අර්නෙස්ටෝ ලැක්ලෝ වැනි චින්තකයෙකු, ලංකාවේ සමහර පුද්ගලයන් අල්ලපු ගෙදර සිටින අසල්වාසියෙක් තරමට තමන්ට සමීප බව හඟවයි. නමුත් මේ කිසිවෙක් ඔහු විසින් ලියා ඇති පොත් පහ සඳහා අධිපති නොවන කියවීමක් කර නැත. තවත් සමහරුන්ට අනුව, ලැක්ලෝ විසින් වාමාංශයට ඊට කලින් නොතිබූ දැනුමක් එකතු කර ඇත. නමුත්  අර්නෙස්ටෝ ලැක්ලෝ ඉදිරිපත් කරන ‘කතිකා න්‍යාය’ (Discourse analysis) යන්න විධිමත්ව සිංහලෙන් කිසිවෙකු ඉදිරිපත් කර නැත.

අපගේ අවබෝධයට අනුව, ලැක්ලෝගේ දේශපාලන න්‍යාය අයත් වන්නේ සද්භාවී සම්ප්‍රදායටය. එනම්,Ontology පැත්තටය. ඔහු මාක්ස් හෝ අල්තුෂර් හෝ වෙනත් මාක්ස්වාදියෙකු ලෙස ධනවාදය ගැන ඥාන-විභාගයක් ඉදිරිපත් නොකරයි. සාම්ප්‍රදායික වාමාංශික දේශපාලනය සහ මාක්ස්වාදය නොවැදගත් කොට සලකන ‘ජනතාව’ යන සංකල්පය ආත්මීය වශයෙන් තීරණාත්මක සාධකයක් බව ඔහු විදහා දක්වයි. ඉන් ඔහු අදහස් කරන්නේ, මිනිසුන් ‘බර්ලින් තාප්පය’ බිඳවැටීමෙන් පසුව සබුද්ධික දේශපාලනය වෙනුවට හැඟීම් සහ ආවේදනයන් වෙනුවෙන් දේශපාලනය කරන බවයි. ඔහුට අනුව, නූතන දේශපාලනය ‘සංකල්පීයතාවයකට’ වඩා ‘ලුබ්ධිමය අඩංගුවක්’ වෙනුවෙන් පෙනී සිටින බවයි.

                 අර්නෙස්ටෝ ලැක්ලෝගේ කතිකා විශ්ලේෂණ න්‍යාය හැදෑරීමේදී, ජාක් ඩෙරීඩාගේ ‘විසංයෝජනය’ ගැන පුළුල් අවබෝධයක් අවශ්‍ය ය. ඩෙරීඩා සිය මුල්කාලීන කෘතියක් වූ positions (ස්ථාවරයන්) හිදී මෙසේ කියයි.

           “ලිවීම නම් සංකල්පය හමුවේ මාක්ස්වාදයේ පාරභෞතික සංකල්ප විශාල ගණනක් විසංයෝජනය කළ හැකිය”.

