවෙන් ද මෙම ලිපියේ ඉහත මාතෘකාව නැවත ලිවිය හැකිය. ලංකාවේ ජාතික අදායම තීරණය වී ඇත්තේ පිරිමි වී ගොවිතැනින් නොව ගැහැණු ඇඟළුම් නිෂ්පාදනය ඔස්සේ ය යන්න මෙම පථිතයේ අඳුරු පසු නූතන සත්‍යය යි. ‘සංස්කෘතික දේශපාලනය’ යනුවෙන් ඇතැමුන් මුරගෑවත් මේ සුවිශේෂී එහෙත් අතිශයින් දේශපාලනික තත්වය, වෙනත් වචනයකින් කිවහොත් ෆැන්ටසි දේශපාලනය, ලංකාවට මුල්වරට තෝරා දෙන්නේ දීප්ති ප්‍රමුඛ X දේශපාලනය විසින් ය. අදටත් රනිල් අඩමාන ලෙස සහ අ-සංස්කෘතිකව උච්චාරණය කරන මෙම තත්වය හරියට ම සහ නිර්භීතව සමාජය වෙත නිරාවරණය කලේ දීප්ති ය. අද අප තේ ගැහැණිය සහ කාඩේෂියන් අතර දේශපාලන සම්බන්දය දකින්නේ දීප්ති ගේ ඒ පුරෝගාමී දේශපාලනික සද්භාවයට (political ontology) පින් සිදු වන්නට ය. ඒ වකවානුවේ සුදු ඇඳ ගත් වික්ටෝරියානුවන් අපට ‘සෙක්ස් කණ්ඩායම’ යනුවෙන් අපහාස කලත් එදා කළ එම දේශපාලන සංඥා කියවීම (sign reading) වඩාත් හොඳින් ලෝකය තේරුම් ගැනීමේ සඳහා අදාල වන්නේ අද දවසේය. ජිජැක් කියන අයුරින් ගතහොත් තුන්වන ලෝකය වෙත ප්‍රාග්ධනය ආගමනය වන්නේ මේ මොහොතේ වන බැවින් අපගේ ලෝකයට මාක්ස් ඉතාම වැදගත් වන්නේ ද මේ මොහොතෙන් පසුව එළඹීමට ඇති මොහොතේ ය. ඒ අයුරින් X දේශපාලනය ප්‍රාග් පරිණත දරුවෙක් (premature – නොමේරු) වන්නේ ප්‍රාග්ධනයේ පරක්කු ආගමනය නිසාවෙනි. අද වනවිට ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රාග්ධනය ගමන් කරමින් පවතී. හොඳින් හෝ නරකින් මිනිසුන් එයට නිරාවරණය වෙමින් ඇත. මෛත්‍රිපාල සිරිසේන මහතා කියන පරිදි පිලිපීන කතුන් ලක්ෂ ගණනින් හෙද සේවයට ලෝකය පුරා ගමන් කරමින් ඇත්නම් එහි අර්ථය පිලිපීන පිරිමියා තම ‘ආසියාතික ගැහැණිය’ දෙස වෙනස් ලෙස බැලීමට (ධනවාදය තුල ම විගලිත ලෙස බැලීමට) පුරුදු වෙමින් ඇත යන සත්‍ය යයි. ධනවාදී ලෝකයේ ධනය ඉපද වීමට ඉදිරියට එන මේ නව ගැහැණිය ඉදිරියේ පැරණි පිරිමි ආශාව මියයනු ඇත (ඇයට තව දුරටත් පැරණි ආශාව නියෝජනය කළ නොහැකි නිසාවෙනි). පිරිමයා එම මිය යාමට හුරුවිය යුතුව ඇත. බොහෝ විට පුරුෂ ශරීරය අධි නිශ්චය වූ පැරණි ලෝකයේ යුද්ධය, ජාතිය, ආගම, රට, භෞතික සම්පත්, නව ලෝකයක් සොයා යෑම, ඇමෙරිකාව සොයා ගැනීම, හඳට යාම වැනි දේ සඳහා අප ශරීරය කැප කලාක් මෙන් ම මෙම ස්ත්‍රී ශරීරය අධි නිශ්චය වූ නව ලෝකයේ ඇයගේ ගමන වෙනුවෙන් අපට ශරීරය පූජා කිරීමට සිදු වනු ඇත. මේ ‘නව ආශා