[dropcap color=”orange”]මැ[/dropcap]යි දිනය සමරන්නට සැරසෙන බහුතරයක් ලාංකීය වාමාංශිකයන් අතර ජන අරගල ව්‍යාපාරය සිය මැයි දින තේමාව ලෙස යොදාගෙන තියෙන්නේ සමාජවාදී ජීවිතයක් යන තේමාවයි. මේ වාමාංශිකයන් නොදන්නා ප්‍රධාන කාරණාවක් වන්නේ මේ වන විටත් සමාජවාදය යන්න අභාවයට ගොස් ඇති බවයි. සමාජවාදය අවංගු වී ඇති බවට බටහිර බුද්ධිමතුන් මතයක් ප්‍රකාශ කර තියෙනවා. කොටින්ම වර්ථමාන ත්ත්වයන් අනුව සමාජවාදය යනු ධනේෂ්වර සමාජයට පෙර පැවති පූර්ව ධනේෂ්වර සමාජයේම දිගුවක් බවට ලඝු වී තිබෙනවා.

කම්බෝජිවායාවේ පෝල් පෝට් ගේ සමාජවාදී සමාජය වගේම රුසියාවේ ස්ටාලින් ගේ සමාජවාදයත් අපට ඒකාධිපවාදය හැර වෙන යමක් ඉතිරි කලේ නැහැ. පවතින ධනවාදී සමාජයට වඩා උසස් සමාජයක් නිර්මානය කරන්න නම් පූර්ව ධනේෂ්වර සමාජයක් නිර්මාණය කර වැඩක් නැ. අවශ්‍ය වන්නේ ධනේශ්වර සමාජයට වඩා මානව සමාජයට විමුක්තිය උදාකරන සමාජයක් නර්මාණය කිරීමයි.

‍මේ නිසා අපි කොමියුනිස්ට් සමාජයක් ගැන තමයි කල්පනා කරන් ඕනේ. කොමියුනිස් සමාජය කියන්නේ ධනවාදී සමාජයට වඩා උසස් සමාජ ක්‍රමයක්. ඒ සම්බන්ධයෙන් අපි පසුව දීර්ඝ වශයෙන් වෙනත් ලිපියකින් පැහැදිලි කරනවා.

පහත ඡායාරූප වලින් දැක්වෙන්නේ එංගලන්තයේ ප්‍රයිමාර්ක් ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක නිතර වන එංගලන්තයේ වැසියන් පිරිසක්. ඒ අය බංගාදේශයේ ඇගලුම් කම්හල් සිද්ධියට එරෙහිව සිය වරෝධය දක්වනවා. කැමති නම් ඒ පිරිසත් මේ සමාජවාදී ජීවිතයක් හදන්නට සිතා ඉන්න පිරිසට තමන්ගේ ගොඩට දා ගන්න පුලුවන්.

A shopper passes demonstrators outside clothing retailer Primark in central London April 27, 2013. The demonstrators were protesting following the collapse of a building in Bangladesh where low-cost garments were made for Western brands. North American and European chains, including British retailer Primark and Canada's Loblaw, a unit of George Weston Ltd, said they were supplied by factories in the Rana Plaza building, which collapsed on Wednesday.     REUTERS/Suzanne Plunkett (BRITAIN - Tags: BUSINESS DISASTER POLITICS) Protestors demonstrate outside the Primark store on Oxford Street, central London after the collapse of a factory block in Bangladesh where workers made its clothes. PRESS ASSOCIATION Photo. Picture date: Saturday April 27, 2013. Photo credit should read: Steve Parsons/PA Wire A shopper holds bags from Primark as protestors demonstrate outside the Primark store on Oxford Street, central London after the collapse of a factory block in Bangladesh where workers made its clothes. PRESS ASSOCIATION Photo. Picture date: Saturday April 27, 2013. Photo credit should read: Steve Parsons/PA Wire Protesters hold posters as they demonstrate outside a Primark retailer shop in central London on April 27, 2013 to demand the company take responsibility for the collapse of a building in Bangladesh, which housed garment factories making clothes for Primark and other major brands. More than 300 died and 1,000 were injured as the rescue operation still continues. AFP PHOTO/CARL COURTCARL COURT/AFP/Getty Images ay_108744542 Protesters hold posters as they demonstrate outside a Primark retailer shop in central London on April 27, 2013 to demand the company take responsibility for the collapse of a building in Bangladesh, which housed garment factories making clothes for Primark and other major brands. More than 300 died and 1,000 were injured as the rescue operation still continues. AFP PHOTO/CARL COURTCARL COURT/AFP/Getty Images A protester holds a placard during a demonstration outside a Primark retailer shop in central London on April 27, 2013 to demand the company take responsibility for the collapse of a building in Bangladesh, which housed garment factories making clothes for Primark and other major brands. More than 300 died and 1,000 were injured as the rescue operation still continues. AFP PHOTO/CARL COURTCARL COURT/AFP/Getty Images

ඔබේ අදහස කියන්න...

14 COMMENTS

  1. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ සහෝදරයාට අනුව සමාජවාදය හරහා තමයි කම්මියුනිස්ම් වලට යන්න වෙන්නේ . මොකද ඉතිහාසය නියාම පාලිතයි. පුබුදු කියන විදියට ඔය එක එකාට ඕන ඕන විදියට ලෝකේ කැරකෙන්නේ නැහැ. ලෝකේ කරකැවෙන්න නියාමයන්ට අනුව. එම නියාමයන් විද්‍යාව විසින් සොයාගෙන තියනවා. ඒක නිසා ඒවා අපි දැන් දන්න්නවා. සමාජවාදයට ගිහින් තමයි අවසානයේදී කම්ම්යුනිස්ට් යන්නේ. ලෙනින් කියාපු දේවල් වෙනස් වෙනවද? ලෙනින්ගේ මොලය කොතරම් නම් විශාලද? ලෙනින්ගේ මොලය ලොකුයි කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා තියනවා. එවැනි මොළයකින් කියාපු දේවල් අභිබවන්න පුළුවන් අයෙකු නැවතත් කිසි දිනක මෙලොව පහල වේ යයි සිතිය හැකිද? එම නිසා ලෙනින්ගේ සියලුම කෘතීන් කට පාඩමින් කිව හැකි පුබුදු සහෝදරයා කියන දේවල් තමයි අපි පිළිගන්නේ.
    මේ වන විට ඇලේන් බදියු සහ ක්වින්ටීන් මෙයාසු විසින් ඉතිහාසය නියාම පාලිත බව නැවත වරක් තහවරු කොට අවසන්. දීප්තිලා මාක්ස්වාදය දන්නේ නැත. ඔවුන් පශ්චාත් නූතන වාදීන්ය. අප ඔවුනට මාක්ස්වාදය ඉගැන්විය යුතුය. ඔබලා වහාම ලෙනින්ගේ වෙළුම් 12 කියවන්න. ඉන් පසු ලෙනින්ගේ අනෙක් සියලුම කෘතීන් කියවන්න. ඉන් පසු අපනාසියෙව්ගේ කෘතීන් කියවන්න. ඉන් පසු තවත් යම්කිසි සැකයක් පවතී නම් බදියුගේ සහ මෙයසුගේ කෘතීන් කියවන්න.

  2. ලොකුම මැයි දින වේදිකා නාට්‍ය කරන්න ඉන්න මිනිස්සුන්ට ඕවා වැඩක් නෑ…

  3. ”ලාංකීය වාමාංශිකයන් අතර ජන අරගල ව්‍යාපාරය සිය මැයි දින තේමාව ලෙස යොදාගෙන තියෙන්නේ සමාජවාදී ජීවිතයක් යන තේමාවයි”

    මෙවර මැයි දිනයට සමාජවාදී ජිවිතයක් කියන තේමාව ගත්තෙ ‘පෙරටුගාමී සමාජවාදී පක්ෂය’ කියල යම් දේශපාලන පක්ෂයක නම කියන්න අකැමැති නිසා ඉහත සටහනේ ‘ජන අරගල ව්‍යාපාරය’ කියලා යොදන එක ‘පෙරටුගාමී පක්ෂයේ’ දිප්තිට අනුව මොන දේශපාලනයක්ද?

    • කැමති නමි ඔය නම තියෙන තැනට ඒ.එස්.බී පැදුරු පාටිය කියලා දාගන්න. නම කොහොමත් විකාරයක් වෙලා ඉවරයි. ණයට කහිනවට ස්තූතියි. දේශපාලනය දන්න මිනිහෙක් ඔය ප්‍රශ්ණය අහන්නෑ ඒ නිසා ඔයාගේ අවිඥාණයයි ඔය කතා කරන්නේ

  4. මොනවාද මේ විකාර කතා? ලෙනින්ට අපහාස කරනවා. අයි මේ වගේ විකාර ඔයාලගේ වෙබ් එකේ දාන්නේ? මේවට ඔයාල මේවට උත්තර දෙන්නේ නැද්ද?

  5. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දෘෂ්ටිවාදයට අනුව මනසින් ස්වායත්ත ලෝකයක් තිබේද? නැද්ද?

    • අපගේ හේගල් සම්මණ්ත්‍රණ මාලාව යළි මුලසිට අසන්න
      ඔබේ ගැටලුවට පිළිතුරු සියල්ල ලැබේවි
      ස්තූතියි

