අන්තර් අක්‍රීයතාවය (Interpassivity) යනු, මිනිසුන් තමන්ගේ ආශාවන්, හැඟීම් සහ විනෝද වීම් අන් අයෙකුට යොමු කිරීමයි. සංකල්පයක් ලෙස ගත් විට, අන්තර් අක්‍රීයත්වය නූතන ලෝකයට අයිති එකකි. කලාව සම්බන්ධයෙන් ලංකාවේ පවතින ප්‍රමුඛ මතය වන්නේ, එය එක්කෝ ඉන්ද්‍රිය වින්දනයට අදාළ බවයි. එය, රසවාදයට සහ සෞන්දර්ය න්‍යායන්ට අදාළ ය. අනෙක් පැත්තෙන්, කලා කෘති සප්‍රයෝජනවත් විය යුතු ය යන අදහස නිසර්ගයෙන් මතු වෙයි. මහාචාර්ය ගම්ලත් සහ පොදුවේ ලංකාවේ ට්‍රොට්ස්කිවාදී කලා විචාරය තුළ ඉහත කලාව පිළිබඳ අදහස් දෙකම ඒකාබද්ධ වී ඇත. පොදුවේ, ඉහත කලාව පිළිබඳ සම්භාව්‍ය න්‍යාය වන්නේ, කලාව සමඟ රසිකාවිය තදාත්මික බවයි. එවැනි අදහසක් ගවේෂණයකින් තොරව විචාරකයා සමපේක්ෂණය කර ඇත. සරලව කිවහොත්, කලා කෘතිය සමඟ රසිකාවිය අන්තර් ක්‍රියාකාරී (Interactive) ය. රසිකාවිය කලා කෘතිය සමඟ ක්‍රියාකාරීව බද්ධ වී ඇත.
නමුත්, 90 දශකයේ මැද පමණ සිට කලාව සමඟ ඇති රසික සම්බන්ධය ක්‍රියාකාරී තැනකින් අක්‍රියාකාරී නැතහොත්, උදාසීන තැනකට විස්ථාපනය වී ඇත. මෙමඟින්, කලාව සම්බන්ධයෙන් තිබුණු ක්‍රියාකාරී උනන්දුව සමාජයෙන් අතුරුදහන් වී ඇත.
අන්තර් අක්‍රීයතාවයේ මූලික අරමුණ වන්නේ, වෙනත් අයට (මිනිස්සු, සත්තු, මැෂින්) ඔබගේ ස්ථානයේ සිට විනෝද වීමට අවස්ථාව ලබා දීමයි. අප බියර් බොන්නේ නැත්නම්, අප වෙනුවෙන් බියර් බීමට පිරිසක් තෝරා ගෙන ඔවුන්ට බීමට අවස්ථාව පෑදිය හැකි ය. ඔබට පොත් කියවීමට කම්මැලි නම්, ඒවා photocopy ගසා පැත්තකින් තැබිය හැකි ය. එවිට, photocopy මැෂිම ඔබ වෙනුවෙන් කියවයි. ඔබට රූපවාහිනී වැඩසටහන් නැරඹීමට කාලයක් නැතිනම්, රෙකෝඩරයක් යොදා ගෙන ඒවා පටිගත කොට ගබඩා කළ හැකි ය. නමුත්, ඔබ ඒවා කිසි දිනෙක නරඹන්නේ නැත. මේ අර්ථයෙන් ගත් විට දී, ඔබට ඔබේ විශ්වාසයන් සහ විනෝදයන් ද අනෙකාට තල්ලු කර ඔබට නිකං ඉඳීමට හැකි ය.
පශ්චාත්-නූතන සංස්කෘතික භාණ්ඩ අප සිතනවාට වඩා දේශපාලන කාර්යයක් සිදු කරයි. උදාහරණයක් වශයෙන් ගතහොත්, ඇත්ත ජීවිතයේ මධ්‍යම-පන්තිකයෙක් ලෙස ඔබට රඟපෑමට කම්මැලි භූමිකා ඔබට ‘රාජිත දිසානායකගේ’ නාට්‍යයකට විස්ථාපනය කොට, ඔබට පුටුවක් මතට වී නිසොල්මන් වීමට හැකි ය.
එසේත් නැතිනම්, නාගරික ඔබට ඈත කැලෑවකට නොගොස් එම අත්දැකීම සිවිල් මාවත් වලින් පිට දිවිය හැකි Range Rover හෝ Discovery ජීප් රථයකට විස්ථාපනය කොට, ඔබට නගරය තුළ සිටම නිකං සිටීමට හැකි ය. ඒ අනුව, අප සිතනවාට වඩා පශ්චාත්-නූතන සංස්කෘතික භාණ්ඩ අපගේ ආත්මීයත්වය නිරූපණය කරයි.
post-modern cultural life style.
19 වන දා මහරගම තරුණ සේවා සභාවේ කුඩා ශාලාවේ දී අප සාකච්ඡා කරන්නේ, ඉහත අප න්‍යායගත කළ අන්තර් අක්‍රීයත්වය නිසා කලාකරුවාට සමාජයේ හිමි වී ඇති අධි ක්‍රියාකාරීත්වය පිළිබඳවයි. එමඟින්, කෘතිය ගොලු වන අතර කලාකරුවා මුඛරි පුද්ගලයෙක් වී හෙතෙම තනියම කතා කරන්නට පටන් ගනියි. මෙමඟින්, ප්ලෙකනෝව් කතා කළ කලා කෘතියක ‘ආකෘතිය’ සහ ‘අන්තර්ගතය’ අතර සමතුලිතතාවය බිඳ වැටී කෘතියේ ‘ආකෘතිය’ කලාකරුවාගේ සුපිරි-අහමේ යටත් වීම හමුවේ අශ්ලීල වෙයි. අද යුගයේ කලාකරුවා අශ්ලීල උද්ඝෝෂකයෙකු වීම අහම්බයක් නොවේ. ඔහු හෝ ඇය කලාකරුවෙක් ලෙස හොඳින්ම දන්නේ, මේ යුගය තුළ කලාව රස විඳින්නෙකු නැති බවයි. නමුත්, මිනිසුන් ඒවා මඟින් විනෝද වෙයි. නැතහොත්, තම තමන් සතු මිථ්‍යාවන් සාධාරණය කර ගනියි.
Deepthi kumara Gunarathne
අප සමග එකතු වන්න!
ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!
https://forms.gle/tC36JnAV3s6wBAND6
=======================