ඇත්තෙන්ම ඇමෙරිකාව හොඳ රටක් වුණත් මම වැඩිය කැමැතියි ඉන්දියාවට යන්න – නොරිකො සං
පසුගිය දශක දෙකක පමණ නාට්‍ය කලාවේ ඉතිහාසය යනු ‘කාලය’ අමතක කිරීමේ තාක්ෂණයකි. අලෙක්සැන්ඩර් කොපේව් නම් රුසියානු දාර්ශනිකයාට අනුව අපගේ සමකාලීනත්වය යනු පශ්චාත් – ඓතිහාසික පැවැත්මකි. බොහෝ දෙනා දන්නා පරිදි මෙම අදහස ඉදිරිපත් කරන්නේ නම් අප ගත කරන්නේ ‘ඉතිහාසය’ අවසන් වූ පසු තත්ත්වයක් ඇතුළතය. ඉතිහාසය අවසාන යැයි කියන්නේ කුමන අදහසකටද? ඉතිහාසය අවසාන වී ඇතැයි යන ප‍්‍රවාදයෙන් අදහස් වන්නේ තවත් මිනිසකුගේ පිළිගැනීම උදෙසා කරන අරගලය අවසන් වී ඇති බවයි. මෙතැන දී අප සත්ව ආශාව සහ මිනිස් ආශාව අතර වෙනස පැහැදිලි කළ යුතුය. සතුන් යම් දෙයකට ආශා කරයි. එය කුසගින්නේ සිට සහවාසය දක්වා විය හැකිය. මේවා තෘප්තිමත් වූ වහාම සත්ව ආශාව මිය යයි. නමුත් මිනිස් ආශාව රැඩිකල් ලෙස වෙනස්ය. එය තෘප්තිමත් නොවිය යුතුය. තෘප්තිමත් නොවන ආශාව නිරූපණය කිරීම සඳහා හේගල් නම් දාර්ශනිකයා ගෙනා නිදර්ශකය වූයේ ස්වාමියා සහ වහලා අතර සමාජ බන්ධනයයි. මේ බන්ධනය තුළ දී වහලා තම ස්වාමියාගේ පිළිගැනීම (Recognition) උදෙසා ශ‍්‍රමය වගුරුවයි. නමුත් වහලාගේ අවසාන අරගලය වන්නේ ස්වාමියාගේ අවසන් ආශාව කුමක්ද කියා දැන ගැනීමට වැඩ කිරීමය. එය මාරාන්තික අරගලයකි. එම අරගලය අවසාන වන්නේ ස්වාමියාගේ ඝාතනයෙනි. නමුත් මෙම මොහොතට පසු ආශාවේ දෘෂ්ටිකෝණයෙන් අමරණීය මොහොතක් උදා වෙයි.
ලිබරල් ධනවාදය යනු ස්වාමියා ඝාතනය කර වහලා ජයග‍්‍රාහී වූ ඓතිහාසික මොහොතයි. මෙම මොහොත ආශාවට අනුව කියවන්නේ නම් එය මිනිස් ආශාව මිය ගොස් සත්ව ආශාව සමාජ අවකාශය අභ්‍යන්තරයේ අධිනිශ්චය වීමයි. මිනිස් ආශාව යනු තව කෙනකුගේ ආශාවට ආශා කිරීම මිස ශරීරයේ අවශ්‍යතා, වුවමනා ඉෂ්ට කරගැනීම නොවේ. ගෝලීය ලිබරල් නිදහස් ආර්ථික මොහොත යනු ශරීරය ලෝකෝත්තර වීමකි. ශරීරයේ ආශා ඉෂ්ට කරගැනීම අනෙකාගේ ආශාවේ ප‍්‍රහේලිකාව සෙවීමට වඩා සමකාලීන යුගය මඟින් වර්ණවත් කරනු ලැබේ. ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා ඉතිහාසයේ අවසානය ලෙස න්‍යායගත කරන්නේ මෙම මොහොතයි. මෙම මොහොතට පසු මිනිස්සු අනෙකාගේ ආශාවේ ප‍්‍රතිරූපයක් වීමට වඩා (බොහීමියානුවා, නරුමයා, හිස්ටෙරිකයා, ව්තණ්ඩවාදීයා, තාපසයා, මුනිවරයා ආදි වශයෙන් වූ අනෙකාගේ ආශාවේ විවිධ ප‍්‍රතිරූප) උත්සාහ කරන්නේ වෙළෙඳපොළ මඟින් නියෝජනය වනු ලබන ප‍්‍රතිරූපයක් බවට පත් වීමටය. මේ මොහොතට පසු අනෙකා කෙරෙහි උදාසීන වන විලාසිතා ප‍්‍රදර්ශනයක් බවට මිනිස් ජීවිතය පරිවර්තනය වෙයි. මෙයට කොජෙව් කියන්නෙ ‘බටහිර යුරෝපීය’ ශිෂ්ටාචාරය ඇමෙරිකානුකරණය වීම ලෙසය. මෙම තත්ත්වයට පසු එක පසෙකින් ගෝලීය නිදහස් වෙළෙඳපොළක් පවතින අතර අනෙක් පසින් එය පාලනය කිරීමට දේශීය දේශපාලන බලයක් අවශ්‍ය වෙයි. අද අප අත්දකිමින් සිටින්නේ මෙම බලවේග දෙක අතර අසමතුලිතභාවයයි.
