වසර 2005ට පසු ලංකාව ෆැසිස්ට්වාදයට යටත් විය. අති බහුතරයක් සිංහල සහ දෙමළ බුද්ධිමතුන්ට ෆැසිස්ට්වාදය න්‍යාය ගත කිරීමට නොහැකි විය. මෙහි අතුරු ඵලයක් ලෙස ‘මිනිසුන් සංවිධානය කරන්නේ කෙසේදැයි‘ යන ගැටළුව වම/දකුණ භේදයකින් තොරව සියළුදෙනාට අභිමුඛ විය. අද අප සියළුදෙනා අත් විදින්නේ ආර්ථික අර්බුදයක් හෝ සදාචාර අර්බුදයක් නොවේ. ඒවා ෆැසිස්ට්වාදයේ රෝග ලක්ෂණ මිස රෝග නිධානය නොවේ.
මිනිසුන් සංවිධානය කිරීමට කිසිවකුට නොහැකිවීම ඒ ඒ පුද්ගලයන්ගේ තනිකම් දෝෂයක් නොවේ. එය ෆැසිස්ට් සමාජයක ප්‍රමුඛ ලක්ෂණයකි. ෆැසිස්ට්වාදයේ මුඛ්‍ය ලක්ෂණය වන්නේ මහජනයාට තමාට කැමති ආකාරයට ප්‍රකාශ වන්නට ඉඩදීමයි. එවැනි තත්ත්වයක් තුළ දේශපාලන පක්ෂවලට කරන්නට දෙයක් නැත. අප සැමට බලා සිටීම හැර වෙන කරන්නට දෙයක් ඉතුරු වී නැත.
මේ තත්ත්වය තුළ රට දියුණු කර ගැනීම සදහා වැඩිදුර අධ්‍යාපනය ලැබීමට රනිල් හාවර්ඩ් හෝ බොස්ටන් යෑම නරක නැත. මහින්ද විදුලි පුටුව හීනෙන් දැකීමද නරක නැත. විමල් වීරවංශ තේ කෝප්පයේ කිඹුලන් දැකීමද නරක නැත. කිසිවෙකුට මේ කාලයේ කරන්නට දෙයක් නැත. නමුත් මොනවා හෝ නොකර සිටීම ඊටත් වඩා භයානකය. කරන්නට කිසිවක් නැති තැන මොනවා හෝ කිරීමට අපට බල කෙරෙමින් පවතියි. උපුල් කුමාරප්පෙරුම මෙම තත්ත්වය හොදින් අත්විදිනවාට සැකයක් නැත. ෆැසිස්ට්වාදය අපව හිරගෙවල් කරා නොදක්කවා නිකං ඉන්නට ඉඩ හැරීම අවාසනාවකි. ඒ අතින් ග්‍රාම්ස්චි අපට වඩා වාසනාවන්තය.
pot calling the kettle black!
Comments are closed.