1. කොමියුනිස්ට්වාදීන් වන අප විසින් අප කරන ඕනෑම වැඩකදී යෙදිය යුතු ක‍්‍රම දෙකක් ඇත. එකක් සාමාන්‍ය දෙය විශේෂිත[particular] දෙය සමග බද්ධ කිරීමය. අනෙක නායකත්වය බහුජනතාව සමග බද්ධ කිරීමය.

2. කවර කර්තව්‍යකදී වේවා, සාමාන්‍ය හා පැතිරුණු ආයාචනයක් නොකරන ලද නම්, පුඵල් බහුජනතාව ක‍්‍රියා කිරීම පිණිස ක‍්‍රියාකාරීභාවයට පත් කළ නොහැකිය. එහෙත් නායක පදවි වල සිටින තැනැත්තෝ සාමාන්‍ය ආයාචනයකට පමණක් තමන් සීමා කරගනිත් නම් – ඔවුහු, ආයාචනය කළ වැඩය, ඇතැම් සංවිධානයන්හි, පුද්ගලික වශයෙන්ම ගැඹුරු ලෙසත්, වාස්තවික ලෙසත් ක‍්‍රියාත්මක නොකරයි නම්, කිසියම් එක් තැනකදී බාධාවන් කඩා බිදගෙන නොයත් නම්, අත්දැකීම් ලබාගෙන මෙම අත්දැකීම් වෙනත් ඒකකයන්ට මග පෙන්වීම පිණිස පාවිච්චි නොකරත් නම්, එවිට ඔවුන්ගේ සාමාන්‍ය ආයාචනයේ නිවැරදිබව උරගා බැලීමේ හෝ අඩංගු දෙය ආඪ්‍ය කිරීමේ හෝ මගක් ඔවුන්ට නැතිවන්නේය. ඒ ආයාචනයේ කිසිම ඵලක් නොවීමේ අනතුර ඇත්තේය. නිදසුන් වශයෙන් 1942 පරිශෝධන ව්‍යාපාරයේ දී, යම් තැනක සාමාන්‍ය ආයාචනය විශේෂිත හා නියමිත ක‍්‍රමය සමග බද්ධ කිරීමේ ක‍්‍රමය පාවිච්චි කරන ලද්දේ ද , එතැන සාර්ථක ප‍්‍රතිඵල ඇතිවිය. යම් තැනක මේ ක‍්‍රමය පාවිච්චි නොකරන ලද්දේ ද එතැන සාර්ථක ප‍්‍රතිඵල නොඇති විය. 1943 පරිශෝධන ව්‍යාපාරයේ දී, මධ්‍යම කාරක සභාවේ එක් එක් මණ්ඩලය සහ අතුරු-මණ්ඩලය ද, එක් එක් ප‍්‍රදේශ හා කොට්ඨාශ පක්ෂ කොමිටිය ද සාමාන්‍ය ආයාචනයක් [මුඵ අවුරුද්ද සදහා පරිශෝධන සැළැස්මක්] කිරීමට අමතරව, කරන ගමන් අත්දැකීම් ලබමින් මතු දැක්වෙන දේ කළ යුතුය. ස්වකීය සංවිධානයෙන්ම සහ අවට පිහිටි සෙසු සංවිධානයන්ගෙන්, පාසල් වලින් හෝ හමුදා ඒකකයන්ගෙන්, ඒකක දෙකක් හෝ තුනක් [නමුත් පමණට වඩා වැඩි නොවේ]තෝරාගන්න. ඒ ඒකකයන් ගැන හොද අධ්‍යනයක් කරන්න. එහි පරිශෝධන ව්‍යාපාරයේ වර්ධනය පිළිබද සවිස්තර දැනුමක් ද, ඒවායේ කාර්යබාර්ය පුද්ගලයන් අතුරෙන් නියෝජන සාමාජිකයන් සමහරකගේ [යළිත් පමණට වඩා නොවේ] දේශපාලන ඉතිහාසය, මතවාදී අංග ලක්ෂණ, අධ්‍යනයෙහි ලා උද්යෝගය සහ අනුද්යෝගය, කරන වැඩවල ප‍්‍රබල හා දුර්වල තැන් පිළිබ`ද විස්තර දැනුමක් ද ලබා ගන්න. එමතු නොව ඒ ඒකකයන් මුහුණ පා සිටින ප‍්‍රායෝගික ගැටඵ වලට වාස්තවික විසදුම් සෙවීම පිණිස ඒවා බාරව සිටින අයට පුද්ගලික මග පෙන්වීමක් දෙන්න. හැම සංවිධානයකම, හැම