 ජාක් ඩෙරීඩා විසින් පෙන්වා දෙන්නේ, මාක්ස්වාදය තුළ කථනය (Speech), ලිවීමට වඩා ජීවමාන සහ භෞතික වන බවයි.[Phonocentrism is the belief that sounds and speech are inherently superior to, or more primary than, written language. Those who espouse phonocentric views maintain that spoken language is the primary and most fundamental method of communication whereas writing is merely a derived method of capturing speech. ] එවිට,මාක්ස්ගේ බොහෝ රචනාවල කතුවරයා නොමැති යැයි සිතා කියවන විට, (අපගේ කියවීම තුළ හටගන්නා අර්ථ සඳහා කතුවරයා පෙනී නොසිටින බව තේරුම් ගැනීම) එම කියවීම් තුළින් මා නොකියවූ දේවල් නැතහොත් මා සාරාත්මක යැයි සිතූ දේවල් එසේ නොවේ යයි වටහා ගැනීමට හැකිය. මේ අර්ථයෙන් ගත් විට,වියමනෙන් පිටත දේශපාලනයක් නැත යන ප්‍රවාදය (Nothing outside the text) අපට හමුවෙයි. පශ්චාත් මාක්ස්වාදය යනු, මාක්ස් පසුකර යාමක් නොව මාක්ස්ට දක්වන නව දයලෙක්තික සම්මුඛ වීමකි. මාක්ස්වාදයේ ශබ්ද කේන්ද්‍රීය බව (ලියූ දේවල් මිය ගිය දේවල් වන්නේ, එය ලියූ කෙනා විද්‍යාමාන නොවන නිසාය.නමුත් කතා කරන්නෙකු තමා කතා කරන දේවල් වෙනුවෙන් ඒ මොහොතේදීම, ජීවමානව පෙනී සිටින නිසා මිනිස් කියවීම ශබ්ද කේන්ද්‍රිය වෙයි. න්‍යාය/ ප්‍රායෝගිකත්වය යනු ද, වචන දෙකක් බව අපට අමතක වන නිසා, ප්‍රායෝගිකත්වය බොහෝ විට ශබ්ද කේන්ද්‍රිය වෙයි. මෙහිදී සිදුවන්නේ, යමෙකු ‘ප්‍රායෝගික’ යනුවෙන් උච්චාරණය කළ විගස ඒ පිටුපස යමෙකු ජීවමානව ඇතැයි අප අනුමාන කරයි. න්‍යාය සම්බන්ධයෙන් එවැන්නක් සිදු නොවන්නේ, එම වචනය පිටුපස කතුවරයෙකු ඇතැයි අප  නොසිතන නිසා එය ලිවීමක් බවට පත්වන නිසා ය). වටහාගන්නා පුද්ගලයකුට,ගෙවල්වලට වී නිකං සිටින පුද්ගලයන්ගේ වචන පිටුපස කිසිවෙකු විද්‍යාමාන නොවන බව වටහා ගැනීමට හැකිය.

          ‘සමාජය’ යනුවෙන් වාස්තවිකත්වයක් නොමැති තතු යටතේ ඩෙරීඩාට අනුව, සමාජය යනුවෙන් ව්‍යුහාත්මක සාරයක් පැවතීම ගැන අනුමාන කිරීම අඩමානයක් පමණි. අර්නෙස්ටෝ ලැක්ලෝ විසින් ඩෙරීඩාගෙන් උපුටා ගන්නේ වාගීශ්වර නොවන, ශබ්ද කේන්ද්‍රීය නොවන ‘සමාජය’ යන අදහස යන්න, සංස්කරණාත්මක-constructive- දෙයක් යන්නයි. ලැක්ලෝට අනුව, ‘සමාජ ජීවිතය’ යන්නට පදනමක් හෝ අර්ථයක් නැත යනුවෙන් යමක් ඔහු අදහස් කරන්නේ නැත. ලැක්ලෝට අනුව, සමාජය යනු, කුමක්දැයි පහදා දෙන උත්තරීතර හැඟවුම්කාරකයක් (මහින්ද රාජපක්ෂ, නිදහස, සමාජවාදය, සිංහලකම, මාක්ස්වාදය, පශ්චාත් මාක්ස්වාදය) යනුවෙන් ස්ථීර දෙයක් නැත. ‘සමාජය’ යන්න ඔහුගේ න්‍යායට අනුව, සංස්කරණාත්මක නොහොත් ගොඩනැංවීමේ වාදයක් නිසා එහි මධ්‍යය සඳහා බුද්ධිමය සහ ප්‍රායෝගික වශයෙන් පරමාදර්ශී හැඟවුම්කාරකයක් නැත. ඒ සඳහා, ඕනෑම හැඟවුම්කාරකයක් ආදේශ විය හැකිය. සමාජ මාධ්‍යයේ ඇති මෙම කතිකාමය හිස් බව නිසා,සමාජය යන්නෙහි අර්ථය නැවතීමක් නොමැතිව පාවෙන්නට පටන් ගනී. එක් එක් හැඟවුම්කාරක දාමයන් තව තවත් ඒවා සමග විවිධ ආකාරයට ජාලගත වීමෙන්, සමාජය යන්නට එක එක අර්ථ සම්පාදනය වෙයි. මෙය ඩෙරීඩාගේ වචනවලින් කිවහොත්, එය සමාජය යන සංකේතයේ ව්‍යුහාත්මක අතීරණාත්මකභාවය යි. එබැවින්, ලැක්ලෝගේ විශ්ලේෂණයන් ඩෙරීඩාගේ විසංයෝජනය විධික්‍රමයක් ලෙස සලකන අතර දේශපාලනය යන්න වියමනක් ලෙස විභාග කරයි (Politics as text). එහිදී , යම් වියමනක් කියවීමට මැදිහත්වීම ද්විත්ව කියවීමකි. [Double reading]අප කියවන වියමන යනු, යම් කතිකාවක් නඩත්තු කරන්නෙකි. අපගේ පළමු කියවීම තහවුරු කරන්නේ, වියමන තුළ පවතින අධිපති කතිකාවේ ව්‍යාකරණය යි. නමුත් දෙවන කියවීම යෝජනා කරන්නේ, වියමනේ කතිකාව විසින් බහිෂ්කරණය කරන, මර්දනය කරන දේවල් මොනවාද යන්නයි. උදාහරණයක් වශයෙන්, අප සුමිත් චාමින්දගේ පොත – book -යන්න විසංයෝජනය කොට එය වියමනක් – text -බවට පත්කර , ඉන්පසු එහි මර්දනය කරන ලද , හංගන ලද නොදන්නා මූලාශ්‍ර පෙන්වීමෙන් , එහි අධිපති කියවීම විසංයෝජනය කරන ලදී . ඒ අනුව, වාක්‍ය රෙජීමයක් යම් පිළිවෙලකට අඩුක්කු කිරීම අධිපති කතිකාවයි. 

