පසුගිය සතියේ මෙම සාකච්ඡාව අවසන් කළේ මහාචාර්ය නලින් ද සිල්වා තමන්ගේ ම මනස් චිත්රය (mental picture) යනුවෙන් වූ විඥානවාදය සහ භෞතික ලෝකය අතර තිබු දෝලනය යනාදි කරුණු සම්බන්ධයෙන් එක්තරා ආකාරයකට ඔහු තුළ තිබූ ප්රතිචාරය සමාජය වෙත ප්රක්ෂේපණය කරන්නට හෙතෙම ‘මගේ ලෝකය’ භාවිතයට ගත් බව අවධාරණය කරමිනි.
අද එතැන් සිට…
ඉහත සඳහන් කළ ඔහුගේ ප්රතිචාරය තුළින් අපට උගත හැකි පාඩම වන්නේ සහ වඩා වැදගත් කාරණය වන්නේ තමා තුළට ම කොගිටෝමය (Cogito) අපගමනය හෝ ආත්මය නිර්මාණය කරගැනීම නම් වූ ක්රියාව එක්තරා ආකාරයකට මගේ ලෝකය තුළ දැක ගත හැකි වීම ය. මේ විඥානවාදය වුව ද එය නැවත භෞතිකය වෙනස් කර ගැනීම සඳහා ප්රයෝජනවත් වන්නේ ය.
අප විසින් නලින්ද සිල්වා වෙත කරන ලද ප්රතිචාරය තුළ දක්නට ලැබුණේ ‘ඔහු භෞතිකය මග හරිමින් විඥානවාදය කරා යනවා ය’ යන කරුණ පැහැදිලි කිරීම ය. එය ඉතාමත් නිවැරැදි ය. එය එසේ ම පවතිද්දී ම ඔහුගේ විඥානවාදි අපගමනය තුළ අපිට තේරුම් ගත හැකි වන්නේ කුමක් ද? එනම්, ද්රව්යමය ලෝකය වෙනස් කිරීම සඳහා අපි අපිව ද නැවත නිර්මාණය කර ගත යුතු ය යන්නය. විශේෂයෙන් ම පැවති ගෝලීය තත්ත්වය යටතේ වාමවාදය ලොකයෙන් ඉතාමත් ප්රශ්නකාරි ලෙස ඉවත් වන්නට සුදානම් වන මොහොතේ දී ඔහු විසින් කරනු ලබන ප්රධාන අභිනය ඉතා වැදගත් ය. මෙහි දී මගේ අවධානය යොමු වන්නේ ඔහු විසින් කරනු ලබන ක්රියාවේ හරි වැරැද්ද නොව ඔහුගේ අභිනය (gesture) හෙවත් ඔහු කිරීමට උත්සාහ කළ දෙය අපගේ පාර්ශ්වයෙන් එනම් පශ්චාත් යටත්විජිත තත්ත්වයක් යටතේ ඉතා වැදගත් වීම පිළිබඳව ය. ජිජැක් විඥානවාදය වෙත (ෂෙලින් වෙත විශේෂයෙන්) ආපසු යන්නේ ඇයි යන කරුණ සිහිතබා ගනිමින්ම අපිට අපිම තේරුම් ගැනීමේ කිසියම් සාන්දෘෂ්ටික ක්රියාවලියක් කරා යාම සඳහා එය ඇරඹුමක් ලෙස සැලකිය හැකි ය.
