[dropcap color=”blue”]ප[/dropcap]සුගිය දවසක අලුත් කඩේ උසාවි සංකීර්ණය අසල කළබගෑනියක් කළ බවට කියන එක්තරා පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙතට යොමු කරනු ලැබූ පුවතක් අසන්නට ලැබුනා. මෙකී සිදුවීම ඇතිවන්නේ චන්ද්‍රා ප්‍රනාන්දු නම් පුද්ගලයෙකු සහ ස්වාමීන් වහන්සේලා පිරිසක් අතරයි. මෙකී පුද්ගලයා තමන්ව හදුන්වා ගන්නේ වෛද්‍යවරයෙකු සහ නීතිඥවරයෙකු වශයෙනි. මෙකී සිදුවීම රටේ දෛනිකව සිදුවන සිදුවීම් අතර තවත් එක් සිදුවීමක් පමණක් වුවත් මාධ්‍ය මුදලාලිගේ සුවචකීකරු බලු කුක්කන් රැළ මේ ප්‍රවෘත්තිය පළ කිරීමේදී මේ පුද්ගලයා හදුන්වන්නට යොදන්නේ විජේවීර ගේ මස්සිනා අංගොඩ යවයි යන ශීර්ෂයයි. ඒ නිසාම මේ ප්‍රවෘත්තිය වැඩි අවධානයක් දිනා ගත් බව පැහැදිලිය. මොහු සත්‍ය වශයෙන්ම විජේවීරගේ මස්සිනා බව සැබෑ වන නමුදු ලංකාවේ ජනමාධ්යෙවිදී නඩයට තම ස්වාමියන් සතුටු කරන්නට මෙය කදිම අවස්ථාවක් විය. මේ වන විට ලංකාවේ සිටින බහුතරයක් මාධ්‍යෙවිදීන් යනු තම ස්වාමියාගේ ලාභ සම්මුච්න ක්‍රියාවලිය සදහා ඉතසිතින් කැපවී සිටින වන්දිභට්ටන් රැළකි.
ඇත්තටම ඇයි මේ ආකාරයෙන් ලංකාවේ ගොඩක් මාධ්‍ය ආයතන වල සේවය කරන තමන් ජන මාධ්‍යෙවිදියෙක් යැයි සිතා ගෙන ආඩම්බරයෙන් ඉන්න අයට විජේවීර,ප්රභාකරන් වගේ චරිත වලට තියෙන සම්බන්ධන්ය අත් හරින්නට බැරි වෙලා තියෙන්නේ. අපි ජීවත් වන ධනවාදී යුගය ගැන මේ මාධ්‍යෙව්දීන් දන්නා එකම කරුණ වන්නේ ඉතිහාසය අවසන් වී ඇති බවත් සාමාජ ප්රගමනය ධනවාදයේ අවසානයට පැමිණ ඇති බැවින් යළි නව සමාජයක් බිහිවීම හිතලුවක් වන බවත්ය. මේ අකාරයේ ෆුකුයාමාවාදීන් නගන ප්‍රධාන තර්කයක් වන්නේ සමාජවාදය යල්පැන ඇති බවත් යළි සමාජවාදය ඇතිවීම යනු හීනයක් පමණක් වන බවත්ය. අනික් අතට මේ බහුතරයක් දෙනා හිතන්නේ සමාජවාදය සහ කොමියුනිස්වාදය කියන්නේ එකකට බවයි. සත්‍ය වශයෙන්ම සරළව සමාජවාදය යනු ධනවාදය හැදෑරීම සදහා ඇති විද්‍යාවයි. ධනවාදයට වඩා සමස්ථ මානව ප්‍රජාවටම උසස් සමාජයක් බිහිකිරීම සිනිහක් බව සිතන බහුතරයක් ලිබරල්වාදීන් හිතන්නේ ධනවාදය කියන්නේ ස්වභාව ධර්මය බවයි. ඒ කියන්නේ ධනවාදය කියන්නේ නෛසර්ගයෙන්ම වෙනස් කළ නොහැකි සමාජ ක්‍රමයක් බවයි. ධනවාදය බිහිවන්නේ මිනිස් මැදිහත්වීම මත යන කාරණය නොදන්නා මේ අය හිතන්නේ සමාජවාදය යනු තමන්ගෙන් පරාරෝපිත සංකල්පයක් බවයි. ලංකාව වැනි රටක මිනිසුන් ගේ චින්තනය තුළ සමාජවාදය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. ඒ නිසාම තමයි තමන්ගේ ධනවාදී හාම්පුතුන් සතුටු කිරීම සදහා මාධ්‍යෙව්දීන් විජේවිර ගේ නමට දුටුතැන පහර දෙන්නේ අපහාස උපහාස කරන්නේ. අප කැමති වුවත් නැතත් සමාජ වෙනසක් වෙනුවෙන් කැපවුන විජේවීර සහ ප්රභාකරන් අමතක කර අපට ඉදිරියට යන්නට බැරිය.
