[dropcap color=”yellow”]අ[/dropcap]න්තර්ජාලය යනු ප්‍රශ්ණ කිරීමකින් තොරව අපට උත්තර ලැබෙන තාක්ෂණ අවකාශයකි. මේ නිසාම තොරතුරු සෙවීමට හැර අන් දේවල් සදහා අන්තර්ජාලයට ඇතුළුවන්නන්ට සිදු වනුයේ අසහනය අත්විදීමටයි. මනුෂ්‍යෙ‍යෙක් තව මනුෂ්‍යයෙකුගේ ආශව මෙන්න මෙක යැයි තමන්ම හදුනා ගෙන එම ආශාව තමන්ම රග දක්වන්නට ගිය විට උදාවන රංගනයට අපි කියනව විපරිතභාවය (pervert )  කියල. මෙවැනි අයගේ මනෝභාවයන් හදුනා ගැනීමට අවශ්‍ය මූලික ලක්ෂණ කිහිපයක් පහත සදහන් වෙයි.

01-   සමාජයේ තිබෙන පොදු පරමාදර්ශ වල (ප්‍රජාතන්ත්‍රවාදය,ජාතිය,විනීතකම,නිවරදි වචන…) මුරකරුවා බවට තමාවම පත් කිරීම. සමාජයේ ජීවත් වන අනෙකුත් වැඩිහිටි පුරවැසියන් බොළද නිසා ඔවුන්ට රණ්ඩු කිරීමට සතුරන් සැපයීම.

02-   පැරණි යුගයේ විපරීතයා සමතික්‍රමණය කර සතුටු වෙයි. ඒ යුගයේ විපරීතයන් හුදකලාව අතුරු පාරවල් වල ගමන් කරන ගැහැණුන් දුටුවිට සරම උස්සා පෙන්වා තම විනෝදය සහතිකකර ගනී. නමුත් සමකාලීන විපරීතයා සමාජය තුළ තමන්ගේම නීතියක්() තහවුරු කරයි. ඔහු නීති කඩන්නෙක් නොවන අතර ඒ වෙනුවට නීතියක්(පුද්ගලික) අලුතින් හදුන්වා දෙයි. උදා-ගායක සුනිල් පෙරේරා අපහසුතාවයට කරවන්නේ බාහිර කෙනෙකු නොව තමන්වමය. ගුටි කන්නේ වෙනත් අය නොව තමන්මය. මෙම ස්වයං-ගුටිකෑම අලුත් විමුක්තියක් ලොවට දේශනා කරයි.

03-   සාමාන්‍ය මිනිසුන් රහසේ කරන දේවල් විපරිතයා එළිපිට කරන අතර ඔවුන් ඒ එළිපිට කරන දේවල් විපරිතයා රහසින් කරයි.

ඔබේ අදහස කියන්න...