එහි දී අපිට මහාචාර්ය නලින් ද සිල්වා දැකගත හැකිවන්නේ ගෝලීය වශයෙන් ගත් විට ‘නිර්ධන පංතිය’, ‘ගෝලීය කම්කරුවනි එක්වවු’ යනාදි ලෙස පැවති පොදු සාර්වත්රික ක්රියා පිළිබඳ හැඟවුම නිශේධනය වනවාත් සමග ම ය. එහි දී ක්ෂණිකව ම සිදු වූයේ ඔහුගේ අපගමනය තුළින් ම හෙතෙම පෙර කී සාර්වත්රික ක්රියාවලියෙන් ද පිටතට ගමන් කිරීම ය. එය ඔහුට සිදු වූ බරපතළ ගණයේ වැරැද්දකි. මෙය වඩාත් පැහැදිලි කරන්නේ නම් ඔබ, මම සහ බහුතරයක් දෙනා තමන් තමන් තුළට ගමන් කිරීමේ දී සංසේචනය (externally intimated) වන්නේ බාහිර ලෝකය සමගිනි. නමුත් නලින් ද සිල්වා පූර්ණ වශයෙන් ම තමා පමණක් තමා තුළට ගමන් කර ඇත. එය මෙලන්කොලියාවකි. (melancholia) එසේ ඇතුළාන්තයට යන්න යන්න යළි කිසි දානක බාහිර ලෝකයට පැමිණිය නොහැකි ය යන්න මෙහි අර්ථය යි. එනම් තමන් තමන්ගේ ආත්මය තුළට ගමන් කරන්න ගමන් කරන්න එය කළු කුහරයක් තුළට ගමන් කරනවා බඳු ය. එහි දී නලින්ද සිල්වාට සිදු වන්නේ කවරදාකවත් සැබෑ භෞතික දේශපාලන කණ්ඩාංක වෙනස් කිරීමේ තත්ත්වය සපුරාම වැරදී යාමය. එය වරදින්නේ හෙතෙම ජාතිවාදය කරා ගමන් කරන හෙයිනි. ඔහුගේ ව්යාපෘතිය අවසානයේ ගමන් කළේ ඔහුට ද පාලනය කිරිමට නොහැකි දිශානතියකට ය. ඉනික්බිතිව ඔහුට ද එම ආපතික භෞතිකය වෙනස් කළ නොහැකි තත්ත්වයට පත්විය. ඒ, ඔහු භෞතිකය සමග සංසේචනය නොවන බැවිනි. සංසේචනය වන්නේ ව්යාජ භෞතිකයක් වන ජාතිවාදය සහ එය තුළින් ගොඩනැගුනු රාක්ෂයෙකි (nationalistic monster). එය ඔහුට සිදුවන පළමු වැරැද්ද ය. මෙම කරුණ මීට පෙර කිසිවකු ප්රකාශ කර ඇතිදැයි මම නොදනිමි.
මෙහි දී ලාංකික සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය යනු පතුලක් නොමැති අගාධයකි. එය ඕනෑම දුරකට ගමන් කළ හැකි බව ද මෙහි දී සඳහන් කළ යුතු ය. එනම් ලේ ගංගා මතින් මිනි කඳු ගොඩ ගසන ස්ථානය දක්වා මෙය ගමන් කළ හැකි ය (ජීවය ජිවත් කරවීම සහ මරාදැමීම සම්බන්ද දේශපාලනය). ජෝර්ඩි ඩීන් (Jodi Dean) නමැති විචාරිකාව මෙය මෙසේ විග්රහ කරයි.
‘‘මෙම ජීව දේශපාලනය (bio-politics) තත්ත්වය ඇතිවන්නේ දේශපාලන ආර්ථිකයේ සහ ස්වාදිපත්යය අතර පවත්නා අසමතුලිත තාවයෙනි. එ’නිසා ගිනිකූරක් දැල්වු සැණින් ගිනි දල්ලක් මතු වනවා සේ අපි සැවොම එක පැහැර ජීව දේශපාලනය වෙත ගමන් කරන්නෙමු.’
එනම්, ‘ආර්ථිකය විසින් අපගේ උපරිව්යුහය සකස් නොකරන බැවින් අප ජිව දේශපාලනය කරා ගමන් කරයි. ජාතිවාදය නිරන්තරයෙන් ම ගමන් කරන්නේ මෙබඳු තත්ත්වයක් වෙත ය. එනිසා ජාතිවාදය විසින් මෙවැන්නක් කරන බව ද ජෝර්ජි ඩීන් (Jodi Dean) ඇයගේ Drive as the Structure of Biopolitics: Economy, Sovereignty and Capture නම් ලිපියෙහි පවසන්නී ය. එනම්, රාජයයක් සතු බලය සීමා රහිත වේ. එය සීමා කිරීමට කිසිවකුට නොහැකි වේ. මිනිසුන් ජිවත් කරවීමේ අයිතිය සහ මරා දැමීමේ අයිතිය රජය විසින් පවරාගනු ලැබේ. රාජ්යය එය හිමි කර ගන්නේ නෛතිකභාවයකින් තොරව ය.’
