ප්‍රියන්ත කලුආරච්චි නම් ජවිපෙ ප්‍රචාරක ඇලියේ ඒජන්තයා අපගේ සිනමා පන්තියට ඒමට සිටින තරුණ ජනයා බියවද්දමින් සිටින වග අපගේ ඔත්තුකරුවන් විසින් අපට දන්වා ඇත. කලුආරච්චි යනු, අප සංවිධානය 2004 දී තක්කඩියන්ට පාවා දුන් අමු තක්කඩියෙකි. නලීන් ද සිල්වා පසුපස ගාටන බොහෝ ප්‍රඥාවන්තයන්ගේ අවිඥාණක ආශාව මතු කිරීම මෙතන දී වැදගත්ය.
නලීන් ද සිල්වාගේ භාෂා ලෝකය තුළ වචන දෙකක් එම පද්ධතියට අහිමි විය.
(1) ස්ත්‍රිය.
(2) ආදරය.
යම් පුද්ගලයෙකු නලීන් ද සිල්වාව උත්කර්ෂණයට ලක් කරන විට දී එසේ කරන්නාගේ ජීවිතය තුළ ද ඉහත වචන දෙක- ස්ත්‍රිය, ආදරය– අතුරුදහන් වී ඇත. ඉතාම පටු ලෙස කියන්නේ නම්, නලීන් ද සිල්වාගේ මිතුරන් බහුතර දෙනෙක් ස්ත්‍රියගේ විඥාණයට සහ ආදරයට ආගන්තුකය. විශේෂයෙන්, ආදරය ඉදිරිපිට මේ පිරිමින්ගේ කකුල් වෙව්ලා යන ස්වරූපයක් දක්නට ලැබේ. මෙහිදී, එක් දෙයක් පමණක් මතක් කළ යුතුය. සමාජ මාධ්‍ය යුගයක දී ස්ත්‍රීන් සමඟ ඡායාරූප රැගෙන ඒවායින් තමන්ගේ තොරණ සරසන්නන් ආදරය කරන්නවුන්ට වඩා නාසිස්මික කුමරාට සමීපය. සමකාලීන ලෝකය තුළ ‘ආදරය’ පිළිබඳ න්‍යාය ගොඩනඟන්නේ කෙසේද?
පළමුවෙන්ම, අප පාරභෞතිකයන්ගෙන් (යථාර්ථයේ අභ්‍යන්තර ස්වභාවය පිළිබඳ යකඩ නීති සෙවීමේ ප්‍රයත්නය) ආදරය වෙන් කරගත යුතුය.
අපගේ න්‍යායික අවබෝධයට අනුව ‘ආදරය’ ජීවිතය තුළ හෝ යථාර්ථය (මනසින් බාහිරව හෝ ඒ තුළම වූ සාරය) තුළ නොමැත. ඒ සඳහා අපට ආත්මය පිළිබඳ න්‍යායක් [theory of subject] ගොඩනගා ගැනීමට සිදු විය. සරලව කිවහොත්, ආදරය අපට හමු වන්නේ ආත්මය පිළිබඳව රැඩිකල් විශ්ලේෂණයක් කළහොත් පමණි. හේගල්ගේ දර්ශනය අප මෙතැනට කැඳවා ගන්නේ නම්, ආත්ම ගවේෂණයේ අවසන් නිමේෂයේ දී අපට හමු වන්නේ අනෙකාව නොව තමාවමය. එම නිසා, ආත්ම ගවේෂණය නිම වන්නේ පරමාත්මයෙනි. [the absolute is “spirit, that which is present to itself in the certainty of unconditional self-knowing“.] එය, අපව අහසින් හෝ සොබාදහමින් දඩයම් කරන අවතාරයක් හෝ හොල්මනක් නොවේ. පරමාත්වය යනු, මිනිසා විසින් මිනිසාවම වටහා ගන්නට ඉදි කළ අසාර්ථක ඓතිහාසික සහ සංස්කෘතික තර්කනයන්ය. එම නිසා, ඉතා වැරදියට වැටහී යන, ‘ආදරය යනු අනන්‍යතාවයකි’ යන අදහසේ දෝෂය මෙම සන්දර්භය තුළ දී වටහාගත හැකිය. ඉතා සරලව කියන්නේ නම්, අනන්‍යතාවය (Identity) ආත්මීය ලක්ෂණයක් නොවේ. එය, දර්පන ප්‍රතිරූපයක් පමණි.
