දීර්ඝ කාලයක් තිස්සේ පිළිතුරු දීමට අදහස් කල වැදගත් ප්‍රශ්නයක් අමල් පෙරේරා සහ සන්ධ්‍යා විජේතුංග යන සහෝදර – සහෝදරියන් විසින් මතු කර ඇත.

අපගේ  පක්ෂයේ සංස්කෘතිය කුමක්ද ?

මොරටුව විශ්ව විද්‍යාලයෙන් පිටවන ඉංජිනේරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හෝ කොලබ වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන වෛද්‍ය ශිෂ්‍ය – ශිෂ්‍යාවන්ට ඉංග්‍රීසි බැරි බව හෝ ඔවුන්ට ඒ නිසා උඃනරැකියා උත්පාදනය වන බව අප කියන්නේ කිනම් සන්දර්භයක් තුලද ?

අනුෂ්ක ආරියරත්න යනු ද මොරටු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකි. අපගේ පක්ෂයේ අතීතයේ සිටි සහ වර්තමානයේ සිටින බහුතර සාමාජිකයන් පිරිසද මොරටුවේ නිර්මාණය. 2004 සිදුවීමට පසුව පක්ෂයේ සතුරන් පක්ෂය විනාශ කරන විට එම මෙහෙයුම ත්‍රිව්රතාවයෙන් අඩු එකක් බවට පත් කරන ලද උපායික මෙහෙයුම සකස් කරන ලද්දේද මොරටුව  විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන් දෙදෙනෙකි. අද ඉන් එක් අයෙක් විදුලිබල මණ්ඩලයේ ඉහල ශ්‍රේණියේ නිලධාරියෙකි. මෙපරිදීම පක්ෂය තුල වැඩිපුරම පිස්සු කෙලින ලද්දේද මොරටුව ශිෂ්‍යයන්ය.මේ පසුබිම නිසා අපට මේ විශ්වවිද්‍යාලයේ නිර්මාණ ගැන දශක දෙකක පමණ අත්දැකීම් ඇත.

අපගේ පර්යේෂණයට අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විද්‍යා අංශයෙන් සමත් වන බහුතරය එක්කෝ ගණිත අංශයට යන අතර අනෙක් අය ජීව විද්‍යා අංශයට යයි. බොහෝ විට ඉංජිනේරු හෝ ගණිත අංශයට ඇතුළු වන අයගේ අවිඥාන ව්‍යුහය වන්නේ ග්‍රස්තික නියුරෝසියාවයි. අනෙක් අතට ජීව විද්‍යා අංශයට ඇතුල් වන්නේ (ස්ත්‍රී බහුතරය ) හිස්ටෙරික අවිඥානික ව්‍යුහයක් ඇති අයයි.

පක්ෂයේ ආරම්භය සනිටුවහන් වන 95 වකවානුව වන විට මා උත්සහ කරන ලද්දේ එහි මධ්‍යගත සංස්කෘතිය බවට බටහිර සංස්කෘතිය පත් කරන්නටය. නමුත් ලංකාවේ පැරණි වම සහ මාක්ස්වාදී නව වම (විජේවීරවාදය ) සහ ට්‍රොස්කිවාදී වම (කීර්ති සිට බාහු දක්වා ) රදා පැවතුනේ ඉංග්‍රීසි චින්තනය මත පදනම් වූ යථානුභූතවාදයකි. (මේ පිළිබද සිංහලෙන් කෘතියක් වත්සුල බණ්ඩාර විසින් ප්‍රකාශ කර ඇති අතර ඔහුටද ඒ ගැන ගැබුරු අවබෝධයක් නැති බව ඔහුගේ පසුකාලීන ක්‍රියාකාරකම් වලින් විද්‍යාමාන වේ). ඒ අනුව පක්ෂය තුල සංස්කෘතික ප්‍රභවයන් දෙකක් නිර්මාණය විය.

  • බටහිර සංස්කෘතිය ( මහද්වීපික දර්ශනය )
  • සිංහල සංස්කෘතිය (යථානුභූතවාදය-යථාර්ථයට වසග වීම)

96 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා ගමන් කල පක්ෂ ඉතිහාසය තුල විසංවාදීව ගට්ටනය වුයේ ඉහත සංස්කෘති දෙකට අදාළ පුද්ගල මනෝභාවයන්ය. මෙම යුගය තුලදී මා විශ්වාස කරන ලද්දේ මේ මත දෙක තුලනය වනු ඇති බවය. නමුත් අවාසනාවකට මෙන් 2004 වර්ෂයේ පක්ෂය තුල මතවාදී අරගලයෙන් ජයග්‍රහණය කරන ලද්දේ සිංහල සංස්කෘතිය මත  පදනම් වූ වාසු – බහු චින්තනයයි. මෙසේ වුයේ ඇයි?

