රතු කුරුස සංවිධානයේ සිට දේශපාලන සංවිධාන දක්වා පරාසයක ලංකාවේ සංවිධාන ආකෘතීන් පැතිරී ඇත. මේ වන විට, නැවතත් අපගේම පැරණි ලෝකයෙන් සහ පැරණි සගයන්ගෙන් ඛණ්ඩනය වී නැවත අපගේ අධ්‍යයන පන්ති පටන්ගෙන ඇත. ඒවාට විශාල පිරිසක්, අප ගැන සමාජයේ සහ ජනමාධ්‍ය තුළ පවතින විවිධාකාර අගතීන් සමතික්‍රමණය කොට ‘පන්තිය’ පවතින තැන දක්වා පැමිණ ඇත.

                       එක පැත්තකින්, ‘කුකුල් පැටව්’ යන්ත්‍රයකට ඇතුල් කළ පසුව අනෙක් පැත්තෙන්, ඖෂධීය ‘Brands’ නම් පානය සහිත බෝතල් කරන ලද සාරය පැමිණෙයි. මෙය කුකුල් පැටවුන් සම්බන්ධයෙන් සත්‍ය වූවත් ‘සිතන මිනිසුන්’ සම්බන්ධයෙන් අසත්‍යය. මන්ද, සමහර කුකුල්  පැටවුන් Belt එකෙන් ඉවතට ගමන් කරනවාට වඩා සංකීර්ණ ලෙස මිනිස් සිතන්නන් යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය අවුල් කරන බැවිනි.

                80 දශකය යළි ඇරඹී ඇත. අධික ව්‍යාකූලත්වය, ජාතිවාදය, වාමාංශික කණ්ඩායම්, හමුදා ඇණි, රාජ්‍යය යන මේ සියල්ල අලුත් වටයකින් භ්‍රමණය වීම ආරම්භ වී ඇත. 80 දශකයෙන් පටන් ගත් ”අධික ව්‍යාකූලත්වය” නිසා කිසිදා කලින් නොසිතූ පිරිසක් මිනීමරුවන් වූ අතර 60,000ක් පමණ පිරිසක් මැරුම් කෑවේය. 82 ජවිපෙ තහනම, 83 ජූලි කලබල, 87 ඉන්දියානු ගිවිසුම, දෙමළ විමුක්ති අරගලය පරිණත වීම වැනි සිදුවීම් ජාලාවක් අවසන් වූයේ, වාමාංශය හෝ ජාතිකත්වය ජය ගැනීමෙන් නොව 93 වර්ෂයේ ප්‍රේමදාස ඝාතනයට පසුව  ‘ලිබරල්වාදය’ ජය ගැනීමෙනි. 93 වර්ෂයට පසුව සිවිල් සමාජ ව්‍යාපාරය පරාජය වී චන්ද්‍රිකාගේ මානුෂික මුහුණුවරක් සහිත ධනවාදය නොහොත් නියෝජනාත්මක ලිබරල්වාදය මතවාදීව ජය ගත්තේ ඇයි දැයි අදටත් පැහැදිලි කරන්නෙකු නැත. සෑම දෙයක් ම සිදු වී ඇත්තේ ආකස්මිකවය. අවසන් විග්‍රහයක දී පරාවර්තනය වන්නේ, ‘යථාර්ථය’ නොව ‘පරමාත්වය’ නම් චක්‍රය පුනරාවර්තනය වීම හැර අන් යමක් සිදුවීමට ඉඩ නැත. ‘දයා පතිරණ’ ගැන කුතුහලයක් ඇති අයට 87-89 යුගයේ කොළඹ ජවිපෙ සන්නද්ධ නායකයා වූ  කදුරුපොකුණ ගැන කුතුහලයක් නැත. එසේ වන්නේ, අපගේ සිතුවිලි අපම යළි පරික්ෂා නොකරන නිසා ය.

                        2002 වර්ෂයේ දී ‘දියැස’ සඟරාවේ හිටපු ප්‍රධාන සංස්කාරක ‘වසන්ත දිසානායක’ සහෝදරයා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවක්  ‘දියැස; ජීවිතය ද? ඝාතනයද?’ නමින් කෘතියක් ලෙස පළ විය. එහි පහත දේ සඳහන් වෙයි.  

