වේගයෙන් ගැහෙන හදවත!
සොයුර !
මනුෂ්‍යත්වයේ ධවල හෝරාව එයයි. තමන් දුයිෂෙන්ලා බවට වහසි බස් දෙඩු පාපකාරී මිනිසුන් අපෙන් සමුගත් හෝරාවේ, ලැජ්ජාවෙන් හිරිවැටී ගිය මංසන්ධියේ දී, සුන්බුන් සහ හුදකලාව මැදි කොට ඔබ අපට හමුවිය.
සමහර විට ඔබ අප වෙත එවූයේ අඩුපාඩු සහිත දෙවියෙකු විසින් විය හැක. පොඩි රටක ඉපදී,පොඩි මිනිසුන් සමග වැඩ කළ, ඔබට තිබූ සිහිනය නෞකාවකට වඩා බරපතලය.
සතුරන් අතරට ගොස් ඔවුන් ගේ න්‍යෂ්ටිය තුළට...
මෙය කලා ප්‍රදර්ශනයක් නොවේ – චන්ද්‍රගුප්ත තේනුවරගේ ‘සුන්දරකරණය’ ගැන-
සෞන්දර්ය අධිනිශ්චිත භාෂාවකින් කියන්නේ නම් චන්ද්‍රගුප්ත තේනුවරගේ ‘සුන්දරකරණය’ ප්‍රදර්ශනය අමුය. එහෙත්, ඒ අමු බවට වගකිවයුත්තේ කලාකරුවා නොව සමාජයයි.
‘කලා කෘතියක්’ නිර්මාණය කිරීම වෙනුවට තේනුවර කර ඇත්තේ ගෘහනිර්මාණ ශිල්පියකුට සමාන්තරව අවකාශ සංවිධානයක්ය. පශ්චාත් යුද ලංකාවේ නගර අලංකරණයේ උත්කර්ෂිත අංගයක් වූ Jogging Tracksඔර්ජනි මෙවර තේනුවරගේ තේමාවය. එක් අතකින් එය අල්පෝක්තිකවාදී (Minimalistic)ප්රකාශනයකි. තේනුවරට කියන්නට කිසිවක් නැත. ලයනල් වෙන්ඞ්ට් ශාලාවේ සංවිධානය කර තිබූ සේ...
සයිබර් යුධ මුක්ත කළාපය
පසුගිය සමයේ සයිබර් අවකාශයේ ඇවිලී ගිය දේශපාලනික යුද්ධයක් හිටි හැටියේ ඒක පාර්ශවීය සටන් විරාම ගිවිසුමක් නිසා දැන් සයිබර් යුධ මුක්ත කළාපයක් බවට පත්ව ඇත. ඒ අනුව දැන් සයිබර් යුධ මුක්ත කළාපය තුළ සියල්ලන්ම මුහුණ මුහුණ බලාගෙන හිදියි.
අනාගත ටෙට් ප්‍රහාර ඇරඹෙන්නට තවත් කළ ඇති නිසා දැනට කැමති අයට යුධ මුක්ත කළාපයට වී විනෝදයෙන් කල් ගෙවන්නට පුළුවන. ප්‍රඥාව නැතමි බස්සා තටු...
රටකට ගිය කලක්
මේ දවස් වල පාරේ තොටේ ගමන් කරන විට ( කරුණාකර මෙය කොළඹ සහ තදාසන්න ප්‍රෙද්ශවලට අදාලවේ) දක්නට ලැබෙන්නේ Range Rover Evoqu, BMW සහ kia වාහනය. හිටි හැටියේ මේ වාහන ගහනය වැඩි වූයේ කෙසේද? පසුගිය කලායේ රජයේ සේවකයන්ට තීරුබදු රහිත වාහාන ආනයනයට ලබා දුන් බලපත්‍ර මගින් ගෙන්වන්නට හැකි වාහන අතර මේ වාහන ප්රමුඛ වේ. ඒ අනුව රජයේ සේවයක් විසින් සිය...
සිහිනයක් ඇත නොමියෙන – සමබිම සැප්තැම්බර් කලාපය පිටවුණා
ප්රගතිශිලී භික්ෂුව ප්රතිගාමී වූ හැටි විද්‍යාලංකාර ප්‍රකාශය ඇසුරෙන්….
- හර්ෂ ගුණසේන
වෘත්තයක චලනය වන්නා විචාරය කිරීම – දීප්ති කුමාර ගුණරත්න
උතුරේ පළාත් සභා මැතිවරණය සහ මැතිවරණ සංස්කෘතියෙහි වෙනස්වීම - සාමිනාදන් විමල්
වාසුදේව, ආණ්ඩුවේ දෙවියෙක් නැහැ ආණ්ඩුව අත ඇරලා සමගි බලවේගයට එකතු වෙන්න - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
මේ කවුද මොනවද කරන්නේ – නවී පිල්ලේ සමග ප්‍රශ්න 14 ක්
සංහිදියාව සදහා ආගම යොදාගන්න පුළුවන් - ගල්කන්දේ ධම්මානන්ද හිමි
මගියාගේ සිහිනය සහ පෙළපාලිකරුවාගේ බාධාව – රමිදු පෙරේරා
කිරි...
තැපැල්කරුවා සෑමවිටම දෙවරක් සීනුව නාද කරයි!