ලංකාවේ සමාජ චින්තනයේ මුලික කට්ටලය සකස් වුයේ යටත් විජිතවාදය තහවුරු වූ 20 වන සියවසේ පළමු කාර්තුව තුලය. ලංකාවේ වාමාංශයත් , ලංකාවේ ලිබරල් චින්තනයත් සකස් වුයේ මෙම ඉංග්‍රීසි යටත් විජිත වාදය ඇතුලේය. නමුත් 1948 න් පසු ලංකාව ස්වදේශික පාලකයන් පාලනය කරන්නට පටන් ගත් අතර එහි ඵලයක් ලෙස ලංකාවේ යටත්විජිතවාදය දෙකට පැලී ගියේය. ඉන් එකක් සුද්දගේ සංස්කෘතිය වූ අතර අනෙක කළු සුද්දගේ හෝ පශ්චාත්- යටත්විජිත වැසියාගේ සංස්කෘතිය බවට පත් විය.

ඉහත ෙඑතිහාසික පර්යාවලෝකනයේ තීරණාත්මක දාර්ශනික මැදිහත්වීම ලංකාවට සේන්දු වන තුරු ලාංකීය චින්තනය සහසම්බන්ධ ප්‍රතිපක්ෂය ලෙස බෙදී තිබුනේ යටත්විජිත හිමියාගේ සංස්කෘතිය සහ පශ්චාත් -යටත් විජිත වැසියාගේ සංස්කෘතිය ලෙසිනි. භික්ෂු කතිකාව මෙතැනට යොදා ගන්නේ නම් සංස්කෘතිය යනු සකස් කරන ලද දෙයකි. එනම් සංස්කරණය කරන ලද දෙයකි. එය ඉවර කරන ලද නිමි දෙයකි. මාක්ස්වාදය තම සංස්කෘතිය ලෙස ලංකාවේදී තෝරා ගන්නේ පශ්චාත් – යටත්විජිත වැසියාගේ සිංහල සංස්කෘතියයි.

ලංකාවට විසිඑක් වන සියවසේ පළමු දශකයේදී මනෝවිශ්ලේෂණය විද්‍යාවක් ලෙස ( විද්‍යාව යනු මෙතැනදී අප අවට ඇති දේවල් පිළිබද විධිමත් අධ්‍යයනයයි ) හමු වන තුරු ලංකාව සංස්කෘතික වශයෙන් යටත්විජිත සහ  පශ්චාත්- යටත්විජිත ලෙස ඛණ්ඩනය වී තිබුනේය.  නමුත් මනෝවිශ්ලේෂණය හමු වූ වහාම මෙම සංස්කෘතීන් දෙකම එකම සංස්කෘතික ඵලයක් ලෙසින් අවබෝධ විය( මහේෂ් හපුගොඩ විසින් මේ ගැන දීර්ඝ ලිපි ලියා ඇත ). මෙහි න්‍යායික සාධනය කුමක්ද?

ආශාවේ දෘෂ්ටිකෝණයෙන් වටහා ගත් විට ලංකාවේ සිංහල සංස්කෘතික විශ්ලේෂකයන් ගවේෂණය කරන “සිංහල සාරය”(එනම් ඉංග්‍රීසි ජාතිකයාගේ අර්ථයෙන් මිදී අපට හිමි අපේ සාරය හෝ අපේ දෙය )යනු ඉංග්‍රීසි ජාතිකයාගේම ෆැන්ටසියකි .ඉංග්‍රීසි හෝ වෙනත් බටහිර ජාතික යටත්විජිත හිමියෙකුගේ චින්තනයට ඉහලින් ගොස් එය සමතික්‍රමණය කරන්නට දගලන සෑම වෑයමක්ම අවසානයේ පිළිගන්නේ බටහිර මිනිසාගේම ආත්ම සාරයයි. මේ ඉතාම මෑතකදී මහාචාර්ය ගගණාථ ඔබේසේකර විසින් රචිත රාජසිංහ රජ්ජුරුවන් පිළිබද කතාන්දරයෙදී ඔහු සංස්කරණය කරන්නේ ජෝන් ඩොයිලි සමතික්‍රමණය කරමින් සිංහල අපේ කතාවක් රාජසිංහ රජු වෙනුවෙන් ඉදිරිපත් කිරීමටය. මේ වනාහි නවක සිංහල කතාවක් නොව ඩොයිලිට රාජසිංහ ගැන තිබු අශ්ශීල ශේලින්නියානු ෆැන්ටසියේ කණපිට පැත්තයි.

