[dropcap color=”red”]මි[/dropcap]නිස් සබදතා පිළිබද අපගේ නිර්ණායකයන් සමහර විට පැරණි විය හැක. නමුත් ඒවාට අපගේ ඇති බැදීම අනුරාගිකය. අපගේ වෙබ් අඩවියේ පළ විය යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීමට අපගේ කියවන්නියන්ට අයිතියක් ඇතැයි අප පිළිගන්නෙමු. ‘අරුණි ෂපිරෝ’ ගේ සහ ‘සමන් වික්‍රමආරච්චි’ ගේ ලිපි පළ කිරීම ගැන සමහර පාඨකයන්ට අපුලක් ඇත. ඒ ගැන හේතු කීමට මෙය අවස්ථාවක් කරගන්නෙමු.

පරාර්ථකාමය වෙනුවට ස්ව-කේන්ද්‍රීය සමජ අදහස් ‘භෞතික’ යැයි විධිමත්ව ලොවට ප්‍රකාශ කළේ රුසියාවේ ඉපිද ඇමරිකාවේ ජීවත් වූ චින්තිකාවක් වන ‘අයින් රෑන්ඩ්ය’. Objectivism  යනු සිංහලෙන් ‘බාහ්‍යර්ථවාදය’ නැතහොත් වාස්තවිකවාදයයි. මින් අදහස් වන්නේ පුද්ගලවාදය නොවේ. වරක් රෑන්ඩ්ගෙන් අහනව විචාරකයෙක් එතරම් ආදායමක් නැති ඔබේ ච්ත්‍රශිල්පී සැමියාව ඔබ නේද නඩත්තු කරන්නේ කියල? එතකොට ඇය මෙහෙම උත්තර දෙනව. මම එයාව නඩත්තු කරන්නේ මගේ ආත්මාර්ථකාමීකම හින්ද. නැතුව මම පරාර්ථකාමී හින්ද නෙවි. අයින් රෑන්ඩ්ට අවශ්‍ය වූයේ රාජ්‍යයේ සහ බහුතරයේ පාලනයෙන් ආර්ථිකය වෙන්කර නිර්මාණශීලි පුද්ගලයන්ට ආර්ථිකය බාර දීමටය. ඇයගේ ඇමරිකානු සිහිනය එයයි. අයින් රෑන්ඩ් යනු අධික ලෙස පවතින සමාජ-ක්‍රමයට අනන්‍ය වූවකි. එවැනි අය නිසා වඩාත්ම අර්බුදයට යන්නේ මධ්‍යස්ථ පාලන ක්‍රමයක් පවත්වා ගෙන යන නරුමවාදීන්ය. ‘අරුණි’ දැන හෝ නොදැන අනුගමනය කරන්නේ රෑන්ඩියානු උපක්‍රමයයි.

ඊළගට සමන් වික්‍රමරාච්චි ගමු. 2004 සිදුවීමේ දී ඔහු අපගේ පක්ෂය පැත්තේ සිට ගත් කෙනෙකි. පක්ෂය ආරක්ෂා නොවුනා නම් එහි මතවාදය ඉතුරු වීමට ඉඩක් නැත. ඉතාම දුෂ්කර සහ අවලාද වලින් ගහණ එම මොහොතේ සමන් ලිබරල්වාදියෙක් නම් අපව ආරක්ෂා කරයිද?  අපගේ පොත් පත්, සගරා නිසා සාර්ථක ව්‍යාපාරිකයෙක් වූ ජනක ඉණිමංකඩ පවා අපව අතහරී මොහොතක සමන්, එරික් වැනි අය අප වෙනුවෙන් මඩ කා ගෙන පෙනී සිටියේය. යම් දිනෙක අපට රාජ්‍ය බලයක් ලැබුණොත් රුපියල් කෝටි දහයක් පමණ ඔහුට තෑගි දී Audi A 4 වර්ගයේ අලුත්ම මෝටර් රථයක් ඔහුට තෑගී කරන්නෙමු. ( සමන්ට කෝචොක් දැමූවකු අද Premio  වාහනයකින් ගමන් කරයි)