මේ නලින්ද සිල්වාගේ දේශපාලනය විසින් අපිව රැගෙන යන එක් සීමාවකි.
සුවිශේෂී දේශපාලනයක් තුළට යළි නලින් ද සිල්වාගේ දේශපාලනය පැමිණිම හේතුවෙන් ම එය අත්තනෝමතිකයක් කරා ගමන් කරයි. එනම් ඔබ විසින් කරනු ලබන කිසිවක් විශ්වීයත්වය විසින් නෛතිකකරණය කරනු නොලබයි. එනම් ඔබට (පාලකයාට) කැමති දේ ඔබ කරයි. මහින්ද රාජපක්ෂගේ දේශපාලනය තුළ දක්නට ලැබුණේ මෙම ක්රමවේදය යි. බොදු බල සේනා තුළ දැකිය හැකි වන්නේ ද මෙම ක්රමවේදය ම ය. පෙර පැවති හෙළ උරුමය සහ සිහල උරුමය කරමින් සිටියේ ද මෙය ම ය. අවසන් වශයෙන් ගත් විට ජවිපෙ කළේ ද මෙය ම ය. එනම් මේ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කරමින් සිටියේ අත්තනෝමතිකත්වය තුළට ගමන් කිරීම ය. මෙහි දි තමන්ගේ ‘ජීව දේශපාලනය’ කරන්නේ කුමක් ද යන්න නෛතිකකරණය කිරීම කිසිම දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට නොහැකි වී ඇත. දුර්වල දේශපාලනික ආර්ථිකයක් (political economy) ඇති අප වැනි රටක ජාතිවාදය ඕනෑම මොහොතක ඉස්මතු විය හැකියි. එනයින් මිනිසාගේ සංස්කෘතික දේශපාලනය, පුද්ගල විඥානය, ආත්මීය විකසිත බව සාන්දෘෂ්ටික අර්ථයකින් නැවත අපි සකස් කළ යුතු වෙමු.
නලිනියානු අනුභූතික ලෝකය ප්රතික්ෂේප කිරීම තුළ බාහිර ලෝකය යනුවෙන් වෙනස් කිරීමට යමක් ඇතැයි අපි විශ්වාස නොකරන්නෙමු. එහි ප්රතිපලය නම් පවත්නා තත්වය වෙනස් කිරීම වෙනුවට ආත්මයේ අගාධය විඥානවාදයේ මෙලන්කොලියාවක් වීම ය. එම මෙලන්කොලියව ව්යාජ සතුරන් සොයාගැනීමය. අරවින්ද නම් වූ චරිතය තමන් තුළට ගමන් කිරීම තුළින් උත්සාහ කරන්නේ බාහිර යථාර්ථයෙන් පලා යාම ය. වාමවාදය උපයෝගී කර ගනිමින් තව දුරටත් ලෝකය වෙනස් කළ නොහැකි යැයි තමන් විශ්වාස කිරීම ඇරඹූ මොහොතේ සිට අපි අපි තුළට ම ගමන් කිරීම (retreat) අරඹයි. මෙය එක්තරා අයුරකින් නරක තත්ත්වයක් නොවන බව ජෙම්සන් පවසයි. එසේ නම් එම හොඳ තත්ත්වය යනු කුමක් ද? එහි සෞඛ්යසම්පන්න තත්ත්වය නම් එය සාන්දෘෂ්ටිකත්වයක් බවට පත්වීම ය. එනම්, ඔබ සහ ඔබගේ ආත්මය ලෝකය දෙස බලන දෘෂ්ටි කෝණය වෙනස් කරගැනීමට පුළුවන් වන්නේ තමා නව තත්ත්වය තුළ නැවත පිහිටුවා ගැනීමෙනි. එහෙත් නව තත්ත්වය තුළ නැවත පිහිටුවා ගැනීම පහසුවෙන් කළ නොහැකි ය. එම නව තත්ත්වය තුළ තමන් ද පිහිටා සිටිය යුතු ය; තමන් ද වෙනස් විය යුතු ය. මෙවිට පෙර කි අපගමනය තුළ මෙම සාන්දෘස්ටික තත්ත්වය දැකිය හැකි ය. නමුත් මෙහි දී සිදුවන්නේ එම සාන්දෘෂ්ටික තත්ත්වය එසේ නොනැවතී ‘කළු කුහරය’ දක්වා ගමන් කිරීම ය. එබඳු පුද්ගලයෝ, කණඩායම් සහ පක්ෂ ජාතිවාදය කරා ඉතා වේගයෙන් ගමන් කරන්නේ මේ හේතුවෙනි. එසේ නොමැතිව සාන්දෘෂ්ටිකවාදය නිරායාසයෙන් ජාතිවාදය කරා ගමන් නොකරයි. නලින් ද සිල්වා සාන්දෘෂ්ටිකවාදයේ නොනැවති එය විඥානවාදයේ, ජාතිවාදයේ සහ ආගම්වාදයේ අන්තයට රැගෙන යන්නේ එබැවිනි; ද්රව්ය ඇත්තේ ම නැතියි පවසන්නේ එබැවිනි. මෙය නලින්ද සිල්වා තුළ දැකිය හැකි ප්රධාන ම ලක්ෂණය යි.
දැන් අපි මෙම සාකච්ඡාවේ වෙනත් මානයක් වෙත ගමන් කරමු. එනම් මානවවාදය යි. මානවවාදය තුළ දී ලෝකය නිර්මාණය කර ගැනීම කෙසේද යන්න හෛඩගර් මෙසේ විග්රහ කරයි. මෙය ඉතාමත් සංකීර්ණ තත්ත්වයකි.
මෙහි දී ක්රිස්තියානිය, මානවවාදය සහ හෛඩගර් ප්රයෝජනයට ගැනීමට මම මෙහි දී බලාපොරොත්තු වන්නෙමි. සාන්දෘෂ්ටිකවාදය පිළිබඳ වඩාත් පැහැදිලි කරිමකට එළඹිය හැකිවන්නේ එවිට ය. අප මෙම ලෝකයට අයිති ද නැද්ද යන්න හෛඩගර් ප්රශ්න කරයි. ඒ ඔස්සේ ජිජැක් මිනිස් පැවැත්ම සම්බන්ධයෙන් නව අර්ථකතනයක් කරා ගමන් ගනී.
01. මේ ලෝකයට කිසිවකු විසින් අපි විසි කර දමා ඇත්නම්?
02. එසේත් නැතිනම් සත්යය වශයෙන් ම අපි මේ ලෝකයේ හිමිකරුවන් නම්?
03. මේ කිසිවක් නොවේ නම්, අපි පවතින්නේ මේ දෙක අතර මැද තත්ත්තවයක නම්?
උදාහරණයක් ලෙස ගතහොත් අපි මෙම ලේකයට අයත් නම්, අපිට මෙම ලෝකය වෙනස් කිරීමේ පූර්ණ අයිතිය අපි සතුව පවතින්නෙමු. මන්ද ඒ, අපිට වෙන ලෝකයක් නොමැති බැවිනි. එබැවින් අපි එක්තරා ආකාරයකට අකාබනික බව මාක්ස් පවසයි. එනම් ද්රව්ය පැවතිය ද එකී ද්රව්යයේ අක්රියභාවය අපි වන හෙයිනි. නමුඳු එසේ අක්රිය වි සිටීමට අපිට නොහැකි වන්නෙමු. අපි කිසියම් චින්තනයක් ඔස්සේ ම එය පරිකල්පනය කරමින් එම පරිකල්පනය ඔස්සේ ම නැවත ද්රව්ය වෙනස් කරන්නෙමු. එවිට මෙම ලෝකය වෙනස් කිරීම සදහා අපිට සම්පූර්ණ අයිතියක්, හැකියාවක් සහ නෛතිකභාවයක් පවතී. නමුත් කුමන හෝ ලෝකයකින් අපි මෙම ලෝකයට විසි කර දමා ඇත්නම්…?
