Home Blog
A-Z ව්‍යාපාරය
'මහින්ද චින්තනය' පැවති පසුගිය දශකය පුරා අපට විධිමත්ව දේශපාලනය කිරීමට හැකිවූයේ නැත. ඒ පිළිබ්දව අපට චෝදනා රාශියක් එල්ල විය. ලෙනින්ගේ සිටි ඩැනියෙල් ඩර්ටේගා දක්වා වාමාංශිකයන් පන්ති අරගලයේ ව්‍යාජ ආකෘතියක් වූ ෆැසිස්ට්වාදය ඉදිරිපිටදී 'ප්‍රජාතන්ත්‍රවාදය' වෙනුවෙන් පෙනී සිටියහ. දේශපාලනය වෙනුවට පසුගිය කාලයේ විවිධ ව්‍යාපාර කරන අයට අපට මඩ ගැසුවේ 'හුත්තෝ කෝ යකෝ විප්ලවය' කියාය.
දැන් අප වැඩ පටන් ගන්නෙමු. අප දැන් ඊට...
රූපයේ (වි)පරිණාමය, තරු ගුණය, සිනමාව හා ප්‍රේක්ෂිකාව
“2020 පමණ වන විට සිනමාව අතුරුදන් වනු ඇතැයි මා අනුමාන කරන අතර රූපවාහිනිය පමණක් පවතිනු ඇත.” - ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ ජීන් පියර් මෙල්විල්
මෙම ලිපිය වර්තමාන සිනමාව පිළිබඳ හොඳ නරක පිළිබඳ විග්‍රහයක් නො ව වර්තමානයේ රූපයට/ප්‍රතිරෑපය (image), සිනමාවට හා චිත්‍රපට නැරඹීම සම්බන්ධයෙන් සිදු වෙමින් පවතින දේ පිළිබඳ යම් ආකාරයක විශ්ලේෂණයකි. එය එක්තරා ආකාරයකට ධනවාදයේ, ඩිජිටල් තාක්ෂණයේ හා පරිකල්පනයේ...
මහේෂ් හපුගොඩගේ රෝග ලක්ශනය මොකක්ද ?
කාලයක් මහේෂ් X කණ්ඩායමේ (නො)හිටියා, විටෙක (නො)නිදහස් දේශපාලන විශ්ලේශක කතිකාචාර්‍ය වරයෙක්, රනිල්ගේ ආර්ථික වැඩපිලිවෙල වෙනුවෙන් පෙනීඉන්න කතිකාචාර්‍ය් වරයෙක්, තවත් විටෙක මාලිමාවට පක්ශ කතිකාචාර්‍ය වරයෙක් ආදී වශයෙන් විවිධ අනන්‍යතාවයන්- Muliple identities - වෙනුවෙන් පෙනී ඉන්නවා අපි දැකලා තියෙනවා.
අද ඔහු පෙනී ඉන්න මතවාදයට සම්පූර්ණයෙන් පරස්පර මතවාදයක් හෙට දවසේ ඉතා නිර්භීතව සහ භක්තිවන්තව ඉදිරිපත් කරනවා අපි දැකලා තියෙනවා.ඔහු මේ විදිහට...
විනෝදවන ආත්මයක් සදහා නව විපරිත පාලකයෙක් ඕනෑකර තිබේ…
අභ්‍යන්තරික වශයෙන් සියලුම දුරාචාර වලින් පිරුනු ලංකාවේ බහුතරයක් ජහමනයා ආර්ථික බංකොලොත් බාවයෙන් පසු පාරිශුද්ධ සබුද්දික මහජනතාව බවට රූපාන්තරනය විය. නාස්තිය දූශනය, මිත්‍යාව, හොර මැරකම් ආදී සකල විද දුරාචාරයන් රහසින් හෝ නොකරන සැබෑ මහජනතාවක් බවට පත් විය.ඊනියා අරගලය ආරම්භ වී ගෝඨාභය එලවීමෙන් පටන් ගෙන 2024 අග මාලිමාව බලයට ගෙන ඒමේ සුරතාන්තය තෙක්ම රග දක්වනු ලැබුවේ මෙම විනෝදයයි. (මෙම...
