සුගිය මාස දෙකක කාලය පුරා අප විසින් සංවිධානය කළ අධ්‍යාපනික පන්ති වලට සහභාගී වූ අයට පහත පණිවිඩය දැන්වීමට අවශ්‍යය.

        කිරුලපන අප පන්ති පැවැත්වූ ස්ථානය එහි කාල සීමාව අවසන් වූ නිසා එහි අයිතිකරුවන්ට බාර දීමට සිදු විය. මේ දිනවල අලූත් ස්ථානයක් සොයන අතර එවැන්නක් අපට හමු වු වහාම එය ඔබට දන්වන්නෙමු. එතෙක් මේ දක්වා අධ්‍යයනය කරන ලද පාඩම් පුනරීක්ෂණය කරන්න! විශේෂයෙන් අප එහිදී උගත් අලූත් ප‍්‍රවාදය කිසිදිනක අමතක නොකරන්න!

malcolm-x

        “ අප ජීවත් වන්නේ සෑබෑ ලොවක , සෑබෑ මිනිසුන් අතර නොවේ . අප ජීවත් වන්නේ වචන වලින් ‘දෙය’ ( Thing ) මරා සංඥව බිහිකර , එමගින් ඇති වු සංඥ ලෝකයක් තුලය. එබැවින් මිනිසුන් ශික්ෂණය කිරීම සහ ශික්ෂණය වීම ද අයත් වන්නේ සෑබෑ ලොවකට නොව සංඥ ලෝකයකටය. මාක්ස් ෆොයර්බාත් තිසීස වලදී සකච්ඡුා කරන ‘සෑබෑ ලෝකය’ සෑබෑ ක‍්‍රියාකාරීත්වය යන ප‍්‍රායෝගික වහර පවා සංඥ ක‍්‍රියාකාරීත්වයක් ලෙස නිවැරිදි විය යුතුය.
 
         අප බොතල් වලට පණිවුඩ දමා කටට පොරොප්පයක් ගසා ගංගාවකට විසි කරනු ලැබේ. එය කවුරු කියවාවිදැයි අප නොදන්නෙමු. බොහෝ බූරු ප‍්‍රශ්ණ අසන්නේ අපගේම අනුගාමිකයන් බව සදහන් කළ යුතුය.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ඔයාල කියන දේවල් යම්තාක් දුරට තේරෙන්න ඔය බණ අහන අයටම නේ..එයාලට එන ප්‍රශ්ණ ටිකවත් හරියට විසදලා දෙන්න බැරි ඔය වල් බූරු න්‍යායන් වලින් දේශපාලනය කරන්න හදන එකත් විහිළුවක් නෙමෙයිද?

    • අපි හිතනවාට වඩා විහිලු විසින් අප ගැන යමක් කියනවා. න්‍යායෙන් කෙරෙන වැඩේ මොකක් ද කියන ඵක ගැන ඔබට තියෙන්නෙ නරැමවාදී අදහසක්.
      විහිලු සම්බන්ධ අපේ අවිඤානයට.

Comments are closed.