පාසලකම හෝ හැම හමුදා ඒකකයකම නායකයෝ, ඒ හැම එකකම යටත් ඒකක ගණනක් ඇති හෙයින්, එලෙස කළ යුත්තාහ. තව ද, මෙය නායකයන් නායකත්වය දීම හා ඉගැනීම බද්ධ කරන ක‍්‍රමවේදය වේ. නායකත්වය දෙන පදවි වල සිටින කිසිවෙක්, එක් එක් යටත් ඒකකයන්හි එක් එක් පුද්ගලයා හා සිද්ධි කෙරෙන් වාස්තවික අත්දැකීම නොලැබගනිතොත්, සියඵ ඒකක වලට මගපෙන්වීමක් දීමට තරම් ශක්තිමත් නොවේ. මේ ක‍්‍රමය සියඵ මට්ටම් වල නායකත්වය දෙන කාඩර්වරු එය යෙදීමට ඉගෙනගත හැකි වන සේ හැම තැන්හිම ඉදිරියට මෙහෙයවිය යුතුය.

3. එක්තරා ඒකකයක ප‍්‍රධානින් ස්වකීය න්‍යශ්ටිය වශයෙන් ඇතිව, එම ඒකකයේ ක‍්‍රියාශීලීව වැඩ කරන්නත්, සුඵ ගණනකින් සැදුණු නායකත්ව කොදු ඇටයක් පරිශෝධන ව්‍යාපාරය ගෙනයන අතර හැම ඒකකයක් තුළම සකස් කිරීම් ද, මේ නායකත්ව කොදුඇටය පරිශෝධන ව්‍යාපාරයට සහභාගි වන බහුජනතාව සමග ලගින්ම ඈදී සිටීම ද, පරිශෝධන කර්තව්‍ය සම්පූර්ණ කිරීම පිණිස අත්‍යවශ්‍ය බව 1942 පරිශෝධන ව්‍යාපාරයේ දී ලැබුණු අත්දැකීමෙන් ඔප්පු වේ. නායකත්ව කොදු ඇටය කොතරම් ක‍්‍රියාකාරී වුව ද, එහි ක‍්‍රියාකාරීත්වය බහුජනතාවගේ ක‍්‍රියාකාරීත්වය සම`ග බද්ධ නොකරන්නේ නම්, එය මිනිසුන් අතලොස්සක් විසින් දරනු ලබන නිශ්ඵල පරිශ‍්‍රමයකට සමාන වනවා ඇත. අනිත් අතට බහුජනතාවගේ ක‍්‍රියාකාරීත්වය නිසි ලෙසට සංවිධානය කිරීමට ප‍්‍රබල නායකත්ව කොදු ඇටයක් නොමැතිව ඔවුහු [බහුජනතාව] පමණක් තනිව ක‍්‍රියාකාරී වෙත්නම්, එම ක‍්‍රියාකාරීත්වය වැඩි කලක් අල්ලා සිටීමට හෝ නිවැරදි දිශාවකට ඉදිරියට ගෙන යෑමට හෝ උසස් මට්ටමකට නංවාලීමට හෝ බැරිය. [කොනරම් විප්ලවය ගැන කයිවාරැ කෙළියත්] කොතැන හෝ වේවා එක්තරා තැනක බහුජනතාව කොටස් තුනකින් සමන්විතය. සන්සන්දනාත්මක වශයෙන් 1.ක‍්‍රියාශීලී කොටස, 2.අතරමැද කොටස සහ සන්සන්දනාත්මක වශයෙන් 3.නොදියුණු කොටසය. එහෙයින් නායකයෝ ක‍්‍රියාශීලී පුද්ගලයෝ සුඵ ගණන නායකත්වය වටා සමගි කිරීමේ ලා කාර්යක්ෂම විය යුතුය. අතරමැද මට්ටමේ පුද්ගලයන්ගේ මට්ටම එසවීමට හා නොදියුණු පුද්ගලයන් තම පැත්තට දිනා ගැනීමට ඔවුන් කි‍්‍රයාශීලී පුද්ගලයන් කෙරෙහි විශ්වාසය තබා වැඩ කළ යුත්තාහ. සැබවින්ම සමගි වූත්, බහුජනතාව සමග ඇදී සිටින්නා වූත්, නායකත්ව කොදු ඇටයක් සකස් කළ හැක්කේ බහුජන අරගලය කරගෙන යන අතර අනුක‍්‍රමයෙන් පමණකි. එයින් ඈත්ව හුදෙකලාබව තුළ නොවේ. මහා අරගලයක් කරගෙන