ගැහැණිය’ අබියස ඉස්මතු වන ‘මරණය කරා දිවෙන පිරිමි විගලිත බව’ අවබෝධ කර ගැනීම සඳහා බලන්න ලේඩි ගගා ගේ ජිවිත කතාව රැගත් A Star is Born (2018) චිත්‍රපටය. වෙනත් විදියකින් කිවහොත් ලේඩි ගගා ‘උපදින්නේ’ ම (born) පිරිමියෙක් ගේ (ආශා) මරණය ඔස්සේ ය. මේ වනවිටත් ජනප්‍රිය ජැක්සන් මේන් (Jackson Maine) ගේ මිය යමින් පවතින ශරීරය හරහා ඔහු අමරණිය කරන්නේ ලේඩි ගගා ය. ඔහුගේ මිය යන කාබනික ශරීරය ඔහු ගගා වෙත හෝමයකින් මෙන් පූජා කරයි. ඒ ඔස්සේ ඔහුගේ පැවැත්මේ නිර්වචනය (අර්ථය) ඔහු සොයාගනී. තමාට ගත නොහැකි වූ ග්‍රැමි සම්මාන තුනක් ඇය ගන්නා තුරුම ඔහු ජිවත් වේ. ඉන් පසුව ඔහුගේ කාබනික ශරීරය නොවැදගත් හෙයින් (අර්ථයක් නැති හෙයින්) ඔහු මියයයි. ටයිටැනික් හි රෝස් වෙනුවෙන් ජැක් කරන්නේ ද මෙම හෝමය ම ය. නමුත් මෙසේ ඇය වෙනුවෙන් ශරීරය දීමට (හෝමය) ලාංකික පිරිමියා බිය වේ. තමන් කිසිවක් නොකළා යැයි දස අතේ දිවුරන ට්‍රම්ප් ගේ මෙන්ම ලංකාවේ දේශපාලනය ද නීරස වන්නේ එබැවිණි. බොහෝ විටම මේ කියන දෙය අතොරක් නැති වීදි සටන් වල නිරත වමට මෙන් ම රනිල්ට ද තේරෙන්නේ නැත.  ලකාන් පවසන අයුරින් ගැහැණියගේ වෙස්මුහුණ ඉල්ලා සිටින්නේ ඇය ට නොව ‘ඇය නොවන දෙයට ආදරය කරන්න’ (what she is not) යනුවෙනි. වෙනත් විදියකින් කිවහොත් ඇය විසින් ප්‍රක්ෂේපනය කරන වෙස් මුහුණට පමණක් ආදරය කරන්න යනුවෙනි (වෙස් මුහුණට යටින් කිසිවක් නැති නිසා). එනිසා අප පැටලෙන්නේ ෆැන්ටසි තිරයක ය. ඇය ආමන්ත්‍රණය කරන්නේ අපගේ ෆැල්ලසයට ය (ප්‍රාග් ෆැන්ටසිය). එම රැවටීම (deception) වෙනුවෙන් ඇය මිලක් අය කරයි. එය ගණනින් මෙතක් යැයි කිව නොහැකි නමුත් කාඩේෂියන් පවුලේ පොහොසත් කම අපට පෙන්වා දෙන්නේ එම ෆැල්ලස ක්‍රීඩාවේ ප්‍රාග්ධන දේශපාලනය යයි.  එම ෆැල්ලසයේ දේශපාලනය වෙනුවෙන් ඇයට වික්ටෝරියාස් සීක්‍රට් අවශ්‍ය වේ. 

මා දෙස කිසිවෙකු බලා නොසිටී!

 
හා දැන් එන්න සර්පයා ඇතුළු චන්ඩි ස්ත්‍රීවාදීන්.. ඇවිත් උත්තර දෙන්න පළු යන්න …කවුද යකෝ කියන්නේ සීට් දෙන්න ඕනි කියල පොදු ප්‍රවාහන සේවා වල. බලපල්ලා උසස් රටවල් වල. ඒ රටවල් වල එහෙම සීට් දෙන්නේ නැහැ. ඕව නිකන් මෙහෙ ඉන්න ‘පොන්න පිරිමින්’ ගේ වැඩ. ඕව පිරිමින් ගේ guilt එකට කරන වැඩ.  අපි ඉන්නේ හිරුණිකා එක්ක. හිරුණිකා අඳින්නේ ජංගි නෙවෙයි lingerie. අපි ඒකයි එයා කියන දේවල් අහන්නේ! 

ඔබේ අදහස කියන්න...