- We Will Know less and Less what is human being-Jose Saramago-
පසුගිය දිනෙක නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ මුහුණු පොතේ පිටුවක් මගින් ප්‍රභා මුනුරත්න නම් අප සංවිධානයේ වසර දෙකක් වැනි කෙටි කාලයක් කාලය මරණ ලද සාමිජිකාවක් අප ගැන මෙසේ ලියා තිබුණි.
මා විසින් ඉදිරිපත් කළ කිසිදු න්‍යායයික හෝ දේශපාලනික ප්‍රශ්ණයකට දීප්ති කුමාර ගුණරත්න හෝ ඔහුගේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ වෙනත් අයෙකු...
අසිත පෙරේරා, විනෝදයෙන් ගිනිගත් මිනිසා
මහාචාර්ය සදරුවන් සේනාධීර මහතාට අනුව කොළඹ මැද පංන්තිය අතර අසූව දශකය තුළ ජනප්‍රිය කතිතාකවක් වූයේ ‘ලිබරල්වාදයයි’. ලිබරල්වාදයේ මූලයන් ඇත්තේ යුරෝපයේය. මතවාදයක් ලෙස එය ආරම්භ වූයේ ආගමින් මිදී ලෞකික ජීවිතයක් ප්‍රාර්ථනා කිරීම තුළය. පසුව එම අදහස ආයතනගත විය. තවත් සමහර තැන්වල එය රාජ්‍ය බලය පවා ලබා ගත්තේය. මෙම මතවාදයේ ප්‍රධාන ගැටළුව පියදොර් දොස්ත්රොව්ස්කි සංයුජ කරණය කලේ මෙසේය. ‘අපට දෙවියන් නැත්තම්...
අපගේ සහභාගීත්වය ගැන
නිර්මාල් රංජිත් දේවසිරි මහතා සමග මිනිසාට අවිඥාණය යනුවෙන් ක්‍රියාකාරී දෙයක් ඇත (එබැවින් එම සාධකය මේ යුගයේ දේශපාලන සාධකයකි.) යන මාතෘකාව යටතේ විවාදයක් කිරීමට අප ආරාධනය කළ බව සැබෑය. එහි වගකීමද අප බාර ගනිමු. විවාදයට අදාලව අපගේ පාර්ශවයෙන් තුෂාර දස්කොන් මහතා පත් කළෙමු. නිර්මාල් ගේ පාර්ශවයෙන් ද නියොජ්තයෙකු පත් කරන ලදි.
නමුත් මේ මැද්දට පැන මේ වැඩය අල කිරීමට දෙදෙනෙකු උත්සහ...
නීතිඥ වැලිඅමුණ පුරවැසි සාම සම්මානයෙන් පිදුම් ලබයි
අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම වෙනුවෙන් විශාල මෙහෙයක් කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා 2012 පුරවැසි සාම සම්මානයෙන් පිදුම් ලබයි. 43 වන අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයක් ගෙන එන්නට ආණ්ඩුව ක්‍රියා කළ මොහොතේ එයට එරෙහිව උද්ඝෝෂණය සම්බන්ධීකරණය කළ නීතිඥ එකමුතුවේ ප්රමුඛ භූමිකාවක් නිරූපණය කළවැලිඅමුණ මහතා 'ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයෝ' සංවිධානය බිහිකිරීමෙහි පුරෝගාමීව කටයුතු කළේය.
පුරවැසි සාම සම්මානය වාර්ෂිකව පිරිනැමෙන්ම ලංකාවේ ප්‍රමුඛතම සාම සම්මානය...
සුනිලා අබේසේකර ගැන අසම්පූර්ණ සහ පාර්ශ්වීය සටහනක්..
ලංකාවේ ජීවත්වන සාමාන්‍ය මිනිසුන්ට සහ ගැහැණුන්ට රහසේ සුනිලා අබේසේකර සැප්තැම්බර් 11 වනදා මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී අවසන් ගමන් ගියාය. ඇය සාමාන්‍ය මිනිසුන්ට රහසේ නික්ම ගියායැයි මා කියන්නේ ඔළු දෙකේ හරකෙකු ඉපදීම හෝ දෙබෙදුණු පොල් ගසක් ඇතිවීම වැනි ආන්තික කරුණු පවා මහත් අභිරුචියෙන් ප්රවෘත්ති සේ පළකරන ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය වලට ඇගේ මරණය ප්‍රවෘත්තියක් නොවීම නිසා සාමාන්‍ය මිනිසුන්ට ඒ ගැන...
ඉතිහාසයට නිවාඩු දීම !
අනූව දශකය පමණ වන විට අප ජීවත් වූයේ ලිබරල් සමාජයකය. එම ලිබරල් සමාජය තුළ මිනිස් ජීවිතයට වැඩි නිදිහසක් හිමි වීම නිසාම මිනිස් ජීවිතය ඒකාකාරී විය. ඒ කාලයේ මහාචාර්ය රජීව් විජේසිංහ කියන්නේ ඉංග්‍රීසි ගුරුවරයෙකි. ඒ අනුව ඒ යුගයේ දී ඔහුට කරන්නට තිබුනේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම පමණයි. නමුත් ඉන් පසුව අප අවතීරණ වන යුගය ජාතිවාදී යුගයක් විය. මේ යුගයේ ඇති සුව්ශේෂත්වය...