යන අතර, බොහෝ අවස්ථාවන්හි නායකත්ව කොදුඇටය සැදී තිබෙන පිළිවෙල මුල, මැද සහ අග යන සියඵ අවස්ථාවන් මුඵල්ලේ ම නො වෙනස් ව නො තිබිය යුතු ය, නො තිබිය හැකි ය. අරගලයේ මාර්ගයේදී ඉදිරියට එන කි‍්‍රයාශීලී ලෙස වැඩකරන්නෝ නායකත්ව කොදුඇටයට අයත් සසදන කල වඩා දුර්වල බව පෙනෙන, නැතහොත් පිරිහී සිටින මුල් සාමාජිකයන් වෙනුවට ඒ තැන් වලට පත්කරනු පිණිස නිරතුරු ව ම තත්ත්වයෙන් උසස් කරනු ලැබිය යුත්තාහ. බොහෝ තැන් වලත් බොහෝ සංවිධාන වලත් වැඩ ඉස්සරහට තල්ලූ කළ නො හැකි එක් මූලික හේතුවක් නම්, සමගි වූ, බහුජනතාව සමග ඈදී සිටින්නා වූ හා නිරතුරුවම යෙහෙන් පවතින්නා වූ නායකත්ව කොදුඇටයක් නො තිබීමය.මෙම කොඳූඇටය පුද්ගයකුගේ ආවනේවකරැවන් නොවිය යුනුය. මිනිසුන් සියයක් පමණ සිටින පාසැලක, සැබෑ තත්ත්වයන්ට අනුරූප ලෙස සකස් කළ කෘතිම වශයෙන් එකගොඩකට නො ඇදදැමූ ගුරුවරුන්, සෙසු සේවකයන් හා ශිෂ්‍යයන් අතර සිටින ඉතාම කි‍්‍රයාශීලී, ඍජු හා කඩිසර අය ගෙන් සමන්විත පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්, නැතහොත් පුද්ගලයන් දසදොලොස් දෙනෙකුන්ගෙන් හෝ ඊට වැඩි ගණනකින් සෑදුණු නායකත්ව කොදුඇටයක් නොමැත්තේ නම්, ඒ පාසැල ඇත්තෙන් ම හොදින් පවත්වාගෙන යා නො හැකි ය. ලොකු වේවා, කුඩා වේවා, හැම ආයතනයක ම, හැම පාසැලක ම, හැම හමුදා ඒකකයක ම, හැම පැක්ටේරියකම හෝ හැම ගමක ම, අපි පක්‍ෂය බොල්ශෙවික්වාදී කිරීම පිණිස ස්ටැලින් ඉදිරිපත් කළ කොන්දේසි දොළහ අතර නවවැන්න නායකත්ව න්‍යෂ්ටියක් පිහිටවීම පිළිබද කොන්දේසිය ක‍්‍රියාවේ යෙදවිය යුත්තෙමු. එවැනි නායකත්ව කොදුඇටයක් පිණිස මිණුම්දඩු විය යුත්තේ ඩිමිට්‍රොප් විසින් එකින් එක සදහන් කළ හතර ය – ව්‍යායාමය කෙරෙහි ඒකාන්ත භක්තිය, බහුජනතාව සමග ඇසුර, තමා සිටින තත්ත්වය හා හැසිරිය යුතු අන්දම ස්වාධීන ලෙස දැනගැනීමේ හැකියාව සහ විනයට ගරුකිරීම ය. කේන්ද්‍රීය කර්තව්‍යයන් – යුද්ධය, නිෂ්පාදනය, අධ්‍යාපනය [පරිශෝධනය ඇතුඵව]කරගෙන යාමේදී වේවා, නැතහොත් වැඩ වල හරිවැරදි බැලීමේ දී , කාඩර්වරුන්ගේ ඉතිහාසය පරික්ෂා කර බැලීමේ දී හෝ වෙනත් වැඩ කටයුතුවලදී හෝ වේවා, සාමාන්‍ය ආයාචනය විශේෂිත මගපෙන්වීම සමග එකට ඈදීමේ ක‍්‍රමයට අමතරව, නායකත්ව කොදුඇටය බහුජනතාව සමග එකට ඈදීමේ ක‍්‍රමයට අමතරව, නායකත්ව කොදුඇටය බහුජනතාව සමග එකට ඈදීමේ ක‍්‍රමය ද අනුගමනය කිරීම අවශ්‍ය ය.

