දශක තුනකට පමණ පසු ශ්‍රී ලාංකේය සමාජයේ අධිපති දේශපාලන බලවේගය වූ ‘‘ ජාතිකවාදය ‘‘ (මෙය 2005 ට පසු ජාතිවාදය විය) ඉතිහාසය නම් වේදිකාවෙන් බැසගොස් ඇත. නැවතත් ධනවාදයට ආවේණික පසමිතුරුතාවයන්,ප්රතිවිරෝධයන් ශ්‍රී ලාංකේය සමාජය තුළ හටගනු ඇත. මේවා කළමණාකරණය කිරීමේ වගකීම මේ හොහොතේදී එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ සුලු ජාතික පක්ෂ අතට පත්ව ඇත.
80 දශකයේදී අපෙන් සමුගත් “ ධනවාදය “ මේ වන විට අවසන් වී තිබේ. කෙටියෙන් කියතොත් ගෝලීයකරණයට පසු ධනවාදයට සමාජ-ක්‍රමයක් ලෙස පැවැත්මක් නැත. දැන් ලෝක ගෝලයේ පූර්ණ ආධිපත්‍ය ගෙන ඇත්තේ ‘‘ ප්‍රාග්ධනයයි ‘‘ (Capital). ප්රාග්ධනය යනු එකඅතකින් සමාජ සම්බන්ධයකි. අනෙක් අතට ‘‘ ආත්මයකි ‘‘ (Subject). මේ ආත්මය හුවමාරු ක්ෂේත්‍රෙය් දී තම ස්වයං-වර්ධනය සදහා ඔට්ටු අල්ලයි. මේ ඔට්ටු ඇල්ලීම් මේ වන විට සිදුවන්නේ ජාතික රාජ්‍ය මට්ටමේදී නොව ගෝලීය මට්ටමේ දීය. රවී විජේරත්න, ධම්මික පෙරේරා, නිශ්ශංක සේනසිංහ හෝ දිලිත් ජයවීරගේ ඔට්ටු ඇල්ලීම් මගින් ශ්‍රී ලංකාවේ ඕනෑම කාර්මික ධනපතියෙකුගේ දෛවය තීන්දු වෙයි. මේ බොහෝ අය මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ බොහෝ අයගේ දෛවය මේ වන විටත් තීන්දු කර ඇත.
ගෝලීය ධනවාදයේ සිදු වී ඇති ඉහත ව්‍යුහමය පෙරළිය අවබෝධ කරගත් වාම දේශපාලන ව්‍යාපාරයකින් තොරව ශ්‍රී ලංකාවේ පීඩිතයන්ට ( ද්‍රව්‍යමය සහ සංස්කෘතික ) විමුක්තියක් නැත. එකිනෙකා කා කොටා ගන්නේ නැතිව එය කළ හැක්කේ කෙසේද ?