මතු සම්බන්ධයි
සාකච්ඡාව-
ජයසිරි අලවත්ත m.j.alawatta@gmail.com
2PAC FROM Beijing

Come on come on
I see no changes. Wake up in the Beijing and I ask myself,
“Is life worth living? Should I blast myself?”

https://youtu.be/lbSMD9hMyG8

 

Western Buddhist Tupac – Confucian Remixology

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. “…ලාංකික සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය යනු පතුලක් නොමැති අගාධයකි. එය ඕනෑම දුරකට ගමන් කළ හැකි බව ද මෙහි දී සඳහන් කළ යුතු ය. එනම් ලේ ගංගා මතින් මිනි කඳු ගොඩ ගසන ස්ථානය දක්වා…”ඇත්තෙන්ම මෙය මුස්ලිම් ඉස්ලාමිය දෘෂ්ටිවදයටත්, ද්‍රවිඩ වෙනම රාජ්‍යයක් දෘෂ්ටිවාදයට, නැතිනම් ඉන්දියානු හින්දුත්ව දෘෂ්ටිවාදයට හෝ ඇමෙරිකානු ක්‍රිස්තියානි දෘෂ්ටිවාදයටත් පොදු බව අප හොදින් මතක තබා ගත යුතුව ඇත. නැතිනම් ජාතිවාදය සහ ආගම්වාදය (තම ආගම පමණක් පාරිශුධ්ද්ධ උත්තරීතර වශයෙන් සැලකීම) සිංහලයට පමණක් ආවේනික රෝගයක් බව එත්තුගන්වෙනු ඇත. තවද මහින්ද රාජපක්ෂ, හෙළ උරුමය, බොදුබල සෙනා තුල දකින්නට ලැබෙන ක්‍රමවේදයම එපමණින්ම SLMC, TNA,ඇතුළු සුළුජාතික පක්ෂවලත් බෙහෙවින් දකින්නට ඇති බවත්, ජාතිකත්වය ඉස්සරහට දමාගෙන දේශපාලනය කීරීමට රාජපක්ෂ, ගම්මන්පිල, චම්පික, මෙන්ම ඉෂාක් බදුඋදීන්, සම්බන්දන්, සුමන්දිරන්, විජයකලා මහේෂ්වරන් වැනි අයත් එකසේ දක්ෂ බව අපි නිතර මතක් කරගත යුතුව ඇත. අද බහුජාතිකත්වය ගැන අපට දේශනා කරන එංගලන්තය එදා අයර්ලන්ත ජාතිකයන්ට සැලකුව අපුරුවත්, [ආර්ථික]සරණාගතයින් වශයෙන් 19 වන සියවසේ මුල් කාලයේදී ඇමෙරිකාවට ගිය අයර්ලන්ත ජාතිකයින් අමෙරිකානු කළු අප්‍රිකානුවන්ට සලකපු හැටිත් අප නිතර මතක් කරගත්තොත් හොඳ බවයි මගේ අදහස. තව එක දෙයක් එකතු කලොත් සිංහල වේවා මුස්ලිම් හෝ ද්‍රවිඩ වේවා මේ ජාතිකත්වය මුල්කරගත් දේශපාලන පක්ෂ පිටුපසින් ඇත්තේ ආර්ථික/ව්‍යාපාරික බලවේගයන් බවත් මේ දේශපාලන ‘නායකයින්’ කියන්නේ තමන්ගේ හාම්පුතුන් තබන ලන්සු වලට දිනුම ලබාදෙන්නට රේස් දුවන බල්ලන් වැනි පිරිසක් බවත් අප මතක තබා ගත යුතුය.

Comments are closed.