‘ආත්මය'[who i am i for me- unconscious I.] අප ගවේෂණය කළ යුත්තේ, පරමාත්වය තුළය. එවිට, අපට හමු වන ආත්මය දෙබිඩිය.[split] එය, තමා තුළම විසංවාදයක් අත්විඳියි. එම නිසා, ආත්මය එකවරම අනන්‍යතාවය සහ නිර්අනන්‍යතාවය ආත්ම කොට ගනී (Identity of identity & Non-identity). ඕනෑම ජීවන දර්ශනයක් අතහරින්නේ ආත්මය සතු මෙම ස්වයං-නිශේධන ශක්‍යතාවය යි.
[Self-related negativity]
ලංකාව වැනි රටක ආදරය අවබෝධ කර ගන්නේ, ආත්මය සහ වස්තුව අතර 100% ක ඒකාත්මික [UNITY] වීමක් ලෙසය. වැටහෙන උදාහරණයකට රැගෙන ආවොත්, ආදරය යනු තමන් ආදරය කරන්නා තමන් සමඟ පූර්ණ ලෙස අනන්‍ය වීමයි. එහිදී, තමන් සමඟ අනන්‍ය නොවන කිසිදු ශේෂයක් ඉතිරි විය නොහැකිය. එසේ ඉතිරි වන්නේ නම්, එය ආත්ම වංචාවක් හෝ ආදරයට ද්‍රෝහී වීමකි.
අපි ජේසු දෙසට හැරෙමු. උන්වහන්සේ දෙවියන්ට ආදරය කරන ලදී. දෙවියන්ව පරමව විශ්වාස කරන ලදි. නමුත්, අවසන් මොහොතේ දී ජේසුතුමාව දෙවියන් විසින් පාවා දෙන ලදී. එසේ වූවාට පසුවත් ජේසුතුමා දෙවියන්ට මහත් භක්තියෙන් ආදරය කරන ලදී. ආදරය යනු, බටහිර අරුතින් අනෙකා ඔබව අතහැර හෝ පාවා දෙද්දීත් ආදරය කිරීමයි. එම නිසා, බටහිර ආදරය ස්වයං- අනන්‍ය [Self-identity] නැත. නාසිස්මික නැත. එබැවින්, නලීන් ද සිල්වාගේ භාෂා ලෝකය තුළ ආදරය සහ ස්ත්‍රිය නොමැති වීම පුදුමයට කාරණයක් නොවේ. නලීන් ද සිල්වාට රුචි සියලු දෙනාම (බහුතරය නොවේ) ස්ත්‍රියකට උමතුව ආදරය කරන්නට බියගුළුවන පිරිමින් ය. නාසිස්මික රජවරුන් ය.
ක්‍රිස්තියානි ආගම ආදරයේ ආගම වන්නේ, කෙනෙක් ආදරයේ දී තම කවචයෙන්- හරියට කට්ටෙන් එළියට එන ගොළුබෙල්ලෙකු මෙන් – හෙමිහිට අනෙකාගේ ලෝකයට ගමන් කරන නිසාය. ආදරය පාවා නොදීම යනු, අනෙකා තමන්ගේ හිසට වෙඩි තැබුවත් අනෙකා වෙතට ආ මෙම ගමන සත්‍යයක් ලෙස පිළිගැනීමයි. ජේසුස් වහන්සේගේ ආත්මය ආදරයට තුල්‍ය වන්නේ මේ නිසා ය. එතුමන්ගේ ආත්මය ආදරය ඉදිරියේ පිටතට, එනම් බහිෂ්කරණය වන අතරම නැවත ඇතුළතට ද නිරාවරණය වෙයි. එනම්, තමාගේ හෙළුව තමන්ම දැකීමයි.