Fighter

4. අප පක්‍ෂයේ සියඵම භාවිත වැඩ වලදී, නිවැරදි හැම නායකත්වයක් ම අවශ්‍යයෙන් ම ‘‘බහුජනතාවගෙන් සහ බහුජනතාව වෙත’’ යන්නෙන් වේ. මෙහි තේරුම. බහුජනතාවගේ අදහස් [විසුරුණු හා අක‍්‍රමානුකූල අදහස්] රැුගෙන, ඒවා සාරාංශ කරන්න [අධ්‍යයනය මගින් ඒවා සාරාංශ කරන ලද ක‍්‍රමානුකූල අදහස් බවට හරවන්න] ඉක්බිති බහුජනතාව වෙත ගොස්, බහුජනතාව මේ අදහස් තමන්ගේම අදහස් ලෙස වැළ`දගන්නා තුරු, ඒවා තරයේ අල්ලාගන්නා තුරු සහ ඒවා කි‍්‍රයාවට නංවන තුරු, එම අදහස් ප‍්‍රචාරය කරමින්් තෝරාදෙන්න. මේ අදහස් වල නිවැරදිබව එවැනි බහුජන කි‍්‍රයාවේදී උරගාබලන්න. ඉක්බිති එම අදහස් අතනෑර ගෙන සිටීමෙන් කි‍්‍රයාවේ යොදනු ලබන සේ, බහුජනතාව ගෙන් ගන්නා අදහස් යළිත් වරක් සාරාංශ කරන්න, යළිත් වරක් බහුජනතාව වෙත යන්න. මෙසේ හැම වතාවේම අදහස් වඩ වඩා නිවැරදි, වඩ වඩා සජීවී සහ වඩ වඩා ආඨ්‍ය කරමින්, කොණක් නැති දගරයක් මෙන් නැවත නැවතත් කරගෙන යන්නේය. දැනුම පිළිබද මාක්ස්වාදී න්‍යායය එසේ වේ.