රාජිතගේ නාට්‍යවලට තේමාව සපයන්නේ ඉහත පහදන ලද ‘ඉතිහාසය අවසාන වී ඇත’ යන ප‍්‍රවාදය තහවුරු කරන පවුල් සබඳතාය. ආශා කිරීම මිය ගොස් ඇති සමාජයක දී කලාකරුවකුට කිරීමට ඇති එකම කාරිය වන්නේ එකම තේමාව පුනරාවර්තනය කිරීමයි. ඔහුගේ තේමාව වන්නේ ‘පශ්චාත් – ආශාව’ රජ කරන සමාජයක ජීවත් වන්නේ කෙසේද?
සමකාලීන කලාකරුවා දැනුවත්ව හෝ නොදැනුවත්ව උත්සාහ කරන්නේ සත්ව ආශාව යළිත් මිනිස් ආශාවක් බවට පත් කිරීමටය. ඔහුට/ ඇයට මේ සඳහා නිශ්චිත ආකෘතියක් (Form) අවශ්‍යය. මෙම ආකෘතිය සොයා යෑමේදී තේරුම් ගැනීමට දුෂ්කරම ආකෘතිය වූ අවිඥානක ආශාව අපට හමුවෙයි. ශරීරය වඩ වඩා ලෝකෝත්තර කරමින්, ශරීරයේ අවශ්‍යතා සමාජ අවශ්‍යතා බවට ඌනනය කරමින් යන මේ ගමන යම් ඛණ්ඩනයකට ලක් වන්නේ මේ අවිඥානය සම්මුඛ වීම තුළය.
ආදර වස්තුව
‘ආදර වස්තුව’ නම් නාට්‍යයේ තේමාව බොහෝ දෙනා සලකා බලන ලද්දේ පවතින දේශපාලන සදාචාරය තහවුරු කිරීම උදෙසාය. නමුත් නාට්‍යයේ තේමාව ශරීරයේ ආශාවන්ට එහා ගොස් අපටම ආගන්තුක අපගේම අවිඥානක ආශාව ලෙසින් ගත් විට නාට්‍යයේ ආත්මීය ලක්ෂණ අපට විද්‍යාමාන වෙයි. මෙම නාට්‍යය ධම්ම දිසානායකගේ පෞද්ගලික ජීවිතයට සමපාත කිරීම ඌනිතවාදීය. ධම්ම ‘බැසිල් රාජපක්ෂ’ සමඟ එකට දේශපාලනය කිරීම සත්ව ආශාවක් ඉෂ්ට කිරීමට යත්න දැරීමක් මිස පිළිගැනීම සඳහා සටන් කිරීමක් නොවේ. මිනිසාගේ ආශාව තවත් මිනිසකුගේ ආශාව යනුවෙන් හඳුන්වන ප්‍රවාදය ශ්‍රමය වගුරා කරන සටනක් මිස ගනුදෙනුවක් නොවේ. රාජපක්ෂලාගේ ආශාව සරලය. එය ශාරීරික ආශාවකි. ඔවුන් උත්සාහ කළේ රාජ්‍ය බලය උපයෝගී කරගෙන තමන්ගේ යටපත්ව පැවති ශාරීරික ආශා ඉෂ්ට කරගැනීමටය. LTTE ය නිසා ඉතිහාසයේ මනරම් අස්ථාවක් ඔවුන්ට උදා විය. අනෙක් අතට ධම්ම වැනි මිනිසෙක් (ආසියාතික ගුප්ත ආත්මය) තමන්ගේ ආශාව සහ තමන් අතර පරතරයක් තබාගෙන ජීවත් වන්නෙකි. නමුත් නාට්‍යයේ ප්‍රධාන චරිතය තමන්ගේ ආශාව විවෘත ලෙස වේදිකාගත කරන්නෙකි.