සිංහල සංස්කෘතියේ ප්‍රකාශකයෙකු ‘ආශාව’ යනුවෙන් ප්‍රපංචයක් භාෂාව තුල අවබෝධ කරගන්නේ නැති නිසා සිංහල න්‍යායේ සාරය යනු ඉංග්‍රීසි ආශාවේ වස්තු හේතුව බව නොදැන ගනියි. අපගේ උත්කර්ෂයට නගන සිංහල සංස්කෘතිය යනුද ඉංග්‍රීසි ජාතික සංස්කෘතියේ විපාකයකි. මෙම තත්වය ඕනෑම යටත් විජිතයක ජීවත් වන දේශීය මිනිසාගේ දෛවයයි. ඉන්දියානුවෙකු ඉංග්‍රීසි චින්තනයෙන් මිදී ‘ හින්දු සාරය ‘ සොයන විට ඔහුට හමු වන්නේ ඉංග්‍රීසි සාරයේම කණපිට පැත්තයි. මෙම ඉංග්‍රීසි යටත්විජිත කතිකාවෙන් ඉවත් වූ වහාම ඔහුට හමු වන්නේ කුල මල භේද සහිත ප්‍රජාතන්ත්‍රවාදය රහිත අත්තොනෝමතික ප්‍රාදේශීය පාලනයකි. ලංකාවට අදාලව කිවහොත් ඉංග්‍රීසි සිතන්නා අතහැර අප අපගේ උරුමය කරා යලි ගමන් කළහොත් අපට හමු වන්නේ උන්මන්තක- අත්තනෝමතික රාජ තන්ත්‍රයක් පමණි.

සංස්කෘතියක් සහ ශිෂ්ටාචාරයක් අතර ප්‍රභල ගුණාත්මක වෙනසක් ඇත. සංස්කෘතියක් මිනිසා ශිෂ්ට නොකරන අතර එය මිනිසා දෙබිඩි කරයි. සංස්කෘතියේ මෙම දෙබිඩි ලක්ෂණය ‘ආත්මයට’ සම්බන්ධ බව මුලින්ම සොයා ගත්තේ ඩේකාට්ස් ය. එය තහවුරු කරන ලද්දේ සිග්මන් ෆ්‍රොයිඩ් ය. සංස්කෘතියට ඇති මෙම දෙබිඩි ලක්ෂණය මිනිසාට අශ්ශීල විනෝදයක් සපයයි. ඕනෑම සංස්කෘතියක් තුල හැඩගැසෙන මිනිසා එයට බැදෙන්නේ මෙම විනෝද සාධකය නිසාය. අත්තනෝමතික දේශපාලන අධිකාරියන්ට මිනිසා වශීකෘත වන්නේ එමගින් සහතික කරන අශ්ශීල අලිඛිත රහසිගත විනෝදය නිසායි.ප්‍රේමදාසගේ රෙජීමයේ මර්ධන හස්තය විසින් ‘විභවි’ නමින් සංස්කෘතික ආයතනයක් බිහිකළ අතර එහිදී පුද්ගලයන්ට සහතික වුයේ දේශපාලන විකල්පයක් නොව අශ්ශීල ලුබ්ධි අල්ලස් වේ. මීට පරස්පරව මා විසින් පක්ෂයට යෝජනා කරන ලද්දේ ‘ශිෂ්ටත්වයේ සිහිනයයි’.එය පක්ෂය වෙතට ගමන් කල පැරණි වාමාංශික සම්භවයක් සහිත පුද්ගලයන් සංස්කෘතියේ උභයගම්‍ය ස්වභාවය හරහා ලිංගිකකරණය කරන ලදී.

මාක්ස්වාදයට සංස්කෘතියක් අවශ්‍ය නැත. එයට අවශ්‍ය වන්නේ ශිෂ්ට කිරීමේ ව්‍යාපෘතියකි. ඒ සදහා කිසිදු සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍රයක් හෝ වත්පිළිවෙතක් අවශ්‍ය නැත. හමුදා විනය හෝ භික්ෂු විනය වැනි ( බෞද්ධ ශිෂ්ටාචාරය යන අදහස මෙතැනට ගැලපේ-ධනවාදයට එරෙහි ව්‍යාපෘතියේදී තෘප්තියට සීමාවක් තිබිය යුතු අතර සකසුරුවම හෝ අත්තඛ්ලමතානුයෝගය ප්‍රයෝගික වැඩසටහනකට අදාළ කරගත හැක) ශිෂ්ට කිරීමේ මුලධර්ම මිස සංස්කෘතියේ වෙස්මුහුණ සහ සාරය යන ද්වන්ධ ගැටුම අවශ්‍ය නැත. නමුත් ලංකාවේ සෑම වාමාංශික ව්‍යාපාරයක්ම උපුටාගෙන ඇත්තේ යම්කිසි නායකයෙකුගේ පුද්ගලික සංස්කෘතියයි. එමගින් ධනවාදයට එරෙහි ශිෂ්ටත්වයක්  ගොඩනැගිය නොහැකි අතර සිදුවන්නේ ධනවාදය මත පරපෝෂණය වීම පමණි. අනෙක ශිෂ්ටත්වයට එරෙහිව සංස්කෘතීන් තහවුරු කරන්නේ මර්ධනය සහ ආශාව අතර අනවරත ආතතියයි. එමගින් වාමාංශික කුහකයෙකු [තමන්ගේ ඇත්ත ආශාව සගවා ක්‍රියා කිරීම ] බිහි වෙයි. හැනා අරෙන්ඩ්ට එරෙහිව අපට කිව හැක්කේ සංස්කෘතිය තුලදී මිනිසුන් ජාතිවාදය වැනි අතාර්කික හිංසනයන්ට පෙලබෙන්නේ ආධිපත්‍යයන්ගේ ලිඛිත හෝ අලිඛිත ඉල්ලීම නිසා නොව ආත්මයේ අශ්ශීල විනෝදය උදෙසා බවය.අයික්මාන් හෝ සරත් ෆොන්සේකා පිලිවෙලින් යුදෙවුවන්ට හෝ දෙමළුන්ට එරෙහිව අපරාධ කරන්නේ හිට්ලර් හෝ රාජපක්ෂලාගේ අධිපත්‍යන්ගේ ඉල්ලීම මත නොව එවැනි අපරාධ මගින් ඔවුනොවුන්ගේ ආත්මය විනෝද වන නිසාය. එනම් මගේ ආතල් කඩන එකා විනාශ කල විට මගේ ආතල් එක පරිපුර්ණ වේ ය යන අදහස ඔවුන්ගේ ක්‍රියාව තුල ගැබ් වී ඇත. ඒ අනුව සංස්කෘතික ජීවියා යනුම මෙම දෙබිඩි සත්වයාය. සංස්කෘතිය කෙලවර වන්නේ තුවක්කු බටයෙනි.

මෑතක සිට අන්තර්ජාල පරිකල්පනය  තුල මට එරෙහි දේශපාලන ප්‍රපංචයක් ලෙස රොහාන් පෙරේරාව යලි මතු කිරීමට ප්‍රගතිශීලී මිනිසුන් කිහිප දෙනෙකු උත්සහ කරයි. ඔවුන්ගේ මෙම සංස්කෘතික තර්කය යට ඇත්තේ 85-95 දක්වා කාලයක රොහාන් පෙරේරා ඉටු කරන ලද සිංහල සංස්කෘතියේ ඉල්ලීමයි. ඇත්තටම ගත්විට රොහාන් පෙරේරා යනු ‘පෙරදිගවාදියෙක්’ (Orientalist)  මිස (එඩ්වඩ් සයිද් හෝ ගයත්‍රී ස්පිවැක් වැනි ) මාක්ස්වාදියෙකු නොවේ. රොහාන් පෙරේරා යනු අද දවසේ ජාතිවාදීන් සමග සෙල්ලම් කරන රහසිගත මුසල්මානුවකි. ඔහුගේ මුල් නම ෆස්ලි නිසාර්ය . සිංහල සංස්කෘතිය සතු දෙබිඩි භාවයට ඇලුම් කල සහ එසේ ඇලුම් කරන අයගේ සුරතලෙක් වීමට ෆස්ලි පසුව රොහාන් විය. රොහාන් පෙරේරා විසින් අතීතයේදී කල කී දෑ අද ජීවතුන් අතර සිටින බොහෝ දෙනා දන්නේ නැත. ඔහු ගැන හොදින් දන්නා බොහෝ දෙනෙක් එක්කෝ මියගොස් ඇත. නැත්නම් නිදිය. සර්පයා මේ කරන්නේ අමුලික බොරුවකි. රොහාන් පෙරේරාගේ ඇදිවත මුලින්ම උනා දැම්මේද මේ සර්පයාමය. අද දවසේ උදාන් ව නිහඩ කල ස්ත්‍රියම එදා රොහාන්ව ද නිහඩ කරන ලදී. ‘මාක්ස්වාදය’ සංස්කෘතිය සමග පැටලී ගිය හැම විටම එතැනදී බිහි වන්නේ වර්ගවාදයයි. ෆස්ලි නිසාර් මේ ආසියාතික බෞද්ධ ස්ත්‍රියගේ සාරය ගවේෂණය කරන්නේ කුමන අශ්ශීල ෆැන්ටසි අන්තර්ගතයක් වසා දමන්නටද? දෙමළුන් නැසීමට රහසින් ෆැන්ටසිකරණය කරන කොලබ – කේන්ද්‍රීය වර්ගවාදීන්ගේ නුතන ගවේෂණය රොහාන්ද?