නමුත් සොච්චම් වැටුපකට මාධ්‍ය මුදලාලිලාට කඩේ යන මාධ්‍යෙවිදීන් දන්නා දේ මොනවාද කේලම් කීම,එකිනෙකා කෙටවීම,බොරුකීම,අධික ලෙස අරක්කු සිගරට් වලට අබ්බැහිවීම,ස්ත්රීලොල් බව, ලොක්කා ඉදිරියේ කශේරුකාව දුන්නක් සේ නැවීම. අපි මේ තත්ත්වය තේරුම් ගන්න උදාහරණයක් ගෙන බලමු. එක්තරා තරුණ මාධ්‍යෙව්දියෙක් සේවය කරනව පුවත්පත් ආයතනයක ඔහු ඉන් සේවයෙන් ඉවත් වෙලා වැඩි වැටුපකට රූපවාහිනි ආයතනයක සේවයට යනවා. එහෙම ගියාට පස්සේ ඔහු දක්ෂ ලෙස වැඩ කරනවා. ඔහුට තමන් ගේ ස්වාමියාගේ සිතුම් පැතුම් හදුනා ගන්නට ඇත්තේ පුදුම හැකියාවක් මේ නිසාම ඔහු තමන්ගේ ආයතන ප්‍රධානියා කැමති දේ ආයතන ප්‍රධානියා හිතන්නටත් පෙර ඉටු කරනව. මේ නිසාම ඔහු ලොක්කා ගේ හිත දිනා ගන්නව. මේ නිසා ආයතනයේ නංගිලා ගොඩක් මේ අයියා වටා එකතු වෙනව. ගමේ ඉදන් කොළඹ ආපු මේ තරුණ මාධ්‍යෙව්දියා තමන් ගේ දක්ෂකම් භාවිතා කරලා දෙමාපියන් විසින් ලොකු දෑවැද්දක් එකතු කරලා තියෙන කොළඹ අගනගරයේ නිවසක් හිමි යාන වාහන තියෙන පවුලේ එකම දරුව වන කෙල්ලක්ව කසාද බදිනව. කසාදයට පෙර ඉදන්ම ඔහු ඇයව ආමන්ත්‍රණය කරන්නේ ‘අම්මි’ කියලයි.කසාද බැදලා මධුසමයට ගියහම කටහැකර යාළුවෙක් මෙයාට කෝල් කරලා අහනව මචං අද නේද උබලගේ හනිමූන් එක කෝ අම්ම් ඉන්නවද? උබ අම්මිට අද මොකද කරන්නේ කියලා. එතකොට මෙයා කරන්නේ කුණුහරුප රැළක් කියලා ෆොන් එක කට් කරන එකයි. මාධ්‍ය ආයතය තුළ ආයතන ප්‍රධානියෙක් වුන ගමන් ඔහුට තමන් ගේ කසාදයට පිටින් තරුණ ගැහැණියක් සමග ලිවින් ටු ගෙදර් ක්‍රමයට පවුල් කන්නට පුලුවන් වෙනව. ඔහුට තමන් ගේ ආයතනයේ හිමිකරුවා මුදල් හම්බ කරන විදිහ වැදගත් නැහැ. ඔහුට වැදගත් වන්නේ තමන්ට ලැබෙන ගාන විතරයි. මෙහෙම රටේ ජනප්‍රිය චරිතයක් වුන ගමන් ඔහුට පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්නට පුළුවන් වෙනව. මේ වගේ සමහර මාධ්‍යෙව්දීන් ගමේ ඉදන් කොළඹ ඇවිත් තමන් ගේ හීනමානය වහගන්න නිවසේ වැඩට ‘අප්පු’ කියලා පවා කෙනෙක් තියා ගන්නව.