5. සංවිධානයක් තුළ හෝ අරගලයක් තුළ හෝ නායකත්ව කොදුඇටයත් බහුජනතාවත් අතර නිවැරදි සබදතාව පිළිබද සංකල්පය, නායකත්වයේ නිවැරදි අදහස් ඇතිවිය හැක්කේ ‘‘බහුජනතාව ගෙන් සහ බහුජනතාව වෙත’’ යන්නෙන් පමණක් ය යන සංකල්පය සහ, නායකත්වයේ අදහස් භාවිතයට යොදන කල සාමාන්‍ය ආයාචනය විශේෂිත මගපෙන්වීම සමග බද්ධ කළ යුතු ය යන සංකල්පය සහ නායකත්වයේ අදහස් භාවිතයට යොදන කල සාමාන්‍ය ආයාචනය විශේෂිත මගපෙන්වීම සමග බද්ධ කළ යුතුය යන සංකල්පය – මේ සංකල්පයෙන් මේ ප‍්‍රශ්න් ගැන අපේ කාඩර්වරුන් අතර පවතනි වැරදි දෘෂ්ඨිකෝණයන් නිවැරදි කරනු වස් වර්තමාන පරිශෝධන ව්‍යාපාරය ගෙන යන අතර හැම තැන ම ප‍්‍රචාරය කළ යුතු ය. බොහෝ සහෝදරවරු නායකත්ව න්‍යෂ්ටියක් සකස් කරනු පිණිස කි‍්‍රයාශීලී ව වැඩකරන්නන් එකට එක්කාසු කිරීමේ වැදගත්කම නො දනිති, නැතහොත් එසේ කිරීමට හපන් නො වෙති. ඔවුහු නායකත්ව න්‍යෂ්ටිය බහුජනතාව සමග ලගින්ම ඈදීමේ වැදගත්කම නො දකිති, නැතහොත් එසේ කිරීමට හපන් නො වෙති. එහෙයින් ඔවුන්ගේ නායකත්වය නිලධාරිවාදය සහ බහුජනතාවගෙන් වියෝවූවක් වන්නේ ය. බොහෝ සහෝදරවරු බහුජන අරගල වල අත්දැකීම සම්පිණ්ඩනය කිරීමේ වැදගත්කම නො දකිති. නැතහොත් එසේ කිරීමට හපන් නො වෙති. එහෙත් තුමූ විචක්ෂණ යැයි සිතමින්, තමන්ගේ මනෝමූලවාදී අදහස් හඩනගන්නට ප‍්‍රිය කරතිඔවුන්ගේ අදහස් හිස් සහ අප‍්‍රයෝගික වන්නේය. බොහෝ සහෝදරවරුන් කර්තව්‍යයන් සම්බන්ධයෙන් සාමාන්‍ය ආයාචනයක් කොට ඉන් තෘප්තියට පත්ව පසුවෙති, සාමාන්‍ය ආයාචනය කළ පසු වහා ම විශේෂිත හා වාස්තවික මගපෙන්වීමක් කිරීමේ වැදගත්කම නො දකිති [theory], නැතහොත් එසේ කිරීමට හපන් නො වෙති. ඔවුන්ගේ ආයාචනය ඔවුන්ගේ තොල් අග හෝ කඩදාසි උඩ හෝ සාකච්ඡුා සභා කාමරය තුළ හෝ රැුදී පවතී, ඔවුන්ගේ නායකත්වය නිලධාරිවාදී වේ. වර්තමාන පරිශෝධන ව්‍යාපාරයේදී අපි මේ අඩුපාඩු හරිගැස්සිය යුත්තෙමු, අපේ අධ්‍යයනයේදී, වැඩවල හරි වරද බැලීමේදී සම කාඩර්වරුන්ගේ ඉතිහාසය පරීක්ෂා කිරීමේ දී නායකත්වය බහුජනතාව සමගත් සාමාන්‍ය දෙය විශේෂිත දෙය සමගත් බද්ධ කිරීමේ ක‍්‍රමයන් පාවිච්චි කිරීමට උගත යුත්තෙමු. අපේ සියලූ අනාගත වැඩ වලදී ත් අපි මේ ක‍්‍රමයන් යෙදිය යුත්තෙමු.