ඊළගට ඔහුගේ විචාර කලාව- සමන් විචාරකයෙක් මිස දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නොවේ.ඔහු ලියනගේ අමරකීර්ති වැනි නිදහස් ආරයේ විචාරකයෙකි. ඔහුගෙන් කොමියුනිස්ට් වීමක් බලාපොරොත්තු වනිනේ ළදරු වලිප්පුව සුව කිරීමට තටිටමට එල්ල කරන ඩයසිපෑම් ප්‍රතිකාරය අවශ්‍ය පුංචි බබාලාය. ගොර්කි කිසිසේත් විප්ලවාදියෙක් නොවේ. ඔහු විප්ලවයට ආශිර්වාද කළ කලාකරුවෙකි.

ඊළගට ජිජැක් පිළිබද ප්‍රශ්ණය- මෙය ඉතා හාස්‍යජනක ප්‍රශ්ණයකි. කොළඹ බඩුවක්, ගමේ බඩුවට වඩා හොද යැයි පුරුෂාධිපත්‍යයිකව අනුමාන කළ උමතු රෝගියෙක් හොද ප්‍රශ්ණයක් ඇසුවේය. එම ප්‍රශ්ණය මෙසේය. “ජිජැක්ව හරියට දන්නේ කවුද?” මේ ප්‍රශ්ණය මේ පිස්සා ඇසූ විට සියළු දෙනා නන්නත්තාර වුවත් අප නන්නත්තාර වූයේ නැත.

“ඊජිප්තුවාසින්ගේ රහස ඊජිප්තුවාසීන්ටද රහසක්” යන අදහස ජිජැක් සදහා ද යොදමු. එවිට ජිජැක් ගේ රහස ඔහු දන්නේ ද නැත. කළ යුත්තේ ඔහුගේ න්‍යාය ගැන ඥාණවිභාගාත්මකව ෆැන්ටසිකරණය කිරීම නොව එය අර්ථකතනය කිරීමයි. සරලව කිවහොත් එය apply කිරීමයි. සමන් කරන්නේ එයය. ඔහු ජිජැක් ගේ න්‍යාය සිංහල සන්දර්භයට apply කරයි. සමන් විවිධාකාර චන්ඩින්ට බය නැති බව අපි දනිමු. පිස්සන්ට ඔහු එතරම්වත් බිය නැත.

අපගේ දේශපාලන ව්‍යාපාරය නිසා වංසගත  රෝග දෙකක් පේටන්ට් බලපත්‍ර රහිතව ලංකාවට බෝ විය.

01-පශ්චාත්-මාක්ස්වාදය-සුම්න්ද චාමින්ද මෙය apply කරයි.

02-පශ්චාත්-ආත්මවාදය-සමන් වික්‍රමාරච්ච් මෙය apply කරයි. ( මේ මගින් විචාරය කෙරෙන්නේ කලාකරුවා වඩ වඩා ඔහුගෙන් හෝ ඇයගෙන් පිටතට විකේන්ද්‍රීය වීම පරීක්ෂා කිරීමයි.

ඉහත දෙදෙනාගේ දැනුම අභිබවා යන පරිදි ප්‍රශ්ණ කිරීමට අවශ්‍ය කෙනෙක් දිනකට පැය දොළහක්වත් කියවිය යුතුය? එවන් පාඨකයන් අපගේ වෙබ් අඩවිය කියවනවා ද? එවැනි අය සිටීනම් ඒ අය හැර වෙනත් අය සිටීද? ජිජැක් ගේ දැනුම ( දැනුම යනු රෝග ලක්ෂණයක් පිළිබද දැනුමකි.) ජිජැක් නම්  ‘සර්වනාමය’ තුළින් අවසන් වේද? එසේ යැයි සිතන්නන් ලංකාවේ පළමුවෙන්ම බිහිවුයේ ජාතිවාදීන් ගේ ‘ශුක්‍රාණු’ වලිනි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. අලිය දාන බෙට්ට වටුවො දාන්ඩ ගිහින් පුක පලාගන්නෙ මොකටද? ඒ අය ඔහෙ රීපුවාවෙ.

Comments are closed.