මේ සංස්කෘතික වහන්තරාව ඊළගට වසාගෙන ඇති ක්ෂේත්‍රය වන්නේ සිංහල සමලිංගික සංස්කෘතියයි. ලංකාවේ සිංහල සමලිංගිකත්වයේ දෘෂ්‍යමානය විෂමලිංගික වෙස්මුහුණයි. බාහිරින් රනිල්, මංගල ,චානක , අර්ජුන වැනි අය විෂමලිංගිකය. ඇකඩමියාව සහ දේශපාලනය තුල ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර , දෙයිනික ජීවිතය විෂමලිංගිකය. මිනිසුන් දෘෂ්‍යමානය යතාර්ථය ලෙස ගන්නා නිසා 96 වැනි ඈත දුරකදී ආචාර්ය දීපිකා උඩුගම පවා අර්ජුනට රැවටුනේ ඔහු විෂම ලිංගික පිරිමියෙක් කියාය. ලොව උසස්ම විශ්ව විද්‍යාලයක් වන බර්ක්ලේ හි අචාර්ය උපාධියක් සහිත දීපිකා අර්ජුනට රැවටුනා නම් සාමාන්‍ය ජනමතය ගැන කුමන කතාද? නමුත්  ඉහත පිරිමි සියල්ලගේ රහසිගත කවච ජීවිතය සමලිංගිකය. සංස්කෘතියේ මෙම විෂම ලිංගික දෘෂ්‍යමානය සමග රහසිගත, අශ්ශීල, නීති කඩන සමලිංගිකත්වය නැත්නම් ඔවුන්ගේ විනෝද වන ආත්මයට පැවැත්මක් නැත. ඔවුන් විනෝද වන්නේ බාහිර මහා අනෙකාට විෂම -ලිංගික වන අයුරින් සහ ආත්මයට සමලිංගික වන අයුරින්ය. මේ දෙබෙදුම නිසා ඔවුන්ට රහසිගත විනෝදයක් අත්පත් කරගත හැකිය. සංස්කෘතිය මිනිසාට අවශ්‍ය කරන්නේ සිතීමට නොව රහසින් ක්‍රියා කිරීමටය. දෘෂ්ටිවාදය රජ කරන්නේ මිනිසා සිතන තැනේදී නොව ක්‍රියා කරන තැනෙදීය.සංස්කෘතියේ මෙම දෙබිඩිභාවය වටහා ගත යුතු කෙනෙකු ක්‍රියා කල යුත්තේ කෙසේද? යතාර්ථය පිළිබද අදහස අප වෙනස් කර ගත්තාට සමාජ සබදතා වෙනස් වන්නේ නැත. ඒ සදහා අප කල යුත්තේ අප දකින සිහින වාරණය කිරීම පමණි.

දැන් අප අපගේ මුඛ්‍ය ගැටලුව වෙත ආදේශ වෙමු.