  6. ජවිපෙ කට්ටිවාදී ප්‍රවනතාවය උපතේ සිටම උරුම කොට ගත් භේද හින්න වීම් ප්‍රකාශ කරයි. කට්ටිවාදී දේශපාලනයේ නවතම ගොදුර වරුණ රාජපක්ෂ මහතායි. වරුණ රාජපක්ෂ මහතාගේ දේශපාලන නිහඩතාවයට හේතුව චමීර කොස්වත්ත මහතා සමග ගොඩනගාගත් මතවාදී ගැටුමයි. මතවාදී අරගල Facebook හරහා කිරීමේ උපන් හපන්කමක් තිබූ වරුණ රාජපක්ෂ මහතා මේ වන විට තම මතවාදී වියවුල අන්තර්ජාලයට මුදාහැර ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂය අප්‍රේල් මාසය සැමරීමේ අවස්ථාවට වරුණ රාජපක්ෂ මහතා සම්බන්ධ
    නොවීය. මේ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කථිකයෙක් නොවුන ඉන්දික මහතාට පවා අප්‍රේල් සමරු දේශණ පැවැත්වීමට සිදු විය. චමීර කොස්වත්ත පුංචිදේටත් අදින නිසාත් එවැනි දේමත පිහිටා දේශපාලනයේ නිරතවන නිසාත් තමන්ට දේශපාලනය අප්‍රිය වී ඇති බව ප්‍රකාශ කරයි.
    ජවිපෙ අභ්‍යන්තර තොරතුරු Facebook හරහා ප්‍රචාරය කල වරුණ රාජපක්ෂ මෙවරද කට්ටිවාදී දේශපාලනයේ මතවාදී හා සංවිධාන දුබලකම් පුවත් වෙබ් අඩවි කිහිපයකටම සපයා ඇත සමහර වෙබ් අඩවි මෙම ප්‍රවෘත්තිය කට්ටිවාදී දේශපාලනයේ ව්‍යුහාත්මක අවුලක් ලෙස ගැටලුවක් ලෙස දකියි. . වරුණ විසින් තොරතුරු සැපයූ තවත් පුවත් වෙබ් අඩවියක් පවසන්නේ චමීර කොස්වත්ත වැනි මෝඩ චණ්ඩින් පක්ෂයක නායකයින් වී ඉන්නා තාක් කල් යථාර්ථය මෙතරම් විගඩම් සහගත වීම ගැන පක්ෂයේ සහෝදර සහෝදරියන් පුදුම විය යුතු නැත. චමීර කොස්වත්ත පක්ෂය විනාශ කරන වේගය ගැන රාජ්‍ය ඔත්තු සේවය (SIS) පවා කලබල වී ඇත. මන්ද යත් තතු අඛණ්ඩව මෙසේ ඉදිරියට ගිය හොත් පක්ෂය විනිවිද ඇති ඔත්තු සේවා නිළධාරීන් සියළු දෙනාගේ රැකියා අහිමි වන බැවිනි. යනුවෙනි.
    මෙවර මැයි දිනය සම්බන්ධයෙන්ද වරුණ රාජපක්ෂ මහතා අදහසක් පලකල අතර මැයි දිනය වෙනුවෙන් පළකල පත්‍රිකාවක මැයි දිනය මග හරින්න එපා ඒකට සහභාගී වන්න කියා ලිවීමෙන් විප්ලවය සිදුවන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිතන්නට තරම් මෝඩ වීම පිළිබද තමන් කනගාටුවන බවද ප්‍රකාශ කළේය.

  7. මම විසින් මේ වන විට හේගල් සමන්ත්‍රන මාලාව 17 වතාවක් ශ්‍රවණය කොට ඇත්තෙමි. නමුත් දීප්ත කුමාර හෝ සමන් කුමාර යන දෙදෙනාගෙන් කිසිවෙකු ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දෘෂ්ටිවාදයට අනුව මනසින් ස්වායත්ත ලෝකයක් තිබේද? නැද්ද? යන්න සෘජුව ප්‍රකාශ නොකරයි. අපට අවශ්‍ය වන්නේ නලින් ද සිල්වා මෙන් තම අදහස නොබියව සෘජුව ප්‍රකාශ කිරීමය. මෙවරද ඔබ එය මග හැර ඇත. කරුණා කර මෙයට පිළිතුරු දෙන්න. ඔව් ද නැද්ද?
    ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දෘෂ්ටිවාදයට අනුව මනසින් ස්වායත්ත ලෝකයක් තිබේද? නැද්ද?

    • අපගේ හේගල් සම්මණ්ත්‍රණ මාලාව යළි මුලසිට අසන්න
      ඔබේ ගැටලුවට පිළිතුරු සියල්ල ලැබේවි
      ස්තූතියි

  8. ඒ කියන්නේ මනසින් ස්වායක්ත ලෝකයක් නෑ කියල ඔයාලත් පිළිගන්නවද

    • ගැබුරු දේශපාලන සංවාදයන් ලාභයට ඉගෙන ගන්න හදන්න එපා අපේ හේගල් සම්මන්ත්‍රණ මාලාව හරියට අහන්න එවිට අපි සහ නලින් අතර ඇති අහසට පොළොව මෙන් දුර වටහා ගත හැකිවෙයි…

  9. ඇයි මොකද අපේ කමෙන්ට්ස් දාන්නේ නැත්තේ බයද?

    • පිළිතුර : අපනම් බිය නැත.
      අපේ අදහස් සමාජය වෙනුවෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන නිසා,
      අනෙකුත් වෙබ් අඩවිවලමෙන් අපේ වෙබ්අඩවියේ පිස්සන්ට පිස්සු නටන්න දෙන්නේ නම් නැත.

Comments are closed.