ඉහත දාර්ශනික සන්දර්භය තුළ ආත්මය එළියට ඒම සහ නැවත ඇතුළත ගැන මෙනෙහි කිරීම ආදරයේ ගමන් මාර්ගය යි. මෙලෙස බහිෂ්කරණය වන සහ අභ්‍යන්තරයට එකවර යොමුවන ක්‍රියාවලිය දයලෙක්තික සංසිද්ධියක් ලෙස දාර්ශනික ලෝකය තුළ දී හඳුනා ගැනේ. එම නිසා, බුදුදහම තුළ ‘ආදරය පිළිබඳ න්‍යායක්’ ගොඩනැගිය නොහැකිය. බුදුදහම යනු, අනන්‍යතාවය සහ එය අතහැරීම හුදු පරස්පරයක් ලෙස ගැනීමයි.
හේගල් දියුණු දාර්ශනිකයෙක් යැයි අප කියන්නේ මන්ද? ඔහු කිසිවිටෙක දී, ආදරය යනු පුද්ගලයන් දෙදෙනෙක් අතර වන සම්බන්ධයක් සේ ගත්තේ නැත. ඔහුට අනුව, ආදරයේ දී අපට හමුවන අනෙකා (දෙවියන්= Other) අතිවිශාල ඓතිහාසික ක්‍රියාදාමයක සහ සංස්කෘතික නිර්මිතයක ප්‍රතිඵලයකි.
එබැවින්, ආදරය යනු අනෙකා සමඟ සංවාද කිරීම, අනන්‍ය වීම පමණක් නොවේ. එහි අනෙක් පැත්ත වූ අනෙකාගේ මුහුණට ලේ පනින්නට පහර දීමක් ද කළ යුතුය. ආදරයේ මෙම දෙවන පැවැත්ම ලංකාවට ආගන්තුක ය. අපට හමුවන අනෙකා තනි හුදෙකලා පුද්ගලයෙකු පමණක් නොව ඔහු/ ඇය යුගයක නිෂ්පාදනයකි.[Geist or Spirit) එම නිසා, මේ පුද්ගලයා යුගයක මධ්‍යසාරවලින් වෙරි වී ඇත. ඔවුන්ව යුගයෙන් එළියට ගැනීමට අප ඔවුන්ට ගිනි තැබිය යුතුය, කෙනිත්තිය යුතුය, සපා කෑ යුතුය, අපහාස කළ යුතුය.
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
[When Hegel talks about Geist (or Spirit), he is referring to self-consciousness. For Hegel, consciousness (or capital B Being) is a collective phenomenon which unites all beings. When Hegel talks about consciousness, he is not talking about YOUR consciousness or MY consciousness—he’s instead talking about the foundational consciousness, the very original, unifying consciousness that allows for our experience in the first place. This is what Geist is—the all-encompassing and unifying Spirit/Mind of experience. For Hegel, all material reality is a result of Geist, or Mind.
Now, “Absolute Spirit.” This is something slightly different. As history unfolds and as human thought progresses, the collective Geist moves towards self-consciousness. Again, self-consciousness does not refer to you, me, or any particular individual. Self-consciousness refers to the unifying realization of Geist itself.]
අපි දැන් ෆර්නැන්ඩෝ සෝලානාස්ගේ ‘South’ (1988) චිත්‍රපටය දෙසට හැරෙමු. චිත්‍රපටයට පාදක වන්නේ, ආජන්ටිනාවේ මිලිටරි ජුන්ටාව රට පාලනය කළ 76-83 යුගය යි. චිත්‍රපටයේ කතා නායකයා වසර 5ක් දේශපාලන සිරකරුවෙක්ව සිට එක්තරා රාත්‍රියක නිවස බලා පැමිණෙයි. ගෙවී ගිය කාලය පිළිබඳව සැකයක් අපගේ කතා නායකයාට ඇති වෙයි. එනම්, ඔහු නැතිව ගෙවී ගිය වසර 5 ක කාලය තුළ තම බිරිඳ පතිවෘතතාවය රැක්කාද යන්න ය. 70-80 දශකවල ලතින් ඇමෙරිකානු වාමාංශික ගරිල්ලා ව්‍යාපාරවල මුඛ්‍ය ගැටලුව අප කතා නායකයා තුළින් විද්‍යාමාන වෙයි. එක් පසෙකින්, ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි කොමියුනිස්ට් යුතෝපියාව පිළිබඳ සිහිනය ඇත. අනෙක් පසින්, මිනීමරු පැරාමිලිටරි හමුදාවේ මරණීය තර්ජනය ඇත. 87-89 යුගයේ ජවිපෙ අරගලය තුළ පැවතියේ ද මෙම විරුද්ධාභාසයයි.
