වාමගාමී දේශපාලනය පැත්තෙන් ඔබලා යෝජනා කරන ඉදිරි න්‍යාය පත්‍රය කුමක්ද?
මුලින්ම කියන්න ඕනි දෙය තමයි වමේ දේශපාලනය පැත්තෙන් විශේෂයෙන් එහි අනාගතය පැත්තෙන් ගත්ත ම අපි ඉන්නේ යම් විරුද්ධාභාෂයක (paradox) කියන එක. අපි ඒක මෙහෙම කියන්නම්. අපි නිතරම කියන දෙයක් තමයි විසි එක් වන සියවසේ වමේ ව්‍යාපෘතිය අවසන් කියන එක. ඒ කියන්නේ පරණ විදියට මේ ඩිජිටල් තාක්ෂණ සියවසේ වැඩ කරන්න බැහැ. මිනිස්සු හිතන විදිය වෙනස්. සිහින වෙනස්. ඔවුන් ධනවාදය අත් විඳිමින් තමයි ඉන්නේ. එය අසමාන බව වැඩි කරමින් සිටියා වුනත් මිනිස්සු ඒකට ආකර්ෂණය වෙලා තියෙන්නේ. එය වරදක් නෙවෙයි. හැබැයි ලෝකය පුරාම දුප්පත් කම සූරා කෑම කියන එක ඔඩු දුවමින් තියෙනවා. අනෙක් අතට විසි වන සියවසේ වමේ ව්‍යාපෘතිය ඉවර වුනේ ස්ටාලින් වාදයකින්. දැවැන්ත සදාචාර අර්බුදයකින් (ethical catastrophe). අදටත් චීනය අත්හදා බලන්නේ එම ක්‍රමය ම නව වටයකින් ධනවාදය සමග ගලපා ගන්න. නමුත් මේක නෙවෙයි වමේ සත්‍ය සිහිනය. මීට වඩා හොඳ ක්‍රමයක් ලෝකයට ගේන්න එයට උවමනා වුණා. නමුත් ඒක බැරිවුණා. අපි ඒක අවංකව පිළිගන්නේ නැතුව බොරුවට කතා කළාට වැඩක් නැහැ.
අනෙක් අතට මාක්ස් කියපු දෙයම තමයි මේ සිදුවෙමින් පවතින්නේ. ඒ කියන්නේ අපි වගේ රටවල් වලට ප්රාග්ධනය පැමිණෙන්නේ දැන්. ඒ කියන්නේ යුද්ධෙන් පස්සේ මිනිස්සු දැන් ප්රාග්ධනයේ තර්කයට ඇද වැටෙමින් ඉන්නවා. 78 දී රට විවෘත වුනාට ජ. වි. පෙ. අරගලය සහ උතුරේ අර්බුදය විසින් මිනිස්සුන්ට නිදහසේ මේ ඇද වැටීම කරන්න උනේ නැහැ. දැන් ඒ භූගෝලීය ප්‍රදේශ වෙත ධනවාදය යමින් සිටිනවා. එහි අමානුෂික බව මිනිසුන් දැන් අවබෝධ කර ගනිමින් සිටිනවා. දැන් උතුරේ බලෙන් නිල් චිත්‍රපට ගහනවා. බලෙන් ගැහැණු දුෂණය කරනවා සල්ලි නිසා. යාපනෙන් කොළඹ එන කාර් වෑන් කියක් නම් හප්පා ගෙන හැමදාම පහක් හයක් මැරෙනවා. මේ යුද්ධෙන් මැරෙනවට වඩා වැඩි ගණනක්. මේ මරණ මේ මරණීය ක්‍රමයට ඇද වැටීම ඇතුලේ තමයි සිද්ධ වෙන්නේ. මේ තමයි මාක්ස් කිව්ව ධනවාදයේ නග්න ස්වරුපය. මිනිස්සු මේ ක්‍රමය ට ඇවිල්ලා ම තමයි එයින් විගලිත වෙන්න ඕනි. මේ තත්වය මිට කලින් මිනිස්සුන්ට තේරුනේ නැහැ. තේරෙන්න විදියක් තිබ්බේ නැහැ. දැන් ඔබට පේනවා ඇති අනාගතය අයිති කාටද කියල.
