[dropcap color=”purple”]අ[/dropcap]නූව දශකය පමණ වන විට අප ජීවත් වූයේ ලිබරල් සමාජයකය. එම ලිබරල් සමාජය තුළ මිනිස් ජීවිතයට වැඩි නිදිහසක් හිමි වීම නිසාම මිනිස් ජීවිතය ඒකාකාරී විය. ඒ කාලයේ මහාචාර්ය රජීව් විජේසිංහ කියන්නේ ඉංග්‍රීසි ගුරුවරයෙකි. ඒ අනුව ඒ යුගයේ දී ඔහුට කරන්නට තිබුනේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම පමණයි. නමුත් ඉන් පසුව අප අවතීරණ වන යුගය ජාතිවාදී යුගයක් විය. මේ යුගයේ ඇති සුව්ශේෂත්වය වන්නේ මේ යුගයේ දී ඉතිහාසයට නිවාඩු ලබා දී තිබීමයි. ඒ අනුව මේ යුගයේ දී කැමති අයෙකුට තමන් කැමති ඕනෑම අනන්‍යතාවයක් ලබා ගන්නට පුලුවන. ඒ අනුව මේ යුගයේ දී ඉංග්‍රීසි ගුරුවරයෙකුට ජාතිවාදායෙකු වන්නට පුලුවන. පුද්ගලයෙකුට එකවර අනන්‍යතාවයන් කිහිපයක් වෙනුවෙන් පෙනී ඉන්නට පුලුවන. දයාරිසිට සිදු කියන මහ අමැතිවන්නට පුලුවන. තවත් අයෙකුට වේ ප්‍රෝටීන් සහිත කිරි වීදුරුවකට බිත්තර හත අටක් කවලම් කර පානය කිරීමෙන් පසුව සිල්වෙස්ටර් ස්ටැලෝන් වගේ ඇග හදාගෙන බොදු බළ සේනාවේ ඥාණසාර වගේ බුදු දහම වෙනුවෙන් දිවි පරදුවට තියා සටන් කරන්නට පුලුවන.
මේ යුගයේ ඇති අනෙක් විශේෂත්වය තමයි සිංහලයට දෙමල ගහනව,සිහලයා මුස්ලිමුනුවට ගහනව. ගෑනිට මිනිහ ගහනව,ගෑණි ළමන්යින්ට ගහනව,ළමයින් වෙනත් ළමයින්ට ගහනව. එහෙම තමයි සමාජ අද වෙනකොට හැසැරෙන්නේ. බොස්නියාවේ හිටපු ඒකාධිපති පාලකයෙකු වූ සොලබොදාන් මිලසොවිච් ගේ කාලය කියන්නෙත් ඉතිහාසයෙන් නිවාඩු දුන්න යුගයක්. ඒ කාලයේ එරට ජාතික රූපවාහිනියෙන් ප්‍රසිද්ධියේ බිල් ක්ලින්ට සහ මොනිකා ලෙවෙන්ස්කි ගැන කතා කරන්නට පුලුවන් වුනා. ඉන් පසුව තමයි මහා ජන සංහාරයක් වුණ බොස්නියානු යුද්ධය පටන් ගන්නේ.
ඉස්සර නම් දේශපාලඥයා කියන්නේ අත්තකිලමතානු යොගිව කල්ගත කළ සමාජය තුළ ආදර්ශමත්ව ජීවත් වුන පුද්ගලයෙක්. ඇත්තටම ඔහු සමාජ සේවකයෙක් .ජනතා නියෝජිතයෙක්. ඒ කාලේ දේශපාලනඥයා කියන්නේ පරමාදර්ශයක්. ඒ කාලේ කාටවත් බැහැ එක්සත් ජාතින් ගේ මහ ලේකම්වරයව හාස්‍යයට ලක් කරන්න . මන්ත්‍රීවරයෙක්ව, ඇමතිවරයෙක්ව හාස්‍යයට ලක් කරන්න. එහෙම කරන්න පුලවන් කියලවත් ඒ යුගයේ අය දන්නෙ නැහැ. ඒ යුගයේ මහා අනිකා ජීවත් වුණ බව අවිඥාණිකව හැමෝම දැනගෙන හිටියා. ඒත් වර්ථමාන තත්ත්වය කෙබදුද?
අද වන විට දේශපාලනඥයා කියන්නේ මුලින් අත්තකිලමතානුයොගීව සිටි මන්ද පෝෂණයෙන් පෙළුණ කෙනෙක්. ඒත් එයා මන්ත්‍රිවරයෙක් හරි ඇමතිවරයෙක් හරි වුනහම කාමසුකල්ලිඛාණු යෝගයට හුරුවුණ කෙනෙක් වෙනව. ඒ නිසාම එයා සමාජයට ආදර්ශයක් හෝ පරමාදර්ශයක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ජනතාව නිතරම උත්සහා කරන්නේ තමන් නොවිදින මේ පුද්ගලයින් විදින විනෝදය ගැන සොයන්න පමණයි. ඒ අනුව අද වන විට ජනතාව දේශපානඥයා සම්බන්ධයෙන් ඇත්තේ පරමාදර්ශ පිළිබද ගැටලුවක් නොව විනෝදය පිළිබද ගැටලුවක් පමණයි. මේ කාරණ හොදින් වටහා ගන්න ක්‍රිකට් ආයතනයේ උත්සවක් අවස්ථාවේ දී සුනිල් පෙරේරා විසින් කළ ඉදිරිපත් කිරීම නරඹන්න