සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි – 3

දයලෙක්තිකය

ළඳරු සෝවියට් රාජ්‍යයේ විවාහ ක්‍රමය ලිහිල් සහගත වුවද ඉන් යුවලක ගේ බැඳීමේ අඩුවක් ඉස්මතු නොකරන ලදී. නිදහස් ආදරය යනු කැමැති හැම අයෙකු  සමගම ලිංගිකව බැඳීම නොවේ. සෝවියට් දේශයේ නිදහස් ආදරය යනුවෙන් හඳුන්වන ලද්දේ බාහිර බැඳීම් හා වැට කඩොලු නොමැතිව දෙදෙනෙකු අතර ආදර  සම්බන්ධයන් පවත්වා ගැනීමේ හැකියාවයි. උදාහරණයක් වශයෙන් කුලය, ආගම , ජාතිය, දෑවැදි , රැකියාව ආදිය  නොසලකා ඇතිවන සම්බන්ධකම්ය. දරුවන් සඳහා කොමියුන ළඳරු පාසැල්  ආදිය ඇතිකිරීම මගින් විවාහ වී හෝ එකට වාසය කරන දෙදෙනෙකුට රැකියාව කිරීමට හා සමාජ සේවා කටයුතු වල කාලය වැය කිරීමේ හැකියාව වැඩි කරන ලදී.

ලිංගිකත්වය හා හැසිරීම් පිළිබඳව වැඩි අවදානමක් ලෙනින් හෝ අනිකුත් නායකයන් නොදක්වන ලද බව පෙනේ. ඔවුන් වඩාත් වැදගත් කොට සළකා ඇත්තේ පාලන ක්‍රමයේ හා ආර්ථික ක්‍රමයේ වෙනස් කම් ඇති කිරීම කෙරෙහිය..

පුද්ගල අවශ්‍යතා  තහනම් කිරීමේ  හා සීමා පැනවීමේ අවශ්‍යතාවය පැන නගින්නේ ඒකාධිපති පන්නයේ රජයන්ටය. එසේ කිරීමෙන් හා නිදහසේ සීමාවන් පැනවීම මගින් මිනිස් සමාජය තමන් ට රිසි පරිදි හැසිරවීම පහසුය.

ස්වින්ගින් සික්ස්ටිස්

බටහිර  යුරෝපයේ මෙන්ම ඇමෙරිකා  එක්සත් ජනපදයේත් ප්‍රබල සංස්කෘතික වෙනසක් හැටේ දශකයේ සිට පටන්ගත්තේය. ස්වින්ගින් සික්ස්ටිස් (මාරු කරන හැටේ දශකය) ලෙස මාධ්‍යවේදීන් තවමත් හඳුන්වන මේ කාලය සනිටුහන්වන්නේ හිපි සංස්කෘතියේ ප්‍රචලිත වීම, ලිංගික නිදහස, ගැහැනුන්ට සමතැන පිලිබඳ ඉල්ලීම ඉදිරියට ඒම ආදිය මගිනි.  විවාහයන් පිළිබඳව දක්ෂිණාංශික පක්ෂ වල අදහස ප්‍රතිගාමී ලෙස සැලකුණි. කම්කරු හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රජයන් මගින් ගබ්සාව  නීතිගත කරන ලද අතර  සම ලිංගික සේවනය වරදක් ලෙස තව දුරටත්  නොසලකන ලදී.

බ්‍රිතාන්‍යයේ පසුගිය කාලයේ පැවති ඩේවිඩ් කැමරන් ගේ  දක්ෂිණාංශික රජය සමලිංගික විවාහ පවා නීතිගත කරන ලදී.  සමාජ ප්‍රජාතන්ත්‍රවාදී එස් පි ඩි පක්ෂ සමග රජය පිහිටවූ ජර්මනියේ ඇන්ජෙලා  මෙර්කල් ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්තවාදී සංගම් පක්ෂය ද මේ මාර්ගයේම ගමන් කළහ. සමලිංගික විවාහ පමණක් නොව වෙනත් රටවලින් නිදහස සොයා එන  සංක්‍රමණිකයන් වැඩි වැඩියෙන්  රටට  ගැනීමටද ඔවුන් පෙළඹුණි. එසේමේ මේ බොහෝ රටවල් වල සංක්‍රමණිකයන් සඳහා වන නීති රිතිද ලිහිල් විය.