මොරටුව විශ්වවිද්‍යාලයේ ආරම්භය යනු කාර්මික විදුහලකි. විශ්වවිද්‍යාලයක පදනම විය යුත්තේ දර්ශනයයි (philosophy). බටහිර සමාජයෙන් පිටත බොහෝවිට ඉංජිනේරු විද්‍යාව උගන්වන්නේ දර්ශනය විෂය නොමැතිවය. මේ නිසා සිදුවන්නේ මෙවැනි විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා ශිෂ්‍යයා  “පදාර්ථය” (Matter)  වටහා ගන්නේ ස්වභාවික සාරයක් කියාය. නමුත් දර්ශනය මත පදනම්ව ‘ඉංජිනේරු විද්‍යාව’ උගන්වන බටහිර විශ්වවිද්‍යාල තුල (ඔස්ට්‍රේලියාව හෝ නවසීලන්තය මීට ඇතුලත් නැත ) දී පදාර්ථය යනු ආකෘතියක් (Form) , එනම් වාගීශ්වරවාදයක් (Logocentrism)ලෙසින් තහවුරු කරයි. මේ හේතුව නිසා එවැනි විශ්වවිද්‍යාල වලදී ඉංජිනේරු විද්‍යාව උගන්වා ගන්නා විද්‍යාර්ථීන් සාරයන් විසංයෝජනය කිරීමට ඉගෙන ගනියි. සාරයන් විසංයෝජනය කිරීමට පුහුණු වීම යනු සංස්කෘතියේ සාරයන් මිත්‍යාවක් බව අවබෝධ කර ගැනීමයි. නමුත් කාර්මික විද්‍යාලයකදී සිදු වන්නේ ‘සාරයන්’ තහවුරු වීමයි. ඔසාමා බින් ලාඩන් වැනි පුද්ගලයෙකු පවා බිහි වුයේ රියාද් නුවර කාර්මික විද්‍යාලයකිනි.

මොරටු විශ්වවිද්‍යාලය නාමික විශ්වවිද්‍යාලයක් පමණි. එමගින් එහි ශිෂ්‍යන්ට හිමි වී ඇත්තේ කාර්මික අධ්‍යාපනයක් මිස ඉංජිනේරු විද්‍යාවක් නොවේ. මෑතක සිට එහි B Ds  උපාධියට දර්ශනය උගන්වන මුත් ඉංජිනේරු ශිෂ්‍යන් තම පාඨමාලාවට දර්ශනය ඇතුලත් කරගන්නේ නැත. ‘විදුලිය’ කම්ම්බියක් දිගේ ගලන විට දුවිලි නිසා ධාරාවට ඇතිවන ප්‍රතිරෝධය පිළිබද සුත්‍රගත කල පුද්ගලයා ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නය. නමුත් ඔහුගේ දේශපාලන කාර්යාලය වැසී ගොස් ඇත්තේ දුහිවිලි වලින්ය. මේ මම කලින් කී සිංහල වාමාංශික සංස්කෘතියේ දෙබිඩි භාවයයි. මොරටු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා බහුතර ශිෂ්‍යන්ට ඉංග්‍රීසි සංස්කෘතියට හිමිකම් කීමට නොහැකි වන්නේ ඔවුන් ලබන්නේ කාර්මික අධ්‍යාපනයක් නිසාය. පදාර්ථය වගා කිරීම , දත්ත වගා කිරීම වැනි ක්‍රියාකාරකම් වලට ඔවුන් හුරු වී නොමැත. බහුජාතික සමාගම් ඔවුන්ව තම ව්‍යපෘති සදහා ආයෝජනය නොකරන්නේ මේ නිසාය. ලංකාවේ බහුතර ඉංජිනේරුවන් ආත්මීය වශයෙන් සාරයක් සොයන අතර යම් පිරිසක් පිරිසුදු ජාතිවාදීන් හෝ අන්ධභක්තිකයන්ය. බාහිර සතුරන් ඔවුන්ට ඉක්මනින් හමුවන්නේ මේ ෆැන්ටාස්මැතික සාරයන් යනු බාහිරින් සිටින සතුරන්ට අතවනන මතිභ්‍රමවාදයන්ගේ මුලයයි. සාරයන් බිහි වන්නේ කොතැනද එතැන එම සාරයන් බාහිර සතුරන්ගෙන් ආරක්ෂා කල යුතුය.

මෑතකදී මියගිය අපගේ පක්ෂ සාමාජිකයෙකු වූ ඉන්දික ගුණවර්ධනගේ අවමගුල දිනදී ජයරත්න මල් ශාලාව අසල මහපාර අයිනේදී කලකින් හමු වූ නදී වාසලමුදලි චෝදනා මුඛයෙන් මෙවන් අදහසක් පල කළේය. “දීප්ති ඔයා ලග සිටින රැඩිකල් පිරිමි කියන්නේ ලගට ගියාම අන්ත සම්ප්‍රදායික මිනිස්සු නේද ?” මම එකහෙලා එය අනුමත කලෙමි. මම ඇගේ කවි පොතට පෙරවදනක් ලිවීම ගැන එකල අප පක්ෂයේ පුද්ගලයන්ට තිගැස්මක් තිබුණි. ඔවුන්ට අනුව ඇය ලිංගික වශයෙන් චපලය. මේ ලංකාවේ වාමාංශික සංස්කෘතියේ තවත් අගතියකි. විවෘතව රැඩිකල් ස්ත්‍රීන් පතන ඔවුන් විවාහයට තෝරන්නේ කන්‍යාවියන්ය.