90 දශකය මුල දී ‘South’ චිත්‍රපටය පිළිබඳව ලංකාවේ කතා කරනු ලැබුවේ, නිහාල් පීරිස් ය. ඒ, මීට වසර 30 කට පෙරය. ඔහු ඒ පිළිබඳව කුමක් කීවා යැයි කිසිවක් මට මතක නැත.
චිත්‍රපටයේ ඉතුරු කොටස දිග හැරෙන්නේ මෙලෙසය. විප්ලවවාදී සැමියාගේ මුඛ්‍ය ප්‍රශ්නය වන්නේ, තම බිරිඳ තමා නැති කාලයේ වෙනත් පුද්ගලයෙකුගෙන් ලිංගික සතුටක් වින්දා ද යන්නය. සොලානාස් තම චිත්‍රපටයේ මුඛ්‍ය තේමාව ලෙස ගන්නේ, මෙම ලිංගික ගැටලුවයි. රටක ‘දේශපාලන-ආර්ථිකය’ පිළිබඳව පොදු ගැටලුවක් විසඳීමට ගිය පුද්ගලයෙකුට අනපේක්ෂිතව ‘ලුබ්ධි-ආර්ථික’ ගැටලුවක් සම්මුඛ වී ඇත. කතා නායකයා දේශපාලන පරාජය නිසා සංකල්පීය සහ බුද්ධිමය තලයක ව්‍යාකූල වී ඇති අතර අනෙක් පසින්, පවුල් ජීවිතයට යළි පසුබසින විට හදවතින් තුවාල වී ඇත. සොලානාස් විසින් කතා නායකයාගේ තුවාලය සුවපත් කිරීමට චිත්‍රපටය තුළ අපූර්ව උපක්‍රමයක් භාවිතා කර ඇත.
කතා නායකයා නිවසට යාම ප්‍රමාද කරන අතර බුවනෝසයර්ස් නගරයේ ඉබාගාතේ ගමන් කිරීමට පටන් ගනී. එහිදී, ඔහුට පැරණි මිතුරෙක් හමු වෙයි. නමුත්, මේ මිතුරා ඝාතනයට ලක් වූ පුද්ගලයෙකි. එබැවින්, ඔහුගේ පැවැත්ම සටහන් වන්නේ අවතාරයක හැඩයෙනි. ජීවිතය පිළිබඳව දේශපාලනය විසින් දෙන අර්ථකථනය අසමත් වන්නේ, ලුබ්ධිමය ගැටලු හමු වූ විටදී ය. සැබවින්ම අපගේ දේශපාලනික පක්ෂපාතීත්වයන් යට ඇත්තේ අශ්ලීල ෆැන්ටසීන් මිස පුරුෂාර්ථ නොවේ.
අපට මෙතන දී, ලැකාන්ගේ ආප්තයක් සිහි කළ හැකිය. කිසියම් පුරුෂයෙක් තම බිරිඳට වෙනත් සබඳතාවයක් ඇතැයි සැක කරන්නේ නම් එහි ගැටලුව ඇත්තේ, බිරිඳගේ චර්යාව තුළ නොව සැමියාගේ ආත්ම මූලිකත්වය තුළය. මෙම ගැටලුව හේගලියානු දර්ශනයට ගොනු කරන්නේ නම් එම සූත්‍රගත කිරීම මෙසේය. එහි පිළිතුර වන්නේ, කතා නායකයාගේ හදවතේ තුවාලය බිහිකළ හේතුව යි.[Cause of desire] එනම්, ආත්මයේ තුවාලය සුවපත් කිරීමේ දිශානතිය යොමු වී ඇත්තේ පරමාත්මය දෙසටය.