සමාජ විද්යාව; අහෝසි වන ප්‍රපංචයක් ද?
ශ්‍රී ලංකාවේ ‘සමාජ විද්‍යාව’ පිළිබඳ අවධානය යොමු වූයේ, 80 දශකයේ උතුරේ ජාතික ගැටලුව සමඟ ඇති වූ සමාජ අර්බුදය අධිනිශ්චය වීම නිසා ය. ඒ සඳහා මැදිහත් වූ කීර්තිමත් සමාජ විද්‍යාඥයා වූයේ, ආචාර්ය නිව්ටන් ගුණසිංහ ආචාර්යවරයා ය. ඔහුගෙන් පසුව ශ්‍රී ලංකාව ''සමාජ විද්‍යාව'' අරභයා කාන්තාරයක් බවට පත් විය. ඉන්පසුව බිහි වූයේ, ජනමාධ්‍යවල දෘෂ්‍යබද්ධයට -gaze- යටත් වූ විවිධ විපරිත විශ්ව...
ඉතිහාසය පිළිබඳ බවුන්සර් මැදිහත් වීම.
අපි හේගල්ගේ විහිළුවක් හේගල්ටම ආදේශ කරමු. ඔහු කීවේ, ඉතිහාසයේ කිසියම් සිදුවීමක් ශෝකයක් ලෙසත් දෙවන වර හාස්‍යයක් ලෙසත් ඉදිරිපත් වන බවයි. 2012 වර්ෂයේ දී 2004 වර්ෂයේ සිදු වූ සිදුවීමට ප්‍රතිචාරයක් ලෙස හේගල් පළමුව ඇති විය. එය, දෙවන වර සිදු වූයේ 2025 දී විශ්ව විද්‍යාල කතිකාවේ හාස්‍යයක් ලෙසිනි.
රොහාන් පෙරේරා නම් සංකල්පයට ද සිදුවී ඇත්තේ හේගලට සිදු වූ දෙයම ය....
හෙගල්ගේ OPD එක
හේගල් පිළිබද ග්‍රන්ථයක් එළි දැක්වෙන්නේ "නෙළුම් කුළුණ " චිත්‍රපටය තිර ගත වන වකවානුවක වීම දෛවයේ සරදමක්ද? ග්‍රන්ථය ඉතා සම්භාව්‍ය ලෙසත් චිත්‍රපටය ඉතා සරල සහ බහුදිශානත විපරිතභාවයක් ලෙසත් බැලූ බැල්මට පෙනුනත් මේ ක්‍රියාවලි දෙක තුළ පවතින සාම්‍යය වන්නේ අශ්ලීලත්වයයි.
"නෙළුම් කුළුණ "චිත්‍රපටය නැරඹීම සදහා දෙමව්පියන් දරුවන් සමග පැමිණෙන විට චිත්‍රපටශාලා වලින්ම මෙය දරුවන්ට පෙන්වීම එතරම් අනුමත නොකරන බව කියන...
ලැකානියානු ඇස සමග පශ්චාත් යටත් විජිතවාදී මළකුණ ගොඩ ගැනීම
පශ්චාත් යටත් විජිත වාදය ලාංකීය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරණ ප්‍රයත්න තැනින් තැන දක්නට ලැබෙයි. ඇත්ත. ඉතිහාසය පුනරාවර්තනය (repetition) වීම අනිවාර්‍යතාවයක් තමයි. එකම දේ දෙවරක් සිදුවෙන බව හෙගල් තහවුරු කළේය. එහෙත් මාක්ස්, හෙගල් නිවැරදි කරමින් පැවසුවේ පළමුව එය ඛේදවාචකයක්(tragedy) ලෙස සිදු වෙතත්...
