සංවිධානය අළුතින් වර නඟන ප්රශ්නය අපට මෙසේ සංයුක්ත කළ හැකි ය. සමන් වික්‍රමාරච්චි සමහර දිග වාක්‍යයක් පටන් ගන්න කලින් මෙලෙස තනි වචනයක් ලිය යි; ‘ඇත්ත’. ඇත්ත නම්, අද යුගයේ ආදරය ගැන කතා කිරීම විලාසිතාවක් තරමට වර්ධනය වෙලා තිබීමයි. ඇලන් බදියු කියන දාර්ශනිකයාගේ සිට ‘රෝමාන්තික ප්‍රේමයේ ලාංකේය ගතිකයන් සොයා යාම’ කියන පොත දක්වා සියලු දෙනා ‘ආදරය’ ගැන උගන්වයි.
ධනේශ්වර සමාජ වර්ධනයේ ප්‍රමිතිගත සීමාවට කිට්ටු වුණ බටහිර සමාජවල ‘ආදරය’ සඳහා මේ වෙනකොට බාහිරින් බාධාවන් නැත. ඩිල්ෂාන් මතු කරපු ගැටලුව මෙහෙම එකකි. ආදරය කරන දෙන්නෙකුට ආදරය කරලා ගෙදර යන්න පුළුවන්. ඒත්, ආදරය අවසන් කරලා; පෝරුවක නැඟලා; ගෙදර ගිහිල්ලා දරුවෝ ඉන්න දෙන්නෙකුට; ගෙයක් ඇතුළේ ආදරය ආරක්ෂා කර ගන්න එක ඉතාම අපහසු දෙයකි.
21 වැනි සියවසේ ගැටලුව වන්නේ, රොමෑන්තික ආදරය ගැන ප්‍රවාද ගොඩනඟන එක නොව ‘විවාහය’ තුළ ආදරය පවත්වාගෙන යාමට අවශ්‍ය ආකාරයට රාජ්‍ය ව්‍යුහය – state – ගැන හිතන එක ය. ඒ ගැන කවුරුවත් ලේඛකයෝ, දාර්ශනිකයෝ, දේශපාලකයන් හිතලා නැත. අනාගත කොමියුනිස්ට්වාදය කියන්නේ විවාහය ඇතුළේ ‘ආදරය’ න්‍යායගත කිරීමයි. එය පරමාදර්ශවාදයක් – idealism- නොව යථාර්ථවාදයකි.[Realism]
උදාහරණයක් ලෙස, අපි අමරසේකරගේ ‘රෝමාන්තික ප්‍රේමය’ ගැන කෞශල්‍ය කුමාරසිංහ ලියූ දේවල් පරීක්ෂා කරමු. කෞශල්‍ය තමන්ගේ විවාහය තුළ ප්‍රේමය යථාර්ථයක් කරන්න ගියා නම් තමන් මේ ආදරය ගැන ලියු දේවල්වල බොළඳ පරාසය අසු වෙයි.
ස්ත්‍රියගේ-Pain In Marriage.
තරුණ, බාල, මහලු සැමදෙනාම විමුක්තිය ගැන සංවාද කරයි. ඒ හැම සංවාදයකම අක්ෂය පවතින්නේ, විවාහයෙන් පිට නිෂ්ක්‍රීය, කාල්පනික අවකාශයක ය. ග්‍රාම්ස්චිගේ න්‍යායන් ලංකාවේ කතා කරන්නේ ඔහුගේ ”අපායක්වන්” විවාහයෙන් පිටත තියාගෙන ය. ග්රාම්ස්චි තමන්ගේ බිරිඳගේ නංගි එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගනියි. මේ නිසා බිරිඳව මානසික රෝහලකට ගෙනියන්නට සිදු වෙයි. ‘සිරගෙයක සටහන්’ ගැන ලියන අය ඔහුගේ ප්‍රේමය නිසා වේදනාවට පත් වූ බිරිඳ සහ නැගණියන් ගැන ලියන්නේ නැත්තේ කොමියුනිස්ට් සමාජය තුළ ‘විවාහය’ නම් සංස්ථාපිතය අහෝසි වෙයි කියල ද?
මාක්ස්, එංගල්ස් සිට නූතන වාම දාර්ශනිකයන් බහුතර දෙනා ඒ අයගේ ලියවිලිවල දී ‘විවාහය’ යනු යල්පැන ගිය සංකල්පයක් හැටියට සලකයි. විවාහයට සරදම් කරන සිරිමල්ගේ ‘Black Pork සමඟ පොල් රොටි’ අවන්හලේ කෑම වියන්නේ, මහන්සි වෙන්නේ ඔහුගේ බිරිඳ ය. සිරිමල්ගේ නිදහසේ පදනම ඔහුගේ චින්තනය නොව ඉන් විගාමික කරන ස්ත්‍රී ශ්‍රමය යි. විවාහය ‘ඇතුළේ ප්‍රේමය සහ පිටත ප්‍රේමය’ සිරිමල්ට නඩත්තු කරන්න අවශ්‍ය අධෝ ව්‍යුහය සපයන්නේ ඔහුගේ බිරිඳ ය. නමුත් ඇය ද ශෙන්තිප්පේ මෙන් අහිංසක, බයාදු ගැහැණියකි. එය සමාජ අසාධාරණත්වය ‘විවාහය’ තුළ ස්වභාවික වී ඇති ආකාරය ගැන හොඳ සාක්ෂියකි.
සෝබන පහළ මැද පාන්තික පිරිමියාගේ සහ ගැහැණියගේ විවාහ විරෝධය සංකල්පීය තලයක එළියට එන්නේ මෙසේ ය.
විවාහය කියන්නේ සත්තු දාන කූඩුවකි.








ඒ කියන්නේ කොමියුනිස්ට් සමාජය විවාහය රැකියා යුතු බවද? සෝවියට් දේශයේ කොමියුනිස්ට් පක්ෂය උත්සහ කලේ විවාහය රකිමටය. එහෙත් එය ඉතා දුෂ්කර විය. විවාහය නාම මාත්රිකව තිබුණු පවුල් බොහොමයක් විය. එසේ නැත්නම් ළමයෙකු හදා ගන්නා තනි ගැහැනියක් සුලභ දර්ශනයක් විය
Comments are closed.