අනාගත වාමාංශික ව්‍යාපාරයකට මා යෝජනා කරන්නේ සංස්කෘතියක් නොව ශිෂ්ට ව්‍යාපෘතියකි. නමුත් මෙම ශිෂ්ට ව්‍යාපාරය සදහා බටහිර සංකල්ප සහ බෞද්ධ ශිෂ්ටාචාරයේ විනයේ පිටකයේ සමහර සංකල්ප (විශුද්ධි මාර්ගය ) යොදා ගත හැක. අපගේ විධික්‍රමවාදය තෝරා ගැනීමේදී කාන්ට් හේගල් වැනි ජර්මන් දාර්ශනිකයන්ගේ තාර්කික ඥානයත් , ශේලින් වැනි දාර්ශනිකයන්ගේ අතාර්කික ව්‍යුහයත් (මිනිසාගේ රාත්‍රිය ) යොදා ගත හැක. ඉංග්‍රීසි ශිෂ්ටාචාරයේ උඃනතිවාදය වන්නේ තර්කයෙන් පිටත දෙය හුදු මිත්‍යාව ලෙස සලකා බැලීමයි. අපට අනුව මිත්‍යාව යතාර්ථය සම්බන්ධයෙන් ප්‍රතිජනනාත්මකය.

ලංකාවේ සිංහල වාම සංස්කෘතිය සහ අපගේ පක්ෂයේ සංස්කෘතිය තුල ඇති ප්‍රධාන වෙනස වන්නේ ‘විගැලපීම’ සම්බන්ධයෙන් අපට ඇති ආකල්පයයි. සංස්කෘතියේ සත්ගුණය ලෙස අප සලකන්නේ අපට ගැලපෙන්නේ නැති මිනිස්සුන්ට අපගේ දේශපාලනය තුල ඉඩක් දීමයි. මේ ඉඩදීම බහු සංස්කෘතික අනෙකා ඉවසීම නොවේ. අප පුබුදු ජයගොඩ හෝ අනුර කුමාර ගැන ලියන මුත් ඔවුන් අප ගැන කතා කරන්නේ නැත. ඔවුන්ට විගැලපෙන අප ව ඔවුන් සලකන්නේ දේශපාලන සතුරන් ලෙසය. එය වාස්තවික ආකල්පයක් නොව ආත්මමුලික අවිඥානික විශ්වාසයකි. යථාර්ථයේ නියම හැඩය සුසංවාදය නොව විසංවාදයයි. අප අවධාරණය කරන්නේ යථාර්ථයේ මෙම පෑල්ම ගැනය. මිනිසාගේ ආත්මය සවිඥානය / අවිඥානය වශයෙන් පමණක් නොව ඔහුගේ යතාර්තයද වස්තුව / වස්තු හේතුව වශයෙන් දෙකට පැලී ඇති බව අවබෝධ කරගත යුතුය. ඒ අර්ථයෙන් ගත් විට යතාර්ථය පිළිබද අපගේ ඥාන විභාගයේ සීමාව අනුභූති උත්තර එකකි. සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය අතර වෙනස අප හොදින් අවබෝධ කරගත යුතුය. නැතිනම් සිදුවන්නේ කවුරු හෝ තනි පුද්ගලයෙකුගේ අවිඥානික අගතීන් සංස්කෘතිය ලෙස බදා වැළදගෙන මිය යාමටය. අනාගත වම මේ දෙකෙන් එකක් තෝරා ගත යුතුය. යතාර්ථය අසම්පුර්ණය. ඒ අසම්පුර්ණත්වය බිහි කර ඇත්තේද ‘මම’ මය.

Deepthi Kumara Gunarathne

ඔබේ අදහස කියන්න...