Lover

6. බහුජනතාව ගෙන් අදහස් ගෙන ඒවා සාරාංශ කරන්න. ඉක්බිති බහුජනතාව වෙත යන්න, අදහස් අතනෑර ගෙන සිටීමින් කි‍්‍රයාවට නගාගෙන යන්න, එසේ නායකත්වයේ නිවැරදි අදහස් සකස් කරන්න – මෙය නායකත්වය පිළිබ`ද මූලික ක‍්‍රමය වේ. අදහස් සාරාංශ කිරීමේදී සහ ඒවා අතනෑර ගෙන සිටීමේ කි‍්‍රයා පද්ධතියේදී, සාමාන්‍ය ආයාචනය විශේෂිත මගපෙන්වීම [psychoanalysis and philosophy] සමග බද්ධ කිරීමේ ක‍්‍රමය පාවිච්චි කිරීම අවශ්‍ය ය. මෙය මූලික ක‍්‍රමයේ ම අඩංගු කොටසක් වේ. අවස්ථා ගණනකදී දුන් විශේෂිත මගපෙන්වීමෙන් සාමාන්‍ය අදහස් [සාමාන්‍ය ආයාචනා] සකස් කොට, ඒවා විවිධ ඒකක බොහෝ ගණනක් තුළ උරගාබැලීමට යොදන්න [ඔබ විසින්ම එසේ කිරීමෙන් පමණක් නොව එසේ කරන ලෙස අන්‍යයන්ට ද කීමෙනි] ඉක්බිති අලූත් අත්දැකීම් සාරාංශ කොට [එය සම්පිණ්ඩනය කරන්න], සාමාන්‍ය වශයෙන් බහුජනතාවට මගපෙන්වීම පිණිස අලූත් නිර්දේශ පිළියෙල කරන්න. සහෝදරවරු මෙය වර්තමාන පරිශෝධන ව්‍යාපාරයේදී ත්, එසේ ම සෙසු හැම වර්ගයක ම වැඩ වලදීත් ත් කළ යුත්තාහ. මෙය කිරීමෙහි ලා සංසන්දන වශයෙන් වඩා දක්‍ෂ වන විට සංසන්දන වශයෙන් වඩා හොද නායකත්වයක් බිහිවේ.

7. කිසියම් කර්තව්‍යයක් [එය විප්ලවවාදී යුද්ධය, නිෂ්පාදනය හෝ අධ්‍යාපනය]පරිශෝධන ව්‍යාපාරය, වැඩ වල හරි වරද බැලීම හෝ කාඩර්වරුන්ගේ ඉතිහාසය පරික්‍ෂා කිරීම ප‍්‍රචාරක වැඩ, සංවිධානාත්මක වැඩ හෝ චරපුරුෂ – සේවා මර්දනය නැතහොත් වෙනත් වැඩ පිළිබද වේවා යටත් ඒකකයන් වෙත පැවරීමේදී ඉහළ ආයතනයක් සහ එහි කාර්යාංශ හැම විට ම, අදාළ පහළ ආයතනයේ නායකයාට වගකීම බාර ගැනීමට ඉඩ ලැබෙන සේ ඔහු මගින් ම එය කළ යුතු ය. මෙසේ කිරීමෙන් වැඩ බෙදා පැවරීම සහ එක්සත් මධ්‍යගත නායකත්වය යන දෙක ම ඉටුවේ. ඉහළ මට්ටමක කාර්යාංශයක්, [ලේකම්, සභාපති, අධ්‍යක්‍ෂ හෝ විද්‍යාලයාධිපති වැනි] පහළ ආයතනය මුඵ වශයෙන් භාරව සිටින තැනැත්තා කිසිවක් නොදන්නා හෝ වගකීම විරහිත තත්ත්වයක හැරලමින්, පහළ මට්ටමේ තිබෙන තම ගණයට ම අයත් කාර්යාංශය වෙත පමණක් නො යා යුතු ය [නිදසුන් වශයෙන්, සංවිධානය, ප‍්‍රචාරය හෝ ද්‍රෝහින් උපුටා දැමීම බාරව සිටින ඉහළ කාර්යාංශයක් පහළ මට්ටමේ තිබෙන තදානුරූප කාර්යාංශය වෙත පමණක් නො යා යුතු ය.] මුඵ වශයෙන් භාරව සිටින තැනැත්තා ත් අතුරු වගකීමක් ඇතිව සිටින තැනැත්තා ත් යන දෙදෙනාට ම