උදේ ඉදන් රෑ වෙනකම් ප්‍රධානීන් සතුටු කරවන්නට ප්රශස්ති ගී ගායනා කරන මේ අය රෑට කණමදයන් වගේ බොනව. පවුල් ජීවිතය කියලා එකක් නැති මේ අයට කොච්චර මුදල් හම්බ කළත් තමන් ගේ ජීවිතය තමන්ගෙන් පරාරෝපණය වෙලා කියන යථාර්ථයට මුහුණ දෙන්නට සිදු වෙනව. මේ අය තමයි අපෙන් අහන්නේ සමාජවාදය දැන් බොරුවක් වෙලා නේද කියලා. ඇත්තටම මේ මැට්ටන් නොදන්නේ සමාජවාදය බොරුවක් වෙලාද ඇත්තක් වෙයිද කියන එක නෙවි ධනවාදය තමන් ගේ ජීවිතයේම කොටසක් වෙලා කියන එකයි. වසර දහස් ගාණකට පෙර පැවති වහල් සමාජයේ වහලුන්ව සැළකුවේ මිනිසුන් විදිහට නෙවි භාණ්ඩ විදහට. ඒ වගේ යුගයක වහලුන් තමන් ගේ ස්වාමීන්ට විරුද්ධව අරගලයක් කරනවා කියන එක ඇත්තටම සිදුවිය නොහැක්කක්. නමුත් ස්පාටකස් කියන්නේ ඒ කරන්නට බැරි වැඩේට පණ දුන්න ශ්‍රේෂ්ඨ නායකයෙක්. ගොඩක් අයට ස්පාටකස් කියන්නේ ග්‍රීක මිත්‍ය කතා වල ඉන්නවා වගේ මිත්යමතික ගැලැඩියේටර් වීරයෙක් වුනාට ස්පාටකස් කියන්නේ ඇත්තටම ජීවත් වෙලා ජීවනමාන අරගලයකට මුහුණ දුන්න නායකයෙක්. අපි දැන් ජීවත් වෙන ‘නව වැඩවසම්’ සමාජයට වඩා ‘වහල් සමාජයක’ පවා ස්පාටකස් වගේ කෙනෙක් සමාජ අරගලයක් වෙනුවෙන් සටන් කලා.
ලංකාවේ මාධ්යෙවිදන් බහුතරයක් විජේවීර සහ ප්රභාකරන් එක්ක තරහා වෙන්නේ ඇයි? ඒ අයට නොතේරෙන සමාජ යථාර්ථය තමයි තමන් වෙනුවෙන් නොව අනාගත පරපුරක් වෙනුවෙන් අරගලයක් කරනවා කියන්නේ කුමකටද කියන එක. ඒකට ඔවුන්ට දොස් කියලා වැඩක් නැහැ. එය ධනවාදී සමාජ ක්‍රමය විසින්ම මනුෂ්‍ය ජීවිතයට කරන ලද බරපලත ඛේදාන්තයක්. ඉතිහාසය අවසන් වී ඇති බවට හිතන ෆුකුයාමාවාදීන්ට අනුව සමාජ සංවර්ධනයේ අවසන් මොහොතට අපි පැමිණ ඇතත් සත්‍ය වශයෙන්ම මේ මොහොත යනු සමාජවාදය ගැන යළි සිතන්නට ධනවාදය විසින්ම අපට බලකරනු ලබන යුගයකි.