සෞන්දර්යේ අවශ්‍යතාව හා සුන්දරත්වයට පසු කලාව
චිත්‍ර කලාව පිළිබඳ නිදර්ශන සහිත විචාර ග්‍රන්ථයක් ලෙස දීප්ති කුමාර ගුණරත්න ලියා ඇති ‘සුන්දරත්වයට පසු කලාව’ මඟින් මෙරට චිත්‍ර කලා කතිකාව යාවත්කාලීන කරන්නට උදා වූ නිමේෂයෙහි අන්තර්ගත අර්ථය තහවුරු කර ගන්නට දරන විවෘත ප්‍රයත්නයකි මේ!
මීට ප්‍රථම කුලනාථ සේනාධීර 1973 දී ප්‍රකාශයට පත් කරන ලද ‘නූතන චිත්‍ර කලාවේ රසික සංකල්ප’ හා පියසීලී විජේගුණසිංහ විසින් 1993 දී පරිවර්තනය කොට...
ස්ත්‍රිය පිරිමියාට එරෙහි විනෝදයක් ලෙස
ෆැන්ටසිය කෙරෙහි වූ මහත් භක්තිය
ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාස කතාව කියවන්නෙකුට ‘ස්ත්‍රිය යනු පුරුෂයාගේ ෆැන්ටසියකි’ යන ප්‍රවාදය මුණගැසී නැද්ද? ගාමිණී ෆොන්සේකාගේ ෆැන්ටසියක් ලෙස වීණා ජයකොඩිත්, ධර්මසිරි බණ්ඩාරනායකගේ ෆැන්ටසියක් ලෙස ස්වර්ණා මල්ලවාරච්චිත් පිළිවෙළින් ලංකාවේ සමාජය 70 සහ 80 දශකවලදී සලකා බලන ලදී.
60 දශකය තුළ බටහිර සිනමාව තුළ රොජර් වාඩීම්ගේ ෆැන්ටසිය ලෙස බ්‍රිජඩ් බාඩෝ හෝ ජේන් ෆොන්ඩා සලකන ලදී. නමුත්...
ධනවාදයේ අසම්පූර්ණභාවය පිළිබඳ ප්‍රවාද දෙකක් -1
නියුරෝසික ආත්මයෙහි ප්‍රාථමික ස්වභාවය ධනවාදය පිළිබඳ විශ්ලේෂණයට වැදගත් වෙයි. ටොඩ් මැගෝවන් (Todd McGowan) ඔහුගේ ''ධනවාදය සහ ආශාව'' කෘතියෙහි නියුරෝසික ආත්මීය ව්‍යුහය පාදක කරගනිමින් ධනවාදය මනෝවිශ්ලේෂණය කිරීම පිළිබඳ ප්‍රවාදයක් ඉදිරිපත් කරයි. එය ධනවාදය පිළිබඳ අර්ථකථනවේදයෙන් (Hermeneutics) ඉවත්ව එහි ලුබ්ධිමය පැත්ත (libidinal aspect) එනම් ධනවාදයේ අසම්පූර්ණභාවය එහිම වූ ව්‍යුහාත්මක කොන්දේසියක් ලෙස ගනී.
ලාංකීය දේශපාලනය තුළ ධනවාදය පිළිබඳ විචාරය එහි ආර්ථික...
“මයි රෙඩ් කොම්රේඩ්” (My Red Comrade)
Happy New Year- 2025-
- හැමෝටම තෑග්ගක්!
ඔබ හුදෙකලා, ඒකාකාරී, යටිබිම්ගත සැඟවුණු ජීවිතයක් ගත කරන විට ඔබේ කතාව ඇසීමට කිසිවෙකු ඔබ සමීපයේ නැත. එම දුෂ්කර ජීවිතය තුළ ඔබ ප්‍රාර්ථනා කරන සිහිනය විමුක්තිදායක එකක් විය හැක. නමුත් එම සිහිනයට එක්වර ම රූමත් තරුණියක් කඩා වදියි. ඇය පැමිණ ඔබ සිතන විමුක්තිදායක සිහිනය වෙනුවට ඔබව අත්අඩංගුවට පත් වීමෙන් වළක්වා ඔබව බේරා ගනියි....