දැනුම්දිය යුතු ය, දෙනොට ම වගකීම පැවරිය යුතු ය. වැඩ බෙදා පැවරීම එක්සත් නායකත්වය සමග බද්ධ කරන මේ මධ්‍යගත ක‍්‍රමය, එක් විශේෂිත කර්තව්‍යයක් කරගෙන යාම පිණිස, මුඵ වශයෙන් වගකීම බාරව සිටින තැනැත්තා මගින් කාඩර්වරුන් විශාල ගණනක් – ඉදහිට ආයතනයක කාර්යභාර පුද්ගලයන් මුඵ පිරිස ම පවා – ක‍්‍රියාකාරීභාවයට පත්කිරීම ද, එසේ තනි කාර්යාංශයන්හි සිටින කාඩර්වරුන් සංඛ්‍යාව මදිවීමේ දුෂ්කරතාවන් ජයගැනීම ද, අතේ තිබෙන වැඩය සදහා මිනිසුන් හොද ගණනක් කි‍්‍රයාශීලී කාඩර්වරුන් බවට හැරවීම ද කළ හැකි කරයි. මෙය ද නායකත්වය බහුජනතාව සමග බද්ධ කිරීමේ මගක් වේ. නිදසුන් වශයෙන්, කාඩර්වරුන්ගේ ඉතිහාසය පරික්‍ෂා කිරීම ගනිමු. මේ වැඩය භාරව සිටින ආයතන කාර්යාංශයේ මිනිසුන් කිහිප දෙනා විසින් පමණක් එය කරනු ලැබේ නම් ඇත්තෙන් ම එය හොදින් නො කළ හැකි ය, එහෙත් එය තම කාර්යමණ්ඩලයේ බොහෝ දෙනා හෝ සියලූ දෙනා ම පවා, වැඩයට හවුල්වීම පිණිස ඉස්සරහට තල්ලූ කරන, එක්තරා ආයතනයක හෝ පාසැලක හෝ පරිපාලන ප‍්‍රධානියා මගින් කරනු ලැබේ නම් ද, ඒ අතර ම ඉහළ මට්ටමේ ආයතන කාර්යාංශයේ නායකත්වය දෙන සාමාජිකයෝ නායකත්වය බහුජනතාව සමග ඈදීමේ මූලධර්මය යොදමින් නිවැරදි මගපෙන්වීමක් දෙත් නම් ද, එවිට නිසැකයෙන් ම කාඩර්වරුන්ගේ ඉතිහාසය පරික්‍ෂා කිරීමේ කර්තව්‍යය සතුටුදායක ලෙස පරිපූර්ණ කරනු ලබනවා ඇත.

8. කොතැන වේවා එක්තරා තැනක එක වර ම කේන්ද්‍රීය කර්තව්‍ය ගණනක් තිබෙන්නට බැරි ය. කවර හෝ එක් අවස්ථාවකදී තිබෙනු හැක්කේ වැදගත්කමින් දෙවැනි හෝ තුන්වැනි තැන ගන්නා වෙනත් කර්තව්‍යයන් අතිරේක වශයෙන් ඇති එක් කේන්ද්‍රීය කර්තව්‍යයක් පමණි. ඒ අනුව, ප‍්‍රදේශයෙහි මුඵ වශයෙන් වගකීම භාරව සිටින තැනැත්තා එහි පවතින අරගලයේ ඉතිහාසය හා පරිසරය සැලකිල්ලට ගනිමින්, ඒ ඒ කර්තව්‍යයන් ඒවාට අයත් නිසි තන්හි දැමිය යුතු ය. ඔහු, තමාගේ ම කිසියම් සැලැස්මක් නොමැතිව, ඉහළ ආයතනයෙන් ලැබෙන එක් එක් උපදේශය එන හැටියෙන් ම ගෙන ඒ උපදේශය උඩ කි‍්‍රයාකොට, එමගින් ‘‘කේන්ද්‍රීය කර්තව්‍ය’’ රාශියක් ද ව්‍යාකූලත්වය හා අපිළිවෙල සහිත තත්ත්වයක් ද නො ඇතිකළ යුතු ය. ඉහළ ආයතනයක් ද, එක් එක් කර්තව්‍යයේ සංසන්දනාත්මක වැදගත්කම සහ අවශ්‍යතාව නො පෙන්වා දෙමින් හෝ කේන්ද්‍රීය කර්තව්‍ය කවරෙක් දැ’යි වෙසෙසා නො දක්වමින්, පහළ ආයතනයකට