                යම්කිසි කතිකාවක හැඟවුම්කාරක අතර සම්බන්ධය එක් රටාවකට ජාලගත කළ විට, කතිකාව එක් මුහුණුවරක් ගන්නා අතර එය වෙනත් ආකාරයකට ජාලගත කල විට, කතිකාව වෙනත් මුහුණුවරක් ලබා ගනියි. පශ්චාත් කාර්මික සමාජවල, අවිධිමත් ආර්ථිකයක ජීවත්වන මිනිසුන්ගේ ජීවිතවල අර්ථය ව්‍යුහාත්මක වශයෙන් අතීරණාත්මක ය. එය සංස්කරණය වන එනයින්ම අවසානයක් නොමැතිව චලනය වන්නකි. හැඟවුම්කාරක අතර අධිපති හෙජමොනික සම්බන්ධයක් ගොඩනැගෙන්නේ කෙසේද යන්න පරික්ෂා කරමු.

                 මොහොතකට මෙසේ සිතන්න! බීජිං ඔලිම්පික් උෙළලේ කෙටි දුර ධාවනය ගැන සටහනක් ජැමෙයිකාව ආශ්‍රිත කොට ගෙන ලියන්න යයි, අපි ක්‍රීඩා ලිපි රචකයෙකුට ආරාධනා කළා යැයි සිතමු. ලැක්ලෝගේ න්‍යායට අනුව, තත්ත්වය ව්‍යුහාත්මක වශයෙන් අතීරණාත්මක සහ අර්ථය නිශ්චිත කේන්ද්‍රයකින් තොරව චලනය වන නිසා මේ සඳහා මහා සම්මතයක් නොමැත. බොහෝවිට, ක්‍රීඩා ලිපි රචකයා ලියනු ඇත්තේ, අධිපති ධාරාවට අයිති අර්ථ සමුදායක් සහිත කතිකාවකි. එය, ඔහුගේ සම්භාෂණීය අවකාශයයි. ඔහු බොහෝවිට, ජැමෙයිකානු මලල ක්‍රීඩාවේ සාර්ථකත්වය උසේන් බෝල්ට් නම් මාස්ටර් හැඟවුම්කාරකයට ඌනනය කරනු ඇත. මෙම පුරුෂෝත්මකවාදී ක්‍රීඩා කතිකාවේ විපාකයක් ලෙස ස්ත්‍රී ක්‍රීඩිකාවන් ගැන සටහනක් නොලැබෙනු ඇත. උසේන් බෝල්ට් සහ නයික් සමාගම ගැන මිස ජැමෙයිකාවේ ආර්ථික දුගීභාවය ගැන කතා නොකරනු ඇත.