9 COMMENTS

  1. ඔවුන්ට අනුව ඇය ලිංගික වශයෙන් චපලය. මේ ලංකාවේ වාමාංශික සංස්කෘතියේ තවත් අගතියකි. විවෘතව රැඩිකල් ස්ත්‍රීන් පතන ඔවුන් විවාහයට තෝරන්නේ කන්‍යාවියන්ය.// සම්පුර්න ඇත්ත , බැදුම්කර ගැන විවේචනය කරමින් බැදුම්කර වල ආයෝජනය කරන අය වගේ .
    /අප පුබුදු ජයගොඩ හෝ අනුර කුමාර ගැන ලියන මුත් ඔවුන් අප ගැන කතා කරන්නේ නැත. // වාමාංශික කුහකත්වය ??

  2. රොහාන් පෙරේරාගේ මුසල්මානුභාවය ඉස්මතු කරන ඔබගේ පක්ෂයේ සංස්කෘතිය දිගන සංකෘතියෙන් වෙනස් වන්නේ කෙසේද?

    • සහෝදරයා අපි මේකට උත්තර දෙන්න යන්නේ නැහැ. ඔබ ගොඩක් දේවල් ඉතිහාසයේ අත්විඳලා නැති වෙන්න පුළුවන් බොහෝ දුරට.
      ඔබ අපගේ පැරණි ලිපි සහ සංවාද කියවන්න අසන්න. ඔබට යම්කිසි වෙලාවක අප සහ දිගන සංස්කෘතිය වෙනස් වන තැනින් අපි නැවත පටන්ගනිමු !

      • ඇයි උත්තර නොදෙන්නෙ? මම ඇහුවෙ සරල ප්‍රශ්නයක්. ඔබලාගෙ ලිපි හෝ ඉතිහාසය කියවීමේ අනවබෝධයෙන් නෙමේ මම කතා කරන්නෙ. රොහාන් ගේ මුසල්මානුභාවය ඉස්මතු කිරීමෙන් දීප්ති බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද, ඒ වගෙ දෙයක් මේ වෙලාවේ වැදගත්ද කියන එක ගැටලු සහගතයි. ජාතිවාදයට විරුද්ධ වීමේ න්‍යාය පත්‍රයක් මත පිහිටුවන්නේ නම් පටු අරමුණු උදෙසා මේ වගේ කරනු ඉස්මතු කිරීම කනගාටුවට කරුණක්.

  3. ඉහත සාකච්චාව සංකල්පයකට ගන්න දින ගනනක අභියාසයකින් අනතුරුව අවසානයේ ඉහත සාකච්චාවේ අදහස අදහස විසින්ම දැන ගන්නා තුරු සහ එහි එහිම වු ප්රතිවිරොදය පවා දැන ගන්නා තුරුම අභයාස කලෙමි,ඔබ විසින් නොකියෙපු දේ ඔබ විසින් කියෙපු දේ තුල සෙව්වෙමි.
    අවසානයේ මගේ උදව්වට ආවේ හෙගෙල්ගේ la filosofia del diritto කියන දැනුම පද්ධතිය ,
    මම නිවැරදි නම් “සංස්කෘතිය” ප්‍රාථමිකයි වියුක්තය් ඒ අනුව තේසි අවස්තාව, දෙවෙනි මොහොත නෙගෙශන් මොහොත ඒ කියන්නේ Moral මොහොත self nagation,අවසාන අවස්තාව “Ethicità” it means Ethics (kowledge in and for itself)
    ඒ අනුව මම දිප්ති සහොදරයගෙන් අහන්න කැමතිය් අපට සංස්කෘතියක් නැතිව ශිෂ්ඨාචාරය ට යන්න බෑ නේද කියල නමුත් මෙතනදි තහනම ප්‍රතික්ෂේප නොකරමි,එහි තුලම වු හිස් කම නිසාම උපදින self nagation එක. (hope to have a response if i did any mistakes

  4. මාගේ ලීවිම අවිදිමත්,… පැහැදිලි කරන්න අවශ්‍යය උනත් ලිවීම අතින් මම දුර්වලයි …එමනිසා මාගේ කේන්ද්‍රීය අදහස තේරුම් ගනී කියා විශ්වාස කරමී
    culture(thesis)it is the abstract moment, that is, interior———->moral(anti-thesis)it is the moment in which the inner freedom is made from the Kantian point of view—————>Ethics(sinthesis)it overcomes the limits of Kantian morality, thinking of the individual concretely immersed in the ethical substance that puts him in being in which he rediscovers his duties, in the sense of good and evil and the highest and most concealed freedom.
    ethics consists of dialectical moments of the Family, of Civil Society and the State.

Comments are closed.