කර්තව්‍ය බොහෝ ගණනක් එකවිට ම නො පැවරිය යුතු ය. එයින් තමන් කරන වැඩ වලදී පහළ ආයතනයක් විසින් ගන්නට තිබෙන පියවර වල ව්‍යාකූලත්වයකට මගපෑදෙමින්, එසේ නියත ප‍්‍රතිඵල අත්පත් කරගන්නට නො හැකි වන නිසා ය. එක් එක් ප‍්‍රදේශයේ ඉතිහාසීය තත්ත්වයන් හා පරිසරයේ තත්ත්වයන් අනුව මුඵ තත්ත්වය ම සැලකිල්ලට ගනිමින්, ඒ මුඵ තත්ත්වයට අනුරූප වන ලෙස සැලැස්ම කිරීම ත්, එක් එක් වකවානුව සදහා වැඩ වල කෙන්ද්‍රීය හා වැඩ කළ යුතු පිළිවෙල නවැරදි ලෙස තීරණය කිරීමත,් තීරණය ස්ථීර ලෙස ක‍්‍රියාවේ යොදාගෙනයාම සහ නියත ප‍්‍රතිඵල අත්පත් කරගන්නා බවට වග බලාගැනීම ත් නායකත්ව කලාවේ කොටසක් වේ. මෙය නායකත්ව ක‍්‍රමය පිළිබද ගැටඵවක් ද වේ. නායකත්වය බහුජනතාව සමග ත් සාමාන්‍ය දෙය විශේෂිත දෙය සමග ත් බද්ධ කිරීමේ මූලධර්මයන් යොදන විට එම ගැටඵව විසදීමට සැලකිල්ලක් දැක්විය යුතු ය.

Post-Modern deconstruction of Leadership+ Feminine Jouissance

9. මෙහිදී නායකත්ව ක‍්‍රමයන් පිළිබද හැම විස්තරයක් ම නො කරමු. සියලූ ප‍්‍රදේශයන්හි සිටින සහෝදරවරුන් මෙහි ඉදිරිපත් කර තිබෙන මූලධර්මයන්ගේ පදනම මත තමන් ම වෙහෙස ගෙන සිතා බලමින්, තමන්ගේ ම නිර්මාණ ශක්තිය සම්පූර්ණයෙන් පරිපෝෂිත වීමට ඉඩ නොවා ඇතැ’යි බලාපොරොත්තු වනු ලැබේ. අරගලය වඩ වඩා දුෂ්කර වන පමණට, කොමියුනිස්ට්වාදීන් මනෝමූලවාදී සහ නිලධාරිවාදී නායකත්ව ක‍්‍රමයන් සම්පූර්ණයෙන් සුණුවිසුණු කර දමන සේ, තමන්ගේ නායකත්වය සුවිශාල බහුජනතාවගේ ඉල්ලීම් සමග ලගින් ම බද්ධ කිරීම ත් වඩ වඩා උවමනා වන්නේ ය. අපේ පක්‍ෂයේ නායකත්වය දෙන සියඵ ම සහෝදරවරු හැම විට ම නායකත්වය පිළිබද මාක්ස්වාදී විද්‍යාත්මක ක‍්‍රම නායකත්වය පිළිබද මනෝමූලවාදී, නිලධාරිවාදී ක‍්‍රමයන්ට එරෙහි ව තැබිය යුත්තාහ, දෙවැන්න ජයගැනීමට පළමුවැන්න පාවිච්චි කළ යුත්තාහ. නායකත්වය බහුජනතාව සමගත් සාමාන්‍ය දෙය විශේෂිත දෙය සමගත් බද්ධ කිරීම පිළිබද මූලධර්ම මනෝමූලවාදීන්ට හා නිලධාරිවාදීන්ට නො වැටහේ. ඔව්හු පක්‍ෂයේ වැඩ වර්ධනය වීමට බෙහෙවින් අකුල් හෙළති. නායකත්වය පිළිබද මනෝමූලවාදී සහ නිලධාරිවාදී ක‍්‍රමයන් සමග සටන් කරනු පිණිස, අපි නායකත්වය පිළිබද මාක්ස්වාදී විද්‍යාත්මක ක‍්‍රමයන් පෘථුල ලෙස ත් ගැඹුරු ලෙස ත් ඉදිරියට මෙහෙයවිය යුත්තෙමු.

සභාපති මා ඕ සේතුං

ඔබේ අදහස කියන්න...