සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් – 5
ඔබට “වමේ වේදිකාවේ ” ප්‍රධාන ප්‍රකාශකයෙකු වන පනගියෝටිස් ලෆද්සානිස් ගැන කියන්න පුලුවන්ද ටිකක්?
ඔව්, ඔහු ප්‍රධාන පෙලේ කෙනෙක්. මේක ශක්තියක් වගේම දුර්වල කමක්. සිරිසා කියන්නේ නායකයෙකු වටා බිහිවුන එහෙම නැත්නම් නායකයා මධ්‍ය ලක්ෂය කර ගත්ත පක්ෂයක්, නමුත් එහි (සිරිසා හි) ප්‍රධාන කොටසක් වන “වමේ වේදිකාව” (Left Platform), හරියටම කිව්වොත් “වමේ ධාරාව “(Left Current) පුද්ගල – මධ්‍ය සංවිධානයක්. ඇත්ත වශයෙන්ම ඇන්ටොනිස් ඩුවනෙලොස් (DEA හි) ප්‍රමුඛ කෙනෙක් තමා , නමුත් ජාතික තලයේදී ලෆාද්සනිස් ඉතා වැදගත් භූමීකාවක සිටිනවා. ලෆාද්සනිස් කියන්නේ ඒකාධිපතිවාදයට එරෙහි සටනේදී ඉදිරිපෙළ සිටි ක්‍රියාධරයෙක්. ඔහු ඒකාධිපති පාලන කාලය මුළුල්ලේම අත් අඩංගුවට පත් නොවී බේරී සිටි, ගණනින් දහයටත් අඩු තරුණ කොමියුනිස්ට් කේඩරයන් ගෙන් කෙනෙක්. ඒ පරම්පරාවේ සිටි ඉතාමත් දුර්ලභ ගණයේ කේඩරයෙක්.
ඔහු 1970 දශකයේ හා 80 දශකයේ KKE එකේ ඉදිරියට පැමිණුනා. පොලිටි බියුරෝ එකේ සාමාජිකයෙක් වගේම KKE හි 1973 සිට 1989 සිටි ඓතිහාසික මහා ලේකම් හරිලඔස් ෆ්ලොරකිස් ගේ ලඟින්ම සිටි කෙනෙක්. 1991 විභේදනයේදී දී ප්‍රධාන තැනක් ගනිමින් ඔහු පක්ෂයෙන් අයින් වුනේ නායකයන් බොහෝ දෙනෙකු සමග .
ඒ කාලේ KKE එක තුල සිටි හුඟක් අය සැක කළා ලෆාද්සනිස් රහසිගත යුරෝකොමියුනිස්ට් වාදියෙක් කියල. ඔහු ග්‍රම්චිව ගැඹුරින් කියවා ඇති බව ප්‍රසිද්ධ රහසක්. නමුත් මේ විස්තර සියල්ල ඉතා සැඟවුණු ආකාරයෙන් පැවති අතර ඔහු එළිපිට පක්ෂයේ නිත්‍යානුකුල ස්ථාවරය ට පක්ෂව සිටියා .
අපි KKE එක ගැනත් මතක් කරපු නිසා පොඩ්ඩක් කතා කරමුද ඒ ගැන, මොකද ජනතාව කුතුහලයෙන් සිටිනවා ඒ ගැන. කොයි තරම් දුරට ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය බුද්ධිමත් ද, තාර්කිකද ? එහෙම නැත්නම් මේ සිය දිවි නසා ගැනීමක්ද?
මං හිතන්නේ දෙකම. KKE දැනට යෙදෙවී සිටින්නේ පක්ෂ මැෂිම ක්‍රියා කර තබා ගැනීම් කාර්යයේ, පක්ෂය මේ දේශපාලන ගංගාවේ ගිලෙන්නේ නැතුව උඩ තබා ගන්න එක. ඒ ගොල්ලන්ගේ සිහිනය තමා 2009 තිබු තත්වයට යාම ඒ කියන්නේ වමේ රැඩිකල් දේශපාලනයේ වඩාත්ම බලපෑම් කල පක්ෂය වීම. ඔවුන්ට ඕනේ 7-8% චන්ද ප්‍රමාණයක් හා සමහර අංශයන් (දේශපාලනිකව) හැසිරවීමට .
ඔවුන් ඉතා මුලික මට්ටමේ ජනතාව රැස් කිරීමේ ක්‍රියාවලීන්ට සැම විටම විරුද්ධ වුණා. 2011 වසන්තයේ පැවති නගර චතුරශ්‍ර අත් කර ගැනීමේ ව්‍යාපාරයට ඔවුන් පිස්සුවෙන් මෙන් විරුද්ධ ව කටයුතු කලේ එය කොමියුනිස්ට් විරෝධී කුමන්ත්‍රණයක් යයි කියමිනුයි. ඒ නිසා මෙය මුලික වෙනස් කම් වලට අකමැති දැඩි දක්ෂිනාංශික (මෙයින් අදහස් කරන්නේ වාමාංශයේ දක්ෂිනංශය) පක්ෂයක් .
බලයෙන් පවරලා තමා , නමුත් KKE එකේ ශක්තිමත් යාන්ත්‍රණයක් තිබෙනවා වගේම ඔවුන් සාදා තිබෙන්නේ ඉතා සංවිධිත පක්ෂයක්. ඔවුන් කිසි කම්පාවක් නැතිව සියලුම විරුද්ධ මත දරන්නන් එළවා දමා පක්ෂයේ බලය තබාගෙන සිටින්නේ. මම සැක කරනවා ලඟදි එන මැතිවරණ වලින් ඔවුන් දුර්වල ප්‍රතිඵල ගත් විට එයින් දැඩි බලපෑමක් ඇති වේවි කියල.
(සිරිසා හි ජයග්‍රහණයෙන් ඉහත වාක්‍යය නිවැරදි බව ඔප්පු වුනි – පරිවර්තක )
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් – 1
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් – 2
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් – 3
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් – 4