          “මේ 71  විප්ලවවාදියා පසුගිය අවුරුදු 10  තුළ හෝ ඊට ආසන්න කාලයක දේශපාලන පර්යේෂණාගාර තුළ වැඩ කිරීම සඳහා (අයහපත්)  සේවා වාර්තාවක් ලබා සිටියේ ය. මේ පර්යේෂණාගාර තුළ වූ ඔහුගේ පර්යේෂණය දැන් කල් ඉකුත් වෙමින් පවතී. 

තවදුරටත් මා කියා සිටින්නේ, බිඳුණු වැව, මාවනැල්ල වැනි ඛේදවාචකයන්ට සංවේදී වීම, පර්යේෂණාගාර පූර්ව පක්ෂයක ප්‍රතිසංවිධානයට වඩා අනිවාර්ය ලෙස වැදගත් බවයි”.

                      ඉහත සටහන ලීවේ ප්‍රතිසංවිධානය භාරව සිටි කමිටු ප්‍රධානියා ය. ඔහු තවදුරටත් මෙසේ ලියයි. 

               “ශ්‍රී ලංකාවේ නව විජිත ධනපති සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා විප්ලවීය පන්ති අරගලයේ ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතු ය. නමුත් අද ශ්‍රී ලංකාවේ පන්ති අරගලය සහ පන්ති අරගලයේ ව්‍යාපාරය දෙමළ ජාතික විමුක්ති අරගලය විසින් අධිනිශ්චය කොට ඇත. දකුණේ සමාජය තුළ බිහිවන පන්ති සමාජ ව්‍යාපාරයන් ගබ්සා වී යන්නේ එහෙයිනි. ඒ නිසා, දෙමළ ජාතික විමුක්ති අරගලයේ ප්‍රතිවිරෝධය විසඳීම සියල්ලටම වඩා ප්‍රමුඛ ය.  ඇත්තටම ඔවුන් කියන්නේ, විප්ලවීය පන්ති අරගලයේ ව්‍යාපාරය ගොඩනැගිය යුත්තේ ජාතික ව්‍යාපාරය තුළය කියා ය. 

                මේ නිශ්චිත වකවානුවේ විප්ලවීය පන්ති අරගලයේ ව්‍යාපාරය එනම්, පක්ෂයේ පෙර ගමන්කරු වන ‘පූර්ව පක්ෂ සංවිධානය’ ගොඩනැගීම සම්බන්ධයෙන් වූ මේ දෘෂ්ටිමය නො එකඟතා අප දෙපාර්ශවයක් බවට වෙන් වීමේ කේන්ද්‍රීය ගැටලුව බවට පත් වී ඇත.

               ඉහත හේතුව නිසා, ‘ඔවුන් පීඩිත දෙමළ ජාතිකවාදයේ දකුණේ දෘෂ්ටිමය නියෝජිතයන් වීමට මාක්ස්වාදයෙන් සමුගෙන තිබේ’ ”.

               ඉහත දෘෂ්ටිවාදයන් දෙක අතර ගැටුමේ ප්‍රකාශයන් දෙදෙනාගෙන් එක් අයෙක් අප දැනටමත් දන්නා පරිදි ‘වසන්ත දිසානායක’ සහෝදරයා ය. අනෙකා, 21 වැනි සියවසේදී ශ්‍රී ලාංකික ‘උඩුවරගේ හෙන්රි සහෝදරයා නොහොත් රෝහිත භාෂණ සහෝදරයා’ ය. (උඩුවරගේ හෙන්රි යනු, 80 දශකයේ දී ලෙනින්ගේ වෙළුම් 47 කියවන ලද රැඩිකල් මාක්ස්වාදියා ය.) 

               එසේ නම්, මෞලික ගැටලුව කුමක්ද?

         2020 දී වසන්ත දිසානායක සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණට ආබද්ධ බහුජන සංවිධානයෙන් ඡන්දය ඉල්ලයි. මේ නිමේෂයේ දී ම රෝහිත භාෂණ සහෝදරයා පසුගිය දශක 4ක පමණ කාලය තුළ පශ්චාත්- යටත්විජිත රාජ්‍යය විසින් පවත්වාගෙන ගිය වධ කඳවුරුවල සිතියමක් නිර්මාණය කොට ඇත. [Refer- JDS] ‘පන්ති යුද්ධය’ වෙනුවට 2020 වර්ෂයේ අධිනිශ්චය වී ඇත්තේ ‘සංස්කෘතික යුද්ධය’ යි. 

                ශ්‍රී ලංකාවට ආවේණික සුවිශේෂ ගැටලුව කුමක්ද? 

ලංකාවේ ‘ජාතිවාදය’ පන්ති අරගලය [Or Capitalism]ඉක්මවා අධිනිශ්චය කරවන්නේ, ආර්ථික ඒකාධිකාරයන් නොව සුළු-ධනේෂ්වර විඥාණයක් සහිත වාමාංශික සංවිධානයක් විසිනි.  උදාහරණයක් ලෙස, ලංකාවේ සිංහල ජාතිවාදය  ‘පශ්චාත්-යටත්විජිත රාජ්‍යයේ පරිපාලන භාෂාව’ බවට පත් කරන ලද්දේ ද (මුද්‍රිත සහ රූපවාහිනී මාධ්‍ය හරහා) ‘ජනතා විමුක්ති පෙරමුණයි’. මෙයට පසුව, ජවිපෙන් වෙන් වූ නිදහස් දේශපාලනය කරන වාමාංශිකයන් ද එක් වී ඇත. (පෙරටුගාමී සමාජවාදීන්)  

                  ඒ අනුව, වසර 2002 දී පන්ති අරගල න්‍යාය වෙනුවෙන් පෙනී සිටි වසන්ත දිසානායක සහෝදරයා ජවිපෙන් 2020 දී ඡන්දය ඉල්ලීම, එක්තරා අතකින් ‘පන්ති – අරගල – න්‍යාය’ අතහැර දමා ‘අනන්‍යතා දේශපාලනය’ (ජාතිකවාදී) තෝරා ගැනීමකි. ‘හෙජමොනි’ සංකල්පයේ රැඩිකල් නිර්වචනය වන්නේ, එමගින් නිර්ණය වන ‘සමාජයේ’ අභ්‍යන්තර සීමාව සහ බාහිර සීමාව අතර බෙදුම්කඩනය යි. උදාහරණයක් ලෙස, වසන්ත දිසානායකට 2002 දී සමාජයේ අභ්‍යන්තර සීමාව  සලකුණු වූයේ, සමාජ පන්තිය හරහා ය. නමුත් ඔහුට 2020 දී සමාජයේ අභ්‍යන්තර සීමාව ලෙස සලකුණු වන්නේ, සිංහල ජාතිය යි. මින් අදහස් වන්නේ, කෙනෙකුට සෘජු ලෙස ‘සමාජය’ සහ එහි සතුරෝ අත්විඳිය නො හැකිය යන්නයි. එය කළ හැක්කේ, වක්‍රව සහ ආපතිකව තිරණය වන යම් නිශ්චිත පසමිතුරුභාවයක්-antagonism– පදනම් කොට ගෙනය. උදාහරණයක් ලෙස, යුද හමුදා භටයෙක් නීති විරෝධීව වැලි හලාවතින් ගන්නා විට ඊට සහභාගී වන්නන්ට වෙඩි නොතබන අතර මුලතිව් හී එම දෙයම කරන පුද්ගලයන්ට මිය යෑමට පවා වෙඩි තබනු ලැබේ. (තනි රටක නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වීම