පුදුමයකට මෙන්, කතා නායකයාගේ අවතාර මිතුරාගේ දීර්ඝ සංවාද භාෂාව මගින් ‘කතා- නායකයාගේ’ තුවාලය සුවපත් වන අතර හිමිදිරිය වන විට ආපසු පවුල දෙසට ගමන් කරයි. මා මුලින් ද පැවසූ පරිදි අපට අවශ්‍ය වන්නේ, ජීවිතය දාර්ශනිකකරණය කරන දර්ශනයක් නොව ආත්මය දාර්ශනිකකරණය කරන දර්ශනයක් බව කීවේ මේ අදහස සිතෙහි දරාගෙනය.
ජගත් මනුවර්ණ ජනතා විමුක්ති පෙරමුණ අරභයා ලුබ්ධි- ආර්ථික[Libidinal Questioning- 2nd Excess] ප්‍රශ්න කිරීමක් සිය ‘රහස් කියන කඳු’ හරහා අපට ඉදිරිපත් කරයි. නමුත්, ඒ පැරාමිලිටරි හමුදා සාමාජිකයන්ගේ දෘෂ්ටිකෝණයෙනි. නමුත්, අපට තවත් පියවරක් තැබීම අත්‍යාවශ්‍යය. මන්දයත්, දේශපාලන දෘෂ්ටිවාදයන් ඝාතන වලින් හෝ සංකල්පීය තලයේ විචාරවලින් පමණක් අවසන් වන්නේ නැති නිසා ය.
X කණ්ඩායම යනු, 90 දශකයේ බිහි වූ පශ්චාත්-විජේවීරවාදී දර්ශනයකින් හෙබි සංවිධානයකි. නමුත්, එය මරා දමමින් යළිත් බිහි වූයේ ජේවීපීකාරයන්මය. 2005-10 කාලය තුළ ‘කපුටාගේ කූඩුවේ කොහාගේ බිත්තර සංසේචනය වේ ‘යන සංසේචන න්‍යායන් පවා X දේශපාලනය අභ්‍යන්තරයෙන්ම බිහි විය. ඒ අර්ථයෙන්, ‘ගින්නෙන් උපන් සීතල’ විප්ලවීය නිර්මාණයකි. එසේ නම්, බිහි විය යුතු අනාගත නිර්මාණය කුමක් ද?
87-89 යුගයේ ශිෂ්‍ය දේශපාලනය මෙහෙයවන ලද ඩී. එම්. ආනන්ද සහ ඔහුගේ පෙම්වතිය අතර සම්බන්ධය ”ලුබ්ධි- ආර්ථිකමය දෘෂ්ටිකෝණයකින්” නිපදවිය හැකි නම්, එය විජේවීරවාදී ශිෂ්‍ය දේශපාලනයේ අවසානය යි. එවැන්නක් නිපදවෙනතුරු සිදු වන්නේ, විජේවීරවාදය යළි යළිත් පුනර්නිෂ්පාදනය වීම පමණි.
ලතින් ඇමරිකානු රහසිගත ගරිල්ලා ව්‍යාපාර සංවිධාන තලය අවසන් වී ඒවා ජනප්‍රියවාදී ව්‍යාපාර බවට පරිවර්තනය වූයේ[Populist Movements], ඒවායේ ආධාරකය වූ ”අශ්ලීල ලුබ්ධිය” [Libidinal Underbelly] එහි කලාකෘති මගින් විසංයෝජනය වූ නිසා ය. සොලානාස්ගේ කෘතිය තුළ සමාජ-ආර්ථික ගැටලු වෙනුවට පෙන්වන්නේ, ඒවා නිපදවන සහ ඉවසන හදවතේ අඳුරයි. අලුත් ඉරක් පායන්නේ මේ අඳුර කතා කර අවසන් කළාට පසුවය. එසේ නැතිනම්, සිදු වන්නේ වෘත්තයක් දිගේ ගමන් කිරීම පමණි.
“”””””””””””””””””””‘
ජනවාරි මස අග දී අපගේ සිනමා පන්තිය ආරම්භ වෙයි. ඒ සඳහා එකතු වන්න!
මෙහෙයවීම: දීප්ති කුමාර ගුණරත්න
පුශ්පජිත් ජයසිංහ
පටන්ගැන්ම: 2024 ජනවාරි මාසයේ සිට
කාලය මාස තුනයි.
පහත අංකයට කතා කරන්න.
0774950204
ඔබේ අදහස කියන්න...