1013819_10151908605242429_47680989_n

සත්‍ය ප්‍රකාශණ ආයතනය මගින් කැරැල්ල නමින් මාසික සගරාවක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම සගරවේ පළමු කළාපය ‍මේ වන විට වෙ‍ළෙද පොළට නිකුත් කර ඇත.මේ සගරාවේ සංස්කාරක මණ්ඩලය මේ සගරාව හදුන්වන්නේ පහත ආකාරයටයි. මේ සම්බන්ධයෙන් අප කිසිදු අදහසක් දැක්වීමක් දැනට නොකරන අතර එක්සත් වමේ ව්‍යපාරයක් වෙනුවෙන් ඔහුන් අපෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස මෙය පළකරන්නෙමු. කැමති ඕනෑම අයෙකුට මේ සගරාව මිලට ගෙන බලන්නට පුලුවන. සගරාව සම්බන්ධයෙන් ගුණ දොස් විචාරය පාඨකයාට භාරය.

පහත පළ වන්නේ කැරැල්ල සංස්කාරක මණ්ඩලයේ අදහසයි.

කැරැල්ලක් ගහනවා කිව්වම ඊළඟට මතුවෙන්න පුළුවන් ළඟම ප‍්‍රශ්නෙ තමයි කාට එරෙහිවද?” කියලා. ඔව්,ඒක වැදගත් ප‍්‍රශ්ණයක්. අපි කැරැල්ල ගහන්නේ කාට එරෙහිවද?

මුලින්ම අපි එරෙහි වෙන්නේ මේ රටේ `ජනතාව` කියන කට්ටියට. එහෙම කිව්වම කලබල වෙන බව අපි දන්නවා. ඉන්න පැහැදිලි කරන්නම්. පාලකයන්ට හැමදාමත් රැවටෙන, පාලකයො අටවන දේශපාලන සංස්කෘතික උගුල්වල වැටෙන, පාලකයෝ ජාතිවාදය අවුසසනකොට ලේ කුපිත කරගෙන කුලප්පු වෙන, මේ හැම ප‍්‍රශ්ණයක්ම දේශපාලන ප‍්‍රශණයක් කිව්වම අයියෝ අපි නම් ඕවට නෑකියන ෆයිට් නොකර මුකුත් දිනාගන්න බෑකිව්වම අනේ අපි ෂේප් එකේ ඉන්නෙකියලා කියන ටීවී වලින් රේඩියෝ එකෙන් ඔළුවට දාන හැම දහජරාවම පැනලා බදා ගන්න, ජීවිතය කියන්නෙ පාවිච්චි කරන බඩුමුට්ටු කියලා හිතාගෙන කඩසාප්පු වල විකුණන්න තියෙන හැමදේටම වන්දනා කරන සහ ඒවා කොහොම ද අත්පත් කරගන්නේ කියල ඇඞ්වර්ටීස්ට්මන්ට් හීන දැක දැක නිදාගන්න මිනිස්සුන්ව නම් `ජනතාව`කියලා හඳුන්වන්නේ, ඔව්! අපි කැරැල්ල ගහන්නේ අන්න ඒ ජනතාවට එරෙහිව !!

ඔබේ අදහස කියන්න...