නමුත් පැහැදිළිව එම මිනිසුන් පරණ ලෝකයෙන් වෙන් වෙන්න ඕනි. නමුත් ධනවාදය මේ වනකොට ප්‍රභල නැහැ මිනිස්සු පරණ ලෝකයෙන් කඩල විසි කරන්න තරම්. ඒ නිසා ඇවිල්ලා තියෙන්නේ විකල්ප නුතනත්වය කියන විපරීත බව. එය වෙළද පොලක් මේ වෙනකොට. සම්ප්රදාය තුළ තියෙන දේවල් ප්‍රතිජීවනය කරන්න පුළුවන්. නමුත් එය පැරණි ලෝකයේ සද්භාවය තුලට නොයා කරන්න ඕනි.
නමුත් ආයෙත් අපි කියන්නේ අපිට ධනවාදයෙන් විගලිත මිනිස්සුන්ට කියන්න තරම් බැරෑරුම් විකල්ප වැඩ පිළිවෙලක් අපි අතේ නැහැ කියල. වමේ කියල ගෝලීය වැඩ පිළිවෙලක් නැහැ. විශ්වීය ක්‍රියා මාර්ගයක් නැහැ. අපිට බොරු කියන්න බැහැ. බැලු බැල්මට පෙන්නන්න හරි ඉන්නේ බර්නි සැන්ඩර්ස් විතරයි. නමුත් එයා කරන්නේ අපි දන්නා විසි වන සියවසේ වැඩේ නම් නෙවෙයි.
අනෙක් අතට මේ වෙනකොට ලංකාවේ තියෙන්නේ මුලධර්මවාදයක්. තලේබාන් එක නෙවෙයි තමයි. නමුත් මිනිසුන්ගේ අතිරික්ත විනෝදය පුදුම විදියට සූරාගෙන කන කාලකන්ණි ටිකක් මේ ඉන්නේ. සිගරට් එකට, මත්පැන් වීදුරුවට අහස උසට බදු ගහන මේ ගස් බල්ලන්ට එරෙහිව වම කට හොල්ලන්නෙ නැහැ. මේකද යකෝ උඹලගේ ධනවාදය කියල අහන්න එකෙක් නැහැ. මත්පැන් තහනම් කරන්නේ නැහැ. මොකද එතකොට සූරාගෙන කන්න බැහැ. අඩුම තරමින් පිරිමින් වත් කතා කරන්නේ නැහැ. පිරිමි එකතු වෙලා මුන් ගෙදර යවන්න ඕනි.
විමුක්ති දේශපාලනය වෙනුවෙන් වාම සහයෝගීතාවයක අවශ්‍යතාවය ගැන අදහස මොකක්ද?
අනිවාර්යෙන් අපි වම හැටියට එකතු වෙන්න ඕනි. අපි සමගි වෙන්න ඕනි. විවේචක සහයෝගීතාවයක් තියෙන්න ඕනි. අපි ළඟ ඇත්ත ප්රජාතන්ත්රවාදය තියෙන්න ඕනි. අපි ළඟ නැති එකක් අනෙක් අයට දෙන්න බැහැනේ. පැරණි අගතීන් වලින් ගැලවෙන්න ඕනි. අපි මුලින් ගැලවෙන්න ඕනි. අනික් අයට කියන්න කලින්. සියලු සමාජ කොටස් එක්ක වැඩ කරන්න ඕනි. ජාතිවාදය තියෙන්න බැහැ. ස්ත්‍රිය අපේ වැඩ පිළිවෙලට එකතු කරගන්න ඕනි. ඔවුන් සමානයින් ලෙස අප තේරුම් ගන්න ඕනි. ගොඩක් වෙලාවට ඔවුන් අපට වඩා දක්ෂයින්. සමහර වෙලාවට අපිටත් වඩා මරණයට බය නැති අය. අපිට වඩා වේදනාව දන්නා අය. අපි එයට ගරු කරන්න ඕනි. අවසාන වශයෙන් කියන්න ඕනි අපි අත්හදා බැලීම් වලට බය වෙන්න හොඳ නැහැ. සියලු ආකාරයේ අත්හදා බැලීම් අපි කරන්න ඕන මේ නරා වලෙන් ගොඩ එන්න. සමහර විට ප්රජාතන්ත්රවාදය ඇතුලේ. සමහර විට එයට පිටින්. හැමදේම මෙතන කියන්න බැහැ. උදාහරණ හැටියට අපි මෙවර ජනාධිපති වරණය තුල පවා අත්හදා බැලීම් කරන්න ඕනි. බය වෙන්න හොඳ නැහැ. දැනට එච්චරයි.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය