80 මුල සිට පලස්තීන විමුක්ති සංවිධානයේ සිට ලතින් ඇමරිකානු ගරිල්ලා ව්‍යාපාර හරහා ලංකාව තුළ ද අධිනිශ්චය වූයේ, සන්නද්ධ අරගල ආකෘතිය යි. ලංකාවේ ජනගහනයෙන් දළ වශයෙන්, 80% ක් පමණ ජීවත් වන්නේ ගම්බද ප්‍රදේශවල ය. මෙම ප්‍රදේශවල මූලික ප්‍රතිවිරෝධතාවය වන්නේ, ‘ප්‍රාග්ධනය’ නොමැතිකමය. එවිට, ශ්‍රමය සංවිධානය කරන විධිමත් යාන්ත්‍රණයක් ගම්බද නැත. බස්නාහිර පළාතට ප්‍රාග්ධනය සීමා වී ඇති අතර කාන්දම් බලයෙන් මෙන් ප්‍රාග්ධනය නැති ගම්බද ප්‍රදේශවලින් කොළඹට මිනිස්සු සංක්‍රමණය වෙති. 80 දශකයේ සන්නද්ධ ව්‍යාපාර අධිනිශ්චය වූයේ, ගම්බද ජනයාට ස්වයං පාලනයක් සහතික කිරීමටය. එය, ලංකාවේ නම් සිංහල සහ දෙමළ ලෙස ජාතීන් ලෙස වෙන් වී සන්නද්ධ හමුදාව සමඟ කරන අරගලයක් දක්වා දිගු විය. යම් යම් සුවිශේෂි ඓතිහාසික තත්ව තුළ සිංහල සන්නද්ධ අරගලය පළමුව පරාජය වූ අතර 21 වැනි සියවසේ ප්‍රථම දශකය තුළ දී දෙමළ අරගලය ද පරාජය විය.
Régis Debray 2023 – THE THEORY OF THE GUERRILLA ELITE
21 වැනි සියවස ලෝකය පුරාම තහවුරු වූයේ, අනන්‍යතා අරගල ලෙසින් ය. ජනතා විමුක්ති පෙරමුණ ද 89 පරාජයට පසුව සෙල්ලම් කළ භූමිය වූයේ, අනන්‍යතාවය (Identity) යි. කුමාර් ගුණරත්නම් ජවිපය තුළ සිටිය දී එහි දෘෂ්ටිය අන්ත සිංහල කේන්ද්‍රීයත්වයට රැගෙන ගිය අතර එය අවසන් වූයේ, දෙමළ අරගලය සමූල ඝාතනයකට ලක් කිරීමෙනි. මේවා අප පුද්ගලිකව මවන අගතීන් නොව පරීක්ෂා කළහොත් හමුවන ඓතිහාසික කරුණු ය.
ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට විරුද්ධ වූවෝ සහ වූවන් බොහෝ සිටිති. අප විරුද්ධ වන්නේ, එහි දේශපාලනයට නොවේ. අප එහි මනෝභාවය නැතහොත්, මනෝවිද්‍යාවට විරුද්ධ ය.
බෝඩ් ලෑල්ල අමතක කළහොත් ලංකාවේ ජනගහනයෙන් 80% ක් පමණ පිරිමින් යනු, ජවිපෙ මනෝභාවය සහිත පුද්ගලයන් ය. මෙම අර්ථයෙන් ගත් කළ, ජවිපෙ මනෝභාවය (JVP Mindset) යනු ප්‍රාග්ධනය හිඟ සමාජ අවකාශවල දී විනෝදය කාර්යක්ෂමව කළමනාකරණය කරන කතිකාවකි. ජවිපෙට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයන්ගේ සංවාදයන් තුළින් පවා පිටතට එන්නේ ජවිපෙ මනෝභාවය යි.
හුදු මාක්ස්වාදීන්ට මෙම මනෝභාවය අවබෝධ කර ගැනීමට විද්‍යාවක් නැත. මේ මනෝභාවය සමඟ ඍජුව මේ දක්වා ගැටී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණි. එසේ වන්නේ, මෙම දේශපාලන සංවිධාන දෙකම සංවිධානය කිරීමට උත්සාහ කරන්නේ එකම ජන කණ්ඩායමක් වීම නිසාය. එනම්, ගම්බද ජනයා ය. ගම්බද ජනයා වෙතට UNP ය ප්‍රාග්ධනය ගෙනයන්නට අසාර්ථක උත්සාහයක යෙදී සිටින අතර ගම්බද ශ්‍රමය ප්‍රාග්ධනයට එරෙහිව සංවිධානය කිරීමට ජවිපෙ මනෝභාවය උත්සාහ කරයි. ගමෙහි පසමිතුරුභාවය යනු, මෙම සමාජ ගැටුමයි. ජනමාධ්‍ය මගින් දෛනිකව ප්‍රකාශ වන සමාජ ගැටුම යනු, ප්‍රාග්ධනයේ හිඟකම සමඟ බද්ධ වූ සමාජ වෛරය ශ්‍රමය ස්වරූපයෙන් ප්‍රකාශ වීමයි. ජවිපෙ මනෝභාවය යනු, ගම්බද ජනයාගේ විමුක්තිකාමී දහමක් නොවේ. ඔවුන් වනාහී ගම්බද ජනයාගේ සාමූහික දේපළ (රජය සතු ඉඩම් සහ දේපළ) අයිතිය පැරණි සමාජ සබඳතා තුළ ම සිරවෙන්නට ඉඩ දී ඔවුන්ට විවිධ උද්ඝෝෂණ මාදිලි වලින් ප්‍රකාශ වීමට ඉඩ දීමයි. මෙය, සමාජීය ෆැසිස්ට්වාදයේ මූලික ලක්ෂණය යි. වෝල්ටර් බෙන්ජමින් මෙය න්‍යායිකව මෙසේ විග්‍රහ කරන ලදි:
“ වත්මන් මිනිසා එන්න එන්නම නිර්ධනීකරණය වීමත්, එන්න එන්නම බහුජනයා (People) ලෙසින් බහු ගුණනය වීමත් යන අංශ දෙක එකම සන්තතියක මුහුණුවරයන් දෙකකි. ෆැසිස්ට් දේශපාලනයට මෙම දේපළ රහිත ‘මහජනතාව’ අහෝසි කිරීමේ දේශපාලන වැඩසටහනක් නැත. ඔවුහු ගම්බද ජනයාගේ පොදු දේපළ අයිතියට අතවත් තබන්නේ නැත. වැව් අමුණුවල ජලය කළමනාකරණය කිරීමට ප්‍රයත්න දැරීම පවා ඔවුන් සලකන්නේ ජලය විකිණීමක් ලෙසිනි. ඇත්ත වශයෙන්ම, ඔවුන් ගම්බද ජනතාව සංවිධානය කරන්නේ දේපළ අයිතිය එකතැන පල් වීමට ඉඩ දෙමින් ඔවුන්ට විවිධාකාරයෙන් ජනමාධ්‍ය තුළ ප්‍රකාශ වීමට ඉඩ දීමෙනි. සමාජ ෆැසිස්ට්වාදින් [Social Fascists]සහ ඔවුන්ගේ මනෝභාවයේ උරුමක්කාරයන් ද උත්සාහ දරන්නේ, Facebook මඟින් උනමින් සිටින මහජනයා විසුරුවා හැරීමට නොව ඒ වෙනුවට, ඔවුන්ව නගරයට සහ ප්‍රාග්ධනයට එරෙහිව කුලප්පු කිරීමට ය.
ඉහත අර්ථයෙන් ගත් විට දී, ජේවීපීකාරයන් බහුජනයාට ප්‍රකාශ වීමට ඉඩ හසර පාදන අතර රාජ්‍යය සතු පොදු දේපළ පක්ෂ-රාජ්‍යයක් මගින් ප්‍රතිස්ථාපනය කිරීමට යෝජනා කරයි. මෙම තත්ත්වය පුළුල් අර්ථයෙන් ‘දේශපාලන ජීවිතයට’ සෞන්දර්යය රැගෙන ඒමකි. මාක්ස්වාදයට පරස්පරව මෙහි දී සිදු වන්නේ, දේශපාලනය සෞන්දර්යකරණය කිරීමකි. බහුජනයා සහභාගී වන උත්සවකාරී රැස්වීම් යනු, මේ සෞන්දර්යකරණය යි. මෙය අවසන් වීමට නියමිත වන්නේ, එක පන්තියකට එරෙහිව තවත් පන්තියක් මෙහෙය වීමෙනි. එනම්, යුද්ධය යි.”
-
වෝල්ටර් බෙන්ජමින්, යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදන යුගයේ කලාව –
80 දශකය ජවිපෙ සන්නද්ධ අරගලය උත්සන්න වූ යුගයේ දී දයාන් ජයතිලක බොළඳ ප්‍රකාශයක් කරන ලදී. ඔහු ෆිදෙල් කැස්ත්‍රෝ උපුටමින් මෙසේ පවසන ලදී: “ චේ වන්න!, එසේම විජය වන්න!”
බහුජනයා සංවිධානය කිරීම නම් ගැටලුවේ දී ජනතා විමුක්ති පෙරමුණ අභියෝගයට ලක් වූ ප්‍රථම අවස්ථාව වූයේ, විජය කුමාරණතුංග ය. මන්ද, ඔහු දෙමළ ජනයාගේ ‘ස්වයං-තීරණයට’ (දේපළ අයිතිය වෙනස් කිරීම) එකඟ වීම නිසා ය. අනෙක් පසින්, JR විසින් විවෘත ආර්ථිකය හරහා ගම්බද ජනයාගේ දේපළ අයිතිය අවිධිමත්ව වෙනස් කරමින් සිටි අතර ඊට විරෝධය ගෙන ආවේ, සදාචාරවාදී දෘෂ්ටිකෝණයකින් ‘ධර්මිෂ්ට සමාජය’ හරහා ය. සරච්චන්ද්‍ර නම් විශ්ව විද්‍යාල ගුරා ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රකාශන මාදිළිය නිසා එවකට සලිත වී සිටියේ ය.
කෙසේ නමුත්, සැබෑ අභියෝගය බාර ගත්තේ විජය නොව රන්ජන් විජේරත්න ය. ඔහු පහර දුන්නේ, ජවිපෙ දෘෂ්ටිවාදයට නොව එය අසමත් වන තැන පිහිටන ජවිපෙ ආත්මයටම (JVP Subject) ය. මේ අර්ථයෙන් ගත් විට දී, නියම ජේවිපීකාරයන් සිටින්නේ එහි බහුජන ආකෘතිය තුළ ය නැතහොත්, හාල්පාරුවන් ලෙස මාධ්‍ය තුළ අභිෂේක ලබන්නන් තුළ ය.
ජවිපෙ ආත්මය කුමක් ද? කියා වටහා ගැනීමේ දී මනෝවිශ්ලේෂණය නම් විද්‍යාව අත්‍යාවශ්‍ය ය. ජේවිපීකාරයන් දැඩිව වෛර කරන විද්‍යාව වන්නේ, මනෝවිශ්ලේෂණය යි. එසේ වන්නේ, එමගින් ඔවුන්ගේ ආත්මය කියවිය හැකි නිසා ය. JVP ආත්මය කුමක් ද? රංජන් විජේරත්නගේ කියවීම වැදගත් වන්නේ ඇයි?
89 වර්ෂයේ දී ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් කොටු කිරීමේ වෑයමේ දී කොළඹ සන්නද්ධ නායක කදුරුපොකුණගේ රියදුරාගේ චර්යාව අධ්‍යයනයට ලක් වෙයි. එහිදී, කදුරුපොකුණගේ රියදුරා බොහෝ වේලාවක් නවත්වාගෙන සිටින ස්ථානයක් අවධානයට ලක් වෙයි. එය, එතරම් වැදගත් ස්ථානයක් නොවේ ය යන නිගමනයට එරෙහිව රංජන්ගේ න්‍යාය වන්නේ, එතැනම බලන්න කියා ය. අවසන් වශයෙන් සොයා බැලීමේ දී ඒ ස්ථානය වන්නේ, D.M ආනන්දගේ වයස 17 ක පමණ පෙම්වතිය පදිංචි ස්ථානය යි. ‘ආත්මය’ යනු, සංකේත ප්‍රබන්ධය නොව එය අසමත් වන ස්ථානය යි. D.M ගේ ආත්මය යනු, ජවිපෙ දේශපාලනය නොවේ. ඊට අනුව, මෙවැනි ස්ත්‍රී ඇසුරක් යනුම ආනන්තරීය පාප කර්මයකි. නමුත්, බාහිර ප්‍රකාශනය එය වුවත් ඔහුගේ ආත්මය ඇත්තේ ඔහුවත් හඳුනන තැනක නොවේ. (We do not recognize ourselves, but we are this misrecognition. It is this delay between seeing and recognizing that the subject is experienced in its purest form.)
ලංකාවේ සමාජ ආර්ථික අර්බුදය යට බොහෝ දෙනෙක් නොදන්නවා වූවාට තිබෙන්නේ, ජවිපෙ මනෝභාවය යි. විශ්ව විද්‍යාලවල අධ්‍යාපනයේ ගුණාත්මක පිරිහීමට වගකිවයුතු වන්නේ ද මෙම මනෝභාවය යි. මෙම මනෝභාවය මනෝවිශ්ලේෂණාත්මකව කියවීම පහසු නැත. එය, ජනප්‍රිය වැඩක් ද නොවේ. නමුත්, එය රංජන් විජේරත්න සේම අප ද කළ යුතු වැඩකි. සිරිසේන කුරේ කීවා සේ දියමන්ති කැපිය හැක්කේ දියමන්ති වලින්ම ය. විශේෂයෙන්ම, ජවිපෙන් පිටත සිට ජවිපෙට කඩේ යන හාල්පාරුවන්ගෙන් අප ප්‍රවේසම් විය යුතුය.
Deepthi Kumara Gunarathne.
2024 – 2 – 16.
ගොඩක් දෙනෙකුට මේ සත්‍යය තේරෙන්නේ නැහැ
Comments are closed.