               අපගේ උදාහරණයට එනවිට, තත්ත්වය තවත් දරුණු වනු ඇත. චාමින්දගේ අධිපති කතිකාව සහිත ලිපි කියවන පිරිමියෙක්, චාමින්ද X කණ්ඩායමේ සිටිය දී එහි සාමාජිකයෙකුගේ පෙම්වතියක් හොරෙන් මිත්‍ර කරගෙන, එම පෙම්වතා මොන පණුවෙක් දැයි ප්‍රසිද්ධියේ ඇසූ පුද්ගලයෙකි. එසේත් නැත්නම්, සුමිත් චාමින්ද සංවිධානයේ අනෙක් සාමාජික, සාමාජිකාවන්ගේ ශ්‍රමය සූරා කෑමෙන් පසුව එහි බුද්ධිමය ශ්‍රමය ද මංකොල්ල කෑ පුද්ගලයෙකු යන්න සමකාලීන කියවන්නාට අදාළ නැත. ඔහු ලියන දෙය මිස ලියන තැනැත්තා කවුද යන්න අදාළ නැති බවට අටුවා,ටීකා, ටිප්පනි ලියනු ඇත. චාමින්දගේ දිග ලිපි වැල් කියවන විට, සංවිධානයේ කුස්සියේ ඔහුට කෑම සකස් කළ, පුටුව යට තබා යන කෝප්පය සෝදන, පැපොල රෝගය වැළඳුණු විට දෙමාපියන් පවා නිවසට භාර ගැනීම ප්‍රතික්ෂේප කළ තතු යටතේ ඔහුට හෙදකම් කළ සහෝදරයාගේ ශ්‍රමය යනාදී මේ සියල්ල (සාමාජික මුදල් දීමේදී අදිමදි කළ) සමකාලීන කියවන්නා වැදගත් කොට නොසලකයි. අවසන් වශයෙන්, තමන්ටත් නොතේරෙන දේවල් ලියන, චාමින්දගේ ලිපිවල මොනවා හරි ඇතැයි සිතන, බයියන්ටත් වියමනක හංගන දේවල් වැදගත් නැත. නමුත් ගැටලුව වන්නේ, මේ දේවල් මතකයේ තබාගෙන සිටින පිරිසක් තවම ජීවත් වීමයි.[Truth] පුබුදු ජයගොඩලා, අනුර කුමාරලා වැන්නන් අමතක කරන්නේ කතිකා විශ්ලේෂණය විසින් මඟහරින සාමුහික ශ්‍රමය යි. නමුත් ඔවුන් දෛනිකව දෙසන්නේ, සාමූහිකභාවයේ ශ්‍රේෂ්ඨත්වය යි.

Party Team-

Chantal Mouffe: ‘only populism can save the left’

Note Mouffe’s latest book, For a Left Populism, which offers a summary of her recent thinking on the topic. Mouffe sees no reason to be shy about her sympathies. Somewhere towards the end of her book, she confesses that “it is to be expected that my left populist strategy will be denounced by the sectors of the left who keep reducing politics to the contradiction of capital/labour” and “attribute a … privilege to the working class” — here conveniently “presented as the vehicle for the socialist revolution.” Such objections, she claims, are as old as her work itself. ‘There is no point in answering them,” Mouffe writes, “since they proceed from the very conception of politics against which I have been arguing.”

ඔබේ අදහස කියන්න...