සිරිවර්ධන පවුල
ඊළඟට අප ‘සිරිවර්ධන පවුල’ වෙත අවතීර්ණ වන්නේ නම් පහළ මැද පන්තිය සැබෑ ජීවිතය තුළ ක්‍රියාකාරී වන ආකාරය වටහාගත යුතුය. නාට්‍යය බාහිර යථාර්ථය එනම් ‘සුපර් ස්ටාර්’ තරග සමඟ සමපාත නොකළ යුතුය. පහළ මැද පාන්තිකයා ගැන සිතන විට අප අමතක නොකළ යුතු සිද්ධාන්තයක් ඇත. බොහෝ දෙනා පහළ මැද පන්තිකයන්ගේ මනෝ විද්‍යාව හෝ චරිතයේ අභ්‍යන්තර අව්‍යාජත්වය සොයන්නට වලිකයි. ධම්ම දිසානායක හෝ සුමිත් චාමින්ද හෝ නිර්මාල් දේවසිරි යනු ආත්ම (Subjects) මිස මනෝ විද්‍යාව හෝ අව්‍යාජත්වය නොවේ. කෙනකු මේ චරිත තුළ උන්මූල ලෙස මනෝ විද්‍යාව ගවේෂණය කරන්නට ගියහොත් ඇතුල් වන්නේ වංකගිරියකටය. චරිතවල අභ්‍යන්තර පොහොසත් බව හෝ අව්‍යාජ මිනිස් ගුණධර්ම යනු රැඩිකල් බොරුය. තමා විසින් තමා ගැනම ගොතන කතා යනු පට්ටපල් බොරුය. විශේෂයෙන් දුර ගම්වලින් කොළඹ පැමිණ මාසික වැටුපෙන් ජීවත් වන පහළ මැද පාන්තිකයා තමන්ගේ ‘අව්‍යාජ සිහින’ ගැන කියන විට අපට හමු වන්නේ පට්ටපල් මුසාවන්ය. තමන්ට තමාම කියන කෙප්පය.
සිරිවර්ධන පවුලේ සාමාජිකයන් එකිනෙකා සමඟත්, තමා සමඟත් කියා ගන්නේ බොරුය. ඔවුන්ට තමන් ගැන අනුන්ට කියන්නට ඇත්තේ අමූලික බොරුය. නාට්‍යයේ රැඩිකල් මානය වන්නේ ඔවුන් ගැන ඔවුන් කියන බොරු නොවේ. ඊටත් වඩා රැඩිකල් මානයක් ඔවුන්ට ඇත. බොහෝ දෙනාට අනුව ‘සිරිවර්ධන පවුලේ’ විනාශය යනු සුපර් ස්ටාර් තරගයට දැඩි ලෙස අනන්‍ය වී ක‍්‍රියා කිරීමය. නමුත් නාට්‍යයේ වක‍්‍ර මානය නිවැරැදිව වටහා ගතහොත් ඔවුන් අනන්‍ය වන්නේ සුපර් ස්ටාර් තරගයට නොවේ. එයින් ලබන කීර්තියටත් නොවේ. අවසාන විග‍්‍රහයක දී තරගයෙන් ජයග‍්‍රහණය කිරීමත් ඔවුන්ගේ නිෂ්ටාව නොවේ.