මේ වෙනස් වීම් සමගම ලෝකයේ බල තුලනය දේශපාලනික ලෙස වෙනස් විය. රුසියාවේ ස්ටලින්වාදී පුටින් සමලිංගික විවාහ වලට විරුද්ධ අතර එම අදහස් ඉගැන්වීමද තහනම් කර ඇත. ස්ටාලින් මෙන්ම  පුටින් ද රුසියානු පවුල් ආර්ථික ඒකකයක් ලෙස ලෙස ඉස්මතු කරයි. (ඔහුගේ දික්කසාද වීම ප්‍රශ්නයක් නොවේ) පිලිපීනයේ ජනාධිපති ඩුඅර්ටේ කැරලිකාර තරුණියන්ගේ රහසඟ ප්‍රදේශ වලට වෙඩි තබන්නයි හමුදාවට අණ  කරයි. නඩු ඇසිමකින් තොරව මත්ද්‍රව්‍ය වෙළඳාම හෝ භාවිතා කිරීම කරන අය මරා දැමීමට ආරක්ෂක සේවාවන්ට අවසර දෙයි. ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිටින්නේද මේ අක්ෂයේය. කොතරම් ට්‍රම්ප් සමග වාද කළද උතුරු කොරියාවද ඒ පැත්තේය. (ට්‍රම්ප් තමන්ගේ ගේ ට්විටර් මෙසේජ් සටනේ  ප්‍රධානතම විරුද්ධවාදියා වන උතුරු  කොරියානු ජනාධ්පති කිම් හමුවන බවද දැන් පවසයි.)  ඔස්ට්‍රියාවේ දක්ෂිණාංශික රජයක් තේරී පත්වී ඇත. ලෝකයේ නව ලිබරල්වාදී  ධනවාදී රටවල දේශපාලනය දයලෙක්තික  ප්‍රති විරෝධයකට බඳුන්ව ඇත.

හේගල්ට අනුව දයලෙක්තික  ප්‍රතිවිරෝධයක දී  එකම ප්‍රශ්නයක (හේතුවට) තිසිසයට ඇන්ටි තීසිසයක්  හෙවත් ප්‍රතිවිරෝධයක් (ප්‍රති හේතුවක්) ඇති අතර සත්‍යය සොයා යාමේදී ඒ දෙකේ ප්‍රතිවිරෝධයෙන් නව සින්තෙසිස් එකක් හෙවත් නව අදහසක් ඉදිරිපත් වෙයි. මාක්ස් පැවසුවේ හේගල්ගේ මේ අදහස විඥාන වාදී එකක් කියායි.
In the Phenomenology of Spirit, which presents Hegel’s epistemology or philosophy of knowledge, the “opposing sides” are different definitions of consciousness and of the object that consciousness is aware of or claims to know.

මාක්ස් මෙය ඔලුවෙන් හිටවූවා යයි කියන්නේ  එය ඔහු භෞතිකවාදයට සම්බන්ධ කළ නිසාය. මාක්ස් මේ තීසිස් , ඇන්ටි තීසිස් සහ සින්තෙසිස්  විඥානයට  සම්බන්ධ කොටස  ප්‍රතික්ෂේප කළේය. ඔහු දයලෙක්තික භෞතිකවාදය සැලකුවේ භෞතිකවාදයේම (materialism) කොටසක් ලෙසය. මාක්ස් ස්වභාව ධර්මයේ ප්‍රතිවිරෝධයන් තුලින් නව භෞතිකවාදී නිරූපණයක් අදහස් කළ අතර මාක්ස් හා එංගල්ස් ට  අනුව  ප්‍රයෝගික දේශපාලනයේ  දේශපාලනික ප්‍රතිවිරෝධයන් තුලින්  නව දේශපාලන  ක්‍රමයක් බිහිවීම වැලැක්විය නොහැකිය. එසේත් නැත්නම් සමාජ ප්‍රගමනයේදී (පරිණාමයේදී ) පෞරාණික සමාජයේ පන්තීන් අතර ප්‍රති විරෝධයෙන් නව සමාජයක් බිහිවේ. එනම් දියුණුව හට ගන්නේ භෞතිකවාදී අරගලයන් තුලිනි. එනම් තිසිසයේ හා ඇන්ටි (ප්‍රති විරෝධී) තීසිසයේ  වර්ධනයෙන් හටගන්නා සින්තෙසිසය මගින් තීසිසය  හා ඇන්ටි තීසිසය නිශේධනය වේ.  මාක්ස්ට අනුව හේගල්ගේ විඥාන වාදය ප්‍රතික්ෂේප කළවිට ඉතිරිවන්නේ ඉතිහාසය නිර්මාණය වනුයේ  සමාජය තුල පන්තීන් අතර ප්‍රතිවිරෝධතාවය  තුලින් හටගන්නා  අරගල වලින් එය නිශ්චිත කරන සධයකය ආර්ථිකය බවත්ය.

ලෙනින් විසින් ඇතුලත් කලේ කුමක්ද?

කෘප්ස්කයා ගේ චීත්තය පිලිබඳ ලෙනින් ගේ සටහන් නොවේ

ලෙනින් විසින් හෙගලියන් දයලෙක්තිකයේ භෞතිකවාදී  ප්‍රතිලෝමය පැහැදිලි කරන ලදී. අනතුරුව  සදාචාරාත්මක මුලධර්ම  මත පන්ති ප්‍රතිවිරෝධයන් (අරගල) පවතින බව සඳහන් කළේය. (නරෝද්නික වාදයට හෙවත් විප්ලවය සඳහා දේශපාලන  විරුධවාදීන් ගේ ඝාතනයට ලෙනින් එක හෙලාම විරුද්ධ විය. (සැ.යු: ස්ටාලින්, පොල්පොට් ගේ සිට විජේවීර  දක්වා ලෙනින්ට එරෙහිව  යාම)

එසේම ලෙනින් විසින් භෞතික විද්‍යාවේ ප්‍රමේයයන්හි  පරිණාමය (හෙල්ම්හොල්ට්ස්) , චාල්ස් ඩාවින් ගේ පරිණාමවාදය හාකාල් මාක්ස් ගේ දේශපාලන ආර්ථික විද්‍යාව
දැන් මෙහි පුදුමයට පත්කරවන දෙය නම්   මාක්ස් ගේ (මාක්ස්වාදයේ) දයලෙක්තික භෞතිකවාදය  දයලේක්තික භෞතිකවාදය  හා ඓතිහාසික භෞතිකවාදය එක්සත් කළේය.

ඔක්තෝබර් (නොවැම්බර්) විප්ලවයෙන් (1917)  පසු  දෙබෝරින් ගේ නායකත්වයෙන් “දයලෙක්තිකවාදීන්” හා නිකොලායි බුහාරින්  ගේ නායකත්වයෙන් “යාන්ත්‍රිකයන්”  යනුවෙන් සෝවියට් දේශපාලන  දර්ශනවාදය දෙකොටසකට බෙදුණි.  මෙහිදී ලෙනින් ගේ නව ආර්ථික පිළිවෙතට පක්ෂව සිටි බුහාරින් ලෙනින් ගේ මරණයෙන් පසු ස්ටාලින් ගේ “තනි රටක සමාජවාදය” තියරියට එකඟ විය. මෙහි ප්‍රතිපහලය වුයේ එයට විරුද්ද්ධ වූ ට්‍රොට්ස්කි,සිනොවියෙව් , කාමනෙව් (ආචාර්ය නලින් ද සිල්වා මහතා නිතර පවසන  යුදෙව් විප්ලවවාදීන් ) පක්ෂයෙන් නෙරපන ලදී. එදෙනෙකු පසුව දේශද්‍රෝහී ලේබලය යටතේ මරා  දමන ලදී (ට්‍රොට්ස්කි මරා දැමුනේ පසුවය) .
නමුත් ස්ටාලින් විසින් කොසක් වරුන් හා විරෝධය පාන ගොවීන්  මරා දමමින්, බලයෙන් සමූහ ගොවිපලවල් ඇති කිරීමේ ප්‍රතිපත්තියට විරෝධය පෑමේ වරදට දේශද්‍රෝහියකු ලෙස  බුහරින් 1937 දී ඝාතනය කරන ලදී.

ස්ටාලින් විසින් තම මිත්තනිය ගේ චිත්තය පිලිබඳව ලියු  සටහන් නොවේ

තනි රටක සමාජවාදය ලෙස ඒකාධිපති රාජ්‍යයක් පිහිටුවීමට ස්ටාලින් දියාමත් හෙවත් දයලෙක්තික භෞතිකවාදය ම උපයෝගී කර ගත්තේය. දයලේක්තික සහ ඓතිහාසික භෞතික වාදය නමින් 1938 දී ස්ටාලින් චිසින් පොතක් පළ කළේය. පසු දවසක මේ පොත ගැන විවේචනයක්   ඉදිරිපත් කරමි. කෙසේ වුවද වැදගත්ම කරණය වන්නේ ඉන්පසුව සෝවියට් විද්‍යාව, සමාජ අධ්‍යයනය හා විද්‍යාත්මකව ඉතිහාසය අධ්‍යයනය කිරීම  සඳහා එහි  වර්ධනය ට හෝ එහි සීමා සහිත බවට ස්ටාලින් ගේ ඔර්තොඩොක්ස් (පැරණි සම්මත) දර්ශනවාදය තදින් බල පෑවේය.

ට්‍රොට්ස්කි විසින් මෙක්සිකෝවේ සිට පොත් සහ පත්‍රිකා ලියමින් ඉදිරිපත් කළේ ස්ටාලින් විසින් පිටුවහල් කළ මාක්ස්, එංගල්ස් හා ලෙනින්ගේ දර්ශනයේ ම ස්ටාලින් වසා දැමූ කොටසය.

අද වන විට ඇමෙරිකාවේ ඩෙමොක්‍රටික් පස්ක්ෂයේ මෙන්ම බ්‍රිතාන්‍ය යේ කම්කරු පක්ෂයේ මන්ම යුරෝපයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වලද ,  ඇතැම් දක්ෂිණාංශික එහෙත් වමට බර පක්ෂ වලද දේශපාලන දර්ශනයට එම අදහස් දැඩි බලපෑමක් කරන ලදී. ක්ලින්ටන්, ඔබාමා, මෙර්කල්  ඇතුළු කණ්ඩායම කිසියම් ආකාරයකට  පුටින්, ට්‍රම්ප් විරෝධී වන්නේත් තමන් ලෝකයේ ඇතැම් පැතිවල අප්‍රසාදයට පත් වුවද ගඩාෆී වැනි ඒකාධිපතියන්ට විරුද්ධ වන්නේත් මේ අනුවය. බ්‍රිතාන්‍යයේ තෙරේස මේ ඇතුළු කොන්සර්වටිව් රජයට කෙලින්ම ට්‍රම්ප් ට සහයෝගය දීමට අපහසුද මේ කාරනාව නිසාය.  ට්‍රම්ප් බොහෝ විට ආපසු හැරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ එදා සිට අද දක්වාම තම ස්ථාවරය වෙනස් නොකර ට්‍රොට්ස්කිවාදී දේශපාලනයේ දී සිටින්නේ ආචාර්ය වික්‍රමබාහු  කරුණාරත්න මහතාය. මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේත් , කොළඹ ආනන්ද විදුහලේත් උගත් ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධියක්  ලත් අයෙකි. (මොස්කව් විදුලිබල තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධියක් ලැබීම ගැන මම අදත් සතුටු වෙමි. සමහර විට එකම ආකාරයෙන් සිතීමට උදව්වක් වෙනවා දැයි නොදනිමි)  වික්‍රමබාහු මහතා පසුව ශිෂ්‍යත්වක්  ලබා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුලත්ව තම දර්ශනවාදී උපාධිය (PhD)  ලබා ගත්තේය.

ආචාර්ය  වික්‍රමබාහු ශ්‍රී ලංකාවේ ජාතිවාදයට එරෙහි තම මතය ඉතා අපකීර්තියට පත්වූවද ඒ වෙනුවෙන් පෙනී සිටි අයෙකි. එසේම පසුගිය කාලය පුරා  නව ලිබරල් රනිල් ගේ රජයට යම් ප්‍රතිපත්තීන් සඳහා සහය දෙන අයෙකි.  ඔහු ඒකාධිපතිවාදයට විරුද්ධ නිදහස් කාමියෙකි.මේ අනුව ඔහු සිටගෙන ඇත්තේ ඔහුට වඩාත් සුදුසු තැනය . ට්‍රම්ප් /පුටින් අක්ෂය සමග ඔහුට එක්විය නොහැකිය.  ලෝක දේශපාලනයේ දයලෙක්තික ප්‍රතිවිරෝධය ගැන හොඳ අවබෝධයක් ඔහු සතුව ඇති බවට මට හොඳ විශ්වාසයක් තිබේ.

රනිල්ට දයලෙක්තිකය උගන්වන බාහු

රනිල් ගැන මා 2014 දී “දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල් ” යනුවෙන් ලියූ ලිපියක් මෙතැන ඇත. රනිල් ගේ නිදහස්වාදී පරිපාලනයට කොක්ක දමන්නේ කවුද යන හොඳටම පැහැදිලි බව එකකි. රනිල් ඉතා දුර්වල නායකයෙකු බවට චෝදනාවක් තිබේ. රනිල් බැදුම් කර මගඩිය සමග සම්බන්ධ වුනු බවට චෝදනාවක් තිබේ. බැදුම්කර යනු වර්තමාන ධනවාදී ලෝකයේ ආර්ථිකය  කැරකෙන දැති රෝද  රාශියෙන්  එකකි. ඔහුට විරුද්ධව කටයුතු කරන අක්ෂය සිටින්නේ පුටින්/ට්‍රම්ප් අක්ෂයේ හෙවත් ඒකාධිපතිවාදය පසසන අක්ෂයේය.  නමුත් වික්‍රමබාහුට ඊට විරුද්ධ ස්ථාවරය ගැනීම හැර වෙන කළ හැකි දෙයක් නැත. ලෝකයේ ට්‍රොට්ස්කිවාදී බලපෑම ඇත්තේද එතනය. නව ලිබරල්වාදී ආර්ථිකයට විරුද්ද්ධ වුවද ඔවුහු ඒකාධිපතිවාදී රාජ්‍ය ධනවාදයට එලෙසින්ම විරුද්ධ වෙති. කෝබින් ගේ වර්තමාන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ ට්‍රොස්කිවාදී බලපෑම ප්‍රබලය.

වර්තමාන බටහිර සමාජයේ ජිජැකියානු දර්ශනවාදය හා ලැකානියානු මනෝ විශ්ලේෂණයන් ගේ බලපෑම  අර ඉහත  සදහන් කල සෝවියට් දේශයේ රාජ්‍ය ධනවාදයේ පරාජයට බල  පෑ සංස්කෘතික බලපෑම සමග සංසන්දනය කරන්න.  (දෙවැනි ලිපිය) එය ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කළේ හා කරමින් සිටින්නේ දීප්ති කුමාර ගුණරත්න  ගේ කණ්ඩායමය. අනිකුත් ප්‍රධාන වාමාංශික පක්ෂ හා කණ්ඩායම් තරමක් දුරට ඒ   ගැන සංවේදී වුවද තවමත් සිටින්නේ ස්ටාලින් ගේ දයලෙක්තික යකඩ කූඩුවේය.

එසේ නම්  අනුර කුමාර, කුමාර් ගුණරත්නම්, දීප්ති කුමාර ගුණරත්න ගේ භූමිකාවන් ගේ අනාගතය කෙබඳු විය හැකිද? ප්‍රධාන රටවලින් ලංකාවට ඇතිවන බලපෑම ජාතිවාදී පිබිදීමකින් පරාජය කළ හැකිද?

මුලාශ්‍ර :Dialectical materialism
~ මතු සම්බන්ධයි

Ajith Dharamkeerthi

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ලෙනින් විසින් හෙගලියන් දයලෙක්තිකයේ භෞතිකවාදී ප්‍රතිලෝමය පැහැදිලි කරන ලදී. සදාචාරාත්මක මුලධර්ම මත පන්ති ප්‍රතිවිරෝධයන් (අරගල) පවතින බව ලෙනින් සඳහන් කළේය. (නරෝද්නික වාදයට හෙවත් විප්ලවය සඳහා දේශපාලන විරුද්ධ ගේ ඝාතනයට ලෙනින් එක හෙලාම විරුද්ධ විය. (සැ.යු: ස්ටාලින්, පොල්පොට් ගේ සිට විජේවීර දක්වා – ලෙනින්ට එරෙහිව යාම)
    එසේම ලෙනින් විසින් භෞතික විද්‍යාවේ ප්‍රමේයයන්හි පරිණාමය (හෙල්ම්හොල්ට්ස්) , චාල්ස් ඩාවින් ගේ පරිණාමවාදය හා කාල් මාක්ස් ගේ දේශපාලන ආර්ථික විද්‍යාව එකට ගොනු කළේය. (convergence)

    දැන් මෙහි පුදුමයට පත්කරවන දෙය නම් මාක්ස් ගේ (මාක්ස්වාදයේ) දයලෙක්තික භෞතිකවාදය – දයලෙක්තික භෞතිකවාදය හා එංගල්ස් ගේ ඓතිහාසික භෞතිකවාදය නමින් වඩා පැහැදිලි ලෙස නිරූපණය කරමින් ග්‍රන්ථයක් සම්පාදනය කළේ ස්ටාලින් වීමය.
    ඔක්තෝබර් (නොවැම්බර්) විප්ලවයෙන් (1917) පසු දෙබෝරින් ගේ නායකත්වයෙන් “දයලෙක්තිකවාදීන්” හා නිකොලායි බුහාරින් ගේ නායකත්වයෙන් “යාන්ත්‍රිකයන්” යනුවෙන් සෝවියට් දේශපාලන දර්ශනවාදය දෙකොටසකට බෙදුණි. මෙහිදී ලෙනින් ගේ නව ආර්ථික පිළිවෙතට පක්ෂව සිටි බුහාරින් ලෙනින් ගේ මරණයෙන් පසු ස්ටාලින් ගේ “තනි රටක සමාජවාදය” තියරියට එකඟ විය. මෙහි ප්‍රතිඵලය වුයේ එයට විරෝධය පළ කල ට්‍රොට්ස්කි,සිනොවියෙව් , කාමනෙව් (ආචාර්ය නලින් ද සිල්වා මහතා නිතර පවසන යුදෙව් විප්ලවවාදීන් ) සෝවියට් කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා දැමීමයි. දෙදෙනෙකු පසුව දේශද්‍රෝහී ලේබලය යටතේ මරා දමන ලදී (ට්‍රොට්ස්කි මරා දැමුනේ පසුවය) .

    කොසක් වරුන් හා සමුහ ගොවිපල ක්‍රමයට විරෝධය පාන ගොවීන් මරා දමමින්, බලයෙන් සමූහ ගොවිපලවල් ඇති කිරීමේ ස්ටාලින් ගේ ප්‍රතිපත්තියට විරෝධය පෑමේ වරදට දේශද්‍රෝහියකු ලෙස 1937 දී ඝාතනය කරන ලදී.

    තනි රටක සමාජවාදය ලෙස ඒකාධිපති රාජ්‍යයක් පිහිටුවීමට ස්ටාලින් දියාමත් (diamat) හෙවත් දයලෙක්තික භෞතිකවාදය ම උපයෝගී කර ගත්තේය. දයලෙක්තික සහ ඓතිහාසික භෞතික වාදය නමින් 1938 දී ස්ටාලින් චිසින් පොතක් පළ කළේය. පසු දවසක මේ පොත ගැන විවේචනයක් ඉදිරිපත් කරමි. කෙසේ වුවද වැදගත්ම කරණය වන්නේ ඉන්පසුව සෝවියට් විද්‍යාව, සමාජ අධ්‍යයනය හා විද්‍යාත්මකව ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා එහි වර්ධනය ට හෝ එහි සීමා සහිත බවට ස්ටාලින් ගේ ඔර්තොඩොක්ස් (පැරණි සම්මත) දර්ශනවාදය තදින් බල පෑමයි.

    ට්‍රොට්ස්කි විසින් මෙක්සිකෝවේ සිට පොත් සහ පත්‍රිකා ලියමින් ඉදිරිපත් කළේ ස්ටාලින් විසින් පිටුවහල් කළ මාක්ස්, එංගල්ස් හා ලෙනින්ගේ දර්ශනයේ ම ස්ටාලින් වසා දැමූ කොටසය.

    අද වන විට ඇමෙරිකාවේ ඩෙමොක්‍රටික් පක්ෂයේ මෙන්ම බ්‍රිතාන්‍ය යේ කම්කරු පක්ෂයේ ත් යුරෝපයේ ඇතැම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වල ත් , ඇතැම් දක්ෂිණාංශික එහෙත් වමට බර පක්ෂ වලත් දේශපාලන දර්ශනයට එම අදහස් දැඩි බලපෑමක් කරන ලදී. ක්ලින්ටන්, ඔබාමා, මෙර්කල් ඇතුළු කණ්ඩායම කිසියම් ආකාරයකට පුටින්, ට්‍රම්ප් විරෝධී වන්නේත් තමන් ලෝකයේ ඇතැම් පැතිවල අප්‍රසාදයට පත් වුවද ගඩාෆී වැනි ඒකාධිපතියන්ට විරුද්ධ වන්නේත් මේ අනුවය. බ්‍රිතාන්‍යයේ තෙරේසා මේ ඇතුළු කොන්සර්වටිව් රජයට කෙලින්ම ට්‍රම්ප් ට සහයෝගය දීමට අපහසුද මේ කාරනාව නිසාය. ට්‍රම්ප් බොහෝ විට ආපසු හැරෙනු ඇත.

Comments are closed.