                2002 වර්ෂයේ දී තම තමන්ගේ (භාෂණ සහ වසන්ත අතර) පසමිතුරුතා ලකුණු කිරීමේ දී, එහි අභ්‍යන්තර සීමාව ‘ජාතිය’ කියන විට භාෂණ නිවැරදි අතර 2020 දී වසන්ත එයම කියන විට ඔහු වැරදි ය. මන්ද, ඕනෑම බාහිර බාධාවක් හෝ සීමාවක් නිර්ණය වන්නේ, අභ්‍යන්තර සීමාවක් හරහා වන නිසා ය. ඒ අනුව, කුමන අභ්‍යන්තර සීමාව තම බාහිර සීමාව සමඟ සම්බන්ධ වනවා ද යන්න රැඩිකල් ලෙස අරගලය සමඟ බද්ධ වී ඇති ආපතික තත්ත්වයකි. හෙජමොනියේ පුළුල් අර්ථය එය යි. කෙනෙක් තමන්ගේ අභ්‍යන්තර සතුරා පන්ති සතුරෙකු ලෙස හඳුනා ගැනීම අතර වෙනස අප හිතනවාට වඩා පුළුල් පරාසයක පැතිරෙයි. සරලව කිවහොත්, වසන්ත දැන් සිටින්නේ ජාතික අභිමානය වෙනුවෙන් මිනිසුන් මැරීමට සූදානම් පිරිසක් සමඟය.  එය සිංහල පීඩිතයන්ට හෝ දෙමළ පීඩිතයන්ට සම්බන්ධ දේශපාලන ව්‍යාපාරයක් නොවේ. 

                   එබැවින්, මුල කඳවුරු මාරු කිරීම හරහා පුද්ගලයෙකු අප සිතනවාට වඩා දුරක් ගමන් කරයි. ගැටුම් විරහිත ධනවාදයක් වෙනුවෙන් පෙනී සිටින ෆැසිස්ට්වාදයේ ආරම්භක ලක්ෂය ද මෙයම ය. දැන් මෙම තත්ත්වයට ලෝකය නැවත බෙදා ගැනීමට අරගලයේ යෙදෙන බාහිර පිරිසක් ද සම්බන්ධ නිසා (කලින් යුගයේ එය අභ්‍යන්තරික ය)  ශ්‍රී ලංකාව බාහිර බලවේගවල ඉත්තෙකු වීමට ද ඉඩක් ඇත. එහි දී ධ්‍රැවීයකරණය වන්නේ, පන්ති ලෙස නොව ජාතීන් හැටියටයි. ඉහත තත්ත්වය විසින් ප්‍රථම වරට ලංකාවේ පශ්චාත්-යටත්විජිත රාජ්‍යයේ සංගතභාවය බිඳ දමනු ඇත. නැවතත් වද කඳවුරු ආරම්භ වීමට නියමිත වන්නේ, මෙම අවධි ලක්ෂයට පසුව ය.

                     එබැවින්, අප සමඟ ඉගෙන ගැනීමට අලුතින් එන අයට අප කියන්නේ අප පිළිබඳව අපගේම සංවිධානයේ විමතිකයන් සහ අපට බාහිර බලවේග විසින් ගොඩනඟා ඇති ‘කතිකාවෙන්’ වෙන් වන ලෙස යි. පක්ෂ ඉතිහාසය පිළිබඳ පොත ළඟදීම නිකුත් වීමට නියමිත නිසා සංවිධානයෙන් ඉවත් වූ අයට බැන වදිනවා යන සරලමතික අදහස පවසන තක්කඩියා සංවිධානය තුළ සිදු කළේ කුමක් ද යන්න ඔබට ඔප්පු වනු ඇත. බොහෝවිට, අප සටන් කළේ අපගේ ආත්ම ගෞරවය වෙනුවෙන් නොව අප ලංකාවට හඳුන්වා දුන් “විප්ලවීය අධ්‍යාපන වැඩසටහන ආරක්ෂා කිරීම වෙනුවෙන් ය. ජීවිත පරිත්‍යාගයෙන් එය බේරා ගැනීමට සටන් කළ සියලු සගයන්ට මෙහිදී අපි ප්‍රණාමය පුද කරන්නෙමු. අපි පාඩම පටන් ගන්නේ, ශාන් දැල්කඳුරආරච්චිගේ ‘භාෂා විශ්ලේෂණය’ සහ දීප්තිගේ ‘නිර්-භාෂාව නිර්වචනය’ කිරීම අතර වෙනසෙනි. 1998 දී  ‘ව්‍යුහවාදය’ ඉගෙනගත් ශිෂ්‍යයාට වඩා කෙතරම් වෙනස්ව සහ යාවත්කාලීන කොට ව්‍යුහවාදය ඔබට ඉගැන්වේවි දැයි ඔබට කුතුහලයක් නැති ද?

===========================================

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

Also Refer-

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

Download

 

ඔබේ අදහස කියන්න...