‘ආදර වස්තුව’ නාට්‍යයේ දෘශ්‍යමානයට නොපෙනෙන රහස කුමක්ද? එය ධම්මට සමපාත වන්නේ කුමන ස්ථානයේ දී ද? ධම්ම මෙන්ම ‘ආදර වස්තුව’ නාට්‍යයේ ප්‍රධාන චරිතය ද තමන්ගේ ජීවිතයේ ‘උත්කර්ෂවත් වස්තුව’ (= ආදර වස්තුව) අවිඥානකව පිළිකුල් කරයි. තමන් සහ ආදර වස්තුව අතර නරුමවාදී පරතරයක් පවත්වාගෙන යයි. එසේ කරමින් එමඟින් විනෝද වෙයි. නාට්‍ය භූමිකාවේ රැුඩිකල් මානය නොහොත් නාගරික ජන ජීවිතය තුළ ආගන්තුකයකු ලෙස ජීවත් වන ගැමියා රැඩිකල් වන්නේ මෙම නොඅනන්‍ය වන ස්ථානයේ දීය. ඔහු ආත්මයක් වන්නේ, එනයින් දේශපාලනික වන්නේ එතැනදීය. ධම්මගෙන් මේ මොහොතේ දී ඔබ දීප්තිව දන්නවාද? යනුවෙන් ප‍්‍රශ්න කළහොත් අපට ලැබෙන නිසැක පිළිතුර මෙසේය. ‘ඒ කවුද?’ මේ ප‍්‍රශ්නය පවා ඔහු අසනු ඇත්තේ අහක බලාගෙනය. ඔහුගේ බිරිඳගේ නම ද දීප්තිය. ගැමි ආශාව දයලෙක්තික භෞතිකවාදීය. ‘ආදර වස්තුව’ සත්ව ආශාවෙන් මිනිස් ආකෘතිය ලබා ගන්නේ පිළිකුළ හරහාය. අපහාසය සහ තීන්දුව හරහාය. ඇමෙරිකානු සිහිනය මඟින් මරා දමන ආශාව යළි ප‍්‍රාදූර්භූත වන්නේ ‘දෙවෙන්දොරා සං’ ආකෘතිගත කරගෙනය. (ජපන් ආශාව)
අප නැවතත් සිරිවර්ධන පවුල වෙත අවතීර්ණ වන්නේ නම් අපට දෘශ්‍යමාන වන රැඩිකල් මානය කුමක්ද? ඔවුන් ජීවත් වන්නේ තමන්ගේම ජීවිතය සමඟ ද නරුමවාදී පරතරයක් තබාගෙනය. එනිසා තීරණාත්මක සත්‍යය වන්නේ, අප සිතන පරිදි ‘සුපර් ස්ටාර්’ තරගය සමඟ ඔවුන් අනන්‍ය වීම නොවේ. එය සමඟ පවා ඔවුන් ජීවත් වන්නේ පරතරයක් තබාගෙනය.
එනිසා ඔවුන්ට ‘SUPER STAR තරගය ඔවුන්ගේ ජීවිත තුළට බාහිරින් පැමිණ කරන හානිය ගැන විචාරයක් නැත. එය ඔවුන්ට අවිඥානක ෆැන්ටසියක් පමණි. සුපර් ස්ටාර් දෘෂ්ටිවාදී ෆැන්ටසිය අප කරා අවිඥානකව පැමිණ අපව තාවකාලිකව කුල්මත් කර අවිඥානකව වේදනාවක් ඉතිරි කර පිටුපස දොරෙන් පලා ගියේය. බලන අපත් ඔවුනුත් හිස්ය. අප වටිනාම දෙය [?] ලෙස සලකන ‘ජීවිතය’ ඔවුන්ට කැළිකසළ ගොඩකි.
දීප්ති කුමාර ගුණරත්න
උඹ ගාව ඉදල, උඹ කියන දේ කරල අපිට මොනවද ලැබෙන්නෙ. උඹම වුණත් දැන් කසල ගොඩවල්වල තියෙන සල්ලිවලින් නේද කන්නෙ. දුමින්ද දිසානායකයි බැසිල් රාජපක්ෂයි අතරෙ වෙනස කියල දෙන්න පුළුවන්ද? රුවන් පර්දිනැන්දිස් ධම්මට වඩා වෙනස් ද? සරලවම කීවොත් මම කැරියෙක් නම් උඹ කවුද? උඹ බුදුහාමුදුරුවොද? අනේ පලයන් හුකන්නො නිකං පුක නොදී. තෝ ගූත් කාල එනවද අපිට දත් මදින හැටි කියල දෙන්න. ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි (සත්‍යයේ) පිහිටා සිට!
Comments are closed.